෴“ පිණි බිඳුව “෴
නිම්තෙර ඇහැරෙන ළහිරු කිරන දැක
හිනහෙන පිණිබිදු මොහොතක් සිතුවද
දේදුණු පාටින් හැඩ වැඩ කල ඉර
නුඹ වියලනවග නුඹටත් රහසෙම
෴“නුග සෙව්න“෴
පුංචිම පුන්චි තණ පඳුර
නුඹ දැනගත් යුතුයි
මේ නුග සෙව්න
නුඹට ආදරයට නොව
හෙට එන ගිම්හානයෙන්
ඉරිතැලෙන මහපොළව මත
නුගගසට නොමැරී සිටින්නට බව
බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,,
මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං
අනේ නුග ගහ
ReplyDeleteහිතන්න ටිකක්
නුබේ කොලයක්
උඩ තියන
වතුර
බිංදුවකට
වැඩිය
මගේ කර
මත ඉන්න
පිණි බිංදුවක්
දේදුනු පාටින්
හැඩ වෙන
වග...............
මීට තණ පඳුර
ලස්සනට පද ටික ගලපලා තියනවා... නියමයි මචං.
ReplyDeleteස්තුතියි සහෝ
Deleteපලවෙනි කවියට මං මාරම ආසයි.........................................^_^
ReplyDeleteස්තුතියි අග්නි
Delete100% යි... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!!
ස්තුතියි මචං...
Deleteරාජ සම්පත් ලැබේවා කිව්වෙ මටද. නැත්තම් කවියෙ එක්කෙනාටද
අදමද කොහෙද මෙහාට ගොඩ වුනේ...
ReplyDeleteකවි පද ටික අපූරුයි!! ඉස්සරහට තවත් ලස්සනට ලියන්න.. ජය වේවා!!
ස්තුතියි මේ පැත්තේ ගොඩ උනාට
Deleteනිම්තෙර ඇහැරී තණපත් අග මම
ReplyDeleteහිරු නැඟෙනා තුරු බලා හිඳින්නෙමි
නුඹ නොම දත්තට කම් නෑ හිතවත
දැනගන් අද සිට වන දේ ඇත්තට
උදාගිරින් හිරු කිරණ නැඟෙන්නේ
නුබ වා කුළු වෙත පාර කියන්නේ
සිඳුනත් හිතවත දුක් නොම වන්නේ
හෙට මම වැහි ලෙස නැවතත් එන්නේ....
හි හි...
ප.ලි. දේශපාලනය නම් මම අකමැතිම මාතෘකාවක්. ඒත් හැම නරක දෙයක් තුලම අපි නොදකින හොඳකුත් තියෙනව නේද කියල හිතෙනවා...
ආහා... නියම පිළිතුරක්.. මට කට උත්තර නැතුව ගියා...
Deleteහැබැයි ඉතින් සොබා දහම තරම් මිනිස්සු සුන්දර නෑ
හොඳ මාතෘකාවක්. කවිටිකත් ලස්සනයි.
ReplyDeleteඑල එල ලස්සන කවි ටික :)
ReplyDeleteජය පතමි!!
හෙහ්... මගෙ නමත් තියෙන්නෙ! ඵල ඵල . මරු අදහසක්!
ReplyDeleteස්තුතියි සහෝ
Deleteපට්ටයි මචෝ
ReplyDeleteස්තුතියි
Deleteකවි දෙකම පට්ටයි.. මේක දේශපාලනික පැත්තට බරද..?
ReplyDeleteසුට්ටක් විතර බරයි මලයෝ
ReplyDeleteඔන්න මමත් කවි ලන්දට ගොඩ වුනා....ලස්සන කවි දෙකක්..
ReplyDeleteසුද්දරත්වය යට තිබෙන ආත්මාර්ථය පසක් වුනා
සතුටුයි මේ පැත්තට ගොඩ උනාට.... තේරුම් ගත්තට ඊටත් වඩා ස්තුටුයි...
Deleteඔයා කවිලන්දෙ 50 වෙනි මෙම්බර්,,, ඉතින් තවත් සතුටුයි
ලස්සන කවි දෙක පළමු කවියට මම ගොඩක් ආසයි...නමුත් නුබ කියපු තැන් වලට නුඹ වියයුතුයි කියලයි මටනම් හිතුනේ..
ReplyDeleteස්තුතියි හුගාක්ම... ඔන්න වැරදි නිවැරදි කලා...
Delete