Thursday 5 July 2012

බඹසර පූජා

දිවා අහරය අවසන්කල නිර්මලා පරන්තන් මුරපොලෙහි සේවයේ නියුතු සිය සැමියාට දුරකථන ඇමතුමක් ගත්තාය


හෙලෝ.. සෙනේ
ඇයි...
මම අද හවස සිතාරිත් එක්ක ෂොපිං යන්නද?.... ලබන සතියෙ හංසිගේ වෙඩින් එකට අඳින්න සාරියක් ගන්නත් ඕනේ...
හා.. රෑවෙන්න කලින් ගෙදර යන්න
හරි සෙනේ..මම ඉක්මනට යන්නම්.. ඔයා අද හවස ගෙදර එනවද
රෑවෙයි
හා පරිස්සමින් එන්න ..බුදු සරණයි
හ්ම්ම්ම්..


එදින සවස ඇය සිතාරි සමග කුරුණෑගල පැමිණියේ සාරියක් මිලට ගැනීමටය... සාප්පුවල සාරි තෝරන අතර ඇයට ලස්සන සල්වාරියක් දක්නට ලැබිණි


සිතූ අර සල්වාරිය ලස්සනයි නේද...
කසාද බැඳපු අපිට මොන සල්වාරිද බං.. ඒක හොඳ කෙල්ලෙකුට
මට නෙවෙයි  .. අපේ පොඩ්ඩිට... වයස ගියාට ඒකි තාම පොඩි එකී..
හා එහෙනං යමං බලන්න


පොඩ්ඩි නිර්මලාගේ එකම සොයුරිය වූවාය.. කුඩාකල සිට ඉතා සමීප සොයුරියන් වූ පොඩ්ඩි හා නිර්මලා..කොළඹ ප්‍රදේශයේ උපත ලැබුවෝය
නිර්මලාට වඩා දස වසරක් බාල වූ පොඩ්ඩී නිර්මලාට දැරියක මෙන් විය.. කුඩා කල පටන් එකට සිටි දෙසොයුරියන්ට නිර්මලාගේ විවාහය නිසා වෙන් වීමට සිදුවිය.. හමුදා සෙබලකු වූ නිර්මලාගේ සැමියා වූ සේනක කුරුණාගල පදින්චි කරුවෙකි.. විවාහයෙන් පසු නිර්මලා කුරුණෑගල පැමිණි අතර පොඩ්ඩී දෙමව් පියන් සමග ගෙදර තනිවිය.. පසුව නිර්මලා කුණෑගල ඇගළුම් ආයතනයක උසස් රැකියවකට අයදුම් කලේ ආර්ථික ප්‍රශ්න නිසාම නොව මසකට වරක් පමණක් නිවාඩු පැමිනෙන සේනක නොමැති නිවසේ දවසම කාලය ගත කිරීම නීරස වූ නිසාය.. විවාහ වී සය වසරක් වීද නිර්මලා දරුවන් නොලද්දාය


පොඩ්ඩීද අධ්‍යපනය හමාර කොට කුරුනෑගල ප්‍රදේශයටම ගුරුපත් වීමක් ලද නිසා දෙසොහොයුරියන්ට නැවතත් එකට වාසය කිරීමට වාසනව උදාවිය. එය නිර්මලාට මහත් අස්වැසිල්ලක් වූයේ ඉතා ග්‍රාමීය ප්‍රදේශයක තනිව ජීවිතය ගෙවීම අප්‍රසන්න වූ නිසාවෙනි. ඉඳ හිට නිවාඩුවට පැමිනෙන සේනකද පොඩ්ඩීට බෙහෙවින් ලෙන්ගතු වූයේ ඇයට මස්සිනා කෙනෙකුට වඩා සොයුරෙකු ලෙසිනිසිය පව්ල ගැන මෙලෙස සිතමින් සිටි නිර්මලා සාප්පු දොරෙන් ඇතුළුවූ රුව දැක ගල් ගැසී මොහොතක් බලා සිටියාය..
පාලිත.... ඈ තොල්මතුලාය


මොකෝ බං බය වෙලා වගේ මොද්ද දැක්කෙ?
නෑ මොකුත් නෑ... අපි යන්ද.. මේකෙ හොඳ සාරි නෑ වගේ.. මේ සල්වාරිය අරන් යමු.. වෙඩින් එකට තව දවස් තියනවනේ .. අද සේනකත් ගෙදර එනවා .. ඉක්මනට යන්නත් ඕනේ
හ්ම්ම්.. උබට හරියන්නැත්තම් මොනව කරන්නද යමං ඉතින්


වෙනත් ගැහැනියක අත දරා සාප්පුවේ අනිත් අන්තයට පියමනින පාලිත දෙස තවත් වරක් බැලූ නිර්මලා සිතාරිත් කැටුව ඉක්මනින් සාප්පුවෙන් පිටවී අසල ඇති ත්‍රී රෝද රියකට ගොඩවූවාය...


කුරුනෑගල සිට සිතාරිගේ නිවස අසලට එනතෙක්ම යෙහෙලියන් අතර කතා බහක් නොවූ තරම්ය.. නිර්මලා කොහොමටත් වැඩි කථාබහක් නැති අයෙක් නිසා සිතාරිට එය ගැටලුවක් නොවූවාය. ඇය සිය නිවස අසලින් ත්‍රීරෝද රථයෙන් බස මිතුරියට සමුදුන්නාය.


ත්‍රී රොධ රිය තුල තනිවූ නිර්මලා තදින් දෑස පියාගත්තාය..අතීතය ඇය ඉදිරියේ සින්මාපටයක් ලෙස දිගහැරෙන්නට විය
*  *  *  *  *  *  *  *  *
කොළඹ සිය නිවසට අල්ලපු නිවසේ බොඩින්කරුවෙකු වූ පාලිත අලවි නියෝජිතයෙකු ලෙස සේවය කළේය.. ඔහුගේ කඩවසම් පෙනුම සුන්දර සිනහව නිර්මලාගේ හිරිමල් යොව්න් සිත සලිත කිරීමට සමත් විය.. නම හැරෙන්නට වෙන කිසිත් නොදත් නන්නාදුනන පිරිමියෙකු පාසැල් වයසේ සිටි නිර්මලාගේ කුළුඳුල් ප්‍රේමය විය.

පාලිතගේ හුරතල් කථා හමුවේ සිහින ලෝකයක ජීවත් වූ නිර්මලා හැකි සෑම විටම ලෝක‍යට හොරා පාලිත හමුවූ හැටිත්.. ඔහුගේ උපන්දිනය දා සිය වටිනාම වස්තුව පාලිතට පූජාකල සැටිත්.. ඉන් පසු අවස්ථාවක් ලත් සැනින් පාලිත ඇයව කොහෙ හෝ රැගෙන ගොස් ඔව්න්ගේම ලෝකයක තනිවූ හැටිත් නිර්මලාගේ දෑස් ඉදිරියේ මැවී පෙනෙන්නට විය

උසස් පෙල අවසන් ව සරසවි යෑමට බලාහුන් නිර්මලාට නිතර නිතර හිස කැරෙකෙන ගතියක්.. කෑම අරුචියක් දැනෙන්නට විය..

මේවනවිට නිර්මලා ගැබ්බර වී සිටි අතර එය දැනගත් පාලිත රහසේම බෝඩිමද අතහැර දමා පලාගොස් තිබිනි...

මේ බව දනගත් විශ්‍රාම ලත් හෙදියක වූ නිර්මලාගේ මව රට වටේ පාලිත සෙවූ අයුරුත් පලක් නොවූ තැන කොල්ලුපිටියේ සිය මිතුරු වෛද්‍යවරයෙක් හමුවේ නිර්මලාගේ කළලය ගබ්සාකරවූ අයුරුත්. ඇයට සිහිවිය

සියලු බාධක හමුවේ සරසවි ගිය නිර්මලා යලිත් කිසිදා කිසිවෙකුට ප්‍රේම නොකර තනිව ජීවත් වීමට සිතා සිටියත් උපාදියෙන් පසු මව හා පියා ඇයට විවාහ සොයන්නට වූ අතර .. නිර්මලාගේ සියලු සත්‍ය කථව දැනගත් සාමාන්‍ය හමුදා සෙබලෙකු වූ සේනක නිර්මලාට කැමති උයේ ඇයගේ රූමත් බව මෙන්ම උගත් කමද නිසාය

අතීඅතය ආවර්ජනය කරමින් රාත්‍රී 8.30 පමණ වන විට නිර්මලා නිවසට ලඟා විය.. ත්‍රී රෝධ රථයයෙන් බැස මුදල් ගෙවූ නිර්මලා වත්ත මැද පිහිටි සිය නිවසට පිය නැගුවාය

ගෙදර ලයිට්වත් දාල නෑ.. පොඩ්ඩී , පොඩ්ඩී. පොඩ්ඩී

 
නිර්මලා උස් හඩින් පොඩ්ඩි ඇමතුවත් කිසිදු පිළිතුරක් නොළබිණි...අඟුල නොදමා වසා තිබූ  දොර විවර ක ගෙට ඇතුළු වූ නිර්මලා විදුලි පහන් දල්වා පොඩ්ඩිගේ කාමරයට හිස පෙව්වේ ඈ නිදා ඇතැයි සිතාය.. පොඩ්ඩී කාමරයේ නොවූවාය.. මදක් හිත ගැස්සුනු නිර්මලා කුස්සිය දෙසට පිය මැන්නාය..

කුස්සියත් නාන කාමරයත් අතර දුටු දසුනින් බියපත් වූ නිර්මලා

පොඩ්ඩියේ............... යනුවෙන් මහ හඩින් කෑ ගැසුවාය


මතු සම්බන්ධයි

ප.ලි.ල

ඔන්න ඉස් ඉස්සෙලාම කෙටිකථාවක් ලියන්න හිතුවා.. කෙටි උනාට කොටස් 3ක් හෝ 4ක් වෙයි..  මේ මගේ පළවෙනි කෙටිකථාව හින්දා කට්ටියගෙන්ම ඉල්ලන්නෙ අඩුපාඩු පෙන්නල දෙන්න කියල තමා..

78 comments:

  1. අයියගෙ මුල්ම කෙටිකතාවට මෙන්න බට්ටිගෙන් සුභ පැතුම් මල්ලක්ම..නියමයි.
    බට්ටිත් මේ දවස් වල කෙටිකතාවකට පසුබිමක් හිතන් ඉන්නවා වැඩ වැඩි නිසා ලියන්න බැරි වුනා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බට්ටියෝ.... ඉක්මනට ලියල දාන්ඩෝ.. ඔව්ව හිතේ තියාගෙන ඉන්න එපා

      Delete
  2. හොදට ලියල තියෙනවා දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ගුණේ අය්යේ

      Delete
  3. ලස්සනයි මචං..

    අනිත් කොටස් ටිකත් ඉක්මනින් දාපන්.. පාලිත & පියල් කියන්නේ එකම කෙනාද ? එතන ටිකක් නිවැරදි කරපන්. නැත්නම් පැටලෙනවා කියවනකොට

    මේක හරිද බලපන්කො (මට හිතෙන විදියට පොඩ්ඩි එල්ලිලා මැරිලා )

    ReplyDelete
    Replies
    1. සොරි මට පැටලිලා... දෙන්නම එක්කෙනා.. ස්තුතියි වැරද්ද පෙන්නුවට...

      පොඩ්ඩි කියන්නේ මෝඩ කෙල්ලෙක් නෙවෙයි.....බලාගෙන ඉන්නකෝ

      Delete
  4. අම්මට උඩු... මීයා කතා ලියන්න අරං :-)

    අපේ ඒරියා එකේ සිද්ධියක්නේ.. එල ආ.

    පොඩ්ඩි එල්ලිලාවත්ද?

    කියන්න තරම් වැරුද්දක් නෑ බං.. හොදයි..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආ ඔව්මයි රජගෙ පැත්තේ නේන්නම්... රජත් සම්බන්දද මන්දා.. කොහේ හරි අපරාධයක් අවලං වැඩක් ඇත්තම් රජා කොහෙන් හරි ගෑවෙනවනේ

      මොකද බං කෙල්ලව එල්ලන්නම හදන්නේ...

      Delete
    2. අඩේ අපේ ඒරියා එකේ කැත වැඩ වෙන්න නෑ හරිද..නැද්ද රජෝ!අපි අහිංසක මිනිස්සු....

      Delete
  5. ලස්සනයි.... ඉක්මනට අනිත් කොටස් ටිකත් දාන්න....
    මම ද අද පළවෙනිය???

    ReplyDelete
    Replies
    1. හෑ මෙන්න මෙයා එකලූ.. බට්ටි තමයි ලූ 1..

      Delete
    2. අය්යෝ බට්ටි තමා අද එක .. ඔයා 5 වෙලා...චුට්ටක් ඉවසල ඉන්න ඉක්මනට ඉතුරුටික දානවා

      Delete
  6. මේක උඹේ මුල්ම කෙටිකතාව නම් වරදක් නෑ. හොඳයි. දැන් දැන් කෙටිකතා පොත් ලියන අයට මේ තරම්වත් ප්‍රතිභාවක් නෑ, භාෂාව හසුරුවගන්න දන්නෑ.

    (උඹ කොටස් 3 - 4 ක් ම දාන්න ඉන්නව නම් මේකට කෙටිකතාවක් කියන්න එපා. ගලාගෙන යෑමේ ස්වභාවය ටිකක් වැඩියි වගේ.)

    ReplyDelete
    Replies
    1. අනේ බං මාව සලිතවෙලා ගියා උබේ කොමෙන්ටුවට.. ස්තුතියි... කොටස් 4ක් විතර වෙනවනම් කොකද්ද කියන්න පුලුවන්... නවකථාවක් කියන්නත් අමාරුයි

      Delete
  7. ශුවර් එකටම පොඩ්ඩි කලන්තේ දාලා ඇති ...
    ඊගාව කොටස ඉක්මනට දාන්නෝ ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... බලමු නේද ඊලඟ කොටසෙන් පොඩ්ඩිට මොකද උනේ කියලා

      Delete
  8. ඉතුරුටිකට කල්මරන්නඑපාඕන්..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... ඉක්මනට දානවා

      Delete
  9. අඩේ මි ගොඩයෝ..මේක මෙගා සීරිස් එකක් නම් කරන්න එපා ඔන්න... :)
    පට්ට ඈ!

    ReplyDelete
    Replies
    1. නැ නෑ මාසයක් ඇතුලත ඉවර කරනවා....

      Delete
  10. කතාවනම් එල ඉතිරියත් ඉක්මනටම දන්න

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. දවස් දෙකතුනකින් දානවා සචියෝ

      Delete
  11. ආව් ආව් සෝයි සෝයි......ඊළඟ කොටසට් ඉක්කන්ත ඩාන්ඩෝ.............^_^

    ReplyDelete
  12. එල එල ඉතුරු ටික ඉක්මනට දාහන්..
    සේනක පොඩ්ඩී සමහ ජම්පින් ගොයින්..... ඈ නැවත පාලිත සොයා යයි ද?

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම දානවා.. චුට්ටක් ඉවසල ඉන්නකෝ

      Delete
  13. පොද්දී වස බිලා වෙන්න ඕනේ. කවි ලන්දේ කතාවක් කිවන්න කවදා ඉඳලද මම හිටියේ.

    ඒත් මම හිතුවේ මේ ඇත්ත කතාවක් කියල.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසර්.......... පොඩ්ඩි වස බිව්වෙනම් නෑමයි

      Delete
  14. යකෝ කුතුහලේට හුස්ම යන්න වගේ :ඔ
    මී අය්යා කතාවකට එන්ටෙර් වෙන්න වගේ එල එල :)))

    ReplyDelete
    Replies
    1. අපෝ.... හුස්ම හිරකරගන්න එපා බොල...

      Delete
  15. කෙලිය!. මේක ගොතපු එකක්නෙ.
    මුල් ටික කියවද්දි හිතුනෙම ඇත්ත සිද්ධියක් කියල. එල එල. හොඳ ආරම්භයක්. දිගටම ලියමු.
    මෙන්න මගෙනුත් කුලුඳුල් කතාවට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සඳ..... ඔව් මේක ගොතපු එකක්...

      Delete
  16. පස්ට කතාවක්. කොටස් 4ක් ම හින්දා කියමුද නව කෙටිකථාවක් කියලා? ඵලටම ලියලා තියෙනවා!

    ReplyDelete
    Replies
    1. නව කෙටිකතාවක.. :ඩී...... ඒක හරිම ලොල් සහගතයිද මන්දා..

      තැනිකිව් ඈ

      Delete
  17. කියන්න තරම් අවුලක් නෑ, සුළු සුළු ව්‍යාකරණ දෝෂ හැර

    ReplyDelete
    Replies
    1. ව්‍යකරණ දෝසනම් එමටයි... මට ඇත්තටම ව්‍යකරන පැටලෙනවා..උත්සාහ කරන්නම් ඊලඟ කොටසින් පුළුවන් තරම් වැරදි හදාගන්න

      ස්තිතියි අය්යා

      Delete
  18. ෂෝයි අයියේ හ්ම්ම්..ඉක්මනින්ම ලියන්න ඉතිරියත් :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරූ... ඉක්මනටම ලියනවා

      Delete
  19. නියමයි මී ගොඩයා. කුතුහලයකුත් තියලානේ ඉවර කරලා තියෙන්නේ. ඒ නිසා අනිත් ඒකත් ඉක්මනට ඕන

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් ලියනවා සයුරි... මේ ටිකේ චුට්ටක් විතර වැඩ වැඩියි.. තව දවස් දෙකකින් විතර දාන්නම්

      Delete
  20. කෙටි කතාව ලස්සනට ගලපනවා. ඒත් මැරෙන්න ඕනෙ කෙනා ජීවත්වෙලා ජීවත්වෙන්න ඕනෙ පොඩ්ඩි මලාද? තව කොටස් කිපයක් තියනවා නේ. බලමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අය්යා...

      දැන් කව්ද මැරෙන්න ඔනේ කෙනා?..

      Delete
  21. කුතුහලය උපරිමයි...!සෑහෙන්න ඉක්මනට ගලාගෙන යනව වගේ...!

    ReplyDelete
    Replies
    1. ඔව්.. නවකථාවක වගේ ලියන්නත් පුලුවන් ඒත් වෙලාවයි .. ටයිප් කරන්න තියෙන කම්මැලි කමයි හින්දා.. ඉක්මනට ඉක්මනට ලියනවා

      Delete
  22. ඇයි දන්නෑ අපේ එවුන් සල්වාර් අඳින්න ඔය තරම් ආසා, නේ?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හික්... මෙයාට ආපු ලොකුම ප්‍රශ්නේ... අරෙහේ නිරමලා.. හොඳටම බයවෙලා

      Delete
  23. අනිත් කොටසත් ඉක්මනට දාන්න

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් දානවා

      Delete
  24. මොකද්ද මේ පොඩ්ඩිට උනේ..
    අපි විමසිල්ලෙන්. කතාව සුපිරි !
    ඉක්මනටම ඉතුරු ටිකත් ලියන්ඩ !

    ReplyDelete
    Replies
    1. ඊළනග කොටසෙ මුලම පොඩ්ඩිට උන දේවල් තියනවා.. ඉක්මනටම දාන්නම්

      Delete
  25. කොටස් තුන හතරකුත් තියෙනවා නම් කිව්වත් වගේ මේක කෙටි කතාවක්යැ :D

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා.. අනේ මන්දා.. මොකක් හරි කථාවක් කියල හිතාගෙන කියවමුකෝ..

      තැන්කිව් හසිත

      Delete
  26. ම්ම්ම්...මේකේ මාතෘකාවේ බ යනු දෙක මාරු වෙලා වගේ නේද :)

    ReplyDelete
    Replies
    1. හැදුවා සයුරි ටීචර්...... බොහොම ස්තුතියි :)

      Delete
  27. මතු සම්බනධ කොරලා.. :(

    ReplyDelete
  28. නියමයි...දැනුනා උපරිමව...මතු සම්බන්ධයි නොවැ...

    ReplyDelete
    Replies
    1. තරහ අවසර...ඉක්මනින් ලියන්නම්...

      ඒක නෙවෙයි කෝ සමාකරන් අප්පච්චී

      Delete
  29. නෑනා මස්සිනා අතර මොකක් හරි කේස් එකක්වද්ද ගෙදර එද්දි.. මට හිතුනේ එහෙමලු.. කතාවේ නම නිසා..

    මරු මරු අයියේ.. අනිත් එක ඉක්මනට දාමු... :)

    ReplyDelete
    Replies
    1. එහෙමත් හිතුනද... අනේ මන්දා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා

      Delete
  30. Replies
    1. තැන්කිව් තැන්කිව්

      Delete
  31. අඩො මෙන්න මීයත් කෙටි මෙව්වා ලියන්න පටං අරන් ඈ...

    එළ එළ ඕම යං!!

    කොටස් 4ක් නං කෙටි මෙව්ව එකක් වෙන්නෙ නෑනෙ බං..නවකතාවකුත් නෙවි..අලුත් නමක් දාපං නව+කෙටි~නටි කතා® :D

    ReplyDelete
    Replies
    1. හික්ස්.. නටි කථා....... බටයටත් පුදුම අදහස් නොවැ එන්නේ

      Delete
  32. හරියන්නේ නෑ ඒපාර ඔක්කොම එවුන් කතා මැදින් මතු සම්බන්ධ කරනවා. ඉක්මනට දාපං කුතුහලේ උපරිමයි. කවුද එල්ලිලා/වස බීලා මලේ?

    ReplyDelete
    Replies
    1. අනේ තරහ ගන්න එපා අය්යන්ඩි.. මේක ටිකක් දිග වැඩිනෙ.. ඒකයි කොටස් කලේ

      Delete
  33. කතාව නම් ලස්සනට ගලාගෙන ගියා අයියේ..ඒත් ඉතින් ඉතුරු ටිකත් ඉක්මනටම බලන්න නම් ඔනේ....

    ReplyDelete
    Replies
    1. දවස් දෙක තුනකින් දානවා ... ස්තුතියි නන්ගිය කොමෙන්ට් එකට

      Delete
  34. අඩේ මරු ඈ...තව කතාවක් තියනවාදැන් කියවන්න...මරු මරු

    ReplyDelete
  35. නැහැ නැහැ එල්ලිලා නැහැ නේද මී ගොඩ .. ( ඒ නම කියන එක හරි නැහැ වගේ හිතෙනවා,තියන නම එපැයි කියන්න)
    සුබ පැතුම්..ඔයා ලස්සනට ලියල තියනවා..පෙළගැස්ම..

    ReplyDelete
    Replies
    1. එල්ලිලා නම් නැද්ද කොහෙද.... මීගොඩයෝ කිව්වට පොඩ්ඩක්වත් අමනාප නෑ.. මම ඒ නමට කැමති හින්දනේ දාගත්තේ

      Delete
  36. මාරම ගති නියමෙටම ලියලා තියෙනවා... මුල් ටික දෙපාරක් කියවන්න වුනා පොඩ්ඩි කියන්නේ කාටද කියලා හොයාගන්න.

    කුතුහලය හරියටම දැනෙන විදියට ලියලා තියෙනවා.අර ගබ්සා ගැන කතන්දරයත් මේකට සම්බන්ධ කරපු එකත් ගොඩක් වටිනවා.මම හරිම ආසකරන වැඩක් තමයි ඊළඟ කොටස අනුමාන කරන එක.

    මේ කතාව හැටියට මට හිතෙන්නේ පොඩ්ඩිටත් බබෙක් හම්බුවෙන්න ඇවිත් අදාල පුද්ගලයා පිටුපෑම නිසා මියෑදෙන්නට ඇති කියලා.ඒ පුද්ගලයා අර පාලිත වෙන්නත් පුළුවන්...

    එහෙමත් නැත්තම් මේකට හමුදා සෙබලෙකුත් කොනකින් ගෑවිලා ඉන්න හින්දා ඒ පුද්ගලයාගේ ප්‍රහාරයකින් මිය ගිහින්ද කියලත් හිතෙනවා...

    ඔයා සෑහෙන්න සාර්ථකයි අයියේ.... මේක කියවද්දි අර කසිප්පු සීන් එකේ දෙවෙනි කොටසට කරපු වැඩේ මතක් වෙලා හිනාවකුත් ගියා....

    ජය වේවා ....

    ReplyDelete
    Replies
    1. ගැමි මල්ලිට ලස්සනට ප්‍රබන්ධ ගොඩනගන්න පුලුවන් කියලා අපිට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ... ලන්කාවෙ මේ දක්වා කියවපු හොඳම විද්‍යා ප්‍රබන්ධයේ රචකය ගැන තව මොන කථාද...

      ඔයා ටිකක් හිතල තියෙනව හරිද මන්දා

      Delete
  37. අඩුපාඩුවක් නම් දැක්කේ නැහැ නියමයි මචෝ
    ඉතුරු ටිකත් ඉක්මනට ලියෝ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශා.. ඉක්මනට ලියන්නම්

      Delete
  38. හොද ආරම්භයක් මල්ලී...

    ReplyDelete
  39. මීගොඩයා ලෙසටම ආරම්භය අරන් තියෙනවා... එළ...

    ReplyDelete
  40. මම අදනේ මේක දැක්කේ පට්ටය..පට පටය...

    ReplyDelete