Friday 23 March 2012

අනේ අපි නොදන්නා සීතගේ පති බැතිය

තුන් ලොවක් එකළු කල
ඔද තෙදැති රාවණා
පැහැරගෙන ආ නමුත්
නොමැත සීතාට අත තබා

ඇය ලඟින් අත් විදපු
අධික දුර්ගන්ධය නිසා
ඇරලුවා ඇල්ල වෙත
අනේ නාපන් කියා

සිටිය මුත් බෝ දිනක්
දිය ඇල්ල ලඟ එදා
නෑවෙ නැහැ නොවැ එයා
වතුර ඇලජික් කියා

යුධ වැදී රාමයා
සමගින්ම රාවණා
බේරගෙන සිය රටට
හඩු ගෑනි ගෙන ගියා

ගෙනගියත් නැහැ සුවර්
මේකි නොම බව ඉඳුල්
බලා සිට්යේ පනිනකල්
දෙස ඇවිලෙනා ගිනි දැල්

ඇවිලෙනා ගිනි දැල්ද
ෆේල් විය දවන්නට
දැන් නුබට වැටහුනිද
ඇඟේ තිබු කුණු කන්ද

ඔය නිසයි රාවනා
නොම ගියේ ඈ ළඟට
තුන් වරක් ආව ඈ
මහ රෑක රජු ලඟට

ලං වෙන්න පුලුවන්ද
නහය ඇති මිනිහෙකුට
අනේ අපි නොදන්නා
සීතගේ පති බැතිය

ඔද තෙදැති රණ සූර
ලක් පුතෙක් වනසන්න
භාරතේ තිරිසන්නු
හැදූ ගොන් පෙම් පුවත

කිසිදිනක එපා ඔබ
ඉහ උඩින් පිලිගන්න
ඇත්තටම ඉහත දේ
උණු බවට අදහන්න.

(අදහස ලබාදුන් දුමීගේ කට කහන කටා බ්ලොග් අඩවිය වෙත විශේෂ ස්තුතිය )
http://dhumee.blogspot.com/2012/01/blog-post_23.html#ixzz1kIfF6KDn 

10 comments:

  1. හිකිස්zzzz........මරු.......

    ReplyDelete
  2. ස්තුතියි තරු.....
    වැඩිය කාටවත් කියන්න යන්න එපා..... දන්නවනේ ඉන්දියාව මේදවස්වල කරන කියන දේවල්.. මාවත් යුධ අධිකරනයට ගෙනියන්න බැරි නෑ

    දන්න කියන දහ පහලොස් දෙනෙකුට කිව්වට කමක් නෑ

    ReplyDelete
  3. නියම අදහසක්!!! දිගටම ලියන්න. ජය වේවා!!!!

    ReplyDelete
  4. හික් හික් නියමයි කවි සෙට් එක මී අයියේ.

    ReplyDelete
  5. hik hik දුමි අය්යත් ලියලා තිබ්බේ අපි නොදන්නා නල්ල මලේ සීතා කියලා... නියමයි..

    ReplyDelete
    Replies
    1. ආ මේ දුමී අය්යගේ පෝස්ට් එකට ලියපු කොමෙට් එකක් තමා.. බලන්න දුකා අය්ය පෝස්ට් කරල ඇත්තේ.. ඒ කලේ මම බ්ලොග් ලියන්නේ නෑ .. ඉතින් දුකා අය්යට දුන්න පෝස්ට් කරන්න කියලා

      Delete
  6. මීගොඩයා විඩින් විඩේ මගේ ටැංකියට ගොඩ උනාට මට මී ගොඩයගේ අහා එන්න බැරි උනා නෙ. ඔන්න අද ඒකටත් හරියන්නම ආවා. දිගටම එන්න ෆලෝ කරලා යනවා.
    අළුතෙන් බ්ලොග් ලියන්න පටන් ගත්ත මට මීගොඩයා කරන අතදීමට පින් !

    ReplyDelete
  7. මාරු කවි පොඩ්ඩ... හි හි ..
    ඇවිත් යන්න එන්න "The අච්චාරු පිටුවට"

    ReplyDelete
  8. ඔන්න ඕකලු උනේ අදමනේ දැක්කේ. අයියේ මසුරන් දාන්න ඕනේ ඔයාගේ කටට.

    ReplyDelete