Friday 27 April 2012

රඹුටන් වල්ල සහ අවුරුදු හතරේ ඉලන්දාරියා


මී ගොඩය කවි ලියන්නමනෙ බ්ලොග් එකක් හැදුවේ.... ඒත් ඉතින් කවියෙන් කියන්න බැරි කිව්වත් කිසි කික් එකක් නැති කොච්චරනම් දේවල් තියනවද.... ඒ හින්ද ඕන් තීරනය කලා මීගොඩයට වෙච්චි දේවල් අනං මනං දාලා ලියල අලුත් ලේබලේක එල්ලන්න

ඔන්න ඉතින් ඒකෙ මංගල පියවර තමයි මේ...

මේක තමයි මීගොඩයට මතක තියන පරනම කතන්දරය.. ඒ කියන්නේ මීගොඩය මුලින්ම කුජීත වෙච්ච දවස

ඕන් සිද්දිය කියන්න කලින් මීගොඩය ගැන පොඩ්ඩක් කියන්න වෙනවා.. පෝස්ට් එක දිගවැඩි උනත් මේව නැත්තැම් නියම රසේ එන්නෙ නෑ....

මීගොඩයගෙ ගම මීගොඩම තමා.... මීගොඩ කිව්වට මීගොඩිනුත් කිලෝමීටරම 2ක් වෙන්න ඇතුලට ගියහම හම්බවෙන සුන්දර වෙල්යායක් අයිනෙ... මහා විසාල රබර්වතු එහෙම තියන ලස්සන ගමක්

මේ ගමේ පුංචි ගෙදරක තුන්වෙනියට ඉපදුන කොලු පැටිය තමයි මීගොඩයා,,, දන්න අයනම් කියන්නෙ මූ කොලු තාත්තෙක් කියල....



ඉතින් මීගොඩයට වැලිකෙලියෙ ඉදම්ම සෙල්ලං කොරන්න පොඩි කෙලි පැටියෙක් හිටිය අල්ලපු ගෙදර.. ගෙවල් දෙකෙ හිටියට පැය 24හතරෙම එකට තමයි .... මීගොඩයට නංගියව නැතුවම බෑ... නංගියටත් ඉතින් මීගොඩයම තමයි...



මීගොඩයගෙ වත්තෙ තිබුනා මහ විසාල රබුටන් ගහක්.... මී පැණි වගේ තමා රහ... මුළු ගමේම ප්‍රසිද්දයි ඔය රබුටන් ගහ... මීගොඩයගෙ අම්මයි තත්තයිත් රබුටන් ගහේ ගෙඩි පරිස්සන් කලේ අපිව පරිස්සන් කරන ගානට... ගමේ මිනිස්සුන්ගෙන් නෙවෙයි සත්තුන්ගෙන්... ඉදුනහම කාට කාටත් ගෙඩියක් කඩාගෙන කන්න තහනමක් තිබ්බෙ නෑ...



ඉතින් ඔය වගේ රඹුටන් පිරිච්ච කාලෙක මීගොඩයා රඹුටන් වල්ලක්ම අතේ තියාගෙන ගියා අල්ලපු ගෙදර නන්ගිව බලන්න .. ඔය වෙද්දි මීගොඩය පෙර පාසල්වත් යන්නෙ නෑ... මීගොඩයගෙම නන්ගි ඉපදුනා විතරයි... ඒ හින්ද සෙල්ලමට අල්ලපු ගෙදර නන්ගිව බලන්න යන එක මීගොඩයගෙ දවසේ ප්‍රධානම අංගයක්



ඉතින් මීගොඩය රඹුටනුත් අරන් යනකොට නංගි නිදිලු.. නන්ගිගෙ අම්මා ඒ කියන්නෙ අල්ලපු ගෙදර නැන්දා කුස්සියෙ උයනවා මීගොඩයා නැන්දට ලංවෙලා එහෙම නිර්භීතව කිව්වලු නැන්දෙ මට නන්ගියව තියාගන්න දෙනවද කියලා... ( නැන්දත් හානං හා බෑ නං බෑ කියපියකො.. කොහෙද එහෙම කිව්වෙ නෑ ) නැන්දත් ආර්ය සින්හල කාන්තාවගෙ චරිතෙට පන දීලා පුරුෂාධිපත්‍යය මෙනෙහිකරල කියපි " අනේ පුතේ මමනම් දන්නේ නෑ අන්න මාම ඉන්නවා ගිහිල්ල මාමගෙන් අහන්න කියලා..."



කාල වරෙන්කො ... මට කොහොමත් ඒකාලේ ඔය මාමත් එක්ක වැඩි ඇයි හොඬැයියක් තිබ්බෙ නෑ.... මාම නපුරෙක් හින්දා නෙවෙයි මාමව වැඩිය දකින්න ලැබුනෙ නෑ.. ඒහින්ද මීගොඩයට මාම නුහුරුයි... ඒත් දෙය්යනේ නංගිව ඉල්ලන්නම එපැයි.. මීගොඩයත් මාම ගාවට කිට්ටු උනා... රඹුටන් වල්ලත් අතේ...



මාම ගාවටැ කිට්ටු වෙලා ඇහුවලු "මාමෙ රඹුටන් ගෙඩියක් දෙන්නම් මට නංගිව තියාගන්න දෙනවද කියලා "



මාමා බඩ අල්ලගෙන හිනා උනානම් මතකයි... කිව්ව දේවල් මතක නෑ



හුගක් දේවල් මීගොඩයටත් අමතකයි... තාමත් ගෙවල් දෙකේම කට්ටිය රස කර කර හිනාවෙන්න ඔය කතාව කියන හින්ද තමයි මතක



ඉතින් මීගොඩය ඒ කාලෙ ඉදන්ම නිර්භීත හාදය.. නැත්නම් අවුරුදු හතරෙදි මාමගෙන් දුවව ඉල්ලයිද.. ඔන්න මීගොඩය තමයි වයස අවුරුදු හතරෙන් ඉලන්දාරිය උනේ.. ලෝකවාර්ථාවක්ද දන්නේ නෑ හොයල බලන්න ඕනේ



ප. ලි. ල.



හොඳ වෙලාවට මාම එදා හිනාවෙලා නිකන් හිටියෙ... බැරිවෙලාවත් කැමති වෙලා හා කිව්වනම් විනාසයි.. දැන් ඒ දැරිවියි මීගොඩයයි එක ලඟ හිටියහම පිදුරුතලාගල කන්ද ගාව ලයිට් කණුවක් හිටෙව්ව වගේ..( ලයිට් කණුව ඉතින් මීගොඩයා තමයි )


මතක සටහනක් තියලම ගියානං තමා හොඳ අයුබෝං
නැතත් ඉතින් අමනාපයක් නෑ ඕං

30 comments:

  1. niyamai malli..oyage adahas godak lassanai..

    ReplyDelete
  2. හරිම කපටියි අනේ අවු. 4දී වුනාට. රඹුටන් ගෙඩියක් දීලා ‍මාමව ෂේප් කරන් දුවව ඉල්ලා තියෙන්නේ.
    නියමයි මී ගොඩයෝ. කවි වගේම මේවගේ දේවලුත් ලියන්න. අපි ආසයි ඒවා කියවන්න.

    ReplyDelete
  3. හේ හේ අපි එහෙමයි බට්ටියෝ...... කාටද පුලුවන් අවුරුදු හතරෙදි ඔච්චර දෙයක් කරන්න

    ReplyDelete
  4. කොල්ලාගේ වෙලාව හොඳයි, බැරිවෙලාවත් මාමා කිව්වනම් හා කියලා. සොරි ම තමයි!

    ReplyDelete
  5. @ ලහිරු
    හපෝ දෙය්යනේ මතක් වෙනකොටත් හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දානව

    ReplyDelete
  6. දැන් ඒ ගෑණු දැරිවි මොකද කරන්නේ :D

    ReplyDelete
  7. @ හසිත

    එයා ඉන්නවා.... දීගතල ගිහින්

    ReplyDelete
  8. අපේ ගෙවල් ගාව කෙල්ලෙක් ඉන්නව.. මල් හතයි..! ඒකිගේ තාත්තට රඹුටන් නෙමේ රත්තරන් ගෙනත් දුන්නත් ඒකිව දෙන්නැති වෙයි! :(

    ReplyDelete
  9. @ මාතරේ

    මටත් දුන්නෙ නෑ....... මචං නිකම්ම අත ඇරලා දාන්න එපා රබුටන් බැරිනම් අනාමලු හරි පෙන්නල ගොඩදාගන්න ඕනේ

    ReplyDelete
  10. මීගොඩයා පරාදයි මම නෑනව ඉල්ලුවා අවුරුදු 3න් (අම්මා කීවේ) තවත් ඉල්ලනවා දැන් 17යි

    ReplyDelete
  11. @චූටි පුතා

    අප්පට සිරි මටත් වඩා ඇට්ටරය එතකොට චූටි පුතා.... මූට දාන්න තිබ්බෙ චූටි පුතා කියල නෙවෙයි....

    හැබැයි ඉතින් නෑනගෙ අමුතුවෙන් ඉල්ලන්න දෙයක් තියෙනවද...... උපතින්ම ලැබෙන අයිතියක්නේ..... කරුමෙට මට ඇවැස්ස නෑනල නෑ

    ReplyDelete
  12. @මීගොඩයා හෑ...? ආනමාළු පෙන්නල ගුටිකන්න තමා....! :P :P

    ReplyDelete
  13. හෙ හෙ හේ....... මන් කියනවට ට්‍රයි කරල බලන්නකෝ

    ReplyDelete
  14. නියම කතාව.දැන් කෝ ඉතිං ඒ නංගි.නංගි ගැන වැඩි විස්තරයක් නැහැ නේ.

    ReplyDelete
  15. @ අසරණයා
    ඒ නංගි දැන් කසාද බැඳලා...... තාමත් ඉතිම්=න් ඒ පොඩිකාලේ යාලුකම් තියනවා.. හැබැයි කවදාවත් එතනින් එහාට දෙයක් හිතිලා නෑ

    ReplyDelete
  16. අහේතු කාලේන කජ්ජේන පූලං කිවුවලු!!!! අහ්.. කජ්ජේන පූලං නෙවෙයි.. රඹුටේන මගුලං

    ReplyDelete
  17. අඩේ අප්පා......... පට්ට කොමෙන්ටුවක් නොවැ... කලින් කිව්වනං මාතෘකාවට දානව නොවැ

    ReplyDelete
  18. හිකිස්‌.. සිරා කතාව... ඔය වයසෙන්ම පදිරි වෙච්ච එක හොඳයි, අපි වගේ වයසට ගිහින් කුජීත වුනාට වඩා ....

    ReplyDelete
  19. එහෙනං එහෙනං......... ඔව්වා පස්සට කල්දාන්න හොඳ නෑ ආයුබෝං... සතුටුයි අපේ අහ හොදවෙලා හියාට ඈ

    ReplyDelete
  20. හික්ස්...නැඟී තවම රඹුටන් කන්නේ නැතිලු.....

    ReplyDelete
    Replies
    1. අනේ බොරු නොකිය ඉදින් අය්යා නගා තාමත් ගම ආ දාට අපේ අහ දුවගෙන එන්නේ මට කියල රඹුටං කඩාගන්න,,,

      Delete
  21. එක්තරා ජාතියක් බඩුවක් තමයි එහෙනං.. අවුලක් නෑ. මං කෙල්ලක් එක්ක යාලු උනේ මට හිතේ අවුරුදු 4 දී මයේ හිතේ.. අම්ම තමයි කිව්වේ..

    ReplyDelete
    Replies
    1. කටේ කිරි සුවඳ යන්නට පවා බැරි උනා....

      අපොයි දෙය්යනේ මං කොච්චරහොඳද?

      Delete
  22. රඹුටං වල්ලක් අතේ තිබිලත් මාමට ඩීල් එකට දෙන්නම් කිව්වෙ එක ගෙඩියයිද????

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම තමයි කියල තියෙන්නේ..... මං හිතන්නෙ ඒව ගෙනියන්න ඇත්තේ නංගිට

      Delete
  23. හොඳ වෙලාවට මාමා ඉවසීම ප්‍රගුණ කරපු කෙනෙක්. නැත්නම් ඉතින් එදා මී ගොඩයට හිස් වතින් තමයි එන්නේ වෙන්නේ. මුගේ කුපාඩිකම ඒ කාලෙත් අඩුවක් වෙලා නෑ එහෙනං.

    ReplyDelete
    Replies
    1. මෙයා රෙද්දක් ගැන කියවනවා.. මම ඔය කාලේ වැඩිපුර හිටියේ හිස් වතින් තමා

      Delete
  24. හිනා වෙවි කියෙව්වා පට්ට කතාව ඈ එක ගෙඩියකට නංගිව ඉල්ලලා තියෙන්නේ... අපරාදේ දෙකක් දෙන්න තිබුනේ

    ReplyDelete
  25. ඒ කාලේ ඔය නංගියි මීගොඩයයි __________ හික්....අනේ ලැජ්ජයි බොල,අහන්න.එක්කෝ ඕනේ නැහැ,මොකද මුගේ හැටි නොදන්නවයැ,..අනිවාරෙන් මොන මොනවා හරි ----------------------හික්.......

    ReplyDelete
  26. ටිකිරි කුමාරය කටේ කිරි සුවද යන්නත් කලින් යුද්ධ කරා නම්...
    අපි ලව් කරාම මක්ක වෙනවද...

    ReplyDelete