Monday 27 August 2012

සාපයකට අතවනන ජාතියක්

බලන දස අත
ඇස ගැටේ නිති
විඳවමින් උන්
නෙක දනන්

නුවර වට කොට
නේක සැනකෙලි
අසිරියෙන් රට
පුරවමින්

සම්මතේ වැරැද්දෙන් ( X )
ජීවිතේ සුව සදන්
කුවෙර ලෙස වසයි උන්
සාටකේ කර දරන්

නගින බඩු මිල
දෙස නියෝගෙන
සාප කෙරුවත්
හෙන පතන්

හෙටත් පෙර ලෙස
සාදු දීගෙන
කතිරෙ ගසනවා
මේ දනන්

බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

30 comments:

  1. ගහලත් බැරි නොගහත් බැරි කතිරේ....
    කවි වැඩිය කියවන් නැති උනත් මේක නම් කියෙව්වා....

    ReplyDelete
    Replies
    1. ඒ මොකද නොගහ බැරි? මම නම් කවදාවත් ගහලා නෑ තාම. වැඩක් නැති නිසා... සිරා කවි ටික!

      Delete
  2. අපේ උන්ව හදන්න බැහැ කොහෙත්ම ,ඊලග පාරත් මුන්ටම දේවී ....

    ReplyDelete
  3. දැන දැන අපිත් කරන්නෙ ඕකමනේ..

    ReplyDelete
  4. සුබ අනාරතයක් ! :)

    ReplyDelete
    Replies
    1. රට පෙරට අපි වලට

      Delete
    2. රට පෙරට නම් බං ඉතිං අපි වලට ගියත් හිත හදාගන්ට බැරිය කමක් නෑ කියල. වැඩේ තියෙන්නෙ පවුල පෙරට, රටයි අපියි වලට එකනේ.

      Delete
    3. කොයි එකා කලත් ඔච්චර තමයි බං.. මං අයේ චන්දයක් දෙන්නෙ නෑ මලාට

      Delete
  5. මම කියන්නේ මෙච්චරයි. කොච්චර කිව්වත් අපේ උන් අහන්නේ නෑ. ඒ වගේමයි විදවද්දී. ඒ වුනත් කවදාවත් පාඩමක් ඉගනගන්නේ නෑ. හැමදාම චන්දෙ එද්දී මුන්ට ඔය සේරම ආයේ අමතකයි... පාට මතකයි.

    ReplyDelete
  6. මගෙන් නම් ප්‍රතික්ෂේපිත ඡන්දයක්......... ඔක්කොම එකයි
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  7. ලංකාවේ මිනිස්සුන්ට ඕන දෙයක් මතක දවස් 14යි නෙහ්...
    ඒකයි ඔය අවුල !

    ReplyDelete
  8. //හෙටත් පෙර ලෙස
    සාදු දීගෙන
    කතිරෙ ගසනවා
    මේ දනන්

    අනේ ද කියන්නේ..
    රැවුලටනේ ඡන්දෙ දෙන්නේ අපේ උං..

    ReplyDelete
  9. ##$%^&*@#$&%&% ........ඔන්න ඕව තමයි කියන්න තියෙන්නෙ...වෙන මොනව කියන්නද...........??

    ReplyDelete
  10. ඕකෙ ඉතින් වෙනසක් නෑ.දුප්පතාම දුප්පතාම තමයි.ඒ තත්වයෙන් මිදෙන්න පුළුවන් හොදම විදිහ තමයි දුප්පතා දැඩි කැපවීමෙන් පොසතෙක් වෙන්න උත්සාහ කරන එක....

    ReplyDelete
  11. චන්දය දීමට මනාපයක් නැත :(

    ReplyDelete
  12. කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල...

    ReplyDelete
  13. මම චන්දෙ දෙන්නේ නැහැ :)

    ReplyDelete
  14. මම නම් චන්දෙ දීල නෑ..දෙන්නෙත් නෑ..ඒත් අනිත් අය ගැන නම් දුකයි.

    ReplyDelete
  15. මෝඩකමට බෙහෙත් කොයි වෙදකමකවත් නැත..

    ReplyDelete
  16. සහතික ඇත්ත...

    ReplyDelete
  17. දුගී පැලකින් - නැගෙන සෝ ගිනි
    නැතේ කිසිවිට - මන්දිරේ

    ඔවුන් වැජඹෙති - කමින් තු‍ටු වෙති
    කර දරාගෙන - සාටකේ

    කැරට් පෙන්වා - හදත් ගෙන්වා
    ගනියි දන හද - මනාපේ

    ඉතින් ඉන්පසු - අන්ධ බිහිරිය
    නැවත එළබෙයි - සාගතේ

    අහෝ දෙවියනි - කුමක් කරමුද
    පන්නා දැමුමට - හැතිකරේ !!!

    ReplyDelete
  18. පැමිණි කල ඒ ඡන්ද කෙරුමන්
    ගෙපැල වෙත පා විසල් මදහස්
    අපිට නේදැයි මේ සැරෙත්
    අසන විට හුරතල් බලා චූටි උන්ගෙ
    කවුද බැන්නේ... කවුද ගැහුවේ
    කෑ උනත් දිපු ලණු උන්...

    ReplyDelete
  19. මම හරක් මස් කන්නේ නෑ!ඒත් මේ චන්දෙ ඉල්ලන් එන උන දැක්කහම මුන්ව මරාගෙන කන්න හිතෙනවා බං!

    ReplyDelete
  20. අපිට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  21. මම ජන්දේ දීලත් නැහැ දෙන්නෙත් නැහැ ඉල්ලන්නම් හිතේ තියෙනවා ඕන් ගෑනිගෙන් ගුටිකන්න බැරි නිසා සද්ද නැතිව ඉන්නවා.


    පලි. මීගොඩ අයියේ ලොකු පුරස්නයක් මම මේ දැන් ආවේ ප්‍රොක්සි එකක් දාල වැඩිහිටියන්ට පමණයි ලේබල් එකක් වැදිලානේ පරසතු උයනට මම එවන්නම් ස්ක්‍රීන් ෂොට්ස් පොඩ්ඩක් හොයල බලන්න

    ReplyDelete
  22. මම නෑනෙ ඔව්වට...

    ReplyDelete
  23. පක්ස විපක්ස කවුරුත් අපිට ආදරේ නැත
    උන චන්දය ඉල්ලන්න එන්නේ උන ගොඩ යෑමටය
    අපිට තියෙන ආදරේට මොකෙක් හෝ චන්දය ඉල්ලන්න ආවත් කල් යන විට ඒ ආදරය තවත් එක ආදර අන්දරයක් ලෙස වැළලී යාවි :/

    ReplyDelete
  24. හැමදාම එහෙමමයි
    අපෙ රටේ ජනතාව
    වැරදි ලකුණක් ගසා
    යවයි ඉස්තාලයට

    ReplyDelete
  25. ඕවට අපි නැහැ ඔන්න.. :)

    ReplyDelete
  26. kaata kiyannada owa.........

    ReplyDelete