Sunday 24 June 2012

සිරියහනේ නැහැ සහනේ ...

ඔන්න අදත් ටිකක් විතර වැඩිහිටියන්ට සුදුසු කථාවක් අරගෙන එන්නේ.. ඒ හින්දා චූටි බබාල වගේම මුකුත් නොදන්න තොත්ත බබාලත් මෙතනින් එහාට නොකියව ඉන්න එක තමා හොඳ.. මෙතන උන කථා බහනම් ලියන්නම බෑ ඒ හින්ද පුළුවන් තරම් සැර බාල කොරල ලියඤ්ඤං

අපි උසස් පෙළ නන්දලාල් සර්ගෙ රිවිශන් යන කාලේ අපිට සෙට් උනා දෙපාරක් විභාගෙ ඇනගෙන තුන්වෙනි පාරටත් පන්ති එන අය්ය බුවාල දෙන්නෙක්.. ලේසියටයි පහසුවටයි අපි මුන් දෙන්නට සරා සහ සිරා කියමුකො.. මුන් දෙන්නගෙ කාඩ් දෙකත් ඔයවගේ ලඟින් යන කාඩ් දෙකක්.. කාඩ් දෙක ඉතරක්යෑ පෙනුම කොරන වැඩ ඔක්කොම එකයි.. එකට ආඳල කුඹුරකට බස්සන්න කියාපු ජෝඩුව..ඒ වගේම තමා ඉතින් දෙන්නගේ තිබ්බ අනිත් සමානකම තමා කෙල්ලෙක් දැක්කහම කට දෙපැත්තෙන්ම සෙම පෙරෙන එක. මුන් දෙන්න අපිත් එක්ක සැට් වෙන්න් හේතුවත් ඔය පැණි සීන් එකක් තමා.. අපේ පංතියෙ අපිත් එක්ක හිටපු පට්ට කෑලි දෙකකට පැණි පාර දාන්න තමා මුන් අපිට හේත්තුව දාල තියෙන්නේ.. හැබැයි පව් ඒ වෙනකොටත් ඒ මල් දෙකම අන්සතු වෙලා .. එකක්නම් ඕගොල්ලො අපි දන්න කෙනෙක්ගෙ වෙලා. සීන් එක දැනගත්තට පස්සෙ උන් දෙන්න අයෙ ඒ ගැන හිතුවෙ නෑ හැබැයි අපිත් එක්කම හිටියා. අපිටත් ඉතින් ඇඟ කඳ පොඩ්ඩක් තියෙන ඩබලක් අපිත් එක්ක ඉන්න එක හයියක් උනා..

කොහොමින් කොහොම හරි අපේ ඉස්කෝලෙ මල් දෙක ගැන තිබ්බ සිහින බොඳ කරගත්තු මේ වියපත් ඹබරො දෙන්න දන්න සෙල්ලම්දාලා සරා පොල්මෝලෙනුත් සිරා ජංගල් දේවි බාලිකාවෙනුත් කෑලි දෙකක් සෙන්ටිමෙන්ටල් කරගත්ත...කතාවටත් කියනවනේ පොල් මොලෙන් කෑල්ලක් දාගන්නවයි කියන්නේ වත්තෙන් හූණියමක් වළලගත්ත වගේ කියලා. ඒ කථාව හරියටම හරි කියල තේරුණේ සරාගෙ පොල් මෝලෙ කෑල්ල හින්දම තමා ඒත් සිරාගේ ජංගල්දේවිනම් එහෙම නෑ .. සීදේවි නංගි පැටියා කොහෙදි දැක්කත් කටපුරා අය්යෙ කියන්න අමතක කොලේ නෑ. ඒ විතරක්යෑ මීගොඩී එක්ක රෑට රෑට කෝප්ප හෝදන්නත් සැට් උනා ටැලිපොන් එකෙන්.. මම හීන් නූලෙන් ඒක නැවැත්තුවෙ ඔය කෝප්ප හේදිල්ල කවද හරි මට හෙනහුරාට හිටිනව කියල දැනගත්තු හින්දමයි.. කොහොමින් කොහොම හරි සිරාගෙයි සරාගෙයි ආදර අන්දර දෙක අතරේම අපේ සමනළ වසන්තය හෙවත් පාසැල් කාලය නිමා උනා.. ලෝකෙට තාමත් හිච්චි කොල්ලො වෙච්ච අපිව අපිටනම් තේරුණේ දැනුම් තේරුම් තියන පරිණත මහා පුරුශයො විදියට

හිතින් මහා ලොකු මිනිස්සු වෙච්ච අපි කාගෙ හරි ගෙයක් සෙට් වෙච්ච වෙලාවට අම්මල තාත්තලගෙ සල්ලිවලින් බෝතල් පාටි දාන්න දෙපාරක් හිතුවෙ නෑ.. කියන පරක්කුවෙන් සිරා සහ සරත් පොට් එකට වාර්තා කරනවා. අපරාදේ කියන්න බෑ බයිට් නැතත් බොන්න පුලුවන් මුන් දෙන්න ලඟ තියා ගත්තහම.. ඔහොම කාලෙ ගෙවෙද්දි අපිට වඩා දෑ වසරක් වැඩිමල් වෙච්ච සරා සිරා ඩබලම ජොබ් කරන්න ගත්තේ අපේ සැට් එක චාර්ටර්ඩ් ක්ලාස් වල චාර්ටර් වෙද්දි.. ජොබ් කරන සිරටයි සරාටයි ගෙවල් වලින් මගුල් තුලා හොයන්න පටන්ගන්න එක අපේ රටේ සිරිතනේ.. සරා කොහොම හරි ගෙදර කට්ටිය ගොඩ දාගෙන පොල් මෝලේ නන්ගිව කැන්දගෙන ගෙදර ගියා මේවෙද්දි සරාටයි සිරාටයි 24යි අපිට 22යි .. 

මීට ටික කාලෙකට පස්සෙ සිරා අර රත්තරං ටිකට හිටිය ජංගල්දේවි නන්ගිව අමතක කරලා ගෙදරින් ගෙනාපු යෝජනාවකට කැමති උනා.. ඌනම් කිව්වෙ සල්ලි හින්ද නෙවෙයි බන් මෙයා මට අරයට වඩා හොඳට ගැලපෙනවා කියලා.. මේ වෙනකොට සිරා ජංගල් දේවි නන්ගිව අමතක කරන්න මහ හුඟක් සාධාරන හේතු අපට ඉදිරිපත් කරලයි තිබ්බෙ.. බනින්න බැරි කමට ඉවසගෙන හිටියට අපේ සෙට් එකම සිරාගෙ වැඩේ එකහෙලා පිළිකුල් කලා.. ඒත් අන්තිමට සිරාගෙ අත ගත්තේ අර ගෙදරින් කථා කරපු සල්ලිකාර කෙල්ල.. කමන්නෑ සල්ලිකාර කෙල්ලො දෙන්නෙක් හින්දා සරයි සිරයි ගොඩගියා කියලා අපි සැනසුම් සුසුම් හෙලුවා


සරා සිරා පව්ල් පන්සල් උනත් අපේ සෙට් වීම් අඩුවක් උනේ නෑ.. මීගොඩයා ඇතුලු කිහිපදෙනෙක් රස්සා කරන්න පටන්ගත්ත හින්දා වෙනදට වඩා සරුවට සෙට් වෙන්න පුළුවන් උනා.. වෙලවල් අයිනේ නැත්තම් කාගෙ හරි ගෙදර කට්ටිය කොහේ හරි ගිය වෙලාවට සෙට් වෙච්ච අපි රෙස්ටොරන්ට් වල සෙට්වෙන්න පටන් ගත්ත.. වයිට් ඩයමන් බීපු එවුන් වොඩ්කා බකාඩි හොයන්න ගත්තා.. ඒත් අපි පරණ යාලුවො දෙන්න අමතක කලේ නෑ.. හැමදාම සෙට් උනොත් කෝල් එකක් දෙනවා ඒත් උන්දෙන්නා බොහොම කලාතුරකින් තමයි එන්නේ.. ඒ ආවත් ෆෝන් එක කනේ ගහගෙන ගෑනුන්ට වඳිනව මිසක් අපිත් එක්ක සෙට්වීමක් නෑ.. ගංවතුරත් අමාවතුරක් කරගන්න අපි මුන් දෙන්නා ගෑනු දෙන්නට දක්වන අසීමිත බය මුන් දෙන්න්වා බයිට් කරන්න පාවිච්චි කලා

දවසක් සිරාගෙ පව්ල මහ ගෙදර ගිය වෙලාවේ.. සිරා අපිට එහෙ වර කියල කථා කලා.. සරාටත් කථා කරලා.. ඒත් සරාගෙන් යහපත් ප්‍රතිචාර ලැබිල නෑ කියල මීගොඩයා දැනගත්තේ සිරාගෙ ගෙදරට ගිහාම.. ගත්ත කෙලින්ම මීගොඩය පොල්මෝලෙ නංගිට කෝල් එකක්.. දුන්න නන්ගිට ඇඩෙන්න කොල් ටෝක් ටිකක් පරන පිස්සු සීන් මතක් කරලා. එහෙම නන්ගීව කූල් කරලා නන්ගිට කිව්ව නන්ගි අපේ යාලුවන්ගෙ පාටියක් තියනවා දෙන්නත් එක්ක ටක් ගාල එන්න කාලෙකින් සෙට් උනෙත් නෑනෙ කියලා.. මීගොඩය දැනගෙන හිටිය ඔය සක්කරවට්ටම මලාට අපි ඉන්න හතර මායිමකට නේන විත්තිය

මේකි කට උල් කරල එහෙම කියනවා "අය්යා මට ටිකක් සනීප නෑ අය්යා.. අපි වෙන දවසක එන්නම්" කියලා.. අපි නොදන්න මොනර තැන්න මට අහන්න හිතුනා ඇයි අහවල් වැඩේ වෙලාද අව්ලක් නෑ ඩ්‍රැකියුලා පේපර් එකක් තියාගෙන එන්න කියලා.. මොකටද ඉල්ලන් කන්නේ අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන.. ඉතින් මම කිව්ව ආ අසනීපනම් ඔයාට එන්න බෑ නේද නන්ගියෝ.. එහෙනම් සරාව එවන්න කියලා... බෑයි කියන්න බැරි කමට මෙකි හා අය්ය එහෙනම් අපේ අය්යව එවන්නම් හැබැයි ඉක්මනට එවන්න කියල අවසර දුන්න.. ටික වෙලාවකින් සරා ආව

ඇත්තටම මුන් දෙන්න අපිට නොකිව්වට දෙන්නම රූකඩ දෙකක් වෙලා තිබ්බෙ... ඒත් ඉතින් අපි කියල මොනවා කරන්නද කන බොන වෙලාවටවත් ගෙන්නල කවල පොවල යවනව ඇරෙන්න...

ඉතින් ඊට පස්සෙ එකින් එක බෝතල් හිස් වෙද්දි සුදුපාට නිකොටින් වළලු යට සුපුරුදු පරිදි බයිට් එක උනේ නම් සරා සහ සිරා. මුන් දෙන්නගෙ ගෑනු දෙන්නගෙ කථා කිය කිය බයිට් කලාට වැඩිය හිත රිදෙන දරුණු දේවල්නම් කිව්වෙ නෑ.. ඒත් විනාඩි පහෙන් පහට සරාට කෝල් එන එකනම් අපිට දිරෙව්වෙ නෑ...

සරා අපිත් එක්ක ඉන්නවට වඩා කරන්නෙ ෆෝන් එක කණෙ ගහගෙන : හා බබා .. හා බබා .. ඔව් බබා.. ඉවරයි බබා.. තව චුට්ටයි බබා.. දැන් එනව බබා.. කියන එක

ඔන්න ඔහොමයි මුගෙ බීම.. හැබැයි සරා එහෙම උනාට සිරානම් එදා සර්කස් එකෙන් පැනපු සිංහයට තමා ඇට් කලේ..පව්ල ගමේ ගිහින් නේ.. බැන්දට පස්සෙ වීදුරුවෙ අඩිය වැහෙන්න අරක්කු නොදාන එකා අද කට කපල ෂොට් දාන්නේ.. වට දෙක යද්දි බඹර පදමටත් එහා ගිහින් බල්ලට මචං කියන සයිස් එකෙ හිටියෙ..( දැන් අහන්න එපා උබටත් මචන් කිව්වද කියලා.. ඒ වෙලාවෙ අපි ඔක්කොම එහෙම වෙලා හිටියේ )

ඔය අතරේ සරාට ආව නැවතත් සුපුරුදු කොල් එක .. සරාගෙනුත් සුපුරුදු උත්තර.. එවලෙනම් මීගොඩයටත් ටිකක් විතර කේන්ති ගිහින් තිබ්බෙ.. ෆෝන් කෝල් එක ඉවර වෙනවත් එක්කම අපේ වාචාල පැඟිරා  සරාට කිව්ව.. මොකද්ද බං අවුරුදු 26ක් තිස්සෙ උබලව හදපු අම්මට තාත්තටවත් නැති බයක්නෙ උබල ගෑනුන්ට තියෙන්නේ.. ඔන්න ඕක ඔෆ්ෆ් කරල ඇවිත් බීපන් කියාලා..සරාට  ඒ වචන ටික අවුල් උනා කියල මීගොඩයට තේරුණත් අනිත් උන් එක දිගට සරාව බයිට කරන්න ගත්තු හින්දා කරන්න දෙයක් තිබ්බේ නෑ.. උන් කියපු දේවල් වලට හිනාව නවත්තන්නත් බැරි උනා .. දෙය්යනේ කියලා අපේ සෙට් එක කෑව බිව්වට ගහ මරාගන්නෙ නෑ කියල දන්න හින්දා බය වෙන්න හේතුවකුත් නෑ .. මමත් ඉතින් බයිටට සම්මදන් වෙලා හිටියා.. සිරානම් කණ සාක්කුවට ඔන්න මෙන්න..

බයිට ඉවසන්නම බැරි තැන සරා සිරාගෙ සහය ගන්න උත්සාහ කලා... හ්ම්ම්ම් හූ ගානව ඇරෙන්න වෙන වචනයක් සිරාගෙන් ගන්න බැරි උනාත් සරා පරාදෙ පිළිගන්න කැමති උනේ නෑ.. චන්ඩියත් බඩේනේ.. සරා අපි දිහා බලල පපුව ඉස්සරහට දාල කිව්වා.. "යකෝ කොයි ගෑනිගෙත් අඩු පාඩු තියෙනවා.. හැබැයි අපි දෙන්නම දන්නවා අපේ ගෑනු කවදාවත් පිට එකෙකුට %&$# දෙන්නේ නෑ කියල".. එහෙම කියලා සරා සිරාගෙ පිටට තට්ටුවක් දාල නැද්ද මචං සිරා කියල කිව්ව..

ඔළුව පහත් කරන් හිටපු සිරා ඔළුව ඉස්සුවා.. දෙපාරක් ඇස්පිල්ලම් ගහල සරා දිහා බලලා කිව්වා " උඹ &%$ක් කථා කරනවා කසාද බැඳපු අපිටවත් හරිඅයට &%න්න දෙන්නේ නැති එකේ කොහෙද බන් පිට උන්ට දෙන්නේ"..

අය්යෝ සිරා .. අපිට බෝතල් 5ක වෙරි කැලෙන් ගියා අරූගෙ කථාවට


බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

103 comments:

  1. bothal 5k ....kage kageth kana sakkuwe thiyenna athi
    Ayyo sira paw

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඉතිං කිව්වෙ බල්ලට මචං කිව්ව කියල... අනිත් උන් ඔක්කොම භාග්‍ය වන්තයෝ වෙද්දි සරා ගෙදර යන්න ඕන හින්ද කාලක් ක්‍රියා කොළා.. සිරානම් දවසකට නිදහස් මිනිහෙක් වෙලා බෝදිසත්ව තත්වෙට ආසන්නව හිටියේ

      Delete
  2. කසාද බැඳපු අපිටවත් හරිඅයට &%න්න දෙන්නේ නැති එකේ කොහෙද බන් පිට උන්ට දෙන්නේ"..

    පට්ට ටෝක් එක.... අරෑගෙ වෙරි හිදෙන්න ඇති ඒක අහලා.... මේ සිරාටත් ඕනෙ තරම් ඇල්කොහොල් සිද්ධි තියෙනවා ඉස්සරහට දාන්නම්.... දැන් ඒක නෙමේ ප්‍ර‍ශ්නෙ මී ගොඩී විනාඩි 5න් 5ට කෝල් කරන්නෙ නැතුවයි.. මේ වගේ සැට් උනාම ?

    ReplyDelete
    Replies
    1. හා හා ලියමුකො බලන්න

      Delete
  3. අඩෝ පව් බං ඌ.....

    ඇත්තටම ඔහොම ගෑණු මොකටද? මම නං ගහලා පන්නන්නේ. සිරාවට... :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හික්ස් .. උඹට ඉතින් අන්තප්පුරයක් ඉන්න නිසා එකා එකා පන්නන්න පුළුවන්. මුන්ට ඉන්න එකත් පැන්නුවම අහවල් එක කරගන්නෙ කොහොමෙයි ....

      Delete
    2. බොට ඔය උත්තර හම්බ වෙලා තියෙන්නේ කණ පිරෙන්න.. මම මුකුත් නොකිය ඉන්නම්

      හැබැයි ඔය රාජ සම්පත් බෙදිල්ල නවත්තපං ඈ

      Delete
    3. @හැමෝටම : අහවල් එක කරන්න දෙන්නෙ නැත්තං..... මොකටද තියාන ඉන්නේ? හිටියත් නෑ වගේනේ..

      Delete
  4. ආතල් කතාව
    උන් කියන දේවල් අහන්නැතුවත් බෑනේ.
    මමත් ඔක්කොම නවත්තලා කියන දේ අහල බියර් එකකින් විතරක් නැවතුනා.අපෙත් ඇගට හොදයිනේ ගෑනි කිව්වත් නැතත්.
    සෙට්වෙන්න තියා මචං කියන්නවත් අපේ උන්නං හමබෙන්නෑ
    "උඹ &%$ක් කථා කරනවා කසාද බැඳපු අපිටවත් හරිඅයට &%න්න දෙන්නේ නැති එකේ කොහෙද බන් පිට උන්ට දෙන්නේ " මේකනම් ඉලඇට කැඩෙන කතාව.ආතල් ඈ

    ReplyDelete
    Replies
    1. අපිටත් දැන් සෙට්වෙන්න වෙන්නෙ නෑ... මේක පරණ සිද්දියක්
      කොහොම උනත් මනුස්සයෙකුට නිදහසක් තියෙන්න ඕනේ

      Delete
  5. හුගාක් ගෑණු හිතාගෙන ඉන්නෙ තමන්ගෙ වාහෙ තමන් අතේ නැටවෙන රූකඩයක් වෙන්න ඕනයි කියලා. ඔය විනාඩි 5න් 5හට අහන්නෙ දුක සැප නෙවෙයි...ඒ පෙන්නන්නෙ උන්ගෙ ආදිපත්‍යය.....
    ගෑණි කැමති‍දේ ගෑණි කළාවෙ - මිනිහා කැමති දේ මිනිහා කළාවෙ...කවුරුවත් කාගෙවත් අයිතිකාරයෝ නෙවෙයි.
    අන්‍යොන්‍ය ‍ගෞරවයක් තියෙනවනම් හොදයි, අන්‍යොන්‍ය ආදරයක් තියෙනවනම් වඩාත් හොදයි.....
    එහෙම නැහැයි කියලත් ඒ හැටි අවුලක් නෑ.
    සරා සිරා වගේ ඩයල් වලට "උත්තරීතර විවාහ ජීවිතය" කියලා බිබික්කමක් ගැන අදහසක් ඇති, ඒකයි ඔය තරම් බය. ඒ වුනාට එහෙම එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. උත්තරීතර අහවල් එකක් නෙවෙයි අය්යේ.. මුන්දෙන්නගෙ සල්ලි කෑදර කම හින්ද මුන්දෙන්න ජීවිතේම අපායක් කරගත්තා

      Delete
  6. කියන්න බොහෝ දේ ඇතත් කියන්නේ නැත.... :D :D

    ReplyDelete
  7. අපේ යාලුවෙක් ඉන්නවා ඔය වගේම, මිනිහට ගෑනි උපරිම කෝල් 2යි දෙකයි දෙන්නේ මොකද 3වෙනි එක ආවොත් සුද්දසින්හලෙන් අරු ෆෝන් එක ආන්සර් කරන්නේ ....

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලෝ... හැබැයි ඉතින් ඒකත් සාර්ථක පව්ල් කෑමක් නෙවෙයි

      Delete
  8. හික්,,ෆොටෝඑක දැක්කමපව් කියලහිතුන,
    අපේ එකෙකුත්ඒකාලේ ඔයවිදියමයි.බිල ගියදාටවයිපරේ නිදාගන්නෙඇඳ යටලු.ඒනිසා ඌබැන්දට පස්සෙ බොන්නෙනෑ,බයිට්කනව විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඉතින් සාධාරණ හේතුවක්.. අරක්කු ගඳ එද්දි ළඟට එන්න බෑ කියන එක

      Delete
  9. balana balana blog 18+ monawa welada?

    ReplyDelete
    Replies
    1. ඉතින් නොබල හිටියහම අවහරයිනේ... මොකටද නිකන් කාලේ නාස්ති කරන්නේ

      Delete
  10. පව් අෆ්ෆා... ඌට හෙන මානසික පීඩනයක් ඇත්තේ...(නැතුවයෑ ඉතින්) ප්ලාස්ටික් එකක් වත් හොයලා දුන්නනම් නරකද අයියේ..

    ReplyDelete
    Replies
    1. හෑ ප්ලාස්ටික්.... :O

      Delete
    2. ඔය තරුවගේ තියරිය තමයි එලියට එන්නේ

      Delete
  11. පව් ..... අසරණයො.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් පව් නේන්නම්

      Delete
  12. බීපියකෝ බොන එක.. ෂික් ගෑනු ඔහොමමයි. ඇල්කොහොල් කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක් නේ. මුන්ට ඒක තේරෙන්නේ නෑ. කොහේද රැවුල එන්න එපයි එව්වා තේරෙන්න. :-)

    ReplyDelete
    Replies
    1. ඇල්කොහොල් කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක් නේ. මුන්ට ඒක තේරෙන්නේ නෑ

      අය්යේ කට ඇරපන් ඩිරාම් එකක් දාන්න

      Delete
  13. Replies
    1. හික් .. අය්යට මම මේ සිද්දිය කීව කලින්

      Delete
  14. ඔන්න මම නම් කියෙව්වේ නෑ මීයෝ, අපි පොඩි උන් වෙමු :ඩ් :ඩ්

    ReplyDelete
  15. වෙරි කැලෙන් ගියා නේද? තොපි වගේ එවුන්ගේ 'වෙරි කැලේ' තමයි හැමදාම. යකෝ මේ වගේ කමකට නැති කුණු කතා නොලියා පලක් ඇති දේවල් ලියපිය. තොපි කසාද බැන්දහමත් ඔය ටිකම තමයි වෙන්නේ. යකෝ කොම්පියුටර් කොටන්න දැනගත්තට මදි. තමන්ගේ දෙමවුපියන්ගේ නම්බුව රැකගන්නත් ඉගෙන ගනින්. බ්ලොග් එකක් ලියනවා කියන්නේ ජංගි ගන්න කඩේ ගිය හැටි, ගුරුවරියකගේ ජංගිය දක්කහැටි, නෙවෙයි. එක එකාගේ කාමය වඩවන කුණු කෑලි දමලා බ්ලොග් එකටත් තුප්පහි නමක් දාලා කුණු ජනප්‍රියත්වයක් ලබාගැනීම නෙවෙයි. තොපේ දරුවෝ කවදාහරි තොපිට වැඩිය ලොකු පිම්පියෝ වේසියෝ වෙනවා කියලා නිකමටවත් හිතෙන්නේ නැද්ද? තව අවුරුදු 10 ක් ඉස්සරහට හිතලා බලපියවූ.

    ReplyDelete
  16. NAKI GAMARALAGE KATIN LOLO HANDA NAGEE

    ReplyDelete
  17. ඇඩෙනවා බං...

    ReplyDelete
    Replies
    1. උබ මොකටද අඩන්නේ.. උන්ගෙ රේකනේ මැකෙන්නේ

      Delete
  18. අයියෝ සල්ලි!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සල්ලි හින්ද කරගත්තු විනාස තමා

      Delete
  19. මී ගොඩයත් එහෙනම් බොනපාට් කෙනෙක් නේද :)

    ReplyDelete
    Replies
    1. ඉඳල හිටල ... මද පවනට.. දැන්නම් හුගාක් දුරට ඈත් වෙලා ඉන්නේ

      Delete
    2. බොතල් 5ක් හොද මද පවන..එත කොට සුළි සුළගක් වෙන්න හා මී ගොඩයට කොච්චර බොන්න ඕනෙද? :)

      Delete
  20. සිරා සිරා.............

    ReplyDelete
  21. හික්ස්ස්.. ඇත්ත එලියට එන්න ශොට් එකක් දෙකක් වදිනකොට වගේ.. තව ටිකක් බිව්වා නම් තව මොනා කියයිද?

    ReplyDelete
    Replies
    1. අම්මපා කිව්වත් වගේ.. තව බිව්වනම් මුන් දෙන්න පුණුරුත්පත්තියත් කියවනවා

      Delete
  22. මෙහෙම කියනකොට ඇපල් ට හිතෙනවා පවුල් පන්සල් නොවී තනිය වගේ ඉන්න :D

    ReplyDelete
    Replies
    1. අන්න අන්න වැරදි ආදර්ශයක් අරන්.. හැම කෙනම ඔහොම නෑ

      Delete
  23. අහෝ....! වධක භාර්යාවන් ලැබිමේ ආනිසංසයක මහත.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් .. එහෙම උන් දෙන්නෙක් තමා උන් දෙන්නනම්

      Delete
  24. Replies
    1. අනිච්චං දුක්කේ

      Delete
  25. අපරාදේ අර බෝතල් 5 ආතල් එක... :)

    ReplyDelete
    Replies
    1. නෑ අපරාදේම උනේ නෑ..

      Delete
  26. ඒ වගේ වෙලාවට කෝල් කරලා කරදර කරන ගෑනු නම ඕනෙම නැහැ.

    ReplyDelete
    Replies
    1. අනිවා.... අපි හැමදාම එහෙම කරන්නේ නෑනේ

      Delete
  27. සරා හා සිරා කවදාවත් තාත්තලා වෙන්නැතිවෙයි නේ?????
    හතුරෙක්ටවත් වෙන්න එපා ඈ මේ වගේ අසික්කිත වැඩක් :P

    ReplyDelete
    Replies
    1. ඒකනම් කියන්න බෑ.. සිරා කිව්වෙ හරියට %^&$ දෙන්නෙ නෑ කියලා.. ඉතින් වැරදියට හරි #$&%ද්දි ඔය වැඩේ උනොත්

      Delete
  28. අපොයි බොහොම දුකයි ... සාස්තරේ නොදන්නා කම හින්දයි ඔය නොලැබීම.. අන්න අපෙන් අහන්න ඕන ඔවුවට ක්‍රම සහ විධි.. (කීයටවත් බ්ලොග්වල නම් ලියන්න බැහැ.. එතකොට ඕක හාමිනේ කියවයි..)

    ReplyDelete
    Replies
    1. හුචක්කුවේ මහත්තයගෙ තියරි වලට එහා ගිය එව්වත් තියෙද.. එහෙනම් ගෞරවයෙන් ආරධනා කරනව අපිව දැනුවත් කරන්න කියලා

      Delete
  29. //කසාද බැඳපු අපිටවත් හරිඅයට &%න්න දෙන්නේ නැති එකේ කොහෙද බන් පිට උන්ට දෙන්නේ//

    මේක නං පට්ටයි ඈ :D

    ReplyDelete
    Replies
    1. පට්ටයි ...:O

      පව් යකෝ උන් දෙන්නා

      Delete
  30. වනේ වන හතුරෙකුටවත් ඔහොම වෙන්න එපා ඕන් !!!පිස්සු බම්ප් වෙනවා ඈ මේවා අහලා!

    ReplyDelete
  31. අන්තිම ටෝක නම් ඇඬෙනවා....

    පව් හැබැයි ඔහොම ජීවිත මක්කටැයි..

    ReplyDelete
    Replies
    1. අනේද ටෙලින් ගැමි මලයෝ

      Delete
  32. මොනා උනත් දිගේ කනකොට දෙන්නම දෙන්නට ගෞරව කරන්න දෙන්නා ගැනම කැපවෙන්ට ඔන එතකොට තමා කසාදේ සුන්දර වෙන්නේ...මොනා උනත් මිනිහා හිනියට පොඩි අඩියක් ගැහුවට අවුලක් ගන්ට නාකයි මොකැ හැමදාම බොනවැ....හික්ස්

    ReplyDelete
  33. මොනා උනත් දිගේ කනකොට දෙන්නම දෙන්නට ගෞරව කරන්න දෙන්නා ගැනම කැපවෙන්ට ඔන එතකොට තමා කසාදේ සුන්දර වෙන්නේ...මොනා උනත් මිනිහා හිනියට පොඩි අඩියක් ගැහුවට අවුලක් ගන්ට නාකයි මොකැ හැමදාම බොනවැ....හික්ස්

    ReplyDelete
  34. පව් බං උන්ට නොදෙන එක පිට එවුන්ට දෙනව ඇති එහෙනම් සුවර් එකට :)

    සිරා අහ් !

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... අපි ඔය පඩංගු දෙක ගැන හෙව්වෙම නෑ.... උන් ගැන කියද්දිත් ඇගේ පළු දානව බන්

      Delete
  35. ela ela
    weri unama aththa eliyata paninawa machan

    ReplyDelete
    Replies
    1. හැමෝම එහෙම නෑ හරිය....අපි ඉන්නෙ ගහක් ගලක් වගේ නොසැලී

      Delete
    2. කියල තමයි කියන්නේ

      Delete
  36. පැලෙන්න හිනාඋනා බං....!!!
    ඒ.. බං බොලා සෙට් වෙන වෙලාවක කියපන්කො...වොඩ්ක බීපුකාලයක් මතකනැහැ...!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා වෙලාවක සෙට් වෙමු

      Delete
  37. අනේ සරාටයි සිරාටයි වෙච්ච දෙයක්.. බොන්න ගියාම ජංගම දුරකතන නිහඬ කරගැනීම වැදගත් වෙන්නේ මේ වෙලාවට. අනික් කරුනු කාරනා ගැන මම මුකුත් කියන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හපූ එහෙම කොලානම් උර චක්කරේ සිරාලගෙ ගෙදර එනවා... බුදු සුවර්

      Delete
  38. හොඳ වෙලාවට මීගොඩී ව ඔය කෝප්ප හෙදිල්ලෙන් ඈත් කලේ. නැත්නම් එතනත් ලෙඩක්.

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි.. ඒ කාලෙ ඉදන් දුර දිග බලල වැඩකලා

      Delete
  39. Replies
    1. එවලෙනෙං අපිත් හිනාඋනා ඕයි බඩවැල් එලියට එන්න

      Delete
  40. බොන මිනිස්සු ගැන නම් කියන්න දෙයක් නැහැ...

    මම නම් කවද හරි මගේ ස්වාමිපුරුෂයව කොහේවත් කවුරු එක්කවත් බොන්න යවන්නෙ නැහැ..ඕනෙ නම් ගෙදරට ඇවිත් බොන්න පුලුවන් යාලුවන්ට එයා එක්ක..(එතකොට මට හොරෙන් අහගෙන ඉන්න පුලුවන් හැම දේම.)...:D:D:D:D

    ReplyDelete
    Replies
    1. හොඳ කිරිල්ලියෙක්... බයිට් එහෙමත් හදල දෙයි නේද

      කිරිල්ලිගෙ හස්බන්ඩ එක්ක බොන්න එද්දි මම කිරිල්ලට වයින් එකක් ගෙනත් දෙන්නම් ඈ

      Delete
    2. ඔන්න බලන්න උපක්‍රමශීලිව බොන්න නොදීම. දැන් මෙහෙම ඔක්කොම වයිෆ්ලා කරන්න ගත්තොත් බොන්න එකක් හොයාගන්න බැරිවෙනවා නේ බෙහෙතකටවත්? මටනම් තනියෙන් බොන්න බෑ.

      Delete
  41. :D පව් ඕයි උන් දෙන්නා.

    ReplyDelete
  42. මම නම් දැන්මම කොල්ලට කියල තියෙන්නෙ බොන්න එපා කියලා.. මට ඒ තරමට ඒක අප්‍රසන්න වෙලා... එයත් මාත් එක්ක එකඟයි ඒ කාරණේදී

    ReplyDelete
    Replies
    1. කොල්ල කැමතිනම් හරිම සාර්ථකයි

      Delete
    2. අපි එකිනෙකාට ස්වායක්තයි අනු අක්කේ.. නිකන් නීති දාල උව පිස්සෙක් කරන්න එපා.. එයට චාන්ස් එක හම්බු උනාම ඕවටත් එක්ක ඇරියස් අල්ලයි .. කිසිම මිනිහෙක් පරායක්ත නැහැ

      Delete
  43. ගොඩ වැදෙන්න පරක්කු උනා ,., එල ඈ

    ReplyDelete
    Replies
    1. පරක්කුවෙලා හරි ආවට තැන්කිව් ඈ

      Delete
    2. තන්කිවු නෙවෙයි මනුස්සයෝ.. මගේ බඩ පැලෙන්න හිනා ..ආයේම කියෙවුවා

      Delete
  44. ආපු පලවෙනිම දවසේ පුදුම කතාවක් කියෙව්වේ. හික්ස් :)
    යනගමන් පන්නලා යනවා !
    එතකොට ආයෙමත් එන්ඩ පුලුවන් නේ !
    ජය වේවා මීගොඩයා !!!

    ප.ලි. - නමත් සිංහලෙන් දැම්මා නම් එලම තමා !

    ReplyDelete
    Replies
    1. ආවටැ තැනිකිව් ඈ...

      නම වෙනස් කරගන්න තේරෙන්නේ නැතුව දගලන්නේ

      Delete
    2. G MAIL එකේ නම වෙනස් කරන්න,.එතකොට හරි ඈ ,., :D

      Delete
  45. මේක නම් මෑතකදි කියවපු පට්ටම කතාවලින් එකක් මීගොඩයා. කියන්න තියෙන දේ බොහෝයි, නමුත් සමහරක් දැනටමත් කියලා, අනික්වා සභ්‍යත්වයේ නාමයෙන් ස්පෑම් කලා. මීගොඩයා හරිම සංයමයකින් කමෙන්ට් වලට උත්තර දීලා තියෙන බව පේනවා විශේෂයෙන්ම කාන්තාපාර්ශවයට. :D :D :D
    (බොල මීගොඩ තියෙන්නෙ හයිලෙවල් පාරෙ නේද?)

    henryblogwalker the Dude
    .

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට තැන්කිව් ඈ... මේ කොමෙන්ටුවෙ හන්ගපු ටික දැම්මනං..මම කියවල පබ්ලිෂ් නොකර ඉන්නම්

      මීගොඩ කියල ගම් දෙකක් තියනවා.. ගොඩගමින් හැරිලා පාදුක්ක පැත්තට යනකොට එක මීගොඩක් තියනවා (ආර්ථික මධ්‍යස්ථානය තියෙන්නේ එහේ ) මම උන්නේ හයිලවල් පාරේ මීගොඩ තමා

      Delete
  46. මේකා ඉස්කෝලෙත් ගාව ගත්ත එක තමයි නරක. ඒ උනත් ඕව සුන්දර මතක. ජීවත්වෙනව කියන්නෙ ඕකට තමයි. මීගොඩයෝ ඉදල හිටලවත් ඇල්කොහොල් ටිකක් ගන්නෙ නැති එව්වෝ හොර උපාසකයො. ගෑනුන්ට ටිකක් සරෙන්ඩර් වෙන එකත් හොද ගුණයක්. පවුල් කන්න මේ ඔක්කොම ඕන. ජයවේවා.

    ReplyDelete
  47. පිස්සු හැදෙයි! බඳින්න කලින් හිතන්න සෑහෙන්න දේවල් තියෙනවා වගේ! :)

    ReplyDelete
    Replies
    1. ඒ බන් මුලින්ම.. ඔය අවසානෙට උණු සින් එක තියනවද බලහන් ආ .. නැත්තන් කෙල මලියයි

      Delete