Thursday 24 May 2012

තහනම් අඩවියට පා තැබූ සල්ලාල ආත්මය

ගල් තලය මත ඉදන් පා දෙව්ව වැව් ඉවුරු
විමසාවි අද දිනෙත් එක්ව ආ ගිය අයුරු
පවසන්නෙ කෙලෙස මා....ඔබට වූ බව නපුරු
ලොකයට පෙනෙන්නට ඉමු එකට  පෙර ඇයුරු

හාද වී කැනිමඩල උඩු හුලඟ හා නපුරු
ඇවිලුවා ළය ගින්න බිඳ දමා පෙම් පවුරු
හිමිවේද දඬුවමක් වරදකට මා කරපු
පිළි ගනිමි සනසන්න ආත්මය පව් පිරුණු

විකල වූ සිහිය මා... මදු විතෙන් මත් කෙරුණු.
ගෙන ගියා ඈ ලඟට නෙතින් මට ඉගි කෙරුනු
පමා විය වැටහෙන්න කරපු පාපයෙ දරුනු
සමාවෙනු සොඳුර මට  පිසදමා නෙත් කඳුළු


බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

46 comments:

  1. ලස්සනයි යාළුවා.. මේ මම කමෙන්ට් එකක් දාන පළවෙනි සැරේ.. ආයේ ඉතින් මේ පැත්ත මට මග ඇරෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා...

      සතුටුයි මේ පැත්තට ගොඩ වැදුනට

      Delete
  2. අයියෝ :( මධු විත තමා ඔක්කොටම මුල

    ReplyDelete
  3. අවන්කෙන්ම දුක හිතුන බන්

    ReplyDelete
  4. බීමතින් ලියු මුත්
    කවිපදය අපුරුය
    විහිලුවට කියමි මම
    අමනාප නොවෙනු මැන..

    ReplyDelete
    Replies
    1. ඉතසිතින් මිත
      හිස නමා තුති

      Delete
  5. සුපිරි මචෝ...

    //හාද වී කැනිමඩල උඩු හුලඟ හා නපුරු
    ඇවිලුවා ළය ගින්න බිඳ දමා පෙම් පවුරු//

    මේක අත්දැකීමක්වත්ද?

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක දාද්දි බලාපොරොත්තු වෙච්ච පැණයක්... උත්තරේ මම තවම තනිකඩයි.. අහපු දැකපු සිද්දියක්..

      Delete
    2. නියමයි.. නියමෙටම ලියල තියනවා.. මම 7 - 8 සැරයක්ම කියෙව්වා...

      Delete
    3. ලොක්කයියටත් තැන්කිව් ඈ..

      Delete
  6. කවි ටික බොහෝම අගෙයි. අර්ථයත් ඉතාම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වෙද මහත්තයා ...
      මං හිතන්නේ පළවෙනි කොමෙන්ටුව මේ...සතුටුයි මේ පැත්තට ගොද වැදිලා සටහනක් තිබ්බට

      Delete
  7. “හාද වී කැනිමඩල උඩු හුලඟ හා නපුරු
    ඇවිලුවා ළය ගින්න බිඳ දමා පෙම් පවුරු“

    සුපිරී........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අග්නි

      Delete
  8. කියන්නෙ කෙලෙස මම
    දැණුනු දේ හදවතට
    පතමි මම සුබාසිරි
    තවත් පෙරටම යන්න...

    ReplyDelete
  9. ඔන්න බීමේ විපාක ( ඒ කියන්නේ මේ පමණ නොදැන බීමේ ආනිසංස.)

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වෙ මද පමන වෙන්ටැති මයෙ හිතේ

      Delete
  10. හොදම කවි පන්තියක් කියවපු ඒවායින්
    ඇත්ත සිදුවීමක් ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      ඇත්ත සිදුවීමක්.. මගෙනම් නෙවෙයි

      Delete
  11. හිතන්න හොඳ මතෘකාවක්..
    ඈ... ගෑන ලොකු දුකක් ඇති වුනා...

    ReplyDelete
    Replies
    1. මට දෙන්න ගැනම දුක හිතුනා.....

      Delete
  12. මට නම් කා ගැනවත් දුක හිතුනේ නැහැ මා ගැන ඇරෙන්න :)

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන්න හිතක් පපුවක් තියෙන්න එපැයි බං ( විහිලුවටලු ඈ )

      Delete
  13. හොඳ කවක් මී ගොඩයෝ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පුබුදුවො

      Delete
  14. වටින කවියක්. පිළිතුරු කවියක් ලියන්න හැදුවෙ. ඒත් එක පාරටම මොකුත් ලියවුණේ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිදු... සන්තොසයි මී ගොඩයගෙ අහ ගොඩ උනාට....

      වෙලාවක් තිබ්බොත් ආයෙ ඇවිල්ලා කවියක් දාල යන්නකෝ

      Delete
  15. වටිනා අර්ථයක් තියෙන කවි පන්තියක්.

    බොන්න එපාල්ලා බං..

    ReplyDelete
    Replies
    1. බිව්වට ගෑණුන්ගෙ මායම් වලට අහුවෙන්න එපාල බං

      ස්තුතියි අසාර්

      Delete
  16. තේරුණා හොරයිද මන්ද.... කමක් නෑ තව ට්කක් කියවලම බලනවා....

    ReplyDelete
    Replies
    1. ආයේ පාරක් කියවල බලන්නකො අනූ.. සරලයිනේ

      Delete
  17. සංවේදී කවියක්... ලස්සනයි... මේ වගේ කවි දකිනකොට මට දුක හිතෙනවා මට කවි ලියන්න බැරි එක ගැන....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...

      මේ මීගොඩය බලන්න ආවමයි මයෙ හිතේ.. සන්තෝසයි ඈ....

      බෑ කියලා දෙයක් නෑ... හැබැයි මටත් රසකරල ලිපි ලියන්න බෑ ඕං..

      Delete
  18. නියමයි කවි ටික..ජය ජය...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනිතියෝ

      Delete
  19. පෙරදිනක පිපි මලක්
    සිඹ සෙමින් තුරුළු කොට
    අකාලෙට වසින වැහි
    බින්දු හැම ගනන් කොට
    සොඳුරු කවිපද ලියූ
    කොල ඉරා සහසකට
    සදා දුක් දෙන හැඟුම්
    බද්ධ කර හදවතට
    තරු මිලින අහස මත
    සඳ දමා ඈතකට
    අඳුරේම සොයමි මම
    වැරදුනෙ කොතැන මට….

    ReplyDelete
    Replies
    1. ඝණකම් අදුත කොහොම මෙච්චර ඉක්මනට පිළිතුරු කවි ලියනවද මන්දා.... මට නම් බෑ...

      ස්තුතියි ඈ

      Delete
  20. තහනම් අඩවියට කිව්වට මමත් පන කඩාගෙන දුවගෙන ආවා... පරක්කුයි නේ
    අවුලක් නෑනේ... :-)

    පට්ට පද බැදුම ඈ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පස්වාන් දහසකට බුදුවන්න රජතුමනි..... මේ ඔබ තුමගේ අංතක් පුරය හෙම හෙවේ.. වෙන අහක එකක්

      Delete
  21. **********************
    නුඹට වරදක් සිතින් කලේ නැත කිසිදාක
    නුඹ එලෙස කරාවිය සිතුවේ නැහැ කිසිකලෙක
    කුමක් කරණුය ඉතින් සිදු උනාමයි වරද
    නමුත් දෙමි සමා මම පෙම් කරපු නිසාවෙන

    නියමයි මියෝ ,,,,,,,,,,,,,

    ReplyDelete
    Replies
    1. හලේ ලංකාවේ ගෑනු ඔක්කොම මෙහෙමනං චෝයි අෆ්ෆා

      Delete
  22. අදම තමා මේ පැත්තේ ගොඩ වැදුනේ!!

    ///පමා විය වැටහෙන්න කරපු පාපයෙ දරුනු
    සමාවෙනු සොඳුර මට පිසදමා නෙත් කඳුළු///

    ජිවිතේ මුණගැහෙන අමාරුම අවස්තාවක් මේක, මොනයම් හෝ වරදකින් රිදුන හිතක් නැවත පිළිසකර කරන එක...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මුවා ට මේ පැත්තට ගොඩ වැදුනට... මාත් එහෙ ගියා...

      ඔව් බැරැරුම් තත්වයක්.. පූර්ව දැනුම් දීමකින් තොරව ඔනෑම දෙයක් විය හැකියි

      Delete