Thursday 17 May 2012

නුග සෙව්න සහ පිණි බිඳුව


෴“ පිණි බිඳුව “෴
නිම්තෙර ඇහැරෙන ළහිරු කිරන දැක 
හිනහෙන පිණිබිදු මොහොතක් සිතුවද
දේදුණු පාටින් හැඩ වැඩ කල ඉර 
නුඹ වියලනවග නුඹටත් රහසෙම

 
෴“නුග සෙව්න“෴
පුංචිම පුන්චි තණ පඳුර
නුඹ දැනගත් යුතුයි
මේ නුග සෙව්න
නුඹට ආදරයට නොව
හෙට එන ගිම්හානයෙන්
ඉරිතැලෙන මහපොළව මත
නුගගසට නොමැරී සිටින්නට බව
 
 
 

 
බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

23 comments:

  1. අනේ නුග ගහ
    හිතන්න ටිකක්
    නුබේ කොලයක්
    උඩ තියන
    වතුර
    බිංදුවකට
    වැඩිය
    මගේ කර
    මත ඉන්න
    පිණි බිංදුවක්
    දේදුනු පාටින්
    හැඩ වෙන
    වග...............

    මීට තණ පඳුර

    ReplyDelete
  2. ලස්සනට පද ටික ගලපලා තියනවා... නියමයි මචං.

    ReplyDelete
  3. පලවෙනි කවියට මං මාරම ආසයි.........................................^_^

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අග්නි

      Delete
  4. 100% යි... :-)

    සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං...

      රාජ සම්පත් ලැබේවා කිව්වෙ මටද. නැත්තම් කවියෙ එක්කෙනාටද

      Delete
  5. අදමද කොහෙද මෙහාට ගොඩ වුනේ...

    කවි පද ටික අපූරුයි!! ඉස්සරහට තවත් ලස්සනට ලියන්න.. ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ගොඩ උනාට

      Delete
  6. නිම්තෙර ඇහැරී තණපත් අග මම
    හිරු නැඟෙනා තුරු බලා හිඳින්නෙමි
    නුඹ නොම දත්තට කම් නෑ හිතවත
    දැනගන් අද සිට වන දේ ඇත්තට

    උදාගිරින් හිරු කිරණ නැඟෙන්නේ
    නුබ වා කුළු වෙත පාර කියන්නේ
    සිඳුනත් හිතවත දුක් නොම වන්නේ
    හෙට මම වැහි ලෙස නැවතත් එන්නේ....

    හි හි...

    ප.ලි. දේශපාලනය නම් මම අකමැතිම මාතෘකාවක්. ඒත් හැම නරක දෙයක් තුලම අපි නොදකින හොඳකුත් තියෙනව නේද කියල හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ආහා... නියම පිළිතුරක්.. මට කට උත්තර නැතුව ගියා...

      හැබැයි ඉතින් සොබා දහම තරම් මිනිස්සු සුන්දර නෑ

      Delete
  7. හොඳ මාතෘකාවක්. කවිටිකත් ලස්සනයි.

    ReplyDelete
  8. එල එල ලස්සන කවි ටික :)
    ජය පතමි!!

    ReplyDelete
  9. හෙහ්... මගෙ නමත් තියෙන්නෙ! ඵල ඵල . මරු අදහසක්!

    ReplyDelete
  10. කවි දෙකම පට්ටයි.. මේක දේශපාලනික පැත්තට බරද..?

    ReplyDelete
  11. සුට්ටක් විතර බරයි මලයෝ

    ReplyDelete
  12. ඔන්න මමත් කවි ලන්දට ගොඩ වුනා....ලස්සන කවි දෙකක්..
    සුද්දරත්වය යට තිබෙන ආත්මාර්ථය පසක් වුනා

    ReplyDelete
    Replies
    1. සතුටුයි මේ පැත්තට ගොඩ උනාට.... තේරුම් ගත්තට ඊටත් වඩා ස්තුටුයි...

      ඔයා කවිලන්දෙ 50 වෙනි මෙම්බර්,,, ඉතින් තවත් සතුටුයි

      Delete
  13. ලස්සන කවි දෙක පළමු කවියට මම ගොඩක් ආසයි...නමුත් නුබ කියපු තැන් වලට නුඹ වියයුතුයි කියලයි මටනම් හිතුනේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හුගාක්ම... ඔන්න වැරදි නිවැරදි කලා...

      Delete