Friday 23 March 2012

කරගැට පමණද උරුම උනේ???

කරගැට දෑතින් ලනුපොට අල්ලන්
මිහිමත සැඟවෙන අඳුරු  රැයේ
දෑතේ කැරකෙන ගැරුම් වට්ටියෙන්
අපගේ ලෝකය එලිය උනේ

රන්වන් ඩා බිඳු වැටෙනා පොළොවට
නැතිදෝ අපගේ දුක දැනුනේ
මිණි කැට සඟවා මතුකල ගෙව්ඩට
නැත මුළුතැන තුල ලිප දැවුනේ

පවස නිවන්නට බොරදිය පෑදී
නිල් දිය කිමදෝ මතු නූනේ
නිල් කැට රතු කැට මතු කල දෑතට
කරගැට පමණද උරුම උනේ???

1 comment:

  1. මේක තමයි යථාර්තය.....දහදිය හෙලන කම්කරුවා හැමදාම අඳුරේ......

    ReplyDelete