තහනම් අඩවියට පා තැබූ සල්ලාල ආත්මය
ගල් තලය මත ඉදන් පා දෙව්ව වැව් ඉවුරු
විමසාවි අද දිනෙත් එක්ව ආ ගිය අයුරු
පවසන්නෙ කෙලෙස මා....ඔබට වූ බව නපුරු
ලොකයට පෙනෙන්නට ඉමු එකට පෙර ඇයුරු
හාද වී කැනිමඩල උඩු හුලඟ හා නපුරු
ඇවිලුවා ළය ගින්න බිඳ දමා පෙම් පවුරු
හිමිවේද දඬුවමක් වරදකට මා කරපු
පිළි ගනිමි සනසන්න ආත්මය පව් පිරුණු
විකල වූ සිහිය මා... මදු විතෙන් මත් කෙරුණු.
ගෙන ගියා ඈ ලඟට නෙතින් මට ඉගි කෙරුනු
පමා විය වැටහෙන්න කරපු පාපයෙ දරුනු
සමාවෙනු සොඳුර මට පිසදමා නෙත් කඳුළු
බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,,
මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං
ලස්සනයි යාළුවා.. මේ මම කමෙන්ට් එකක් දාන පළවෙනි සැරේ.. ආයේ ඉතින් මේ පැත්ත මට මග ඇරෙන්නේ නෑ..
ReplyDeleteස්තුතියි යාළුවා...
Deleteසතුටුයි මේ පැත්තට ගොඩ වැදුනට
අයියෝ :( මධු විත තමා ඔක්කොටම මුල
ReplyDeleteඅය්යෝ මදුවිත...
Deleteඅවන්කෙන්ම දුක හිතුන බන්
ReplyDelete:(
Deleteබීමතින් ලියු මුත්
ReplyDeleteකවිපදය අපුරුය
විහිලුවට කියමි මම
අමනාප නොවෙනු මැන..
ඉතසිතින් මිත
Deleteහිස නමා තුති
සුපිරි මචෝ...
ReplyDelete//හාද වී කැනිමඩල උඩු හුලඟ හා නපුරු
ඇවිලුවා ළය ගින්න බිඳ දමා පෙම් පවුරු//
මේක අත්දැකීමක්වත්ද?
පෝස්ට් එක දාද්දි බලාපොරොත්තු වෙච්ච පැණයක්... උත්තරේ මම තවම තනිකඩයි.. අහපු දැකපු සිද්දියක්..
Deleteනියමයි.. නියමෙටම ලියල තියනවා.. මම 7 - 8 සැරයක්ම කියෙව්වා...
Deleteලොක්කයියටත් තැන්කිව් ඈ..
Deleteකවි ටික බොහෝම අගෙයි. අර්ථයත් ඉතාම ලස්සනයි.
ReplyDeleteස්තුතියි වෙද මහත්තයා ...
Deleteමං හිතන්නේ පළවෙනි කොමෙන්ටුව මේ...සතුටුයි මේ පැත්තට ගොද වැදිලා සටහනක් තිබ්බට
“හාද වී කැනිමඩල උඩු හුලඟ හා නපුරු
ReplyDeleteඇවිලුවා ළය ගින්න බිඳ දමා පෙම් පවුරු“
සුපිරී........
ස්තුතියි අග්නි
Deleteකියන්නෙ කෙලෙස මම
ReplyDeleteදැණුනු දේ හදවතට
පතමි මම සුබාසිරි
තවත් පෙරටම යන්න...
ස්තුතියි තරු
Deleteඔන්න බීමේ විපාක ( ඒ කියන්නේ මේ පමණ නොදැන බීමේ ආනිසංස.)
ReplyDeleteඒ කිව්වෙ මද පමන වෙන්ටැති මයෙ හිතේ
Deleteහොදම කවි පන්තියක් කියවපු ඒවායින්
ReplyDeleteඇත්ත සිදුවීමක් ද?
ස්තුතියි
Deleteඇත්ත සිදුවීමක්.. මගෙනම් නෙවෙයි
හිතන්න හොඳ මතෘකාවක්..
ReplyDeleteඈ... ගෑන ලොකු දුකක් ඇති වුනා...
මට දෙන්න ගැනම දුක හිතුනා.....
Deleteමට නම් කා ගැනවත් දුක හිතුනේ නැහැ මා ගැන ඇරෙන්න :)
ReplyDeleteදුක හිතෙන්න හිතක් පපුවක් තියෙන්න එපැයි බං ( විහිලුවටලු ඈ )
Deleteහොඳ කවක් මී ගොඩයෝ..
ReplyDeleteස්තුතියි පුබුදුවො
Deleteවටින කවියක්. පිළිතුරු කවියක් ලියන්න හැදුවෙ. ඒත් එක පාරටම මොකුත් ලියවුණේ නෑ.
ReplyDeleteස්තුතියි සිදු... සන්තොසයි මී ගොඩයගෙ අහ ගොඩ උනාට....
Deleteවෙලාවක් තිබ්බොත් ආයෙ ඇවිල්ලා කවියක් දාල යන්නකෝ
වටිනා අර්ථයක් තියෙන කවි පන්තියක්.
ReplyDeleteබොන්න එපාල්ලා බං..
බිව්වට ගෑණුන්ගෙ මායම් වලට අහුවෙන්න එපාල බං
Deleteස්තුතියි අසාර්
තේරුණා හොරයිද මන්ද.... කමක් නෑ තව ට්කක් කියවලම බලනවා....
ReplyDeleteආයේ පාරක් කියවල බලන්නකො අනූ.. සරලයිනේ
Deleteසංවේදී කවියක්... ලස්සනයි... මේ වගේ කවි දකිනකොට මට දුක හිතෙනවා මට කවි ලියන්න බැරි එක ගැන....
ReplyDeleteස්තුතියි...
Deleteමේ මීගොඩය බලන්න ආවමයි මයෙ හිතේ.. සන්තෝසයි ඈ....
බෑ කියලා දෙයක් නෑ... හැබැයි මටත් රසකරල ලිපි ලියන්න බෑ ඕං..
නියමයි කවි ටික..ජය ජය...
ReplyDeleteස්තුතියි දිනිතියෝ
Deleteපෙරදිනක පිපි මලක්
ReplyDeleteසිඹ සෙමින් තුරුළු කොට
අකාලෙට වසින වැහි
බින්දු හැම ගනන් කොට
සොඳුරු කවිපද ලියූ
කොල ඉරා සහසකට
සදා දුක් දෙන හැඟුම්
බද්ධ කර හදවතට
තරු මිලින අහස මත
සඳ දමා ඈතකට
අඳුරේම සොයමි මම
වැරදුනෙ කොතැන මට….
ඝණකම් අදුත කොහොම මෙච්චර ඉක්මනට පිළිතුරු කවි ලියනවද මන්දා.... මට නම් බෑ...
Deleteස්තුතියි ඈ
තහනම් අඩවියට කිව්වට මමත් පන කඩාගෙන දුවගෙන ආවා... පරක්කුයි නේ
ReplyDeleteඅවුලක් නෑනේ... :-)
පට්ට පද බැදුම ඈ....
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පස්වාන් දහසකට බුදුවන්න රජතුමනි..... මේ ඔබ තුමගේ අංතක් පුරය හෙම හෙවේ.. වෙන අහක එකක්
Delete**********************
ReplyDeleteනුඹට වරදක් සිතින් කලේ නැත කිසිදාක
නුඹ එලෙස කරාවිය සිතුවේ නැහැ කිසිකලෙක
කුමක් කරණුය ඉතින් සිදු උනාමයි වරද
නමුත් දෙමි සමා මම පෙම් කරපු නිසාවෙන
නියමයි මියෝ ,,,,,,,,,,,,,
හලේ ලංකාවේ ගෑනු ඔක්කොම මෙහෙමනං චෝයි අෆ්ෆා
Deleteඅදම තමා මේ පැත්තේ ගොඩ වැදුනේ!!
ReplyDelete///පමා විය වැටහෙන්න කරපු පාපයෙ දරුනු
සමාවෙනු සොඳුර මට පිසදමා නෙත් කඳුළු///
ජිවිතේ මුණගැහෙන අමාරුම අවස්තාවක් මේක, මොනයම් හෝ වරදකින් රිදුන හිතක් නැවත පිළිසකර කරන එක...
ස්තුතියි මුවා ට මේ පැත්තට ගොඩ වැදුනට... මාත් එහෙ ගියා...
Deleteඔව් බැරැරුම් තත්වයක්.. පූර්ව දැනුම් දීමකින් තොරව ඔනෑම දෙයක් විය හැකියි