පිළිගනිමි මගෙ ලොවට
හිස් අහසෙ ගෑවෙන්න පැතුම් මල් පොදි බැඳන්
දින ගෙවමි හැම රෑක නුඹ නමින් නිදි මරන්
ඉවසන්න බෑ තනිය තවත් මට මේ තරන්
පැමිනෙන්න මා වෙතට මල් පොකුරකුත් අරන්
බලාගෙන ඉඳිමි මම තරු පොකුරු ගෙන අතින්
ඇවිද යමු අපි එකට දේදුන්නෙ හරි මැදින්
පාකරමු වරාමල් වළාකුළු මත හිදන්
පා දොවමු පිනි දියෙන් හිරු සඳුට අත වනන්
හිඳුවලා මම ඔබව සුරඹ අඟනන් මැදින්
සරසන්න යැයි කියමි කසී රට සලුවලින්
පලඳවා මුතු මාල සොය විත් සාගරෙන්
පිළිගනිමි මගෙ ලොවට සුරඟනාවක් ලෙසින්
ඔයා ලියනවා ලස්සනයි.. දිගටම ලියන්ට ශක්තිය ධෛර්‍ය් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා!!!!
ReplyDelete@Tharu ස්තුතියි!!!
ReplyDeleteආපහු.. එලමයි..!
ReplyDeleteලස්සනයි.. ආදරණීය ඉල්ලීමක්.. බෑ කියන්න බැරි වෙයි එන්න කියන කෙනාට..
ReplyDeleteඇත්තටම එයිද.. මම මේක ලිව්වේ කැත්‍රිනා කයිෆ්ට.. එයා එයි නේ ෂුවර් එකටම
Delete