නිම්තෙරින් එහා
නිම්තෙරින් එහා ඉගිල යන සියොතුන්ට
පැවසුවා මගේ තතු පවසාවි උන් නුඹට
අසා ඒ සියල් තතු කියාපන් නුබ ගැනත්
හැකිය මට දැනගන්න යලිත් උන් එන දිනක
සීතලට ගත වෙලෙන පවන් රැලි හා එක්ව
සොයන්නට වෙහෙස වෙමි සුසුම් රැලි නුඹ නගන
රෝසමල් මත වැටුන තුසර පිනි කැට අතර
තිබෙනවා සේ දැනෙයි මුතු කඳුළු ඔබ හෙලන
ක්සිතිජයෙන් එහා ඇති සඳ මඩල මත හිදන්
සිනාසෙනවා දැනේ නෙත් වලින් ඉඟි කරන්
නුබේ ඒ සිනා කැන් යලි යලිත් සිහිකරන්
ගෙවන්නට හැකිය මට ජීවිතය සදා කල්
කාලෙකට ඉහත මුහුණුපොතට ලියූ කවියකි
බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං
සියොත් සංදේශය ද?
ReplyDeleteදාල හැරෙන්න උනේ නෑ....
Deleteහ්ම්ම් එහෙම එකක් තමා.. චුටිකාලෙ ලිව්ව බොළඳ කවියක්
හා මේන් මෙයා ඇවිත් ඉන්නේ :)
ReplyDeleteඇයි දෙය්යනේ මං කොහෙවත් ගියෙ නෑ...
Deleteසතියක් විතර අලුතින් මොකුත් තිබුණේ නැහැනේ. ඒකයි :)
Deleteඔව් අෆ්ෆ්ෆා... ලියන්න මහා කම්මලිකමක් ආවා... මේකත් මේ හුගක් ඉස්සර ලියපු එකක්...
Deleteහැබැයි මං බ්ලොග් කියෙව්වා
ඉස්කෝලෙ යන කාලෙ ලිව්ව කවියක්ද මන්දා...
ReplyDeleteලස්සනයි හැබැයි...
අපූ එච්චර පරන නෑ....
Deleteඉගිල ආ සියොත් කැල පැවසුවා නුඹේ තතු
ReplyDeleteනුඹ සුවෙන් බව දැනුන සැනසුවා මගේ සිත
පිසලන්න කඳුළු කැට නෙතු අගින් වැස්සෙන
එනවාද මගේ ලඟට හෙට දිනේ හැබැහින්ම
ලස්සනයි මී ගොඩයෝ ,,,,,,,,
ඉත්තුතියි ලිහිනියෝ
Deleteමාත් මේ බැලුව මොකද මෙයා ලියන් නැත්තේ කියලා....... ලස්සන කවක් ............. ලස්සන තේරුමක්
ReplyDeleteපහුගිය ටිකේ එහෙමෙහෙ ඇවිද්ද එකයි ලියන්න බරි උනේ මචන්..
Deleteතැන්කිව් ඈ කොමෙන්ටුවට
තේරුනේ නැහැ බං
ReplyDeleteආහ් උඹේ කවි සිතුවිල්ලේ වැරද්දක් නෙවේ ඒක සුපිරි
මගෙයි වැරැද්ද
ආයි පාරක් කියවපන්... සමහර වෙලාවට මම ලියන එව්ව මටවත් තේරුම්ගන්න බැරිව යනවා
Deleteහරිම ලස්සන සිතුවිල්ලක් අයියා..
ReplyDeleteස්තුතියි නිම්ෂා නගේ
Deleteමාර ලස්සනයි මී ගොඩයෝ. ගලායාමක් තියනවා කවිය පුරාම
ReplyDeleteස්තුතියි පැතුමො
Deleteකවියකටත් වඩා ගීතවත් භාවයක් තියෙනවා. ලස්සනට ගලපලා ලියල තියෙනවා.
ReplyDeleteමේක හුගක් කලින් ලිව්වෙ... මේ ටිකේ ලියන්න වෙලාවක් තිබ්බෙ නැති හින්දා.. පොස්ට් කලා
Deleteස්තුතියි අය්යා...
ඒත් බැලුවා කාලෙකින් බ්ලොග් අවකාසෙ නයෙක්වත් ඇදුනෙ නැත්තේ මොකද කියලා.. ඵල ඵල!
ReplyDeleteඅපූ.. අපි නයි අරින්නෙ නෑ හරිද? අර ලාහිරු දහසක් ලියන ලයිරුවා පල්ලා
Deleteඔන්න හෙට පුර සඳ මොදු වෙනවා................
ReplyDeleteනොකිය කිව්වෙ මට පෝය ලෙඩේ තියනව කියලද මන්දා
Deleteඔයමාතෘකාව ඒකාලෙ(98/වගේමතක)සඳරේණු පත්තරේ ලිපියක්ගියා.චානුකඋයන්ගොඩකියල,දැන්ඔය:අමා:ලියන මහේෂ්රත්සර කතෘවෙලාඉන්න දවස්වල..
ReplyDeleteලස්සනයිමචෝ...
ආ මම ඒක කියෙව්ව ටිකක්.. කල්පනා එහෙම මතකයි මටත්...
Deleteමමත් හිතුවේ ලිවිල්ල අතැරලා කියලා
ReplyDeleteමේ ඉන්නේ මී පැටියා සුපුරුදු ලෙස... :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කොහෙ නවත්තන්නද එව්වා.. බැරි උනොත් උබ ලියන එකක් උස්සල හරි පොස්ට් කරනවා....
Deleteඅය්යෝ බන් ඔය රාජ සම්පත් නවත්තපන්කො බන්
ඒත් මම බැලුවා මීගොඩයට එකපාරටම කවිකාර සිතක් පහල වුනේ මොකද කියලා.....
ReplyDeleteකව්ය නම් ලස්සනයි..!
අපෝ නිතර නිතර පහල වෙනවා...
Deleteතැන්කිව් ඈ
කාලෙකට කවි සිත ඔද්දල් වෙනවා....මටත් තිබුණා එහෙම කාලයක්..
ReplyDeleteකවිය ලස්සනයි.
ඔව් අය්යා.. කිසිම දෙයක් ලිය වෙන්නේ නෑ මේ දවස්වල... ජේස්ඨ බ්ලොග් කරුවෙකුත් කිව්වා රයිටින් බ්ලොක් කියල එකක් කාලෙකට එනවලු...
Deleteකොහොම හරි මම දිගටම ලියනවා..
වචන ටික ලස්සනයි ලොකු දෙයක් කියන්න තේරෙන්නේ නැහැ.
ReplyDeleteඇවිල්ල කියවපු එකම මදැයි අසාර්....
Deleteඅපූරු කවි පෙල අයියේ.. ලස්සනයි..
ReplyDeleteකෝ අර තොටියගේ කවි පෙල ලිවුවේ නැද්ද?
අය්යෝ සොරි මල්ලි.. මේ ටිකේ මුකුත්ම ලියාගන්න බැරි උනා... කීප සැරයක් ට්‍රයි කලා ලියන්න ඒත් ලියවෙන්නේම නෑ
Deleteපරණ බුට් තාමත් රසයි වගේ !
ReplyDeleteබූට් එකක් නෙවෙයිනේ... දුර ඉන්න ප්‍රේමවන්තිය මතක් වෙලා ලස්සත තරුණ කොල්ලෙක්ට හිතුන දේවල් තමා ලිව්වේ......:ඩ්
Deleteලස්සනත් එක්ක පාලුවකුත් දැනෙන කවිපෙළක්....හ්ම්ම්..
ReplyDeleteතාම පණිවිඩ යවන්නේ ඔය විදියටමද මල්ලී....
අක්කට තමා මම ලියන එවා හරියටම තේරෙන්නේ,.... පහු ගිය කවි වලත් අක්ක මම කියන දේ හරියටම අනුමාන කරා.......
Deleteඑහෙම උනානම් කොච්චර ලාබද.. දැන් පනිවිඩ යවන්න විනාඩි 10ට රු 600කට වඩිය යනවා ... :(
ලස්සන කවියක් මීගොඩ උන්නැහේ මැක්සා..... හම්මප මටත් බැරිද කවියක් හදල දෙන්න වලව්වේ බිත්තියේ ගහන්න ආයුබෝන් lol
ReplyDeleteකෝරලේ මහත්තයා ඉල්ලන් කන්න සැරසෙනවද මන්දා...... උවමනා කරන විස්තරේ දුන්නොත් සලකා බලන්නම්... මඩ මිශ්‍ර වෙයිද දන්නේ නෑ
Deleteමී ගොඩයගේ...පෙම් හද පෑරිලා වගෙයි...(ඒ කාලෙ)..!!!
ReplyDeleteනෑ තනිකමක් දැනිලා
Deleteමී පෙම ට පන ඇවිත්.
ReplyDeleteපෙම තමා පණ
Deleteකවි ටික නම් හරිම ලස්සනයි අයියේ....
ReplyDeleteස්තුතියි නගේ
Deleteමේ ටිකට මම පරක්කුයි නොවෑ.. මොක වුනත් කතාව අස්සේ පොඩි පහේ සෝකයකුත් සෝ සෝ ගාලා තියනවද මන්දා..
ReplyDeleteපාලුව තමා වැඩිපුරම....
Deleteමොකෝ මේ දුරස් වෙච්ච මූඩ් එකකින්?
ReplyDeleteකලින් ඇවිත් හොරෙන් ගිහින් තියෙනව. නමක් ඇතුව මුලින්ම ආවෙ අද තමයි මී ගොඩයො. තව නොකියවපු ටිකක් තියෙනව කියවන්න. පස්සෙ එන්න ඕනෙ. එහෙනම්, ජය වේවා කිව්ව!
හිරු තරු මල් සමනලයො සුරන්ගනාවියො ඔක්කොම හිටියා........සඳක් විතරයි අඩු ඔන්න අද පරසතු උයනට හඳ පායල... එතකොට ඒකත් හරි.....
Deleteඔව් දුකට පාලුවට ලියවිච්ච කවියක්....
ලස්සනයි ලස්සනයි...
ReplyDeleteස්තුතියි සයුරි
Deleteලස්සනයි යාළු! :)
ReplyDeleteස්තුතියි හිරු
Deleteපුංචි පාලුවක් මීගොඩයා වෙලා ඇති සැටියක් මගේ චිත්ත සන්තානයට දැනේ... අකුරැ වී ඇති අදහස් මරැය... අනර්ගය... නිමිත්ත කුමක් වුව මී ගොඩයා සොවෙන් සිටිය යුතු නොවෙත්......
ReplyDeleteඑසේය..... මා සොවින් නැත.. තොපගේ කොමෙන්ටුවෙන් චිත්තප්‍රීතිය ඔද වැඩී මගේ උන්ඩුකපුච්චයද සලිත විය
Deleteසීතලට ගත වෙලෙන පවන් රැලි හා එක්ව
ReplyDeleteසොයන්නට වෙහෙස වෙමි සුසුම් රැලි නුඹ නගන
රෝසමල් මත වැටුන තුසර පිනි කැට අතර
තිබෙනවා සේ දැනෙයි මුතු කඳුළු ඔබ හෙලන
පිස්සු හැදෙන වචන ටික...
අනේ පිස්සු හදාගන්නනම් එපා සත්තලන් නන්ගියේ.... උබට තවත් පිස්සු හැදුනොත් ඒකට අලුත් නමක් දාන්න වෙනවා...
Delete