එන්න,... මානස විල කළඹන්න
මානස විල්තල කළඹන මඳ නල
ඇදී ඇදී... ඇවිදින්.........
හද විල නළවන ආදර ස්වරයක
පහස පතා සක්මන්.........
ජීවන කතර පුරා..... සක්මන්
විල්තෙර රඟදෙන තිසර රැඟුම් දැක
ආලනුරා හැඟුමන්..........
සිත තුල සොඳුරු සිහින මවමින්.... සක්මන්....
සසර පුරා... සක්මන්....
නිරතුරු , සසර පුරා... සක්මන්....
සුරත් තඹුරුමත චුම්ඹන දවටන
බඹර රැඟුම් දකිමින්......
හද විල, මලක පහස පතමින්... සක්මන්....
සසර පුරා සක්මන්......
මල්හී වදින තුරා සක්මන්....
මනසනන් ලෙසටම කැලඹුනා බන් ඈ... :D
ReplyDeleteලෙසටම.. තැන්කිව් ඈ
Deleteවදීවි වදීවි මල් හී ....හේ හේ මරු මරු.. (නිසඳස )
ReplyDeleteහී හී.. තැන්කිව් ඈ
Deletehttp://syndi.radiokalutara.com/
ReplyDeleteමල්හී වදිනකම් තමයි කවුරුත් බලන් ඉන්නේ...වැදිලා ගලවගන්න බැරුව දඟලන අයත් ඉනවානේ. කවියේ පද ටික මාරම ලස්සනයි. ප්‍රවීණ ගතිලක්ෂණ පෙන්නුම් කරනවා. සුභ පැතුම්
ReplyDeleteප්‍රවීණ ගතිලක්ෂණ :O
Deleteපරසතු උයනේ මම දැකපු ලස්සනම නිර්මාණය... අද නම් කියන්න වචන නෑ.... ලස්සනම අදහසක්... ලස්සන පද පෙලකට...
ReplyDeleteස්තුතියි තාරා!!!
Deleteපහුගිය පෝස්ට් එකට තාරා කොමෙන්ට් එකක් දාල තිබ්බ කවි ලන්දට වැඩිපුර කැමතියි කියලා.... මම හිතන්නේ කතන්දර ලියවෙන හින්ද වෙන්න ඇති... ඔන්න ඉස්සරහට වැඩිපුර ලියවෙන්නේ කවි තමයි
ඔන්න මාත් ආවා, කැළඹෙන්න.
ReplyDeleteඉතින් කැළඹුනාද නැද්ද කියල නෑනේ
Deleteහද විල කලඹන පෙම් ජාල රේඛා
ReplyDeleteඒ විල මැද සිතල සඳ රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
මේවගේද දැනුනේ.. ඒකත් නරකම නෑ
Deleteපට්ටම වචන ටිකක්....නන්දා මාලනියට දුන්නොත් අනිවා කියනව ශුවර්.
ReplyDeleteස්තුතියි මචං
Deleteසුර අසුර යුද්ධයේදි කිරිමුහුද කැලඹුවා වගේ මේකත් කලම්බමු !!!
ReplyDeleteනයෙක් කොහෙන්ද හොයාගන්නේ
Deleteමල් හී එන්න එපා මෙහෙනං...
ReplyDeleteආදරේ මට තහනං!!!!
පහුවෙනකොට ඕක ඇරිල යයි
Delete"බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං"
ReplyDeleteමෙන්න මේ කෑල්ල අයින් කොරහන් බන් . . කැතේ බැරුවා . .
යමක් ලිහන්න ඕන කියලා හිතෙන උන් ඕක දැක්කා නොදැක්කා ලිහනවා.
උඹ පිංසෙන්ඩු වෙවී ඉල්ලන්න දෙයක් නෑ . .
ඕං අය්යෙ අයින් කලා... තැන්කිව් ඈ.. උම්ම්ම්ම්ම්මා
Deleteසින්දුවකට කියාපු පද පෙල ඕයි . . පට්ට ම පට්ට . .
ReplyDeleteතැන්කිව් අයියා... :ඩ්
Deleteමේක අමුතුම නිර්මාණයක් මාර ලස්සනයි.... කවි ටික කියවනකොට නිකමට හිතුවා මේක අමරදේව ශූරින්ට කියලා කියෙව්වනම් කොච්චර ලස්සනට තියෙයිද කියලා.ඇත්තටම කියන්න කෙනෙක්ව හොයාගත්තනම් සිංදුවකට නියමෙට ගැලපෙනවා...
ReplyDelete//සුරත් තඹුරුමත චුම්ඹන දවටන
බඹර රැඟුම් දකිමින්......
හද විල, මලක පහස පතමින්... සක්මන්....
සසර පුරා සක්මන්......
මල්හී වදින තුරා සක්මන්...//
ගොඩක් දේවල් හිතාගත්තෑකි ඕං.... වටේ පිටේ දකින සම්භාව්‍ය පෙම් ජවනිකා නිසා මොකාක් හරි වේගෙන එනවා වගේ ඈ... ඔය ඊතලේ දැනටමත් වැදිලා ඇත්තෙ මගෙ හිතේ
මම් ලියපු කවියක් හරියටම කමෙන්ට් කලානම් ඒ ගැමිය මලය හා දම්මි අක්කා තමයි.... අදත් උඹ හරි මලේ ... හැබැයි අර දැනටමත් වැදිල කියන ටික ඇර ( මට ඌ විදින්නේ අනුන්ට විදපුවයින් බං )
Deleteමම මේ සින්දුවේ මුල පද ලියල ඉවර උනහම මටත් හිතුනේ මේක අමරදේව මාස්ටර්ගේ හඬින් අහන්න තිබ්බනම් කියලා... ඒක ඉතින් මගේ ළපටි මොලේට ආවා බොළඳ ආසාවක්
මානස විල තියෙන්නේ පරසතු උයන කිට්ටුවමද?
ReplyDeleteඔව්නේ පරසතු ගස්වලට වතුර ගේන්නේ මානස විලෙන්
Deleteකාලෙකින් මගේ හිතට සමීප වුනු කවක් ......
ReplyDeleteතැන්කිව් සචියා
Deleteඅප්ෆට.....
ReplyDeleteයකෝ මගේ ඔය මොකද්ද විල කැළඹිලා මෙන්න දෝරේ ගලනවා...
සුපිරි ඈ :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ටිෂූ එකක් අරගෙන දෝරෙගලන එව්ව පිහිදගනින්
Deleteඅඩේ මාර පොරක් වෙලානෙ..
ReplyDeleteමටනං තේරුන්නැහැ...බං..!
ගැමි මලයගෙ කොමෙන්ටුව බැලුවනම් තේරුම්ගන්න ලේසිවෙයි වී
Deleteෆස්ටස් ඈ............
ReplyDelete:D
Deleteසින්දුවක් කලා නම් නියම පද ටික..
ReplyDeleteකොහොමත් කවි ලියන්න ඔබට හොඳ හැකියාවක් තියනවනේ..
ජයෙන් ජය! :)
ස්තුතියි හිරුවෝ
Deleteපට්ට කවක් නියමයි.....
ReplyDeleteස්තුතියි
Deleteහරිම ලස්සනයි..මානස විල ඇත්තටම තියෙන්නෙ කොහෙද ?
ReplyDeleteහය්යෝ දීපන්කෝ උත්තර,,,,
Deleteහින්දු ආගමික කථාවලට අනුවනම් මානස විල කියන්නේ උතුරු කුරු දිවයිනේ තියන විලක්,,, අපේ ජාථක කථාවලත් මානස විල ගැන කියවෙනවා... සමහරු කියනවා මානස විල කියන්නේ අනවතප්ත විලටමයි කියලත්
හරිම විස්තරේ හසිත දේවි
සින්දුවක් මතක් උනා නිසඳැස කියෙව්වම!
ReplyDelete\\..තිසරූ පිරී වනවිල් සැලී
පැවසූ හැඟුම් ආදරේ
සිතෙහී වෙලී පවනේ ඇදී
සඳමෙන් බැදී මා හා රැඳී..\\
තේරුණ විදියටනම් මේ ලඟින් යන අදහසක් තියෙන්නේ නේද??
:D
දේකේම උපමා එක උනාට අර්ථය වෙනස්.... මර්වින් පෙරේරා ගායනා කරන ගීතය අතීත මතක ස්පර්ෂ කරන ගීතයක් විරහව තමයි ගීතය පුරාවට කියවෙන්නේ.. මේ කවිය පුරාවට තියෙන්නේ ප්‍රර්ථනාවක් විතරයි
Deleteහරියටම හරි, නියම පද ටික මලේ...
Deleteගීතයක් නෙවද?? මට නම් හිතුණේ ම ගීතයක් කියලා!
ReplyDeleteජය වේවා!!
ගීතයක් නෙවෙයි මචං... තාමනම් නිසදැසක් විතරයි
Deleteකවි ටික ලස්සනයි අයියේ..
ReplyDeleteස්තුතියි මලේ
Deleteඔන්න උදේම මානස විලට ආවා. දැන් පරසතු මලක් දෙන්ට.:D
ReplyDeleteලස්සන පද වැලක්...
පොඩී ඇවිල්ලා.......
Deleteඇයි එකක් ඉල්ලන්නකෝ දෙකක්...
එහෙනම් දෙකක්ම දෙන්ටකෝ....:D
Deleteබ්ලොග් රෝල අප්ඩේට් වුණාම මොකද්ද මේ කියල හිතාගන්න බැරි වුණා.
ReplyDeleteඇවිත් බැලුවම දැක්කෙ වෙන්ද වගේම, ඊටත් වඩා ලස්සන කවියක් (කවියක්ද ගීතයක්ද මන්ද)
හරීම ලස්සනයි
තානුවක් හිතේ තියාගෙන ලියපු කවියක් තමයි සිදූ... ස්තුතියි
Deleteමම මේකේ දැකපු හොඳම නිර්මාණය . ජයවේවා...!!!
ReplyDeleteතැන්කිව් වෙවා ඇපලටත්
Deleteහැබෑටම මානස විල කියන්නෙ මොකක්ද ?
ReplyDeleteදන්න විදියට උඩ කොමෙන්ට් එකකටත් උත්තර දුන්නා.... මමත් හරියට කියන්න දන්නෙ නෑ... හසිතගෙන් අහල බලමු
Deleteමට මේ ටික කියවද්දී මතක්වුනේ අමරදේව මාස්ටර් ගේ ඉරහඳ පායන ලෝකේ සින්දුව. මම නෙට් එකෙන්ම මේ දැන් සින්දුව බාගෙන අහන ගමන. මම හිතන්නේ මේ වෙන්න ඇති මී ගොඩයා ලියපු සුපිරිම මෙව්වා එක.. (කවියක්දෝ ගීයක්දෝ කියන්න බැරියෝ..)
ReplyDeleteස්තුතියි ක්සැන්ඩර් අය්යා.....
Deleteතනුවක් හිතේ තියාගෙන ලියපු කවියක්.... හිතේ තනුවක් තියන හින්දා මටනම් ගීතයක්
අගේ ඇති පබැඳුමක්....තනුවක් දාන්න යැව්වොත් නරකද....
ReplyDeleteහැමෝම මෙහෙම කියනකොට මටත් මේ සිංදුව කාටහරි කියල ගායනා කරවල අහන්න ආසාවක් ආවා... ඒත් කොහොමද කරන්නේ ????
Deleteගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් වැඩකරන්නේ මාත් එක්ක එකට.මම එයාගෙන් උපදෙසක් අරගන කියන්නම්.එහෙමත් නැත්නම් රෝහන ධර්මකීර්ති සහ නාලක අන්ජන කුමාර මගේ යාළුවෝ ඒ කෙනෙකුට කතා කරල බලමු.මගේ fb එකේ මගේ තොරතුරු තියනවා වෙලාවක එන්න හමුවන්න.
Deleteමම රික්වෙස්ට් එකක් දැම්ම.... බොහොම ස්තුතියි අය්යා
Deleteමියුරු ගීයකට හොඳ පද පෙලක්. ගීතයට ගැලපෙන අදහසක්
ReplyDeleteබොහොම ස්තුතියි අය්යා...
Deleteලස්සනයි ගීතයකට සුදුසුයි කියලා හිතෙනවා
ReplyDeleteබොහොම ස්තුතියි කාව්‍ය...
Deleteසැල සිංදුව ආ!!
ReplyDeleteතැන්කිව් මචෝ
Deleteශබ්ද රසය සහ තාලය තවත් හොඳ වෙනවා "ඇවිදින්" වෙනුවට "සක්මන්" වචනය සමග ගැලපෙන ඉක්මන් වගේ වචන කීපයක් ආවා නං.
ReplyDeleteබොහොම ස්තුතියි කකා
Deleteඅයෙත් ලියන්න උත්සාහ කරන්නම්
අවංකවම හොද නිර්මාණයක්.... හොද වචන එකතුවකුත් මී ගොඩයා සතු බව පේනවා... ඒක නෙමෙයි... යම් තේමාවක් දුන්නොත් ඒකට ගැලපෙන්න ගීතයක් ලියලා දෙන්න පුලුවන්ද ?
ReplyDeleteස්තුතියි සිරො,,,
Deleteඋත්සාහ කරල බලන්නම්.... මොකද්ද මාතෘකාව
හැබැයි අමාරුවෙන් දඟලල කවි ලියන්න අමාරුයි... දෙයක් හිතට දැනුනොත් තමයි හොඳට ලියවෙන්නේ
ලස්සන නිර්මාණයක්.. පින්තුරෙත් "මී" ඇඳපු එකක් ද..? එකත් සිරා..!!
ReplyDeleteබොහොම ස්තුතියි මචං....
Deleteකවි සංකල්පනාව විතරයි මගේ... පිංතූරේ ගූගල් වලට පිං සිද්දවෙන්න... මට කපුටෙක්වත් අඳින්න බෑ
ඔන්න අදමයි 'පරසතු උයනට' සක්මන් කරේ,
ReplyDeleteහරි අපූරු පද වැල් ටික.
මල් හීයක් වැදිලා මානස විල කැළඹිලා ඇති සැටියක් පෙනේ.. :D
නෑ වදිනකන් බලං ඉන්නේ
Deleteඉඳල ඉඳල ආව මී ගොඩය අයියගේ පෝස්ට් එකක් බලන්න... ශා මරුනේ... මට නම් දැන් කියන්නත් දෙයක් නෑ වගේ... උඩ කට්ටිය කියල තියෙන්නේ ඔක්කොම... හරිම අරුත්බර ලස්සන නිසදැසක් කියල විතරක් කියන්නම්කො....
ReplyDeleteතැන්කිව අනුවෝ...
Deleteමටත් ඒ පැත්තේ එන්න බැරි උනානේ මොකුත් ලිව්වෙ නැද්ද ළඟදි
//සුරත් තඹුරුමත චුම්ඹන දවටන
ReplyDeleteබඹර රැඟුම් දකිමින්......
හද විල, මලක පහස පතමින්... සක්මන්....
සසර පුරා සක්මන්......
මල්හී වදින තුරා සක්මන්....//
තේරුම් ගත්තෙ මේ කොටසෙන්.. ආයෙත් මුලට ගිහින් කියෙව්වා.. :)
මානස විල කලඹවන අපූරු නිසදැසක්..! සංගීතයත් මුසුකලොත් වැඩිවේවි අගය තවත්..! සුබ පැතුම්..!!
බොහොම ස්තුතියි නන්දු....
Deleteසංගීතාත්මක කවියක්.. ලස්සනයි සහෝ..
ReplyDeleteඅපූරු කවි පේළියක්... මරු මරු...
ReplyDeleteෂා ලස්සන සිංදුවක් වාගේ.. හරි ම ආසයි
ReplyDeleteමම ටිකක් පරක්කු උනා මේක කියවන්න..
ReplyDeleteතිසර යුවලක රැඟුම් අතරට සුරත් පියුමක ගලන මල් පැණි බඹර පහසක් පතන්නේදෝ බඹර ඒ සුව වින්දින්නේදෝ
හැබැයි ජීවන කතර පුරා මෙකී සුව සොයා පියුම හා සක්මනම යෙහෙකැයි පියුම් සොයමින් යාම නරකයි :-)
මම ටිකක් පරක්කු උනා මේක කියවන්න..
ReplyDeleteතිසර යුවලක රැඟුම් අතරට සුරත් පියුමක ගලන මල් පැණි බඹර පහසක් පතන්නේදෝ බඹර ඒ සුව වින්දින්නේදෝ
හැබැයි ජීවන කතර පුරා මෙකී සුව සොයා පියුම හා සක්මනම යෙහෙකැයි පියුම් සොයමින් යාම නරකයි
මේක ගීතයක් විදියට මම හිතින් රස විඳලා හමාරයි. අමරසිරි පීරිස් මහත්මයා තමයි බර හඬින් ගායනා කලේ. ඒ හීනය හැබෑ වේවා !!!
ReplyDelete