Tuesday, 10 April 2012

බුදු පුතුණේ

වාරුව ගිලිහුන දෙපතුල් පිරි මැද
පිරිත් කියන මා පුතනුවනේ
දෑත් එකතුකර දෙපා වන්දින්නට
පින්කර නෑ මා පුතනුවනේ

මහමායවගෙ නෙත් කඳුලැල් දැක
සිල් සිත සසලද පුතනුවනේ
සිල්වත් දෙපයට ගිහිගේ අකපයි
සසුනට වැඩපන් බුදු පුතුනේ

මේ දිවි සැරියේ නිම්තෙර දකිනට
පෙරුම් පුරා උපදින වාරේ
ලණු ඇඳ මත හිඳ විවරණ දෙන්නම්
බුදුවේවා නුබ බුදු පුතුනේ

****************************

හතර වරිගයක් එතරකරන්ට
සංසාරේ මතු යම් දවසේ
බුදුවන දා මම සුදොවුන් වෙන්නම්
බණපදයක් කියපන් පුතුනේ

සඟවා ලෝකය පෙන්නා රජ සැප
කිසිදින නෑ නුබ වලකන්නේ
ළයමත හොවලා අවසර දෙන්නම්
ගිහිගෙය හැර නුබ යන දවසේ

නුබගේ පාමුල නිවන් දකින්නට
පෙරුම්පුරමි මම පුතනුවනේ !!!





5 comments:

  1. අපූරුයි කවි ලන්ද....අදයි ගොඩ වැදුනෙ.....

    ReplyDelete
  2. ස්තුතියි දිනිති

    ReplyDelete
  3. අපුරු කවි පෙළක්.. ඒ තරම් නොහිතන මානයක් නේද?

    ReplyDelete
  4. වැඩිය නොහිතන මානයක් ගැන අපුරු ගීතයක්.. මට මේකට කවියක් කියන්න බෑ.

    ReplyDelete
  5. ඇත්තටම මි ගොඩ අයියේ මේක සුනිල් එදිරිසිංහ මහත්තයාගේ කටහඩින් වගේ අහන්න තියනවනම්.......හිතට වදින පද පෙළක්....

    ReplyDelete