Friday, 23 March 2012

කිරි පිහියේ කඳුළු කථාව

පොල්කටු පිරෙනා විලසින් නෑ පුත
වැහැරුනු දෙතනට කිරි ඉනුවේ
කිරි බිඳකින් පුතු දෙතොලග තෙමනා
දෑතේ කරගැට නෑ රිදුනේ

කැරකී ගස් වට ඉක්මන් ගමනින්
ගහෙන් ගහට මා පා නැගුවේ
උහුලනු බැරි බර දෑතට පමණයි
හිතට නොවෙයි ඒ බර දැනුනේ

සිහිවී පුතු මුව බර වූ දෙනෙතින්
උණු කඳුලක් බිම ඇද හැලුනේ
යකඩෙන් හැදුනත් හාමුට නොදැනෙන
දරු දුක කිරි පිහියට දැනුනේ

9 comments:

  1. නියමයි..
    ලස්සනට විග්‍රහ කරලා තියෙනවා..

    ReplyDelete
  2. නියමයි...
    ලස්සනට විග්‍රහ කරලා තියෙනවා

    ReplyDelete
  3. අඩේ සිරාම සිරා මී අයියේ...
    //යකඩෙන් හැදුනත් හාමුට නොදැනෙන
    දරු දුක කිරි පිහියට දැනුනේ
    මේක තමා පට්ටම...

    ReplyDelete
  4. මී මලයා මාර විදියට බොක්කටම වැදුනා පද ටික නම්. නුඹ කවි කලාවට උපන් හපනෙක්.මේ පද දෙකට මං මාරම ආසයි

    //යකඩෙන් හැදුනත් හාමුට නොදැනෙන
    දරු දුක කිරි පිහියට දැනුනේ//

    ReplyDelete
  5. තවත් අපි නොදකින සමාජ යතාර්තයක් පද අතර කැටි වෙලා අපුරුවට ........

    ReplyDelete
  6. ඔය ලියලා තියෙන්නේ කනට ගැහුවා වගේ.. අර අන්තිම ටික බොක්කටම වැදෙන්න ලියලා. සිරාවට සුපිරියි මල්ලි.

    ReplyDelete
  7. සුපිරිම සුපිරියි...

    //යකඩෙන් හැදුනත් හාමුට නොදැනෙන
    දරු දුක කිරි පිහියට දැනුනේ//

    මෙතන තමයි හොඳම තැන

    ReplyDelete
  8. ඇ‍ඩෙන්‍‍න ‍ලි‍ය‍ල ‍ති‍ය‍න‍ව. ‍මේ‍ව ‍අ‍දා‍ල ‍පුද්‍‍ග‍ල‍යො ‍කි‍ය‍වන්‍ ‍නැ‍ති ‍වෙ‍යි ‍කි‍ය‍ල ‍ත‍මා ‍දු‍ක

    ReplyDelete