Sunday 9 September 2012

එන්න,... මානස විල කළඹන්න

















මානස විල්තල කළඹන මඳ නල
ඇදී ඇදී... ඇවිදින්.........
හද විල නළවන ආදර ස්වරයක
පහස පතා සක්මන්.........
ජීවන කතර පුරා..... සක්මන්

විල්තෙර රඟදෙන තිසර රැඟුම් දැක
ආලනුරා හැඟුමන්..........
සිත තුල සොඳුරු සිහින මවමින්.... සක්මන්....
සසර පුරා... සක්මන්....
නිරතුරු , සසර පුරා... සක්මන්....

සුරත් තඹුරුමත චුම්ඹන දවටන
බඹර රැඟුම් දකිමින්......
හද විලමලක පහස පතමින්... සක්මන්....
සසර පුරා සක්මන්......
මල්හී වදින තුරා සක්මන්....


87 comments:

  1. මනසනන් ලෙසටම කැලඹුනා බන් ඈ... :D

    ReplyDelete
    Replies
    1. ලෙසටම.. තැන්කිව් ඈ

      Delete
  2. වදීවි වදීවි මල් හී ....හේ හේ මරු මරු.. (නිසඳස )

    ReplyDelete
    Replies
    1. හී හී.. තැන්කිව් ඈ

      Delete
  3. මල්හී වදිනකම් තමයි කවුරුත් බලන් ඉන්නේ...වැදිලා ගලවගන්න බැරුව දඟලන අයත් ඉනවානේ. කවියේ පද ටික මාරම ලස්සනයි. ප්‍රවීණ ගතිලක්ෂණ පෙන්නුම් කරනවා. සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ප්‍රවීණ ගතිලක්ෂණ :O

      Delete
  4. පරසතු උයනේ මම දැකපු ලස්සනම නිර්මාණය... අද නම් කියන්න වචන නෑ.... ලස්සනම අදහසක්... ලස්සන පද පෙලකට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තාරා!!!

      පහුගිය පෝස්ට් එකට තාරා කොමෙන්ට් එකක් දාල තිබ්බ කවි ලන්දට වැඩිපුර කැමතියි කියලා.... මම හිතන්නේ කතන්දර ලියවෙන හින්ද වෙන්න ඇති... ඔන්න ඉස්සරහට වැඩිපුර ලියවෙන්නේ කවි තමයි

      Delete
  5. ඔන්න මාත් ආවා, කැළඹෙන්න.

    ReplyDelete
    Replies
    1. ඉතින් කැළඹුනාද නැද්ද කියල නෑනේ

      Delete
  6. හද විල කලඹන පෙම් ජාල රේඛා
    ඒ විල මැද සිතල සඳ රේඛා
    දෑසෙහි තවරා ආදර රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

    ReplyDelete
    Replies
    1. මේවගේද දැනුනේ.. ඒකත් නරකම නෑ

      Delete
  7. පට්ටම වචන ටිකක්....නන්දා මාලනියට දුන්නොත් අනිවා කියනව ශුවර්.

    ReplyDelete
  8. සුර අසුර යුද්ධයේදි කිරිමුහුද කැලඹුවා වගේ මේකත් කලම්බමු !!!

    ReplyDelete
    Replies
    1. නයෙක් කොහෙන්ද හොයාගන්නේ

      Delete
  9. මල් හී එන්න එපා මෙහෙනං...
    ආදරේ මට තහනං!!!!

    ReplyDelete
    Replies
    1. පහුවෙනකොට ඕක ඇරිල යයි

      Delete
  10. "බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං"
    මෙන්න මේ කෑල්ල අයින් කොරහන් බන් . . කැතේ බැරුවා . .
    යමක් ලිහන්න ඕන කියලා හිතෙන උන් ඕක දැක්කා නොදැක්කා ලිහනවා.
    උඹ පිංසෙන්ඩු වෙවී ඉල්ලන්න දෙයක් නෑ . .

    ReplyDelete
    Replies
    1. ඕං අය්යෙ අයින් කලා... තැන්කිව් ඈ.. උම්ම්ම්ම්ම්මා

      Delete
  11. සින්දුවකට කියාපු පද පෙල ඕයි . . පට්ට ම පට්ට . .

    ReplyDelete
    Replies
    1. තැන්කිව් අයියා... :ඩ්

      Delete
  12. මේක අමුතුම නිර්මාණයක් මාර ලස්සනයි.... කවි ටික කියවනකොට නිකමට හිතුවා මේක අමරදේව ශූරින්ට කියලා කියෙව්වනම් කොච්චර ලස්සනට තියෙයිද කියලා.ඇත්තටම කියන්න කෙනෙක්ව හොයාගත්තනම් සිංදුවකට නියමෙට ගැලපෙනවා...

    //සුරත් තඹුරුමත චුම්ඹන දවටන
    බඹර රැඟුම් දකිමින්......
    හද විල, මලක පහස පතමින්... සක්මන්....
    සසර පුරා සක්මන්......
    මල්හී වදින තුරා සක්මන්...//

    ගොඩක් දේවල් හිතාගත්තෑකි ඕං.... වටේ පිටේ දකින සම්භාව්‍ය පෙම් ජවනිකා නිසා මොකාක් හරි වේගෙන එනවා වගේ ඈ... ඔය ඊතලේ දැනටමත් වැදිලා ඇත්තෙ මගෙ හිතේ

    ReplyDelete
    Replies
    1. මම් ලියපු කවියක් හරියටම කමෙන්ට් කලානම් ඒ ගැමිය මලය හා දම්මි අක්කා තමයි.... අදත් උඹ හරි මලේ ... හැබැයි අර දැනටමත් වැදිල කියන ටික ඇර ( මට ඌ විදින්නේ අනුන්ට විදපුවයින් බං )

      මම මේ සින්දුවේ මුල පද ලියල ඉවර උනහම මටත් හිතුනේ මේක අමරදේව මාස්ටර්ගේ හඬින් අහන්න තිබ්බනම් කියලා... ඒක ඉතින් මගේ ළපටි මොලේට ආවා බොළඳ ආසාවක්

      Delete
  13. මානස විල තියෙන්නේ පරසතු උයන කිට්ටුවමද?

    ReplyDelete
    Replies
    1. ඔව්නේ පරසතු ගස්වලට වතුර ගේන්නේ මානස විලෙන්

      Delete
  14. කාලෙකින් මගේ හිතට සමීප වුනු කවක් ......

    ReplyDelete
  15. අප්ෆට.....

    යකෝ මගේ ඔය මොකද්ද විල කැළඹිලා මෙන්න දෝරේ ගලනවා...

    සුපිරි ඈ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ටිෂූ එකක් අරගෙන දෝරෙගලන එව්ව පිහිදගනින්

      Delete
  16. අඩේ මාර පොරක් වෙලානෙ..
    මටනං තේරුන්නැහැ...බං..!

    ReplyDelete
    Replies
    1. ගැමි මලයගෙ කොමෙන්ටුව බැලුවනම් තේරුම්ගන්න ලේසිවෙයි වී

      Delete
  17. සින්දුවක් කලා නම් නියම පද ටික..
    කොහොමත් කවි ලියන්න ඔබට හොඳ හැකියාවක් තියනවනේ..
    ජයෙන් ජය! :)

    ReplyDelete
  18. පට්ට කවක් නියමයි.....

    ReplyDelete
  19. හරිම ලස්සනයි..මානස විල ඇත්තටම තියෙන්නෙ කොහෙද ?

    ReplyDelete
    Replies
    1. හය්යෝ දීපන්කෝ උත්තර,,,,

      හින්දු ආගමික කථාවලට අනුවනම් මානස විල කියන්නේ උතුරු කුරු දිවයිනේ තියන විලක්,,, අපේ ජාථක කථාවලත් මානස විල ගැන කියවෙනවා... සමහරු කියනවා මානස විල කියන්නේ අනවතප්ත විලටමයි කියලත්

      හරිම විස්තරේ හසිත දේවි

      Delete
  20. සින්දුවක් මතක් උනා නිසඳැස කියෙව්වම!
    \\..තිසරූ පිරී වනවිල් සැලී
    පැවසූ හැඟුම් ආදරේ
    සිතෙහී වෙලී පවනේ ඇදී
    සඳමෙන් බැදී මා හා රැඳී..\\

    තේරුණ විදියටනම් මේ ලඟින් යන අදහසක් තියෙන්නේ නේද??
    :D

    ReplyDelete
    Replies
    1. දේකේම උපමා එක උනාට අර්ථය වෙනස්.... මර්වින් පෙරේරා ගායනා කරන ගීතය අතීත මතක ස්පර්ෂ කරන ගීතයක් විරහව තමයි ගීතය පුරාවට කියවෙන්නේ.. මේ කවිය පුරාවට තියෙන්නේ ප්‍රර්ථනාවක් විතරයි

      Delete
    2. හරියටම හරි, නියම පද ටික මලේ...

      Delete
  21. ගීතයක් නෙවද?? මට නම් හිතුණේ ම ගීතයක් කියලා!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ගීතයක් නෙවෙයි මචං... තාමනම් නිසදැසක් විතරයි

      Delete
  22. කවි ටික ලස්සනයි අයියේ..

    ReplyDelete
  23. ඔන්න උදේම මානස විලට ආවා. දැන් පරසතු මලක් දෙන්ට.:D

    ලස්සන පද වැලක්...

    ReplyDelete
    Replies
    1. පොඩී ඇවිල්ලා.......

      ඇයි එකක් ඉල්ලන්නකෝ දෙකක්...

      Delete
    2. එහෙනම් දෙකක්ම දෙන්ටකෝ....:D

      Delete
  24. බ්ලොග් රෝල අප්ඩේට් වුණාම මොකද්ද මේ කියල හිතාගන්න බැරි වුණා.
    ඇවිත් බැලුවම දැක්කෙ වෙන්ද වගේම, ඊටත් වඩා ලස්සන කවියක් (කවියක්ද ගීතයක්ද මන්ද)
    හරීම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. තානුවක් හිතේ තියාගෙන ලියපු කවියක් තමයි සිදූ... ස්තුතියි

      Delete
  25. මම මේකේ දැකපු හොඳම නිර්මාණය . ජයවේවා...!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වෙවා ඇපලටත්

      Delete
  26. හැබෑටම මානස විල කියන්නෙ මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. දන්න විදියට උඩ කොමෙන්ට් එකකටත් උත්තර දුන්නා.... මමත් හරියට කියන්න දන්නෙ නෑ... හසිතගෙන් අහල බලමු

      Delete
  27. මට මේ ටික කියවද්දී මතක්වුනේ අමරදේව මාස්ටර් ගේ ඉරහඳ පායන ලෝකේ සින්දුව. මම නෙට් එකෙන්ම මේ දැන් සින්දුව බාගෙන අහන ගමන. මම හිතන්නේ මේ වෙන්න ඇති මී ගොඩයා ලියපු සුපිරිම මෙව්වා එක.. (කවියක්දෝ ගීයක්දෝ කියන්න බැරියෝ..)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ක්සැන්ඩර් අය්යා.....

      තනුවක් හිතේ තියාගෙන ලියපු කවියක්.... හිතේ තනුවක් තියන හින්දා මටනම් ගීතයක්

      Delete
  28. අගේ ඇති පබැඳුමක්....තනුවක් දාන්න යැව්වොත් නරකද....

    ReplyDelete
    Replies
    1. හැමෝම මෙහෙම කියනකොට මටත් මේ සිංදුව කාටහරි කියල ගායනා කරවල අහන්න ආසාවක් ආවා... ඒත් කොහොමද කරන්නේ ????

      Delete
    2. ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් වැඩකරන්නේ මාත් එක්ක එකට.මම එයාගෙන් උපදෙසක් අරගන කියන්නම්.එහෙමත් නැත්නම් රෝහන ධර්මකීර්ති සහ නාලක අන්ජන කුමාර මගේ යාළුවෝ ඒ කෙනෙකුට කතා කරල බලමු.මගේ fb එකේ මගේ තොරතුරු තියනවා වෙලාවක එන්න හමුවන්න.

      Delete
    3. මම රික්වෙස්ට් එකක් දැම්ම.... බොහොම ස්තුතියි අය්යා

      Delete
  29. මියුරු ගීයකට හොඳ පද පෙලක්. ගීතයට ගැ‍ලපෙන අදහසක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අය්යා...

      Delete
  30. ලස්සනයි ගීතයකට සුදුසුයි කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කාව්‍ය...

      Delete
  31. සැල සිංදුව ආ!!

    ReplyDelete
  32. ශබ්ද රසය සහ තාලය තවත් හොඳ වෙනවා "ඇවිදින්" වෙනුවට "සක්මන්" වචනය සමග ගැලපෙන ඉක්මන් වගේ වචන කීපයක් ආවා නං.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කකා

      අයෙත් ලියන්න උත්සාහ කරන්නම්

      Delete
  33. අවංකවම හොද නිර්මාණයක්.... හොද වචන එකතුවකුත් මී ගොඩයා සතු බව පේනවා... ඒක නෙමෙයි... යම් තේමාවක් දුන්නොත් ඒකට ගැලපෙන්න ගීතයක් ලියලා දෙන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරො,,,

      උත්සාහ කරල බලන්නම්.... මොකද්ද මාතෘකාව

      හැබැයි අමාරුවෙන් දඟලල කවි ලියන්න අමාරුයි... දෙයක් හිතට දැනුනොත් තමයි හොඳට ලියවෙන්නේ

      Delete
  34. ලස්සන නිර්මාණයක්.. පින්තුරෙත් "මී" ඇඳපු එකක් ද..? එකත් සිරා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං....

      කවි සංකල්පනාව විතරයි මගේ... පිංතූරේ ගූගල් වලට පිං සිද්දවෙන්න... මට කපුටෙක්වත් අඳින්න බෑ

      Delete
  35. ඔන්න අදමයි 'පරසතු උයනට' සක්මන් කරේ,
    හරි අපූරු පද වැල් ටික.
    මල් හීයක් වැදිලා මානස විල කැළඹිලා ඇති සැටියක් පෙනේ.. :D

    ReplyDelete
    Replies
    1. නෑ වදිනකන් බලං ඉන්නේ

      Delete
  36. ඉඳල ඉඳල ආව මී ගොඩය අයියගේ පෝස්ට් එකක් බලන්න... ශා මරුනේ... මට නම් දැන් කියන්නත් දෙයක් නෑ වගේ... උඩ කට්ටිය කියල තියෙන්නේ ඔක්කොම... හරිම අරුත්බර ලස්සන නිසදැසක් කියල විතරක් කියන්නම්කො....

    ReplyDelete
    Replies
    1. තැන්කිව අනුවෝ...

      මටත් ඒ පැත්තේ එන්න බැරි උනානේ මොකුත් ලිව්වෙ නැද්ද ළඟදි

      Delete
  37. //සුරත් තඹුරුමත චුම්ඹන දවටන
    බඹර රැඟුම් දකිමින්......
    හද විල, මලක පහස පතමින්... සක්මන්....
    සසර පුරා සක්මන්......
    මල්හී වදින තුරා සක්මන්....//

    තේරුම් ගත්තෙ මේ කොටසෙන්.. ආයෙත් මුලට ගිහින් කියෙව්වා.. :)
    මානස විල කලඹවන අපූරු නිසදැසක්..! සංගීතයත් මුසුකලොත් වැඩිවේවි අගය තවත්..! සුබ පැතුම්..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නන්දු....

      Delete
  38. සංගීතාත්මක කවියක්.. ලස්සනයි සහෝ..

    ReplyDelete
  39. අපූරු කවි පේළියක්... මරු මරු...

    ReplyDelete
  40. ෂා ලස්සන සිංදුවක් වාගේ.. හරි ම ආසයි

    ReplyDelete
  41. මම ටිකක් පරක්කු උනා මේක කියවන්න..
    තිසර යුවලක රැඟුම් අතරට සුරත් පියුමක ගලන මල් පැණි බඹර පහසක් පතන්නේදෝ බඹර ඒ සුව වින්දින්නේදෝ
    හැබැයි ජීවන කතර පුරා මෙකී සුව සොයා පියුම හා සක්මනම යෙහෙකැයි පියුම් සොයමින් යාම නරකයි :-)

    ReplyDelete
  42. මම ටිකක් පරක්කු උනා මේක කියවන්න..
    තිසර යුවලක රැඟුම් අතරට සුරත් පියුමක ගලන මල් පැණි බඹර පහසක් පතන්නේදෝ බඹර ඒ සුව වින්දින්නේදෝ
    හැබැයි ජීවන කතර පුරා මෙකී සුව සොයා පියුම හා සක්මනම යෙහෙකැයි පියුම් සොයමින් යාම නරකයි

    ReplyDelete
  43. මේක ගීතයක් විදියට මම හිතින් රස විඳලා හමාරයි. අමරසිරි පීරිස් මහත්මයා තමයි බර හඬින් ගායනා කලේ. ඒ හීනය හැබෑ වේවා !!!

    ReplyDelete