Saturday 7 July 2012

බඹසර පූජා... (දෙවන කොටස )

පලමු කොටසට මෙතනින් 

නානකාමරය අසල බිමවැටී සිටි පොඩ්ඩි අසල දන ඔබාගත් නිර්මලා ඇයගේ මුහුනට තට්ටුකලාය. පොඩ්ඩි සෙලවුනේද නැත.. ඉක්මනින් කරාමයෙන් වතුර ටිකක් අත්ලට ගත් නිර්මලා එය පොඩ්ඩීගේ මුහුනට ඉස්සාය .. එහෙත් පොඩ්ඩි සෙලෙවුනේවත් නැත.. බියට පත් නිර්මලා ඉක්මනින් මිදුලට බැස්සෙ කිසිවෙකුගේ පිහිට පතමින්..

ඉතා ගම්බද ප්‍රදේශයක් වූ එහි නිවෙස් දෙකක් අතර දුරද සෑහෙන පමන විය.. වේගයෙන් අසල සිරිපාල අය්යගේ නිවසට ගිය ඇය ඔව්න්ගේ පිහිට පැතුවාය.. සිරිපාල සිය බයිසිකලයට නැගී ත්‍රී රෝද රියක් ගෙන ඒමට ගිය අතර සිරිපාලගේ බිරිඳ කමලා හා නිර්මලා පොඩ්ඩී වෙත ආවෝය..

සිරිපාල සමග ආ ත්‍රී රෝද රියට පොඩ්ඩී ඇතුලු කරගත් නිර්මලා හා කමලා කුරුණාගල රෝහල බලා පිටත් වූ අතර සිරිපාලද මිතුරෙකුගේ මෝටර් සයිකලයක නැගී කුරුණෑගල රෝහල කරා පිටත් විය

පොඩ්ඩී ට්‍රොලියකදමා රෝහල ඇතුලට ගෙන ගිය විට නිර්මලා හා කමලා වාට්ටු කොරිඩෝරයේ රැදී සිටියේ නොඉවසිල්ලෙනි.. ඒ අතර සිරිපාලද ඔව්න් හා එක්විය

විනාඩි 5කින් පමණ නිර්මලා සිටි තැනට හෙදියක් පැමිණියාය..

ලෙඩාගෙ භාරකාරය කව්ද?
මම එයාගේ අක්කා  නර්ස්
ඩොක්ටට පොඩ්ඩක් කථා කරන්න ඔනෙලු

නිර්මලා වහා වාට්ටුවට ඇතුළු විය

කරුණාවන්ත පෙනුමක් ඇති මැදි වියේ වෛද්‍යවරිය නිර්මලා දෙස තියුනු බැල්මක් හෙලුවාය..

වාඩිවෙන්න....
කොහොමද ඩොක්ට මගේ නංගිට
මට ඉස්සෙල්ලම කියන්න කොහොමද මේ අනතුර උනේ කියල..
විස්තර කියන්න දන්නේ නෑ ඩොක්ටර් .. මම වැඩ ඇරිල එනකොට නංගී බිම වැටිල හිටියා.. හෙල්ලෙන්නෙවත් නැති හින්දා අරගෙන ආවේ..
කියන්න කනගාටුයි .. ලෙඩාව ඉස්පිරිතාලෙත ඇතුලත් කරන්න පැය 3කට කලින් තමයි අන්ත්‍රා වෙලා තියෙන්නේ...

නිර්මලාට ලෝකයම තමාවටා කැරකීයනවාක් මෙන් දැනුනි.. අනේ මගේ නංගියේ....... නිර්මලාගේ විලාපයට මුළු වාට්ටුවම දෙවනත් විය..

ඇයට නිදහසේ වැලපෙන්නට ඉඩහල වෛද්‍යවරිය හෙදියක් අත සිරිපාලට පනිවිඩයක් යැව්වාය...
මෙය සාමාන්‍ය මරනයක් නොවන නිසා දේහය පරීක්ෂණ සඳහා යොමුකල යුතු බවත්, ඒ සඳහා පොලීසියෙන් පැමින නිර්මලාගෙන් කට උත්තරක් ලබාගන්න තෙක් සිටිය යුතුබවත් හෙදිය සිරිපාලට පැවසුවාය.. සිරිපාල හිස වනා එය අනුමත කරදී කමලා ගොස් නිර්මලාව වත්තම් කරගෙන විත් කොරිඩෝරයේ බංකුවක් මත ඉන්දවීය..
ඒ අතර තුර වැලපෙමින්ම නිර්මලා සේනකගේ දුරකතනයට ඇමතූ නමුත් එක ක්‍රියා විරහිත වී තිබුනි. දෙවනුව තම පියාට දුරකථන ඇමතුමක් ගත් නමුත් වචන පිට නොවීය.. නිර්මලාගේ අතින් දුරකතනය ගත් කමලා නිර්මලාගේ පියාට සිද්දිය විස්තර කලාය.. 
*********
පැයකට පමන පසු කුරුනෑගල පොලීසියෙන් පැමිනෙන විට නිර්මලාගේ විලාපය සිහින් ඉකිබිඳුමක් වී තිබූ අතර අවුල්වූ මනසින් යුත් ඕ කමලාගේ උරහිසට වාරු වී සිටියාය

මිසිස් ගුණසේකර... ඒ නිර්මලාට විවාහයෙන් පසු ලද සේනකගේ පෙලපත් නාමය විය..
අපිට බොහොම කනගාටුයි සිද්ධිය ගැන.. මිසිස් ගුණසේකර අපිට මේවෙලාවෙ දන්න විස්තර ටික කියනවනම් හුඟක් වටිනවා.. දොස්තර කියන විදියට ඔලුව පිටිපස්සට වැදුනු පහරක් නිසා මේ මරණය සිද්ද වෙලා තියෙන්නේ.. බොහෝ දුරට මිනී මැරුමක් වෙන්නත් පුලුවන්... මිසිස් ගුනසේකර අපිට දැම්මම විස්තර කියනවනම් අපිට ලොකු උදව්වක් වෙයි සිද්දිය සුල මුල හොයාගන්න

අහන්න ඉන්ස්පෙක්ටර් මම දන්න විස්තර කියන්නම්.. 
නිරමලා බිදුනු හඬින් පැවසුවාය... 
 
මුලින්ම නංගිගේ නම කියන්න
සඳලි සිතැත්මා සමර සේකර... 
සඳලි කොච්චර කල් වෙනවද මිසිස් ගුණසේකරලත් එක්ක පදිංචියට ඇවිත්
මාස පහක් විතර..
නන්ගිට පෙම්වතෙක් හිටියද?
නෑ ඉන්ස්පෙක්ටර්.. නන්ගිට තාම වයස 24යි... එයයි මමයි හරිම කිට්ටුවෙන් ආශ්‍රය කලේ.. එයාට එහෙම දෙයක් තිබ්බනම් මට නොකිය ඉන්නෙ නෑ.. එයා හැමදාමත් කිව්වේ මිනිස්සු විස්වාස කරන්න බෑ.. ඒ හින්දා අම්මල හොයල දෙන කෙනෙක්ට කැමති වෙනව කියලා..


පොඩ්ඩී එසේ කියන්නට හේතුව පාලිත විසින් තමාට කල වංචාව බව හොඳටම දැන හිටියත් නිර්මලා ඒ බව නොපැවසුවාය
 
හොඳයි.. මිසිස් ගුණසේකරට කාව හරි සැකද...
මමවත් නංගිවත් කාටවත් වැරද්දක් කරලා නෑ ඉන්ස්පෙක්ටර්... අපි ගමේ කාත් එක්කවත් වැඩි ආශ්‍රයක් නෑ.. පාඩුවේ ජීවත් උනේ.. මට මොකුත් හිතාගන්න බෑ..

හොඳයි ගෙදර බඩු මුට්ටු මොකුත් නැතිවෙලා තිබ්බද..
මට බලන්න වෙලාවක් තිබ්බෙ නෑ...
හොඳයි ගෙද
ගිහාම අපි බලමු.. දැනටමත් මිසිස් ගුණසේකරලගෙ ගෙදරට පොලිස් ආරක්ශාව යොදලයි තියෙන්නේ..


මිසිස් ගුණසේකරට පුලුවන් දැන් නගිව බලන්න.. හැබැයි අල්ලන්න එපා.. පිටතින් පේන්න වැදගත් දෙයක් තිබ්බොත් අපිට කියන්න..

නිර්මලා ඉන්ස්පෙක්ටර් සහ තවත් පොලිස් කාන්තාවක් සමග මෘත ශරීරා ගාරයට ඇතුලුවිය.. එහි සේවකයෙකු සඳලිගේ දේහය වසා තිබූ රෙද්ද ඉවත් කලේය

සිය නැගනියගේ නිසල දේහය දුටු නිර්මලාට නැවතත් හැඩුම් අවාය.. අසල සිටි පොලිස් කාන්තාව ඇයගේ උරහිසට අත තබා සන්සුන් කලාය..

සිරුර දෙස බැලූ නිර්මලාට පොඩ්ඩීඑ පැලඳ සිටි රන් මාලය ඇගේ ගෙලේ නොමැති බව පෙනුණි.. ඇය වහා පොලිස් නිලධාරියාට දැන්විය..

ඒ සමග ඇයට යමක් මතක් විය.. පෙර දින නානකාමරයේ කරාමය අක්‍රීය වූ බවත් එය සැදීමට සිය නිවසට මදක් ඈතින් පිහිටි බාස් කෙනෙකුට පැවසූ බවත්.. ඔහු අද දහවල් පැමිණ පිළිසකර කරදීමට පොරොන්දු වූ බවත්.. පොඩ්ඩී නිවසේ සිටින නිසා ඇය ඊට එකන්ග වූ බවත් ඇයට මතක් විය.. ඇය වහා පොලිස් නිලධාරියාට එය දැන්නුවාය..

නිර්මලාත් ඉන්ස්පෙක්ටර් වරයාත් පොලිස් කාන්තාවත් වහා නිර්මලාගේ නිවසට පමිණියෝය.. කරාමය පරික්ශාකල නිර්මලා පැවසුවේ එය පිළිසකර කර ඇති බවය..


වහාම පොලිස් කන්ඩායම බාස්ගේ නිවස බලා පිටත් විය..
ඒ අතර නිර්මලාගේ දුරකථනය නාද වෙන්නට විය.. ඒ සේනකය

මතු සම්බන්ධයි

ප. ලි. ල
ලියන්න පටන් ගත්තට මේවයෙ නීතිමය පැත්ත ගැන මට තියෙන දැනුම අඩුයි.. ඉතින් වැරදි මොනව හරි තියනවනම් සමාවෙලා දැනුවත් කරන්න ඈ :ඩී

53 comments:

  1. හනේ...දෙයියනේ..පොඩ්ඩි මැරුණා නේ.. :( ඊලග කොටස ඉක්මනින් දාන්න...

    ReplyDelete
    Replies
    1. මරිලද.. මරලද... තව දවස් දෙක තුනකින් උත්තර හම්බවෙයි

      ස්තුතියි රෙහානි

      Delete
  2. ටිකක් හදිසියෙන් ලියපු ගතියක් පේනව. ස්පෙලින් මිස්ටේක් ටිකක් තියනව.
    ඔය වගේ සිද්දියක් සම්බන්ධයෙන් ඉස්සෙල්ල කටයුතු කරන්නෙ රෝහල් පොලිසිය නේද? මගේ හිතේ ලංකාවෙ හැම ප්‍රධාන රෝහලකම රෝහල් පොලිසියක් තියනව.
    ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වෙරි මච් මචන් විස්තරේට.. ඇත්තටම මට රෝහල් පොලීසිය ගැන අමතක උනා..ස්පෙලින් මිස්ටේක් හුගක් හැදුවා.. අයෙ කියවන්න කලින් පබ්ලිෂ් උනා.. ඒකයි අව්ල...

      Delete
  3. පළමු කතාව එදාම කියෙව්වත් කමෙන්ට් කරන්න පොඩ්ඩක් ප්‍රමාද වුනා...
    ඒකෙන් දෙවෙනි කොටසත් බලන්න හැකි වුනා..

    බිය ගෙන දෙන සිදුවීමක්!!

    ReplyDelete
    Replies
    1. ත්‍රාසය ,, බීතිය , කුතුහලය.. හැමදේම ඇතුලත්වෙයි ඉලඟ කොටසට.. රැඳී සිටින්න

      Delete
  4. kathawa lassanai....itiri kotasath ikmanata danna hode.......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරලියා.. ඉකමනටම ලියන්නම්

      Delete
  5. ඔන්න කතාව අයියා නොහිතපු විදිහකට වෙනස් කලා..ටිකක් වෙනස්ම විදිහක කතාවක් කියලා හිතෙනවා..කතාව ගලාගෙන යන විදිහ‍ට නම් ඉතුරු ටික කියවනකම් ඉවසිල්ලක් නෑ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ස්තුතියි නගේ... අපි බලමු මොකද වෙන්න කියල

      Delete
  6. අයියෝ :(

    එල එල...මේ රහස් පරීක්ෂක කතාවක් නේද? මරු ඈ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙම වෙයි.. හැබැයි තව කොටස් දෙකකින් වගේ ඉවර වෙයි

      Delete
  7. හොදයි මචං.. හොදට ලියලා තියෙනවා...
    අවසානය ගැන තවම හරියට හිතන්න අමාරුයි .. මිනීමරුවා අක්කාගේ හස්බන්ඩ් ද මන්ද...

    ජය

    ReplyDelete
    Replies
    1. බලමු නේ.. කලින් කියන එක හරි නෑනේ

      Delete
  8. මේ වගේ කතා හින්ද මන් බ්ලොග් කියවන්න අබ්බෙහි වෙලා ...........

    ReplyDelete
    Replies
    1. හෑ බ්ලොග් ඇඩික්ටඩ්... මටත් තියෙනවා

      Delete
  9. මම හරිම කැමතියි කුතුහලය සහිත කතා වලට. ඉතුරු කොටස් එනකනුත් බලන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. කුතුහලය විතරක් නෙවෙයි.. ත්‍රාසය.. භීතිය.. තව දේවල් හුඟායි..

      ඒක නෙවෙයි කාලෙකින් ඒපැත්තෙ මොකුත් තිබ්බෙ නෑ.. ඇයි ඒ

      Delete
  10. අයියෝ.. මම හිතුවෙ සිහිය නැතිවෙලාවත් ඇති කියලා. මැරිලානේ. මරුවට ලියලා තියෙනවා ඈ... . ඵල!

    ReplyDelete
    Replies
    1. අපි හිතන දේවල්ම වෙන්නෙ නෑ ලහිරුවෝ.. බලමුකො මොකද වෙන්නෙ කියල ඉස්සරහට

      Delete
  11. හොදට යනවා කතාව එල එල

    ReplyDelete
    Replies
    1. තැන්කිව් රොබිනා

      Delete
  12. අඩේ රහස් පරීක්ෂක කතාවක් වෙන්නයි යන්නේ මම මාර ආසයි ඈ... වටිනාම තැනින් නවත්තලනේ අප්පා... සෑහෙන්න කුතුහලාත්මකයි.දැන් සෑහෙන්න ගැටළුවක් ඊළඟ කොටස අනුමාන කරන්න ගියාම.අර ගෙදරට ආපු බාස් මේක කලා වෙන්න ඇතිද??
    ම්ම්ම් ඒකත් හොඳ සැකයක් තමා ඒ වුනාට එයා වෙන්න බෑ....

    තාමත් මගේ සැකය පාලිත හා සේනක වෙතට යොමුවෙලා තියෙනවා... ඊළඟ කොටස එනකන් බලාගෙන ඉන්නවා.ජයවේවා අයියේ

    ReplyDelete
    Replies
    1. මලේ උබත් එක්ක බෑ බන්.. ඉදල හිටලවත් නොමග පලකෝ...

      හැබැයි උබේ අනුමානය වරදින්නත් පුලුවන්.. තව වරිත ඉන්නවා කරලියට එන්න

      Delete
  13. කතාව කියවගෙන යනකොට ටිකක් මඥ්ඥං උනා.
    බැලින්නම් මුල් කොටස කියවලා නෑ. ඒකත් කියවගෙන එන්නම්.

    මී + ගොඩයා = මීගොඩයා උනාම හොද නැද්ද. එක නමක් උනා නම්...

    ReplyDelete
    Replies
    1. දැන් තේරුනානේ.. එල

      නම සිංහලෙන් දාගන්න ඕනේ

      Delete
  14. හප්පා.. හිතපු දෙයක් නෙමෙයි නේ උනේ.. මරු මරු.. රහස් පරීක්ෂක ඒවට මම කැමතී නේ ඉතින්.. :)

    ReplyDelete
    Replies
    1. සිතු දේ නොම වෙයි නොසිතු දේයක් වෙයි...

      බලමු නේද මලේ ඉස්සරහට මොකෑ වෙන්නේ කියලා

      Delete
  15. හොඳයි හොඳයි සහෝ! නියම කතාව..

    ReplyDelete
  16. එල එල!! උඹ මාවත් මේකට ඇදලා තියා ගන්නවා!! දිගටම ලියපං මීයො!!

    ReplyDelete
    Replies
    1. හප්පේ.. බුදු බොක්කක් බ්ලොග් එකට ඇවිල්ලා.... එල එල.. මම මේක අම්බලමෙත් දැම්ම

      Delete
  17. අඩෝ උඹ ශර්ලොක් අයියාගේ බාල මිනිබුරා වගේ නේ බන් :ඩ්
    එල එල ඊළඟ එකත ඉක්මනට මෙව්වා කරහං

    ReplyDelete
    Replies
    1. මම මී මුණුබුරා බං... ඔය නමෙත් කෑල්ලක් තියෙන්නේ

      Delete
  18. එල එල... දැන් නම් මේකේ කියවන එව්වා එලම කිරි. ජයවේවා!!!

    ReplyDelete
  19. මං කිව්වේ මලා තමා කියලා... ටක්කෙටම හරි නේ.. :-)

    මරලා තියෙන්නෙ අරූ... අර ගෙදරට ආවේ. බලමු හරිද කියලා :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔය මලාමලු බං... පව් නේද

      හරි හරි බලමුකෝ කව්ද කියල... රජාද මන්දා... මට උබව ඈදන්න හිතයි, බොලාගේ ගෙවල් පැත්තෙත් හින්දා වැඩේ ලේසියි

      Delete
  20. කුතුහලය/භීතිය/ශෝකය/ ඔක්කොම කැටි වෙලා තියෙනවා.. ඊලග කොටසත් බලමු....

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට තව තව එව්ව තියනවා

      Delete
  21. එළට යනවා වගේ...ඊලග එකත් දාමු ඉක්මනටම..

    ReplyDelete
    Replies
    1. ලියන ගමන් ඉන්නේ ඉක්මනට දාන්නම්

      Delete
  22. හරි හරි ලියන්න තාම නිතිමය තත්වය ඕනෙ වෙලා නැහැ ඒවා ඉදිරියට ලියමු.

    ReplyDelete
    Replies
    1. අය්ය ඉන්නකම් ඉතින් නීතියට භයවෙන්න දෙයක් නෑ...

      Delete
  23. මම මුකුත් කියන්නෙ නෑ. ඔය රහස් පරීක්ෂක කතා ලියන එවුන්ගෙ වැඩේ පාඨකයව පුලුවන් තරම් නොමගයවලා අන්තිමට මේ නහය ඉස්සරහ තිබ්බ නොදැකපු දෙයක් වැරදි කාරයා කරන එකනෙ. හික්ස්!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මම එච්චර දක්ස නෑ මචං

      Delete
  24. එකතැන කැරකැවෙන්නේ නැතිව කතාව ගලාගෙන යන නිසා කියවන්න ආසයි..!!
    ජය වේවා.!!

    ReplyDelete
  25. හොඳ කතාවක්.......කෙටිකතාවක්නම් නෙවෙයි වගේ.....

    ReplyDelete
    Replies
    1. ඔව් සුමිත් අය්යා... හිතුවට වඩා ටිකක් දික් උනා

      Delete
  26. මම හීනෙන්වත් හිතුවේ නැහැ ඒ අහිංසකිව මරාවි කියල. කවුද ඒ පාපතරයා..

    ReplyDelete
    Replies
    1. මරලම කියල සුවර්ද අසාර්... නිකන් මැරිල වෙන්න බැරිද..

      Delete
  27. ෂර්ලොක් හෝම්ස් .. ඉතිරිටික කියවමුකො..

    ReplyDelete
    Replies
    1. අලේ ඔහොම කියන්න එපා අය්යේ.. ලැජ්ජත් හිතෙනවා.. @ නියපොතු හපමින්

      තැන්කිව් ඈ

      Delete