Friday 20 April 2012

ලැජ්ජයි මට මං ගැනම

ප්‍රභාකරන් මැරිලලු
අපි දිනලලු
උයමු රටටම ඇතිවෙන්න
ලොකුම ලොකු කිරිබතක්

පත්තු කරමු ලෝකෙටම ඇහෙන්න
තුන්හුලස් රතිඤඤා
ඩොං පටොං

මතකද එදා අපි කෑගැහුව මහපාරෙ

ඒක තමයි අපි කිව්වේ
ඔය කොටියට බෑ කිව්වෙ
ජයවේවා !!!

ඇත්තටම අපි දිනුවද?

අපි මරාපු හැමෝම කොටිලු
දන්නේ නෑ මං නං
කොහොම අදුරගත්තද කියලනං
මල්ටිබැරල් එහෙම
හරියටම කරල වෙන්
කොටින්ව අහිංසක මිනිස්සුන්ගෙන්

අම්ම අප්ප නැතිවෙලා
තනිවෙලා පොඩී එකා
කඳවුරෙ පොලිමෙ
ඉඳියි බත් පත තකා

එතකොට ඌත් දිනලද???

අල්ල නිකටේ ගසං
කරු දෙකට බර දෙමිං
හිස් අහස දෙස බලං
සෙල්වම්... උබත් සතුට සමරපං

උබත් දිනල නොවැ ඉන්නෙ....

නෙරූ කුස ඉදිරියට
බර නෑලු රේවතීට
අප්ප මැරුනත් පුතුට
හිනාවක් ඇතිලු හෙටට

ඇයි ඌ ඉපදෙන්නෙම දිනලනෙ.....

******************************************

පසු සටහනක්

ප්‍රභාකරන් මැරුනු ආරන්චිය කන වකුනු දින පාර පුරා කැගහපු අය අතරෙ මමත් හිටියා..රතිඤා පත්තුකලා....දන්සැල් දුන්නා....සතුටට ඇස් වලට කඳුලු ආව... රනවිරුවො දෙවි වරු උනා... උපහාර උළෙලවල් හතු පිපෙන්නැහෙ හැමතැනම...

කාලයක් ගත උනා.... යුද්ධයක් තිබ්බද කියල මතක් උනෙත් සුදු කොඩි සිදියට පින් සිද්දවෙන්න....


අහම්බෙන් කියවන්න ලැබුණු කවි පොතක් නිසා මට ලැජ්ජ හිතුනා.... මං ගැනම... මගේ චින්තනය කොතරම් පටු එකක්ද...ලොකය දෙස බලන ඇස කොතරම් පුංචිද

යුද්දයේ නොදැක්ක පැතිකඩ නොව... දැක දැකත් අහක බලාගත් පැතිකඩ.....අගිල්ලෙන් ඇන නොව පිටට තට්ටුවක් දමා අනෙක් පස හරවා.. අකුණු සරයක් මෙන් අතුල් පහරක් සමගින් මා දෑස් ඉදිරිපිටට ඇද දැමූ...
කුමාරි කුමාරගම්ගේ මහත්මියගේ නොඇසූ කන් වලට කෘතියටත්... ඒය මා අතට පත් කල දුකා අය්යාටත් ස්තුතියි බොහොමත්ම

මතක සටහනක් තියලම ගියානං තමා හොඳ අයුබෝං
නැතත් ඉතින් අමනාපයක් නෑ ඕං

7 comments:

  1. එදා දිනපු එක ගැන ලැජ්ජා වෙන්න එපා සහෝ..
    අද වෙනතුරුත් මේ ප්‍රශ්නෙට විසඳුමක් නැතුව අපි වගේම අහිංසක මිනිස්සු ටිකක් දුක් විඳිනවා..එයාලට හරි විසඳුමක් දෙන්න අදාල තැන්වලට බල කරන්න තර්ජනය කරන්න අපිට හැකියාවක් නැති එක ගැන ලැජ්ජා වෙන්න..

    ReplyDelete
  2. @රූ

    සහෝ මම ලැජ්ජවෙන්නේ එදා දිනපු එක ගැන නෙවෙයි... කිසිම විවාදයක් නෑ ප්‍රභාකරන් මිය යා යුතුමයි...... නමුත් එදා අපි හැසිරුනේ ලෝකෙම දිනපු විදියට ....

    අපි එදා සතුට සමරපු සල්ලිවලින් අර අසරණයින්ට වේල් කීයක්නම් කන්න තිබ්බද..... අවන්කවම මම එදා ලෝකෙ දැක්කෙ හරිම පොඩියට.... ඒ ගැනයි ලැජ්ජ

    ReplyDelete
  3. ඇත්ත ඒ විතරක් නෙවෙයි අපි අදත් කොයි තරම් නම් නාස්තිකාර දේවල් කරනවද මේ පුරුදු අනාගතයේදිවත් හදාගන්න ඕනි නැත්තම් කිසිම දියුණුවක් නෑ :(

    ReplyDelete
  4. සහතික ඇත්ත. මේ ගැටළුවට විසදුම් නොදීමේ වන්දිය අපි තවත් කාලයක් යනකම් ගෙවාවි...

    ReplyDelete
  5. @ ප්‍රදීප් & චූටි පුතා

    සානුකම්පිතව මේ ප්‍රශ්නෙ දිහා බලාන අය ඉන්නවා තව..... සතුටුයි අදුරගන්න ලැබිච්ච එක ගැන

    ReplyDelete
  6. දිනල තියෙනවනම් ඉතිහාසයේ කවරදාක හෝ ඒ දේශපාලකයන් විතරයි.

    ReplyDelete
  7. @ Outsider

    ඇයි NGO කාක්කො ටික

    ReplyDelete