Thursday 8 November 2012

වැස්ස

අද කට්ටියගෙම කථාව අයවැය ගැනනේ.. මටනම් ඕවයේ වැඩි තේරුමක් නෑ.. කරන්න් දෙයක් නැතිකමට කම්මැලිකම යන්න කියල අදත් පුරුදු විදියට කවියක් ලිව්වා

ඉහල අතු අග පිපී ලෙලෙනා
මල්පොකුරු ආදරෙන් සනසා
රැඳුණු දූවිළි හොඳින් පිසදා
වැස්ස නුඹ හරි මෘදුව වැස්සා

පහල තණපත් අතර විකසිත
පුංචි තණමල් මඩින් නහවා
මල් අතර කුණු තවත් රඳවා
බොර වතුර ගල ගලා බැස්සා

34 comments:

  1. විවෘත ආර්ථිකය ආ දා පටන් ඕකම නේ මලයා වුනේ.ඕව වෙනස් කරන්න ගිය සිරිමාවොට උනේ මොකක්ද කියල දන්නවානේ . නිර්මාණය උපරිමයි.

    ReplyDelete
    Replies
    1. බුදුහාමුදුරුවො ඉන්න කාලෙ වැස්සෙත් මේ වැස්සම තමයි අය්යේ.. විවෘත ආර්තිකේ ආවා කියලා වෙනසක් උනේ නෑ..... ඒකනේ රාහුල, නන්ද කුමාරවරු හිටිය රටේම සුනීත සෝපාකල හිටියේ

      Delete
  2. අලේ..වැස්ස...මම හරිම ආසයි වැස්සට...

    ReplyDelete
  3. ඵලදායි නිර්මාණයකි..
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  4. අයි හෙට් වැස්ස. හිකිස් හිකිස්........... :ඩී

    ReplyDelete
  5. පිස්සුද බං, මේ දවස්වල මල් පොකුරු ආදරෙන් සනහන මෘදු වැහිවලට වඩා මල් පොකුරු උදුරල බිමට දමල ගස් පිටින් ගලවන් යන මහ මුරුගසන් වැහි වහින්නෙ.

    බොලා කවියො වෙච්චි වැරැද්ද තමයි, ඕනම ගොරහැඬි දෙයක් දකින්නෙ හරි සිනිඳුවට.

    ReplyDelete
  6. //පුංචි තණමල් මඩින් නහවා// ඔව් නේද....
    ලොකු ගස් නහවලා පිරිසිදු කරන වතුරම
    පුංචි ගස් මඩින් නහවලා විනාස කරනවා..!

    සිතිවිල්ල අගෙයි බං..!

    ReplyDelete
  7. සුපිරි නිර්මාණයක්. ආයේ කියන්න දෙයක් නෑ. ඔහොම ඉඳිං මේක ශෙයාර් කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අනේ රාජ් අය්යේ මට තේරෙන්නෙත් නෑ... හිමිහිට කාගෙන් හරි අහගෙන ඒකත් හදාගන්න ඔනේ

      Delete
  8. කොහොමද බොල මේක ශෙයා කරන්නෙ?

    ReplyDelete
  9. හ්ම්ම්...හ්ම්ම්.....ලස්සන කවියක්නේ.... :)

    ඔහොම තමා ජීවිතේ..... හැමෝටම හැමදේම එක විදියට ලැබෙන් නෑනේ....

    ReplyDelete
  10. වැස්ස ගැනමද මේ කියන්නෙ...?

    ReplyDelete
  11. කවිය නියමයි. වැස්සට මම නම් කැමති.

    ReplyDelete
  12. මමත් වැස්සට ආදරය කරන එකෙක්. අනිත් උන් මට බනිනවත්!:)

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  13. වැස්සේ ප්‍රතිපලේ තේරෙන්නේ බඩු ගන්න කඩේට ගියවෙලාවටයි..

    ReplyDelete
  14. ශා.... පහුගිය ඉකේ වැහැපු වැස්ස මතක් වුනා.. ලස්සනයි කවි!!! මමත් ආසයි වැස්සට!!! :D

    ReplyDelete
  15. කවි වලට විරාමයක් දීලා පොඩි කථාවක් ලියපන්කො මී...දිගටම කවි ලියනකොට එකාකාරී ස්වරූපයක් දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. කථාවක් ගොණුකරගන්න මට තිකක් අමාරුයි සිරෝ,.. උබ කියන එක තේරෙනවා.. හිට් කවුන්ට් බැලුවහම කවි කියවන්නේ බොහොම අඩු පිරිසක්.. ඒත් මට කථා ලියන්න හරිම අමාරුයි.. හිනා යන කථාවක් ලිව්වත් එච්චර සාර්ථකව ලියන්න අමාරුයි බං...

      ඒ උනත් පරන සිද්දියක් දෙකක් මතක් කරල ලියන්න ට්‍රයි එකක් දෙන්න ඔනේ

      Delete
  16. වැස්ස ඉවර උනහමත් වැස්ස ගැන කවි. හොඳා හොඳා...

    ReplyDelete
  17. ඔය කියන විදියට මෘදු ව වහිනව නම් මොනවා කොරන්න බැරිද?? (y)

    ReplyDelete
  18. කවිය නම් පට්ට. නියමයි මී ගොඩයා...
    ඇත්ත, මෘදුව ටොකු අනිනකොට හරිම සනීපයි.

    ReplyDelete
  19. වැස්ස නියමයි. පුංචි අමුත්තක් තියෙනවා

    ReplyDelete
  20. එකම දේ පන්ති දෙකකට වෙනස් විදිහට් දැනෙන හැටි. එතනත් පන්ති භේදය......තව කොච්චර තේරුම් ආරුඨ කරන්න පුලුවන්ද මේ කවියට .මැක්සා අයිඩියාව මී ගොඩයෝ... කියවන බ්ලොග් වලින් මැක්සා තේරුම් තියන සුපිරි කවි තියෙන්නේ උඹේ බ්ලොග් එකේ. බොක්කෙන්මයි කියන්නේ

    ReplyDelete
  21. වැස්ස මගේ ඩෙක් සූස් තෙමුවා....
    @ සපත්තු වේලෙන්න දමමිං

    ReplyDelete
  22. වැස්ස ගැන අහන කොටත් සනීපයි වගේ. මේ අව්වේ කරවල වෙලා ඉන්න අපිට. එල පද පෙළ අයියා

    ReplyDelete
  23. වැස්ස නුඹ සොඳුරුය
    වියලි කතරට,
    ඒත්...
    කරකුට්ටන් වී
    වියලී,
    නට්ටන් වී
    සිටිනා විට,
    මහා වැස්ස බොර වතුර
    මට අරහං..
    අම්මපා
    පිච්චෙන තරමක්
    පිච්චෙන්න දීපං,
    කාන්තාරේ රස්නේ එක්ක.
    මොකද
    ඒක
    හැමදාම එකයි....

    ReplyDelete
  24. මේක කියෙව්වෙත් පට්ට වැස්සේ....

    ReplyDelete
  25. වැස්ස නිසා ගැලුවා මහා ගන් වතුර
    පාරත් යටවුනිය ගැලුයෙන් මඩ වතුර

    ReplyDelete
  26. දුක්බරම කවියකින් කියවුනු
    අඳුරු අහසේ කඳුළු පුවතක්
    ලොවට කියමින් හෙමින් රහසින්
    වැස්ස නුඹ හරි මෘදුව වැස්සා

    ලස්සන කවියක්.. පලවෙනි කවියේ අන්තිම පේලිය නිසා ගොඩාක් දේවල් හිතෙනවා..

    ReplyDelete