Saturday 25 August 2012

පුංචි කටින් කියවුණු ලොකු කතන්දර

ඔන්න අද කියන්න යන්නේ පොඩි උන්ගේ කථා... පොඩිඋන් උනාට  සමහර වෙලාවට හිතෙනව ලොකු එවුන්ටවත් මෙහෙම කථා කියන්න වචන කටට එනවද කියලා

මුල්ම එක අපේ අක්කගෙ කෙල්ල වයස අවුරුදු 8දී තමා මේ කථාව කෙල්ලගේ කටින් පිට වුනේ...

වයස අවුරුදු 8ක් වෙනකොට සමවයසේ අනිත් ළමයින්ට වඩා අපේ කෙලි පැටියා ටිකක් උස මහතයි.. අනේ ඒ උනාට හුරතලේනම් මෙහෙමයි කියන්න බෑ. කොයි වෙලෙත් ඇඟේ දැවටිලා කච කච ගාන එකමයි වැඩේ

ඉතින අක්කත් මේ වෙනකොට නිතරම එයාට සමාජය ගැන උපදෙස් දෙන්න පටන් අරන් තිබ්බෙ.. පිරිමි කට්ටිය ගාව වැඩිය යන්න එපා. කවුරු හරි මොනවහරි කලොත් කිව්වොත් ඇවිත් අම්මට කියන්න.. කතන්දර ගොඩයි..

ඔය මොනව කිව්වත් වැඩක් නෑ අපේ ඇඟේම තමයි ඉන්නේ.. දුවල ඇවිත් ඔඩොක්කුවට පනියි, නැත්තම් වඩාගන්න කියයි..
දවසක් මම හවස සැටි එකේ නිදාගෙන කාටුන් බල බල ඉද්දි අපේ පැට්තත් ඇවිත් මාව අයිනට තල්ලු කරලා සැටියේ නිදාගෙන කාටුන් බලනවා.. වැටෙයි කියල මාව බදාගෙන ඉන්නේ..

හරිම හුරතල් පා
යි.. මම විහිලුවට වගේ කිව්ව " මේ ඔයාට අම්ම කියල තියනව නේද කොල්ලො අස්සෙ රින්ගන්න එපා කියල "

මේකි චක් ගාල කට ඇදකරල එහෙම කීයපි " අම්මට විකාර එහෙනම් අම්ම තාත්ත ගාව දොය්යන්නේ" කියලා

ඉතින් මම මොනව කියන්නද?


මෙන්න දෙවනි එක

මේක සිද්දවෙනකොට සිද්දියෙ කොළුවට අවුරුදු 6 යි.. අපේ ගෙවල් ගාව ඉන්නේ..  සුපිරිම බුලට් එක.. හවසට සෙට් වෙන්නේ අපිත් එක්ක.. මචං ලෙවල් එකෙන් තමා ටෝක.. ඉස්කෝලෙ ගිය අලුත ටීචර් කියල මූට සින්දුවක් කියන්න කියලා.. මූ කියල තියෙන්නේ " ඔබ ඇපල් මලක් වාගේ සින්දුව"

ඉතින් දවසක් ඉස්කෝලෙ ඇරිල එක්කන් එන්න ගිහින් තියෙන්නේ අපේ ගේ ගාව අපේ වයසෙ වගේ කොල්ලෙක්.. පොඩි එකාව බයික් එකේ තියන් එන ගමන් අපෙ බුවා අහලා සංජුවෝ මොනවද අද ඉස්කෝලේ ඉගැන්නුවේ කියලා

පොඩි එකාගේ උත්තරේ " උගන්නන සීන් එකක්නම් නෑ ඕයි.. සෙල්ලම් කරන සීන් එකක් තමා තිබ්බේ "


මේ තුන්වෙනි එක.. 

මූ තමයි මම දැකපු හොඳම ඇම්බැට්ටය.. හැබැයි හෙන සිරා පොර.පොඩි කාලෙදිත් මොකක් හරි කියන්න එපා කිව්වොත් මැරුවත් කියන්නේ නැති ජාතියෙ ඩයල් එකක් මුගේ සුපිරිම කථා දෙකක් තියනවා.

අපෙ ගම ගැන කට්ටිය දන්නවනේ දැන්.. දන්නෙ නැත්තම් මෙතනට ගිහින් බලන්න

ඉතින් අරක්කු ටිකක් බීලා කුණුහරුපයක් කියාගෙන පාරෙ යන මිනිහෙක් කියන්නේ අපේ ගමට අමුතු දෙයක් නෙවෙයි.. (දැන් නම් ටිකක් හැදිලා ) ඉතින් පොඩි එකෙක් කුණු හරුපයක් කිව්වත් එච්චර පුදුම වෙන්න ඔනේ නෑ..

මේ සිද්දිය වෙනකොට කොළුවට අවුරුදු 4ක්නම් නෑ යන්තම් ඇවිදිනවා.. කොළුවට රෝද  තුනේ බයිසිකලයක් තිබ්බා.. දවසක් මේකා ඔය බයිසිකලේ උන්ගේ හරක් මඩුවෙ පාක් කරල තියලා.. හරක් මඩුව කිව්වට එක වැස්සියෙක් විතරයි ඉන්නේ.. ඉතින් කොළුවගේ සීයා හවස වැස්සිව ගෙනැල්ල කිව්වළු " කොළුවො මේ බයිසිකලේ ගනින් මේ වැස්සිව ඇතුලට දාන්න කියලා "
මූ මූනත් ඇඹුල් කරන් බයිසිකලේ ගන්න ගමන් කියනවළු " මූට මගේ බයිසිකලේට වඩා උගේ වැස්සි ලොකු උනා එහෙනම් කියලා "

මෙන්න හතර

මේ කථවත් අර බයිසිකල් බුවාගෙම තමයි.. කොල්ලගෙ තාත්ත හෙන වසයි.. අහු වෙච්ච එකෙන් ගහනවා.. අර කිව්ව සීය හෙන ආදරෙයි කොළුවට.. දවසක් සීය එනකොට කොළුව ගේ ඉස්සරග පැල ජම්බු ගහේ උඩ අත්තකට නැගල ඉන්නවළු.. මේක දැකපු සීය කිව්වළු අනේ පුතේ ඔතනින් බැහැපන් තාත්තා ආවොත් උබට ගුටි කන්න වෙයි කියලා...
පොඩි එකා කට උල කරල එහෙම කිව්වළු " තාත්ත නෙවෙයි සීයේ අම්මට *&%#පු එකා ආවත් මම අද ගහෙන් බහින්නේ නෑ කියලා"



ප. ලි. ල

බ්‍රහස්පතින්දා භගෙට ලියල වැරදීමකින් මේ පොස්ට් එක පබ්ලිෂ් උනා.. පෝස්ට් එක කෝ කියල අහල හොයල බලපු හැමෝඅටම ස්තුතියි....

බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

34 comments:

  1. aththamai mee ayye dan inna lamai apitath uganwai

    ReplyDelete
  2. මරු කතා ටික මම 1 ටයි අන්තිම එකටයි නම් ෆට්ට ආසයි... හුග කාලෙකින් මේ පැත්තට ගොඩ වදින්නත් බැරි වුන ජය

    ReplyDelete
  3. මම උබට කුණුහරප වක්කර කර හිටියේ .සිරා කතා ටික බන්.අපේ බාප්පාගේ පුතෙකුත් හිටියා පොඩි කාලේ ඔය බයිසිකල් එක වගේම.

    ReplyDelete
  4. අර අන්තිම කතා වලට අපි හිනා වුනාට මී ගොඩයා අපේ පරම පැතුම අපේ ළමයිනම් ඔහොම නොවේවා කියලා, නැත්ද? ඕක වෙන්න ලමයින්ට අයාලෙ යන්න ඇරීමයි. ආශ්‍රය කරන්නෙ කවුද කියලා පොඩ්ඩක් හොයා නොබැලීමයි, හොඳ නරක කියා නොදීමයි. ඉස්කෝලවල සහ දිවා සුරකුම් මධ්‍යස්ථානවලට එන ඔය වාගෙ ළමයිව ආශ්‍රය කිරීමයි වගේ හේතු හෙන ගොඩක් තියෙනවා.

    අර පින්තූරෙ ඉන්නෙ අයින්ස්ටයින් බබා නේ? ඔය පින්තූරෙම නේද අන්තිම පේලියෙ කිරිසප්පයා ප්‍රොෆයිල් පික් එකට දාන් ඉන්නෙ?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  5. එළ එක‍ට හිනා යනවා :D :D :D :D :D

    ReplyDelete
  6. එළ එකට හිනා යනවා :D :D :D :D :D මුන් තව ටිකක් ලොකු වෙද්දි මොනව කරයිද කියල හිතෙනවා :( :( :( :( :(

    ReplyDelete
  7. පොඩි එවුන්ගෙ පැහිච්චි කතා ගැන නම් කතාකරල වැඩක් නෑ. අපේ නංගිගෙත් ඉන්නව අවුරුදු 5 ක දෝනියෙක්, හරි හුරතල්. ඒ වුනාට වෙලාවකට මාර පණ්ඩිත කතා කියන්නෙ.

    අපේ මාමගෙ කොළුයි අක්කගෙ බාල කොළුයි දෙන්නම එක වයසෙ. තවම 3 පන්තියෙ. මාමල බාප්පල සහෝදරයො ඔක්කොම ඉතිං මචං ලෙවල් තමයි. උන් දෙන්නනම් පැහිල වැඩියි. අපිත් පොඩි කාලෙ සමහරවිට ඔහොම වෙන්න ඇති බං. අම්මල හිටී ගමන් කට්ටිය එකතු වුනාම කියනව ඒ කාලෙ කරපුව. දැන් බෝ පැල වගේ ඉන්න අපිට අහනකොටත් ලැජ්ජයි.

    ReplyDelete
  8. හපොයි මම නම් දන්නා කියන එකක් එක්ක ඇරෙන්න පොඩි උන් එක්ක නම් කතා කරන්නේ නෑ.. උන් මහා බාප්පලා වගේ...
    මමත් පොඩි කාලේ ඔහොම එකක් කරාලු.. අපේ අම්ම ස්කොලේ උගන්න්නපු නිසා එක දවසක් ස්කොලේ එක්කන් ගියා. කෙල්ලෝ ඇවිත් අත ගානවා. කොල්ලෝ අනම් මනම් කියනවා. මට එපා වෙලා හිටියේ.. ලොකු ඇයො හිටිය පන්තියක්. මුන් එකෙක් ඇවිත් අහපි. පුතේ පුතාගේ නම මොකද්ද කියලා..?
    එතකොට මම කිව්වලු "පුතා පුතා ගාන්නේ මොකෝ.. ඔහේ මගේ තාත්තය" කියල..
    අපි ඕවට හිනා උණා වගේ නෙමේ.. අපි අතින් වෙන වැරදි නිසා සමච්චලයට ලක් වෙන්නේ ඔය 6 -4 දන්නේ නැති පොඩි උන්....
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  9. අදවත් කතාව තියෙයි කියලා මේ පැත්තේ ආවේ...
    මම ටියුබ් ලයිට් හන්දද මන්දා දෙවෙනි කතාව නම් තේරුනේ නෑ මීගොඩයෝ !!!
    අනිත් කතා ටික නම් පට්ට. වැඩිමනත්ම අර අන්තිම කතාව නම් මරු !

    ReplyDelete
  10. අන්තිම කතාවනම් මරු තමයි.අනිත් ඒවත් නරක නෑ....

    ReplyDelete
  11. තාම හිනා මට..අඩේ නවත්තගන්න බෑනේ...

    ReplyDelete
  12. හැහ්... මරු කතා සෙට් එක! දැන් ඉන්න පොඩි වුන් එක්ක නම් කතා කරන්න යන්න හොඳ නෑ, අපි නාගන්නවා නකම්.

    ReplyDelete
  13. හපොයි ළමයි නම් දැන් හැදෙන සීයලා, ආච්චිලා වගේනේ....මාරු කතා ටික අයියේ...:D

    ReplyDelete
  14. මරු කතා ටිකක්නේ... හොඳටම හිනා ගියා පොඩි එවුන්ගේ වැඩ අහලා...

    ReplyDelete
  15. 4 වෙනි එකනම් සිරා... හෙහ්.. අපි පොඩි කාලේ හරි අහිංසකයි නේ... :)

    ReplyDelete
  16. අපේ එකත් ඔහොම තමයි. පොඩි උන් කාලෙ අපිත් ඔහොමම තමයි!

    ReplyDelete
  17. අපේ එකත් ඔහොම තමයි. පොඩි උන් කාලෙ අපිත් ඔහොමම තමයි!

    ( මගේ කමෙන්ට් ස්පෑම් යන ලෙඩක් තියෙනව. ඒ නිසා දැන් ඇනෝ එන්න වෙලා)

    ඉන්දික උපශාන්ත.

    ReplyDelete
  18. ඇපල් මලක් වගේ කියපු පොඩි එකා තමයි හොඳම :) හිහි

    ReplyDelete
  19. පොඩි එකා ජම්බු ගහෙන් වැටුනෙ නැද්ද ?

    ReplyDelete
  20. හිනාවෙන්න නෙවේ අඬන්නයි හිතෙන්නෙ..මේ කාලෙ පොඩීවුන්ගෙ වැඩවලට..!!!
    මාත් බැලුව උඹට මොකක් උනාද කියල..!හොයාබලන්න නම් බැරෝ ..අපි ෆේස් බුක් නැ‍තෝ..!!

    ReplyDelete
  21. ඔහොම ළමයි ලොකුවෙනකොට ඉදුරාම වෙනස්වෙනවා.....

    ReplyDelete
  22. හි හි..නියමම නියමයි සහෝ :) අද ප්‍රශ්න ගොඩක හිටියේ..හිනා ගියා මේ ටික කියවල..:)

    ReplyDelete
  23. හෙහ් හෙහ්... ලොවෙත් නෑ මීයෝ... :-)))

    පට්ටම පට්ට ඈ

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  24. මුන් ළමයි නෙමේ තාත්තලා :D

    ReplyDelete
  25. දැන් ඉන්න ළමයි වයසට වඩා පැහිල. අපි ඒ කාලෙ අහලවත් නැති කතා තමයි මුන් කියන්නේ. කොහෙන් ඉගෙනගන්නවද මන්ද.

    ReplyDelete
  26. ළමයි පොඩිකාලේ ගිරවු වගේ ලොකු මිනිස්සු කියනදේ කියනවා එත් අර වගේ කුණුහබ්බ පරිසරයක හැදෙන ළමයින් ඉස්සරහට මොනවා කරාවිද කියන ඒකයි ප්‍රශ්නේ..

    ReplyDelete
  27. ඉස්සෙල්ලම කියපු කෙලි පැටික්කි නම් මහා පණ්ඩිත හුරතල් කෙල්ලෙක්..සෝයි...

    ReplyDelete
  28. හනේ හනේ දැන් කාලේ හැදෙන ළමයි .....!!!

    ReplyDelete
  29. අර බයිසිකල් කතාවෙයි ජම්බුගහේ කතාවෙයි කොලුවා කවුද කියලා නම් අඳුර ගත්තා . .අනෙක් උන් ගැන නම් නිච්චියක් නෑ . ..

    ReplyDelete
  30. කතා ගොඩයි නේ :))

    ReplyDelete
  31. සිරාම කතාටිකඔතනට ඇතුල් වෙන්න ඕනේ කතාවක් දෙකක් තියෙනවා හැබැයි මගේ ඒවත් දාන්නම් කෝ එල එල

    ReplyDelete
  32. මරු කතා ටික... :) ඔන්න පනුච්චිත් මේ පැත්තේ ආව හොඳේ... :) ඉදිරියටත් එනවා.. අද තමයි බ්ලොග් එක හොයා ගත්තේ...

    ReplyDelete
  33. ජම්බු ගහේ නැග්ගේ උඹද මන්දා

    ReplyDelete
  34. දැන් හැදෙන පොඩි උන් ගැන කථා කරල වැඩක් නෑ අෆ්ෆා. මටත් ඔය වගේ වැඩ වෙලා තියෙනවා ඒවා කියන්නත් බෑ අලේ ලැස්සාවේ පන යනවා.

    ReplyDelete