Friday 23 March 2012

කියාපන් හේතුවක්.

පළඳන්න නෙතු අගට කඳුළු මල් මාලයක්
කිම ආවෙ මගෙ ළොවට වෙලා ඝන මේඝයක්
පිසලන්න මේ කඳුළු නොමැත මට තව කෙනෙක්
පැමිනෙන්න නොහැකිනම් එවාපන් පිහි තුඩක්

පහත් වී සිඹින විට දෙතොල් පෙති පෙර දිනක්
දැනුනෙ නෑ  කිසි  විටක  දකින  බව සිහිනයක්
තුරුළු වී  සිටිය මුත් හැරයන්න  පෙර  දිනෙත්
නොකීවේ   කිමද මට  හැරදමා  යන  බවක්

දිවගියේ  උමතුවෙන්  පසුපසම  මිරිගුවක්
බිඳුනු හිත හදන්නට දැන් නොමැත කාලයක්
පලක් නෑ මේ දිවිය සමුගන්න පෙර ළොවෙන්
කියාපන් සොඳුර මා හැරයන්න හේතුවක්

1 comment:

  1. කියවලා ඉවර වෙද්දී ඇස අග කඳුළු බින්දුවක්...
    මටත් හොරෙන්,

    ReplyDelete