Wednesday 31 October 2012

කන්‍යාවී ( වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි .. පිරිමින්ට විශේෂයි )

 මෙම ලිපිය සාර්ථකව වටහාගැනීමට සමකය වටේ රවුමක් යන්න මෙතැනට පිවිසෙන්න

මාර්ගය පුරා එලිය විහිදුවමින් දුවන වාහනය... ඔවුන්ට අරමුණක් ඇත . මාර්ගය දෙපස ඇවිද යන මිනිසුන්ය. ඔවුන්ටද අරමුණක් ඇත. හිසට ඉහළින් පියාබන කුරුල්ලන්ය උන්ටද අරමුණක් ඇත. මාර්ගය අයිනෙන්ම ඇවිදින්නේ මමය. ඒත් ඒ ඕනවට එපාවටය. ලොව අරමුණක් නැති එකම මිනිසා මමද .. ඉපිද මියෙන දහසක් සිතුවිලි අතර මමද බෝඩින් කාමරයට ඇතුළු උනෙමි. අමුතුවෙන් කරන්නට දෙයක් නැත . කමිස සාක්කුවට අතදමා සොයාගත් දුම්වැටිය දෙතොල් අතර රැඳුනේ පුරුද්දටය.. දැවෙන සිතුවිලි අතරට දුම් ගුලියක්ද ඇතුළු කොට අසරණ වූ සිතුවිලි දුම් රොටු සමග පිටකිරීමේ බොළඳ ආශාවක් මාතුල පවතින්නට ඇත. සාමාන්‍යයෙන් දුම්වටියක දුම් උගුරු දහතුනක් වේ . එහෙත් අද එය නවයකි. ව්‍යාකුල සිතුවිල මට ගණන වරද්දා ඇත නැතිනම් මා වෙනදාට වඩා වේගයෙන් දුම් වැටිය උරා ඇත . මා ප්‍රථම දුම් වැටිය බිව් දිනය සිහිවිය. ඒ අදමෙන්ම ජීවිතයෙන් පරාද වූ දිනයකය..

මා මිතුරා සසිඳු අත වූ දුම්වැටිය මා අතට ගත්විට සසිඳු මා නොනවතුයේ මා සිටි පරාජිත මානසිකත්වය වටාහාගත් නිසාමය. අදමෙන්ම නොව මට කැස්ස ආවේය.. කැස්සත් සමගම හිතේ දුකද දියකරමින් දෙනෙතට නැගුනු කඳුළු තුලින් මා සසිඳු ඇමතුවෙමි

" ඇයි බං ඒකි මාව දාල ගියේ'
මම  ජීවත් උනේ ඒකි වෙනුවෙන් බං .. හම්බ කරපු හැම සතයක්ම වියදම්කලේ ඒකිට .. ඒකි බලන්න යද්දී හැමදාම ටිපි ටිප් පැකට් එකක් එක්ක ටෙඩියෙක් අරං ගියා .. ඒකි කැමති හැමතැනම එක්කන් ගියා.. ඉල්ලන හැමදේම අරං දුන්න ..
 ඇයි මට බං ඒකි මාව දාල ගියේ

සසිඳු කාමරයේ ජනේලයෙන් අනන්තය සොයයි..ඌට මගේ ප්‍රශ්නයට උත්තර නැත. ශාමි හා මා අතර සම්බන්ධය බොහෝ සංවෘත එකක් විය.. බොහෝ දෑ අප දෙදෙනා පමණක් දැනසිටි දෑ විය

උබ ඒකිගෙන් වැඩක් ගත්තනේ  ?

සසිඳු කියන්නේ  අපේ ලිංගික ජීවිතයගැනය ..

සිවිලිම  දෙසබලා සිනාසෙනවා හැරෙන්නට මට උතරයක් නැත ..ඒ සිනහව තුල වුයේ උපහාසයද මා කෙරෙහි වූ අනුකම්පාවද යන්න මට වැටහුමක් නැත..  අප අතර සිදු වූ දේ දැනගත යුත්තේ අපදෙදෙනා පමණි.. ලිංගික ජීවිතයට තුන්වැන්නෙක් අවශ්‍ය නැත .. ඒ මගේ ස්ථාවරයයි.. එහෙත් සසිඳුට හැමදේම කියන්නට උවමනා නැත .. එක පතේ බත් කෑ .. එකම ඇඳ දෙකට බෙදාගත් .. එකම ඩෙනිම පට්ට ගසූ අප අතර. එකිනෙකාගේ හීත් කියවීමේ හැකියාව අපුරුවට තිබුණි 

හිතන්න  එපා බං ..ගිය එකීට යන්න දියන් .. අද නැතත් කවද හරි යනවා .. උබ වියදන් කරපු ගැන හිතන්න එපා බං .. සල්ලි දීලා ෆ්‍රෙෂ් බඩුවක් ගැහුවා කියලා හිතපන් 

ඒ කන්‍යාභාවය පිලිබන්න්ධ මා සිතට දැනුන ප්‍රථම කථිකාව විය .. කාලයත් සමග මම තනිව මගේ ගමන යන්නට උත්සාහ කලෙමි 
****
මීට වසරකට පමණ පෙර නැවතත් මම අදීෂා සමග අලුත් ජීවිතයක් ඇරඹුවෙමි .. 

අති යන්තං උබ අයෙත් ලව් කරන්න පටන් ගත්තා .. කියපං කියපං විස්තර .. කොහේ කෑල්ලක්ද .. මොනවද කරන්නේ.. උබ ඒකිට සිරාවට ලව්ද ?

සසිඳුවාගෙන් ප්‍රශ්න වැලකි.. ඒ ඌ සහෝදරයෙක් තරම් මට සමීප බැවිනි..

කෙල්ල මාතර බං, මරදානේ ඔෆිස් එකක වැඩ .. පොඩි අවුලක් තියනවා . ඒකි එන්ගේජ් වෙලා ඉන්නේ..  ගෙවල්වල බලකිරීමට එන්ගේජ් වෙලා තියෙන්නේ ..

සසිඳුට හංගන්නට දෙයක් නැත .. අනෙක් අතට එය හන්ගන්ට දෙයක්ද නොව .. ආදරයට සීමා මායිම් නැත.. දෙසිතක් කොන්දේසි විරහිතව එකට බැඳෙයිද එතන ආදරය වේ.

මොනවද හු.. උබ මේ දාගන්න ලෙඩ .. උබට වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද .. මෙව්වා උබලගේ ගෙදරින් දැනගත්තහම උත්තර දෙන්න වෙන්නේ මට.. 

බැනුමකට ආසන්න දොශාරෝපන් වැලකි.. උගේ පැත්තෙන් ඌ සාධාරණය .. අප නිවැසියන් විසින් මා පිලිබඳ ආරෝපණය කරන ලද වගකීමක් ඌ සතු වේ .. ඒ අප කුඩා කල සිට මිතුරන් වූ නිසාත් ඌ මගේ පවුලට පිට එකෙකු නොවූ නිසාත්ය 

දැන් අර එන්ගේජ් වෙච්ච එකා කෙල්ලත් එක්ක ඉන්නේ එකටද?

සසිඳු මේ අහන්නේ අදීෂාගේ කන්‍යාභාවය පිළිබඳවය.. ඒ ඌට දැනගන්න ඕන නිසා නොව අප නිවසින් එල්ලවන ප්‍රශ්නවලට සාර්ථකව මුහුණදීමට. සෘජු පිළිතුරු කල් ඇතිව සකසා ගැනීමටය 

සත්‍ය වශයෙන් මට දීමට පිළිතුරක් නැත ..

මං දන්නේ නෑ බං .. මං අහන්න ගියේ නෑ.. මට දැනගන්න උවමනාවක් තිබ්බේ නෑ .. 

මම මනසින් මගේ බිරිඳගෙන් මා බලාපොරොත්තු වන දෑ එකින එක පෙළ ගස්සුවෙමි .. එහි බොහෝ පිරිමින් සොයන හුඟක් දෑ විය .. එහෙත් කන්‍යාභාවය ඇතුලත් නැත 

එය උක්ත මාතෘකාව පිළිබඳව මසිතට තදින් දැනුන දෙවන අවස්ථාව විය .  

****

ඉහත වෘතාන්ත ද්විත්වයම මාතෘකාවට ප්‍රවිෂ්ඨ වීමට මා විසින් ගොතන ලද්දක ලෙස සිතීමට කාරුණික වෙන මෙන් ඉල්ලා සිටිමි .. නමුත්  මෙවන් කතා බහක් සිදු වූ බැවින් එය 100% ක්ම ප්‍රබන්ධයක්‌ නොවන බව නම් සත්‍යයකි..එකම වෙනස මා එහි සසින්දුගේ චාරිතය නිරුපනය කිරීම පමණි 

සයිබරය තුලද මේ දිනවල කන්‍යා භාවය පිලිබඳ අන්දෝලනත්මක් දෑ පල වේ. ඒ තම කන්‍යා භාවය ඇමරිකානු ඩොලර් 780,000 .00 කට අලවි කල බ්‍රසීල ජාතික කැත්රීනා මිග්ලොරීන් නම් වූ විසි හැවරිදි නව යොවුන් තරුණිය මුලික කොට ගෙනය.. ආසියානුවන් වූ අපට මෙය මජික්ය .. හේතුව අප ජීවත් වූ සදාචාර සම්පන්න රාමුව තුල කන්‍යාභාවයට ලබා දී ඇති අසීමිත වටිනා කම නිසාය.. සියලු සමාජ සාරධර්ම අමතක කොට අගේ ක්‍රියාව පිලිබන්ධව සිතන කල්හි ඔබට කුමක් කිව හැකිද ?

පැහැදිලිවම එහිදී ඇයගේ අරමුණ වන ඇය උපන් ප්‍රාන්තයේ දුපත් පවුල් රැසකට නිවාස තනා දීමේ උතුම් ව්‍යපෘතිය ඉස්මතු වෙනු ඇත.. ගතානු ගතික සිතුම් පැවතුම් ඇති අප අපගේ ජීවිතයේ මුදුන්මල්කඩ බඳු වූ බුදුදහමේ පදනම මත සිට උක්ත කාරනය දෙස බලූ විට පැහැදිලි පිළිතුරක් ඇත 

" චේතනාහම් භිඛ්ක වේ කම්මං වදාමි " - චෙටනාව මුල්කරගෙන කර්මය හටගනී

එසේනම් මගේදැක්මට අනුව ඇය සාර්ථකව දාන පාරමිතාව සම්පුර්ණකර ඇත.

අනතුරුව  නැගෙන ගැටලුවනම් කන්‍යාභාවය මෙවන් විශාල මුදලකට අලවි කල හැකිනම් මෙයඉදිරියට ආදායම් මාර්ගයක් ලෙස භාවිතානොකරනු ඇතිද යන්නයි .. 

ඇත්ත වශයෙන්ම එය එසේ නොවනු ඇත .. ලෝකයට අලුත් අත්දැකීමක් නිසාවෙන් එයට ලද අසීමිත් ප්‍රසිද්ධිය මෙකී මිලට එක් හේතුවකි .. ආර්ථික විද්‍යාඥයින් උක්ත වෙළඳ පොළ පිලිබඳ තවම නිර්වචන ඉදිරිපත් නොකළ බැවින් මම එය ගිෆන් භාණ්ඩයක් ලෙස නම් කරමි. ( කලකට පෙර උගත් දෑ භාවිතා නොවීම හේතුවෙන් වැරදිය හැක , වැරදිනම් නිවැරදි කරන්න )  එනම් තම සමාජ තත්වය පෙන්වීම සදහා දනවතුන් මිලදී ගන්නා භාණ්ඩ වේ .. අදාළ භාණ්ඩය මිලදී ගත් පළවෙනියා වීමට අදාළ ජපන් ධනවතා තුල වූ අශාවත් මේ මිල සඳහා බලපෑ ඇත .. මෙම වෙළඳපොල දිගටම පැවතුනහොත් එයද ක්‍රමයෙන් සාමාන්‍ය වෙළඳ පොලක් බවට පත්වෙනු ඇත .. එහිදී ඉල්ලුම සැපයුම මත උපයෝගීතාවයට සරිලන මිලක්නියමවෙනු ඇත


කැත්රීනගේ සිද්දිය අමතක කොට අපේ සරල ජන ජීවිතය ගත් කලද කන්‍යාභාවය යනු උග්‍ර ප්‍රශ්නයකි .. යුවතිය තවමත් මදුසමයට පසු තම සැමියා හා නැන්දනිය ඇතුළු සැමියාගේ නෑ පිරිස ඉදිරියේ සිය පිවිතුරු බව ඔප්පුකල යුතුය .. ඒ සඳහා නිර්ණායකය ලෙය මංගල යහන මත එලන ලද සුදු රෙදිකඩක් උපයෝගී කරගැනී 
 
රෙදි  කැබැල්ලක් මත ලේ පැල්ලමක් තිබූ පමණින් ගැහැණියකගේ පිවිතුරු බව ඔප්පු කල හැකිද? 
කන්‍යා පටලය සුරැකෙන පරිදි යුවතියකට ලිංගිකව එක්විය නොහැකිද ?  
සිය  අකමැත්තෙන් කන්‍යාභාවය අහිමි වූ යුවතියන් ( දුෂණයට ලක්වූ ) අපිරිසිදු ගැහැණුන්ද ?

ප්‍රශ්න රාශියකි 

සත්‍යවශයෙන්ම පිරිමියෙකු සෙවිය යුත්තේ සිය මංගල යහන පුරා රක්ත වර්ණ ලේ පැල්ලමක්  තැවරිය හැකි ස්ත්‍රියක්ද ? නැතිනම් තමා වෙනුවෙන් සිතෙහි ඉඩක් වෙනකල හැකි .. තමා වෙනුවෙන් යම් කැපකිරීමක් කළහැකි විවාහයෙන් පසු ඇගේත් තමාගේත් ගෞරවය ආරක්ෂා කල හැකි ගැහැනියක්ද ? 






68 comments:

  1. හ්ම්ම්..මටත් ඕක හේමන ප්‍රශ්නයක්! මංගල රෑ ජපන් කොඩිය සිත්තම් කලාට සාර්ථක උග ජිවිතයක් ගත කරයි කියල කොහොම ඔප්පු කරන්නද?

    ReplyDelete
  2. හුටා අයියේ මේ දේ ගැන කියන්න නම් මට අත්දැකීම් නැහැ. නමුත් නලින් අයියගේ ලිපිය කියවල කිව්වා දේත් මෙතැනදී කියන්න බැහැ. මොකද ඒ ලිපිය ගැන කියන්න කලින් හිතන්න කතා දෙකක් කියලා තියෙන නිසා.

    ReplyDelete
    Replies
    1. මටත් අත්දැකීම් නෑ බං ( අත් දැකීම් විතරමද මන්දා මට තියෙන්නේත් .. අය්යෝ මගෙ දුප්පත් අත )

      Delete
    2. අයියෝ................ බොල අත. ඉලව්වේ ප්‍රසිද්ද සමාජය........

      Delete
  3. //යුවතිය තවමත් මදුසමයට පසු තම සැමියා හා නැන්දනිය ඇතුළු සැමියාගේ නෑ පිරිස ඉදිරියේ සිය පිවිතුරු බව ඔප්පුකල යුතුය//

    මේක මේ වෙද්දී ගොඩක් දුරට අඩු වෙලා නේද?

    ඔය වැඩේ කරන්න සැමියෙක් ඉඩ දෙනවානම් ඒක තමයි ඔහුට තමන්ගේ බිරිඳට කරන්න පුළුවන් ලොකුම අපහාසය. ඊටත් වඩා ඔහොම නැන්දලාගෙන් මම අහන්න කැමතියි තමන්ගේ පුතාගේ පිවිතුරු බව මුලින්ම ඔප්පු කරලා ඉන්න කියලා.

    වැදගත්ම කාරණේ තමයි මේකේ තියන විද්‍යාත්මක නිවැරදි භාවය. මේක කිසි සේත්ම නිවැරදි ක්‍රමයක් නෙමෙයි. ගොඩක් අහිංසක ගෑනුන්ට නිකරුනේ දුක් විඳින්න සිද්ධ වෙනවා මේක නිසා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සයුරි පොඩි අඩුවීමක් නම් තියෙනවා.. ඒත් තාමත් මේක හොයන ඈයෝ ඉන්නවා..

      විද්‍යාත්මක පැත්ත .. අන්න මට කතාකරන්න බැරිවෙච්ච පැත්ත.. ඒ අතින් බැලුවත් අසරණියකට අසාධාරණයක් වෙන එක විතරයි වෙන්නේ

      Delete
    2. ඕකේ විද්‍යාත්මක සත්‍යයක් නොතිබුණාට මම නම් හිතන්නේ ඉස්සරකාලේ ඉඳන් ම සදාචාරය කියන දේ යම් පමණකට රැකෙන්න ඔය දේවලුත් උදව් වුණා කියලයි. සමාජය විකෘති වේගන යද්දි අළුත් ක්‍රම ඇවිත් ඔය දේ යට වෙලා ගියාට පොඩි හොඳකුත් නැතුවා ම නෙවෙයි!

      Delete
    3. ///නැන්දලාගෙන් මම අහන්න කැමතියි තමන්ගේ පුතාගේ පිවිතුරු බව මුලින්ම ඔප්පු කරලා ඉන්න කියලා. /// කියන කතාවට මාත් එකඟයි.

      Delete
  4. පැවසීමට දෙයක් නොමැත

    ReplyDelete
    Replies
    1. මම මුලින්ම කිව්වනෙ මලෙ .. පොඩි උන්ට වැඩක් නෑ කියලා

      Delete
  5. කන්‍යා පටලය සුරැකෙන පරිදි යුවතියකට ලිංගිකව එක්විය නොහැකිද ? '' නියමයි මියෝ '' උඹගේ අදහසටත් හැඟීමටත් මම හදවතින්ම එකඟ වෙනවා '' මොකද මගෙත් අරමුණ සහා සිතුවිල්ල ඔයිට වැඩි වෙනසක් නැහැ ''හරිම පැහැදිලි '' ජය වේවා ''

    ReplyDelete
    Replies
    1. චියර්ස් ඈ.. එහෙනං.. . මං වගේ හිතන තව එකෙක්

      Delete
  6. ඕක මහ විකාරයක් බං. රට වටේම කෙල්ලොත් එක්ක හොටල් කාමර අස්සෙ රිංගපු එවුන් තමයි වැඩිපුරම, බඳින්න ගියාම පිරිමියෙක් අතින්වත් අල්ලපු නැති කෙල්ලො හොයන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා බං පුහු මනස්ගාත

      Delete
  7. කතා කළ යුතු මාතෘකාවක් බොහොම පැහැදිලිව කතා කරල තිබෙන්නේ ..

    මමත් , ඔබ කතා කළ මාතෘකාව ගැන මමත් ටිකක් කතා කළා , වෙලාවක් වෙතොත් එන්න ..
    සොඳුරු සුව අසපුව- නොබිඳුනු කන්‍යාවියකගේ කතාව

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ් අය්යා.... ඉඩක් ලැබුණු ගමන් ඒපැත්තෙ එනවා.. අද හරිම බිසී දවසක්... පළවෙනිදනේ.. මේ රිප්ලයි කොටන්නෙත් පොඩි ඉඩක් ලැබිච්ච ගමන්

      Delete
  8. අපේ රටේ උනත් දැන් ඔය සංකල්පය මියයමින් පවතිනවා නේද ?

    ReplyDelete
    Replies
    1. තරමක් දුරට අඩුයි.. ඒත් හොයනවා...

      Delete
  9. මීගොඩයා හිතන්නේ මේක අලුත් දෙයක් කියලද.....?

    මට නම් මේක ඇත්තටම මහ පරණ කතාවක්.... කීදෙනෙක් යුවතියෝ එක එක දේවලට තමන්ගේ කන්‍යාභාවය හුවමාරු කරනවද ? සමහරැ ආදරේ වෙනුවෙන්... තවත් සමහරු රැකියාවක් වෙනුවෙන්.... තවත් කට්ටියක් පුංචි පුංචි අවශ්‍යතා සඳහා ( ගෙයක් හදා ගන්න, ඉන්න ගේ රැකගන්න, අම්මගේ තාත්තගේ ජීවිත වෙනුවෙන්) ...

    විවාහයට කලින් දෙන්නෙක්ගේ ලිංගික එකතුවීමක් මම නම් එදා ඉදලම දැක්කේ ලිංගික හුවමාරුවක් විදියට... ඇත්තටම එතනදි වෙන්නේ යුවතියක් තරුණයෙක්ගේ ආදරය, විශ්වාසය වෙනුවෙන් තමන්ගේ කන්‍යාභාවය හුවමාරු කරන එක... විවාහයෙන් පස්සේ එතන නීතිමය බැදීමක් තියෙන එක හින්දා ඒ හුවමාරුවට නීතිමය වලංගුතාවයක් තියෙනවා.... ඔච්චරයි වෙනස...

    මේ නිවුස් එක කකාගේ බ්ලොග් එකේ දැකපු වෙලාවේ ඉදළම මට මතක් වෙන්නේම “ අයෝමා” ෆිල්ම් එක..... එතනදී කී වතාවක් අර ගැහැණීයව ලිංගිකව හුවමාරු වෙනවද.....

    ඒකයි මම කිව්වේ මේ කතාව අලුත් දෙයක් නෙවෙයි කියලා.... මේකේ වෙනසකට කියලා තියෙන්නේ මේක අන්තර්ජාලය හරහා ලෝක ප්‍රසිද්ධ කරපු එක විතරයි....

    ( ඒකත් නීතිමය වලංගුතාවය පිළිබඳ කාරණවක් කියලයි මට හිතෙන්‌ෙන්... දැන් හැමෝම මේ ගෑණු ළමයව දැක්කම දන්නවා මෙයා කන්‍යාවක් නෙවෙයි. හැබැයි ඇගේ කන්‍යාභාවය නැති උනේ කොහොමද කියන එක... ඒකෙන් ඇය තව ටික කාලෙකින් සාන්තුවරියක් වුනෙත් මම ඒක ගැන පුදුම වෙන්නේ නෑ....)

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ හිරූ අළුත් නෑ.. මේවා කවද කොතනින් ආරම්භ උනාද කියන එක හිතාගන්නවත් බෑ.. ඒත් මෙච්චර ගානකට මෙච්චර ප්‍රසිද්දියේ මේ දේ විකිණෙනවා දැක්කේ මේ සිද්දියෙන්

      Delete
  10. දැන් ඉපදුන කෙල්ලෙක් උස්සලා අරන් හදාවඩා ගත්තනම් ගොඩ. පිරිසිදුයි.

    මට පුරස්නේ අර සිගරට් එකේ කතාව. සාමාන්‍යෙයන් උගුරු 13යිද බං ?

    ReplyDelete
    Replies
    1. එහෙනම් පිරිසිදුයි.. පැහැදිලියි...

      සිගරට් සීන් එක නිකමට දැම්මේ බන්.. හිතල මතල දාපු එකක් නෙවෙයි

      Delete
  11. මොනවා නැතත් මට මෙහෙම හිතෙනවා...කවුරු කොහොම කිව්වත්..කන්‍යාභාවය කියන දේ ගැන හැමෝම හිතනවා...

    ReplyDelete
    Replies
    1. නෑ ලිහිණි... ඒ ගැන නොහිතන අය පොඩි ප්‍රමාණයක් හරි ඉන්නවා..

      Delete
    2. හැමෝම කියන තැන මමනම් නෑ ලිහිණි.. හැබැයි මම චරිතේ ගැන හොයනවා.. දවසින් දවස අතින් අත යන .. එක මිනිහෙක්ගෙන් සෑහෙන්න බැරි ගැහැනියක්නම් ප්‍රෂ්නයක්.. ඒත් යම් සාධරණ හේතුවක් හින්දා අසරණ වුණුකෙනෙක් මට ප්‍රෂ්නයක් නෙවෙයි

      Delete
    3. ළිහිණි හරි....

      මට නම් ඔය කන්‍යාභාවය කියන්නේ කෙල්ලෙක්ගේ අනාගතේ ගැන තියෙන සහතිකයක් වගේ එකක්... ඕක නැති උනා නං එහෙම ජීවිතේ පුරාවටම අර ගෑණිට කටක් අරින්න හම්බුවෙන්නේ නෑ තමන්ගේ දේකට... අපේ මිනිස්සු එහෙමයි... කොච්චර නෑ නෑ මං ඕක හොයන්නේ නෑ කිව්වත්....

      මට මේක කලින් දවසක පොඩ්ඩිගේ කතාවකටත් කිව්වා...

      කෙනෙක්ගේ කන්‍යාභාවය තියෙන්න ඕනේ හිතේ..... කෙල්ලෙක්ගේ වගේම කොල්ලෙක්ගෙත්.....

      බඳින දවසේ හස්බන්ඩ්ට සහ වයිෆ්ට කියන්න පුළුවන් නම් හිතට එකඟව, මම ඔයාගේ පළවෙනි කෙනා වගේම මටත් ඔයා තමයි මගේ පළවෙනි කෙනා කියලා, ඒක තමයි මං හිතන්නෙ පවුල් ජීවිතයකට වැදගත්ම දේ.... අන්න ඒ වගේ වෙලාවක හිතට දැනෙන පිරිසිදු, ලස්සන හැඟීම දැනෙන්නේ ඒක විඳපු කෙනෙක්ට විතරයි... එතන දි ඇතිවෙන විශ්වාසය තමා ජීවිතේටම වැදගත් වෙන්නේ.... දෙන්නටම හිතට එකඟව ඇත්ත කියන්න පුළුවන් වෙන්න ඕනේ.. නැත්තම් ජීවිතේ පටන් ගන්න වෙන්නෙම බොරුවක් එක්ක...

      Delete
    4. කෙල්ලෙක් එහෙම හිතන එකේ වැරැද්දක් නෑ.. ඒත් නැන්දම්මෙක් ඔහොම හිතනවනම් වැරදියි.. එහෙමයි මට හිතෙන්නේ

      Delete
  12. මී ගොඩයා හොද සංවාදයක් ඇති කරලා තියෙනවා... මම නම් බොහොම මනාපයි මේ ලියැවිල්ලට..

    මමත් පුද්ගලිකව කන්‍යාභාවය අපේක්ෂා නොකරන්නෙක්... උපතින්ම නොපිහිටීම/ක්‍රීඩා කිරීම/භාවිතයට ගන්නා බෙහෙත් වර්ග ආදී හේතු නිසා සමහර කාන්තාවන් කිසිදු දිනෙක ලිංගික සබදතාවක නොයෙදීම කන්‍යාපටලය අහිමි වෙනවා... මේ වගේ කුප්ප කාරණයක් ඒ අයගෙ පිරිසිදු බව මැනීමට යොදා ගන්නවා නම් එය කෙතරම් අසාධාරණදැයි ඔබට වැටහෙනවා ඇති...

    මගේ හිතවතෙක් ඔහුගේ පෙම්වතිය සමග වරක් ලිංගිකව එක් වුනා... ඇය රුසියාවෙන් වෛද්‍ය උපාධිය හදාරා ආ තැනැත්තියක්...ඔහුට ඒ වෙද්දි හොදටම විශ්වාසයක් තිබුනා ඇයගේ කන්‍යා භාවය බිදී ඇති බවට...ඇගේ චරිතය ඊට ඉවහල් වෙන්න ඇති. නමුත් ඒ එක්වීමෙන් පසු රුධිරය පැමිණි නිසා ඔහු වික්ෂිප්ත වෙලා... ඇය බොහොම සැහැල්ලුවෙන් කිව්වලු ඔයා මාව විශ්වාස නොකලට මෙන්න සාක්ෂි කියලා... මිත්තරයා ඒ බස් විශ්වාස නොකර රුධිර සාම්පලයක් ඇයට හොරෙන් පරීක්ෂණාගාරයකට යොමු කලා... එහි ප්‍ර‍තිඵලය අනුව ඇය ලිංගිකව එක්වීමට පෙර අදාළ ස්ථානයේ සගවාගත් ඩයි වර්ගයක් අඩංගු කැප්සියුලයක පිපිරීමෙන් තමයි එදා ලේ ගලලා තිබුනෙ...

    රජයේ අවවාදය දුම්බීම පිළිකා ඇති කරයි

    ReplyDelete
    Replies
    1. ඔව් බන් දැන් සුළු ශල්‍යකර්මයකින් ඕක හදාගන්නත් පුළුවන් ... එහෙම එකේ සල්ලිකාරයින්ට නතින්...
      සිගරට් සීන් එක ලිව්වෙ මාතෘකාවට පිවිසෙන්න විතරයි. බන් එච්චර හිතන්න එපා

      Delete
  13. මම දන්න කෙනෙක් හිටියා
    ( එයාව ආසරය කරපු බහුතරයක් කොල්ලොත් මම දන්නවා ),
    ඒ කාලයේ හරිම ප්‍රසිද්ධයි එයා කොල්ලෝ අතරේ ,
    පස්සේ කාලයක එයා හොද කසාදයක් කරගත්තා
    ( දැන් වසර කිහිපයකින් මම එයාව දැක්කේ නැ )

    මේ සිද්ධිය මට කියුවේ අදාල පුද්ගලයාමයි
    දවසක් මිනිහා එක්කරගන ගිහිං අර ඇත්තිට මහ කෙලියම කරන්ඩම හදලා
    උන්දැ ඉඩක් දීලම නෑ

    පස්සේ බේරෙන්ඩ බැරිම තැන

    අනේ අයියේ ඔයාට ඕනමනං ඒ පැත්තට එපා මේ පැත්තට කරන්ඩ කියුවාලු

    ඔන්න ඕකයි තත්වේ

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ අරයා ගැන නේ ..

      Delete
    2. අන්න කෙල්ලෝ.. කොහොමෙයි ඉතින් විෂ්වාස කරන්නේ.....

      අටං මේ ලලක්ක නෙවෙයිද

      Delete
    3. හරි දැං.. කියපල්ලකෝ කවුද වැරදි කියලා.... ;

      දැං ඔය ගෑණි ගැන ඔහොම හිතාගෙන ඒකිව මස් කරන්න හිතාගෙන කාමරේට එක්කං ගිය පිරිමියද.. ඒ කරැමෙන් බේරෙන්න ක්‍රමයක් හොයා ගත්ත ගෑණිද හැබෑට......

      ( මොකෝ අර පිරිමියා ඒකිව අරං යන්නේ කසාද බඳින්න හිතාගෙන නෙවෙයිනේ... අනිත් එක අර වගේ කතා හැදිලා තියෙන්නේ ඔය වගේ ඒ කෙල්ලව අරන් ගිහින් මස් කරන්න හදපු උන්ගේ බොරු වලින් වෙන්නත් බැරි නෑ නේද....)

      Delete
  14. ගැහැණිය(කන්යාබවය)යනු ගිෆන් බාන්ඩයක් හෝ සුඛෝපබෝගී බන්දයක් ලෙස නම් කිරීම වරදී. එසේ කිරීම හොඳ නෑ..

    ReplyDelete
    Replies
    1. ගිෆන් භාණ්ඩයක් නෙවෙයි... ඒත් වෙලඳ භාණ්ඩයක් වෙලානේ.. එතකොට මොකක් හරි කැටගරියකට වැටෙන්න ඕනෙ.. ඒත් තාම කවුරුත් ඕක කැටගරියකට දානව මම දැක්කෙ නෑ... ඉතින් කැත්‍රිනාගේ ගනුදෙනුවෙදි උක්ත වෙළඳපොළෙහි හැසිරීම ගත්තහම බොහෝදුරට ගිෆන් ගති ලක්ෂන පෙන්නුම්කරලා තියනවා

      Delete
  15. මම නම් හොයන්නේ කන්‍යාවියක නොව මාව තේරුම් ගෙන මා සමග එක්ව විසිය හැකි පවුලේත් මගෙත් ගරුත්වය රකින්න දන්නා කෙනෙක්. මොකද මට ගොඩක්ම වැදගත් තේරුම්ගැනීම. ඒ දේ නැතුව මොන පැල්ලම තිබ්බත් මට වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. අනිවා අයියා .. ඔයිට වඩා වෙන මොනවද වටින්නේ

      Delete
  16. මට මේකට ලියන්න ඕනේ එක හරියට ගලපගන්න බෑ බං, ඒත් එක පාරක් කැඩුන එකක් ගැන හිතලා ජීවිතේ කඩා ගන්න එකා අම්බ මෝඩයෙක්. ජීවිතේම පොඩි පටලයක් උඩ තියලා මහා ලොකුවට හිතන උන්ගෙන් තමයි කෙල්ලෙක්ට, ආච්චියෙක්ට පාරේ බැහැල යන්න බැරි වෙන්නේ. ඒක නෙමෙයි, උඩින්ම ලියල තියන කතාව පට්ට බං, ඒක මාර ගති, සිරාවටම සුපිරි, නරකද අලුතෙන් කතාවක් දෙකක් ලිව්වොතින්,

    ReplyDelete
    Replies
    1. උඹේ කථාව හරියට හරි මලේ....

      කථාවක් ලියන්න නේ.. මේ ලියපු ටිකත් බොහොම අමාරුවෙන් ලිව්වෙ..බන්.. ඒකටත් ඔය එහෙන් මෙහෙන් අහුල ගත්ත කෑලිත් ආඳලා තමයි ගොඩ දාගත්තෙ.. බලමු ට්‍රයි එකක් දීලා

      Delete
  17. අනේ මන්ද මේ ගැන හිතද්දී මොලෙ කුරුවල් වෙනවා බං (කිව්වත් වගේ උබ මෙයිට සමාන කෙටි කතාවක් ලියපන් වැඩිය සමාජයේ නොදකින පැතිකඩක් ගැන )

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ට්‍රයි එකක් දාලා බලමු.... කලින් එකක් ලිව්වා බන්.. හැබැයි ඒක කෙටි උනේ නෑ.. අන්තිමට දිග රහස් පරීක්ෂක කථාවක් වෙලා නැවතුනේ

      Delete
  18. සමකය වටෙත් ගිහින් මේ පැත්තට ආවේ.. මේ ගැන මම කියවපු හැම බ්ලොග් එකකම මම දැම්මේ එක කමෙන්ට් එකක්.. ඒකම මේකටත් දාන්නම්..

    පැල්ලමකින් ජීවිතයක් මනින්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඔය දීපු උත්තරේ .. උබේ ආකල්ප අපූරුවට තියෙනව බොල.. එල ජය

      Delete
  19. අදහස් ප්‍රකශ කිරිමෙන් වැලකිමි..

    ReplyDelete
  20. හ්ම්ම්..හිතෙනදේ කියන්නම් ඉන්නකො.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්

      Delete
  21. අනේ මන්දා කාන්තාවකගේ කන්‍යා බාවය ඇයගේ සමියාටම උරුම වෙනවා නම් ඒ පිරිමියා ගොඩක් වාසනාවන්ත වෙයි එහෙම නොවුනත් හොද හිතක් තියෙන ගෑනු කෙනෙක් නම් ඒත් එයාව අයිති පිරිමියා අවාසනාවන්තයෙක් නෙවේ.

    ReplyDelete
    Replies
    1. අනිවා.. හොඳ ප්‍රකාශයක්

      Delete
  22. මම නං හිතන්නේ ගැණියෙක්ගේ කන්‍යා භාවය තියන්න ඕනි හිතේ .....මධුසම‍ය දවසෙ ඕක ඔප්පු කළාට ඊට පස්සේ එකට ඉන්න හැම පාරකම ඔක ඔප්පු වෙන්නෙ නැහැනේ...ගැහැණියෙක් තමුන්ගෙ මිනිහට ආදරෙන් විශ්වාසයෙන් ජීවිත කාලෙම ඉන්න එකයි කන්‍යාභාවය කියන්නේ.......

    ReplyDelete
    Replies
    1. //මම නං හිතන්නේ ගැණියෙක්ගේ කන්‍යා භාවය තියන්න ඕනි හිතේ .....මධුසම‍ය දවසෙ ඕක ඔප්පු කළාට ඊට පස්සේ එකට ඉන්න හැම පාරකම ඔක ඔප්පු වෙන්නෙ නැහැනේ//

      මම දැකපු හොඳම කමෙන්ට් එකක් :)

      Delete
    2. ඇනෝගෙ කොමෙන්ටුව උපරිමයි....

      Delete
  23. කන්‍යාබව ....පිවිතුරු බව කිව්වානම් හොඳයි කියලයි හිතෙන්නෙ..!
    පිවිතුරු බව කිව්වම ඊටවඩා අරුතක් තියෙනව...නොයිඳුල් කියන්නා වගේ..!
    අනික පිවිතුරු බව තම සැමියාට පුදල ඒක ජීවිතකාලයටම ආරක්ෂාවියයුතුයි..!
    හැබැයි ඒක කන්‍යාභාවයක් නොවේ...ලේ පැල්ලමක් නොවේ..!
    හැබැයි ඔය කන්‍යාභාවය..හොයන්නෙ..(ලේ පැල්ලම)වැඩි පුරම ගෑණු උදවියම තමයි..!
    විශේෂයෙන් 50 පැනපු අහවල් කාරිය දැන් භාවිතයක් නැති අය...ඉරිසියාව වෙන්න ඇති.

    ReplyDelete
  24. අපි මහලොකුවට පම්පෝරි ගහන ඉන්දියානු ලොකු අයියගෙයි, ලංකා චූටි නංගිගෙයි දෙන්නගෙම සංස්කෘතිවල තියෙන ම්ලේච්ඡ ලක්ෂණ වලින් එකක් තමයි ඔය. සටන් කරලා ‍රැක ගම්මු.
    ඇත්තටම අර උගුරු 13 හරිද බං?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  25. මාත් මගේ බ්ලොග් එකේදී මේ ගැන ලිව්වා අත්දැකීමක් එක්කම. මට කියන්න තියෙන්නේ,

    'කොහෙවත් නැති කන්‍යාභාවයක් ගැන හොයා හොයා ඉන්නේ නැතුව කසාද බදින දෙන්නා අතරේ තියෙන අවබෝධය මත පවුල් ජීවිතය සාර්ථකව ගතකරන්න පුලුවන්නම් ඒ දේ සෑහෙන්න වටිනවා..'

    ReplyDelete
  26. මිනිස්සු සෑහෙන්න හිතන්න ඕන ප්‍රශ්නයක් තමා මේක......වැඩිපුරම පිරිමි පාර්ශවය සහ නැන්දම්මාවරුන්.......
    සරළව කිව්වොත් ඕක මහ මනස්ගාත වැඩක්..... හැබැයි එහෙම කියන හුඟක් දෙනෙක් ගෑණු ළමයෙක්ගෙන් ඔය දේ බලාපොරොත්තු වෙනවා..... හැබැයි දැන් විදයාත්මකව කියලා තියනවා ඔය ක්‍රමේ වරදින්න පුළුවන් කියලා...ඒත් ඕක අදටත් විශ්වාස කරන මිනිස්සු ඉන්නවා..... ගෑණු අයට විතරක් ඕක වලංගු වෙන්නේ කොහොමද කියන එක තමා අනිත් ප්‍රශ්නේ.....
    හැබැයි ඔය පරීක්ෂනය හරි ගිය පමනින් පවුල් ජීවිතයක් සාර්ථක වෙනවද කියන එක තමා අනිත් ප්‍රශ්නේ........
    ඉදිරියේදීවත් මිනිස්සු බුද්ධිමත්ම මේ ගැන තීරණ ගනී කියල හිතමු....

    ReplyDelete
  27. කතාව ඇත්ත. දැන් කොළඹ පැත්තේ ඕක හදන තැනුත් තියනවලු . ඕකෙන් පිරිසිදු බව මනිනවානම් ඒක මහ විකාරයක්. සිතිවිල්ල තමයි හැම දේටම මුලික වෙන්නෙ.

    ReplyDelete
  28. ඔය මාතෘකාව ගැන මමත් ලිපියක් ලියන්න හදලා ආයේ නවත්තලා දැම්ම.
    කොල්ලෙක් කතා කරනවා වගේ නෙවේනේ.කෙල්ලෙක් ඔහොම දෙයක් ගැන කතා කලොත් වටේම ඉන්න මිනිස්සු එනවනේ එක එක ඒවා කියන්න.ඒ නිසා ඕනි නෑ කියල හිතුනා.
    වැදගත් ලිපියක්..!! ඔයාලා වගේ හිතන අය දෙතුන් දෙනෙක් හරි ඉන්නවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද..?? :)

    ReplyDelete
  29. කුමරි බඹසර විතරක් නෙමෙයි කුමර බඹසරත් තියෙනවා කියලා ගොඩ අය දන්නේ නැ මං හිතේ.එත් ඉතිං අපේ පුරුද්දක් නේ එක දවසක් අහම්බයක් සිදු වුවහොත් දිගටම එක පැවතිම.වැදගත් ලිපියක්.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  30. අන්තිම ඇනෝගේ කමෙන්ට් එකට ලොවෙත් එකගයි..

    ReplyDelete
  31. මට මේක මිස් වෙලානේ. ඉතින් මගේ අදහස් ටික තියන තැන ඔයා මුලින්ම කියලත් තියනවානේ බොහොම පිං මලේ.

    ReplyDelete
  32. සංවාදයට අපූරු කාලීන මාර්තෘකාවක් සහෝ...
    මගේ මතේ නම් කෙල්ලෙක් කසාද බඳින්න කලින් නෙමෙයි, කසාද බැන්දට පස්සේ තමයි ස්වාමි පුර්ෂයාට අවංකව ඉන්නවද කියලා හොයල බලන්න ඕනේ. මොකෝ ඉතින් මහ මුහුදෙන් නැවු ගියාට පාර හිටිනවා කියලද? නෑනේ.. :D

    ReplyDelete
  33. ඔන්න මීයෝ උඹේ බෝග එකේ මන ලියන දිගම කමෙන්ට් එක ලියන්නයි යන්නේ ,,,,
    ඔය කාරණේ මං දෙපැත්තක් දකිනවා බං , සමහර විට මට බැනුම් අහන්නත් වෙයි ,, එත උඹ දන්නවානේ මං හිතෙන දේ කෙලින්ම කියනවා ,,, මේකයි මගේ අදහස ,,
    කන්‍යාභාවය මනින එකේ විද්‍යාත්මක පසුබිමක්නම් නැහැ ,,, මොකද සමහරු කන්‍යා පටලය නැතුව උපදිනවා එතකොට ඔය කියන ලේ පැල්ලමෙන් පිරිසිඳු කම මැන්නොත් උපතින්ම කන්‍යාභාවය නැති කෙනෙක්ට වෙන්නේ අසාධාරණයක් ,,, ඊළඟට දැන් ලෝකේ අලුත්ම තාක්ෂනය අනුව කන්‍යා පටලය බිඳුණු පසුව නැවත යතා තත්වයට පත් කරන්න පුළුවන් ශල්‍යකර්මයක් මගින් ,,,,,, එතකොට 18 පාලියම නටලා සල්ලි වියදම් කරලා ඔය ලකුණ පෙන්නලා සාන්තුවරියක් වෙන්නත් පුළුවන් ඒකත් වැරදියි ,, ඊළඟට අර කිවුවා වගේ දුෂණයට ලක් උන කෙනෙක් මේ වගේ නිර්නායකයකට මන්නොත් ඇයට වෙන්නෙත් අසාධාරණයක් ,,ඊළඟට ඔය කියන විදිහට කෙල්ලෙක්ගෙ විතරක් ඔය කියන පිරිසිඳු කම බලන ඒකත් අසාධාරණයි ,,, අනික් කාරණේ කිවුවා වගේ ඔය ලකුණ පෙන්නන්න පුළුවන් උන කෙනා හැබෑවටම තමාගේ ජිවිතේ සාර්ථක කරන්න තමන්ට උදවුවක් වෙන දුක සැප දෙකේදීම ළඟ ඉන්න කෙනෙක් වෙයිද කියන කාරණේ ,,,
    තවත් දෙයක් ,, සමාජ සම්මතේට බයේ ඕක පෙන්නනකන් පරෙස්සමට ඉඳලා පෙන්නුවට පස්සේ රට වටේ යන්න ගියොත් කොහොමද කියන එක ,,

    ඔන්න බං වැදගත්ම කාරණය ,,,,,

    ඉස්සර ගැහැණු ළමයි කන්‍යාභාවය කියන කාරණය ගැන බය උනා ,, මොකද ඔය කාරණය තමන්ගේ ජිවිතේ විවාහ ජීවිතේට වැදගත් උන නිසා ,, ඒ නිසා වැරදි කරන්න බය උනා ,, තමන් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා එක්ක උනත් විවාහයට පෙර ලිංගික ඇසුරකට පෙළඹෙන්න බයයි මොකද මංගල දින රාත්‍රියට පස්සේ නැන්දම්මට ලකුණ පෙන්නන්න ඕනේ නිසා ,, ඒ නිසා යම හේතුවකට ඒ සම්බන්ධතාවය බිඳී ගියත් ගැහැණු ළමයා අසරණ වෙන ප්‍රමාණය අඩුයි ,,,, එහෙම බලන එක සාධාරණයි කියනවා නෙමෙයි ,, නමුත් ඒ හේතුව නිසා ගැහැණු ළමයි ඒ ගැන ලොකු වගකීමකින් කටයුතු කළා ,,,

    එතකොට දැන් කාලේ බලමු ,, ඔන්න හැම තැනම කතා කරනවා කන්‍යාභාවය නැතුව සමහර ගැහැණු ළමයි උපදිනවා ,, එහෙම කන්‍යාභාවය නැන්දම්මා බලන එක හරි ලජ්ජා සහගතයි ඒ නිසා නැන්දම්මා බලන්න එන්නේ නැහැ කියලා ,,, ඔන්න දැන් මොකද වෙන්නේ ,,, අර කලින් තිබ්බ බය නැතුව යනවා ,, හා මොනා උනත් මොකෝ ,, එදාට ලකුණ ඇහුවොත් කියනවා මං උපතින් නැතුව ඉපදුන කොටසේ කෙනෙක් වෙන්න ඇති කියලා ,,,
    ඔන්න දැන් කෙල්ලන්ට අසීමිත නිදහසක් ලැබෙනවා ,, එකේ නරක කෙල්ලන්ටමයි ලැබෙන්නේ ,, මොකද විවාහයට කලින්ම කොල්ලෙක් එක්ක ලිංගිකව හැසිරෙනවා එක්කෝ ඒකෙන දරුවෙක් හදාගන්නවා කොල්ලා යනවා නැත්නම් ළමයා භාරගන්න බැහැ කියනවා ඔන්න යනවා ගබ්සාවක් කරගන්න ,, දරුවෙක් ලැබුනේ නැතත් කොල්ලා දාලා යනවා ,, අන්තිමට බඩුවක් වෙලා නවතින්න වෙනවා ,, අද ගොඩාක් ගැහැණු ළමයින්ට වෙන දෙයක් ඕක ,,, එහෙම නැතත් තමන්ගේ මිනිහා දවසක කිවුවොත් උඹ බඳින්න කලින්ම මං එක්ක එකට හිටියා බයක් නැතුව ,, උඹට ඕනෙනං වෙන එකෙක් එක්කත් ඉන්නත් තිබ්බනේ කියලා ,,, මොනාද කරන්නේ ,, ඔය වගේ ගැටළු උන තැන ඕනේ තරම් හොයාගන්න පුළුවන් ....

    ඔන්න ඔය කාරනා නිසයි මං කිවුවේ ,, ඔය කන්‍යාභාවය සෙවීම තුල හොඳ වගේම නරකත් තියෙනවා කියලා ,,, ඕක මගේ අදහස ,, හැම දෙයක්ම සීමාව ඉක්මවලා ගියහම එතන මොකක් හෝ ගැටළුවක් තියෙනවා බං ,,

    හැබෑම පිරිසිඳු බව තමන්ගේ හිතටම දැනෙන දෙයක් ,, එක ලකුණකින් මනින්න බැහැ ,,, හැබැයි යම කරුණක් නිසා යම්කිසි බයක් වගකීමක් තියෙනවානම් මිනිස්සු තමන් ගැන මිට වඩා වගකීමකින් කටයුතු කරනවා ,,, එකයි මගේ අදහස ,,,,


    ReplyDelete
    Replies
    1. ඇත්තටම කෙල්ලෙක්ගෙ පැත්තෙන් ලිහිණි කියන කථාව හරි.... කන්‍යාභාවය සංකල්පය යුවතුයකට තම ගෞරවය ආර්ක්ෂාව රැකගැනීම පිනිස ස්වයං වාරණයක් පනවල තියනවා,, ඒ තුල යුවතියට සමාජය තුල යම් හික්මීමක්ජනිත වෙනවා... ඇත්ත

      මම මේ ලිපිය ඉලක්ක කලේ.. පිරිමින් හා නැන්දම්මලා ලිහිණියෝ..

      Delete
  34. මුල් කතා දෙකනම් සිරාවට හිතට වැදෙන්න ලියලා තියෙනවා ‍ඒත් අන්තිමට තියෙන කතාව ගොඩක් දුරට ආත්මාර්ථකාමිත්වය පදනම් වෙච්චි එකක් ප්‍රස්නේ තියෙන්නේ මේ මගුල් හොයන්න එන්නේ බඳින එකාගේ දෙමාපියො නිසයි.

    මම නම් කියන්නේ මෙච්චරයි බඳින්න කලින් ‍කොහොම හිටියත් කමක් නෑ බැන්දට පස්සේ ස්වාමියාට ආදරය කරුණාව දීලා ව්ශ්වාසය කඩ නොකර පතිවත ආරක්ෂා කරගන්නවනම් එච්චරයි ඕනෙ.

    බඳිනකොට ඔය භාවය කෙලෙසිලා නැති කෙල්ලෙක් ගත්තත් වැඩක් තියෙයියැ බැන්දට පස්සේ උන් වෙන එවුන් එක්කලා නටන්න ගත්තොත්...

    ReplyDelete