Wednesday 6 February 2013

සූකර, නුබ නොදුටු දෑ





















මහා කරුණා නෙත් විදාලා
බලන අවුකන සමිඳු පිටුපස
 
කියා හැඬුවා උඹේ මලගම
තැලී පොඩිවී ගියපු හබරල

වැදුණු වෙඩිපහරකින් කලබල
දුවන විට නුඹ පස්ස නොබලම
වැටෙන ලේ බිඳු සෙමින් පිස්සෙත්
අන්න ඒ මං කියපු හබරල

වැටී සඳකඩ පහණ අසලම
කෑ ගගා මර හඬ දෙවද්දිම
කපා වෙන්කල මස් වැදලි හැම
ඔතා දුන්නෙත් මිතුරු හබරල



හබරල















24 comments:

  1. :( අනේ මන්දා,,

    ReplyDelete
  2. හබරල කොයිදෙයත්. කාලයක් ලංකාවේ මිනිසුන්ගේ ආහාරයක් වෙලා තිබුනා හබරල අල.

    ReplyDelete
  3. අහා මාර අදහසක් නේ මී අයියේ...

    ReplyDelete
  4. සන්නාලියනේ සින්දුව මතක් වුනා බං.

    ReplyDelete
  5. මරු කෑමක් ඕයි!!! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. අඩෝ රැඩිකල් කියන්නේ මේවට...උපරිමයි බන්...නියම කවි කියන්නෙත් මේවට...
    (මට නම් කල්පයක් හිතුවත් මෙහෙම එකක් ලියා ගන්න බෑ අම්මපා)

    .:මානවක:.

    ReplyDelete
  7. අඩෙ ෆොටෝ එකේ තියෙන්නෙ කිරිඅල ගහක්ද මංද, හබරල ඔයිට වඩා ලොකුයි. කැතයි.

    මං නම් ඔන්න සැපට දුකට සනී වගේ හබරල වෙන්නම්. ඒ එතකොට කවුද සූකර.
    කොයි තරම් නම් ඔහොම අද්දැකීම් තියද අපිට.

    ReplyDelete
  8. නියමයි සුදා . . .
    උඹේ කවි හැමදාම වගේ මම වැරදියට කියෙව්වත් මෙදා පාර නම් එහෙම උනේ නෑ කියලා හිතෙනවා.
    කවියක් ඕන ඕන විදිහට රස විඳින්න පුලුවන් නේ . .
    මම කැමතියි මේක මේ දවස්වල නැගලා යන ආගමික ප්‍රබෝදයට ලන් කරලා රසවිඳින්න

    ReplyDelete
    Replies
    1. හරියටම හරි අය්යා...

      Delete
  9. අද කවියනං පට්ට සිරා...

    ReplyDelete
  10. මුස්ලිම් ඒවුන් දැක්ෙකාත් ෙබාට බනී !

    ReplyDelete
  11. මෙන්න කවි...නියමයි මචන්

    ReplyDelete
  12. මීයෝ මේක නං හොදට බොක්කට වැදුනා බං...

    ReplyDelete
  13. කොලෙන් හබරල හට්ටියට වැද
    උයාදුන්කල හිමිට රස කර
    ඒ පිනෙන් ඌ යාද දෙවුලොව
    දිවි පිදූයෙන් මතම සඳකඩ ?

    ReplyDelete
  14. අර ඩූඩ් අයියා කිව්වා වගේ සන්නාලියනේ සින්දුවමයි මතක් උනේ....

    ReplyDelete
  15. දඩයක්කාරයෙග් ගෑනියි දරුවයි දවස ගෙවන්නේ ඕකෙන්
    එක අතකට ඌ(ඌරා) මට වඩා ප්‍රයෝජනවත්

    ReplyDelete
  16. මේ මොන ඌරො ගැනද ? :P

    ReplyDelete
  17. තැවරී තිබෙන ලේ කැටි ටික දුටුවාදෝ
    සූකර මිතුරු දුක් වැඩිපුර වින්දාදෝ
    ඉලපත සමඟ ඇමිණී තව දුර යාදෝ
    හබරල කොලේ පස් වෙන්නට කල් යාදෝ

    ReplyDelete
  18. බලා සියල් වත ගොත
    දුක සිතී
    හඬන්නට තිබූ කඳුළුත්
    නොරඳා කොළපත මත
    අහිමිව ගොසින් වැටුනු සැටි
    නොදැනීම..

    ReplyDelete
  19. නියම කිවය...හබරල අල තම්බලා කොච්චි සම්බෝලයි පොල් ටිකකුයි තිබුණනම් මරු..හැබැයි ඉතිං හොදට පිටි තියෙන කහපාට අල වෙන්න ඕනි..එව්වා තමයි රස වැඩිම..පුංචි කාලේ අපි වැඩි පුරම කෑවේ ඒවා තමයි...

    ReplyDelete
  20. අහෝ... ඉරකි තිතකි ඒ හා දුකකි. ඵල!

    ReplyDelete