Monday 2 July 2012

නිම්තෙරින් එහා

නිම්තෙරින් එහා ඉගිල යන සියොතුන්ට
පැවසුවා මගේ තතු පවසාවි උන් නුඹට
අසා ඒ සියල් තතු කියාපන් නුබ ගැනත්
හැකිය මට දැනගන්න යලිත් උන් එන දිනක

සීතලට ගත වෙලෙන පවන් රැලි හා එක්ව
සොයන්නට වෙහෙස වෙමි සුසුම් රැලි නුඹ නගන
රෝසමල් මත වැටුන තුසර පිනි කැට අතර
තිබෙනවා සේ දැනෙයි මුතු කඳුළු ඔබ හෙලන

ක්සිතිජයෙන් එහා ඇති සඳ මඩල මත හිදන්
සිනාසෙනවා දැනේ නෙත් වලින් ඉඟි කරන්
නුබේ ඒ සිනා කැන් යලි යලිත් සිහිකරන්
ගෙවන්නට හැකිය මට ජීවිතය සදා කල්

කාලෙකට ඉහත මුහුණුපොතට ලියූ කවියකි

බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

60 comments:

  1. සියොත් සංදේශය ද?

    ReplyDelete
    Replies
    1. දාල හැරෙන්න උනේ නෑ....
      හ්ම්ම් එහෙම එකක් තමා.. චුටිකාලෙ ලිව්ව බොළඳ කවියක්

      Delete
  2. හා මේන් මෙයා ඇවිත් ඉන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඇයි දෙය්යනේ මං කොහෙවත් ගියෙ නෑ...

      Delete
    2. සතියක් විතර අලුතින් මොකුත් තිබුණේ නැහැනේ. ඒකයි :)

      Delete
    3. ඔව් අෆ්ෆ්ෆා... ලියන්න මහා කම්මලිකමක් ආවා... මේකත් මේ හුගක් ඉස්සර ලියපු එකක්...
      හැබැයි මං බ්ලොග් කියෙව්වා

      Delete
  3. ඉස්කෝලෙ යන කාලෙ ලිව්ව කවියක්ද මන්දා...
    ලස්සනයි හැබැයි...

    ReplyDelete
    Replies
    1. අපූ එච්චර පරන නෑ....

      Delete
  4. ඉගිල ආ සියොත් කැල පැවසුවා නුඹේ තතු
    නුඹ සුවෙන් බව දැනුන සැනසුවා මගේ සිත
    පිසලන්න කඳුළු කැට නෙතු අගින් වැස්සෙන
    එනවාද මගේ ලඟට හෙට දිනේ හැබැහින්ම

    ලස්සනයි මී ගොඩයෝ ,,,,,,,,

    ReplyDelete
    Replies
    1. ඉත්තුතියි ලිහිනියෝ

      Delete
  5. මාත් මේ බැලුව මොකද මෙයා ලියන් නැත්තේ කියලා....... ලස්සන කවක් ............. ලස්සන තේරුමක්

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ එහෙමෙහෙ ඇවිද්ද එකයි ලියන්න බරි උනේ මචන්..

      තැන්කිව් ඈ කොමෙන්ටුවට

      Delete
  6. තේරුනේ නැහැ බං
    ආහ් උඹේ කවි සිතුවිල්ලේ වැරද්දක් නෙවේ ඒක සුපිරි
    මගෙයි වැරැද්ද

    ReplyDelete
    Replies
    1. ආයි පාරක් කියවපන්... සමහර වෙලාවට මම ලියන එව්ව මටවත් තේරුම්ගන්න බැරිව යනවා

      Delete
  7. හරිම ලස්සන සිතුවිල්ලක් අයියා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිම්ෂා නගේ

      Delete
  8. මාර ලස්සනයි මී ගොඩයෝ. ගලායාමක් තියනවා කවිය පුරාම

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුමො

      Delete
  9. කවියකටත් වඩා ගීතවත් භාවයක් තියෙනවා. ලස්සනට ගලපලා ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මේක හුගක් කලින් ලිව්වෙ... මේ ටිකේ ලියන්න වෙලාවක් තිබ්බෙ නැති හින්දා.. පොස්ට් කලා

      ස්තුතියි අය්යා...

      Delete
  10. ඒත් බැලුවා කාලෙකින් බ්ලොග් අවකාසෙ නයෙක්වත් ඇදුනෙ නැත්තේ මොකද කියලා.. ඵල ඵල!

    ReplyDelete
    Replies
    1. අපූ.. අපි නයි අරින්නෙ නෑ හරිද? අර ලාහිරු දහසක් ලියන ලයිරුවා පල්ලා

      Delete
  11. ඔන්න හෙට පුර සඳ මොදු වෙනවා................

    ReplyDelete
    Replies
    1. නොකිය කිව්වෙ මට පෝය ලෙඩේ තියනව කියලද මන්දා

      Delete
  12. ඔයමාතෘකාව ඒකාලෙ(98/වගේමතක)සඳරේණු පත්තරේ ලිපියක්ගියා.චානුකඋයන්ගොඩකියල,දැන්ඔය:අමා:ලියන මහේෂ්රත්සර කතෘවෙලාඉන්න දවස්වල..
    ලස්සනයිමචෝ...

    ReplyDelete
    Replies
    1. ආ මම ඒක කියෙව්ව ටිකක්.. කල්පනා එහෙම මතකයි මටත්...

      Delete
  13. මමත් හිතුවේ ලිවිල්ල අතැරලා කියලා

    මේ ඉන්නේ මී පැටියා සුපුරුදු ලෙස... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කොහෙ නවත්තන්නද එව්වා.. බැරි උනොත් උබ ලියන එකක් උස්සල හරි පොස්ට් කරනවා....

      අය්යෝ බන් ඔය රාජ සම්පත් නවත්තපන්කො බන්

      Delete
  14. ඒත් මම බැලුවා මීගොඩයට එකපාරටම කවිකාර සිතක් පහල වුනේ මොකද කියලා.....
    කව්ය නම් ලස්සනයි..!

    ReplyDelete
    Replies
    1. අපෝ නිතර නිතර පහල වෙනවා...

      තැන්කිව් ඈ

      Delete
  15. කාලෙකට කවි සිත ඔද්දල් වෙනවා....මටත් තිබුණා එහෙම කාලයක්..
    කවිය ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අය්යා.. කිසිම දෙයක් ලිය වෙන්නේ නෑ මේ දවස්වල... ජේස්ඨ බ්ලොග් කරුවෙකුත් කිව්වා රයිටින් බ්ලොක් කියල එකක් කාලෙකට එනවලු...

      කොහොම හරි මම දිගටම ලියනවා..

      Delete
  16. වචන ටික ලස්සනයි ලොකු දෙයක් කියන්න තේරෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇවිල්ල කියවපු එකම මදැයි අසාර්....

      Delete
  17. අපූරු කවි පෙල අයියේ.. ලස්සනයි..

    කෝ අර තොටියගේ කවි පෙල ලිවුවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අය්යෝ සොරි මල්ලි.. මේ ටිකේ මුකුත්ම ලියාගන්න බැරි උනා... කීප සැරයක් ට්‍රයි කලා ලියන්න ඒත් ලියවෙන්නේම නෑ

      Delete
  18. පරණ බුට් තාමත් රසයි වගේ !

    ReplyDelete
    Replies
    1. බූට් එකක් නෙවෙයිනේ... දුර ඉන්න ප්‍රේමවන්තිය මතක් වෙලා ලස්සත තරුණ කොල්ලෙක්ට හිතුන දේවල් තමා ලිව්වේ......:ඩ්

      Delete
  19. ලස්සනත් එක්ක පාලුවකුත් දැනෙන කවිපෙළක්....හ්ම්ම්..
    තාම පණිවිඩ යවන්නේ ඔය විදියටමද මල්ලී....

    ReplyDelete
    Replies
    1. අක්කට තමා මම ලියන එවා හරියටම තේරෙන්නේ,.... පහු ගිය කවි වලත් අක්ක මම කියන දේ හරියටම අනුමාන කරා.......

      එහෙම උනානම් කොච්චර ලාබද.. දැන් පනිවිඩ යවන්න විනාඩි 10ට රු 600කට වඩිය යනවා ... :(

      Delete
  20. ලස්සන කවියක් මීගොඩ උන්නැහේ මැක්සා..... හම්මප මටත් බැරිද කවියක් හදල දෙන්න වලව්වේ බිත්තියේ ගහන්න ආයුබෝන් lol

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයා ඉල්ලන් කන්න සැරසෙනවද මන්දා...... උවමනා කරන විස්තරේ දුන්නොත් සලකා බලන්නම්... මඩ මිශ්‍ර වෙයිද දන්නේ නෑ

      Delete
  21. මී ගොඩයගේ...පෙම් හද පෑරිලා වගෙයි...(ඒ කාලෙ)..!!!

    ReplyDelete
    Replies
    1. නෑ තනිකමක් දැනිලා

      Delete
  22. මී පෙම ට පන ඇවිත්.

    ReplyDelete
  23. කවි ටික නම් හරිම ලස්සනයි අයියේ....

    ReplyDelete
  24. මේ ටිකට මම පරක්කුයි නොවෑ.. මොක වුනත් කතාව අස්සේ පොඩි පහේ සෝකයකුත් සෝ සෝ ගාලා තියනවද මන්දා..

    ReplyDelete
    Replies
    1. පාලුව තමා වැඩිපුරම....

      Delete
  25. මොකෝ මේ දුරස් වෙච්ච මූඩ් එකකින්?

    කලින් ඇවිත් හොරෙන් ගිහින් තියෙනව. නමක් ඇතුව මුලින්ම ආවෙ අද තමයි මී ගොඩයො. තව නොකියවපු ටිකක් තියෙනව කියවන්න. පස්සෙ එන්න ඕනෙ. එහෙනම්, ජය වේවා කිව්ව!

    ReplyDelete
    Replies
    1. හිරු තරු මල් සමනලයො සුරන්ගනාවියො ඔක්කොම හිටියා........සඳක් විතරයි අඩු ඔන්න අද පරසතු උයනට හඳ පායල... එතකොට ඒකත් හරි.....

      ඔව් දුකට පාලුවට ලියවිච්ච කවියක්....

      Delete
  26. ලස්සනයි ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරි

      Delete
  27. ලස්සනයි යාළු! :)

    ReplyDelete
  28. පුංචි පාලුවක් මීගොඩයා වෙලා ඇති සැටියක් ම‍ගේ චිත්ත සන්තානයට දැනේ... අකුරැ වී ඇති අදහස් මරැය... අනර්ගය... නිමිත්ත කුමක් වුව මී ගොඩයා සොවෙන් සිටිය යුතු නොවෙත්......

    ReplyDelete
    Replies
    1. එසේය..... මා සොවින් නැත.. තොපගේ කොමෙන්ටුවෙන් චිත්තප්‍රීතිය ඔද වැඩී මගේ උන්ඩුකපුච්චයද සලිත විය

      Delete
  29. සීතලට ගත වෙලෙන පවන් රැලි හා එක්ව
    සොයන්නට වෙහෙස වෙමි සුසුම් රැලි නුඹ නගන
    රෝසමල් මත වැටුන තුසර පිනි කැට අතර
    තිබෙනවා සේ දැනෙයි මුතු කඳුළු ඔබ හෙලන


    පිස්සු හැදෙන වචන ටික...

    ReplyDelete
    Replies
    1. අනේ පිස්සු හදාගන්නනම් එපා සත්තලන් නන්ගියේ.... උබට තවත් පිස්සු හැදුනොත් ඒකට අලුත් නමක් දාන්න වෙනවා...

      Delete