Friday 23 March 2012

පිළිගනිමි මගෙ ලොවට


හිස් අහසෙ ගෑවෙන්න පැතුම් මල් පොදි බැඳන්
දින ගෙවමි හැම  රෑක නුඹ නමින් නිදි මරන්
ඉවසන්න බෑ තනිය තවත් මට මේ තරන්
පැමිනෙන්න මා වෙතට මල් පොකුරකුත් අරන්

බලාගෙන ඉඳිමි මම තරු පොකුරු ගෙන අතින්
ඇවිද යමු අපි එකට දේදුන්නෙ හරි මැදින්
පාකරමු වරාමල් වළාකුළු මත හිදන්
පා දොවමු පිනි දියෙන් හිරු සඳුට අත වනන්

හිඳුවලා මම ඔබව සුරඹ අඟනන් මැදින්
සරසන්න යැයි කියමි කසී රට සලුවලින්
පලඳවා මුතු මාල සොය විත් සාගරෙන්
පිළිගනිමි මගෙ ලොවට සුරඟනාවක් ලෙසින්

5 comments:

  1. ඔයා ලියනවා ලස්සනයි.. දිගටම ලියන්ට ශක්තිය ධෛර්‍ය් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා!!!!

    ReplyDelete
  2. @Tharu ස්තුතියි!!!

    ReplyDelete
  3. ආපහු.. එලමයි..!

    ReplyDelete
  4. ලස්සනයි.. ආදරණීය ඉල්ලීමක්.. බෑ කියන්න බැරි වෙයි එන්න කියන කෙනාට..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එයිද.. මම මේක ලිව්වේ කැත්‍රිනා කයිෆ්ට.. එයා එයි නේ ෂුවර් එකටම

      Delete