Thursday 6 December 2012

අද තමයි දවස



එහෙමට කියන්න තරන් ලොකු දෙයක් නෑ.. අදට ඉතින් මං මීගොඩය ඉපදිලා අවුරුදු ගානක් සම්පූර්න වෙනවනේ... අමුතු සතුටක් නැතත් අදවගේ දවසක මගේ 30ක් 40ක් වගේ වෙච්ච සුවහසක් රසික රසිකාවියො අමතක කරන්න බෑ රසිකයෝ අමතක කලත් රසිකාවියො අමතක කරන්න පුලුවන්ද.. බෑනේ.. ඉතින් මම තීරණය කලා කට්ටියත් එක්ක එකතුවෙලා පුංචිම පුංචි පාටියක් දාන්න....
අමාවකටත් සිල් ගන්න මට ඉතින් සැර බීම ජාති අකැපයි ඒ හින්දා ඉතින් අපි කට්ටිය සතුටින් සමාදානෙන් රසම රස කේක් එකක් කපලා.. සමගියෙන් සමාදානෙන් බෙදාගෙන කමු...

ආ එහෙනම් එන්ඩෝ........ කේක් කන්න එන්ඩෝ.....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හා හා පොර කන්න එපා.. හැමෝටම තියනවා.... අතේ ගාගන්න අප්පිරියයි වගෙනම් මෙතනින් හැන්දක් ගන්න
අය්යෝ බලන්න ඔයාට පිලිවලට කේක් කෑල්ලක්වත් කන්න බෑනේ,, මූණ පුරාම ගාගෙන.. කහපාට කෑල්ලක් නහය ගාවත් ආ මේකෙන් මූණ කට පිහිදගන්න
පාටියට සමගාමීව මම තීරනයකලා මගේ දේශ දේශාන්තරව විසිරිලා පැතිරිලා. වැතිරිලා ඉන්න සුවහසක් බ්ලොග රසික රසිකාවියන්ට කරන් උපහාරයක් විදියට මගේ උත්තුන්ග ශ්‍රී දේහයත් පින්බර අවිහින්සක කඩවසම් මුහුනත් තහඩුවත් අන්තර්ගත සමීප චායා රූපයක් සයිබරයට මුදා හරින්න.. ඒක අද රත්‍රී මූණු පොත හරහා කරන්න තමා සැලසුම් කරලා තියෙන්නේ.. එහෙනම් රැට මූණු පොතට එන්න මාව බැහැ දකින්න
(රසිකලා රසිකාල විතරක් නෙවෙයි... ඔයාල ත් එන්න ඈ.. නමක් නමක් ගානේ අඩගන්න ඔනේ නෑනේ.. මේක විවෘත අරාධනාවක් )

එහෙනම් හැමෝටම ස්තුතියි කිව්වා

යන්න කලින් මාත් එක්ක අද උපන්දිනය සමරන අපේ තොටුපොල අයිනේ ලියන තොටියා දොස්තර මහත්තයටත් සුභම සුභ උපන්දිනයක් වෙවා කියාගෙන යනවා








 

57 comments:

  1. අනේ...හරිම රහයි ඈ! මී ගොඩයාට කක්කා උපන්න දිනයක් වේවා!!

    ReplyDelete
  2. බුකියේදී උඹලා දෙන්නටම සුභ පැතුවා. ඔන්න එහෙම නම් මෙතනදීත් සුභ උපන් දිනයක් වේවා කිව්වා. සිනි තියෙන නිසා කේක් වගේ ජාති වැඩිය කන්න හොද නැතිලු නේ. ඒ නිසා කේක් එක නම් උඹම කාපන්

    ReplyDelete
  3. කේක් නම් රස පාටයි.. ඒත් මම වැඩිය පැණිරසට කැමති නෑ.. ඒ නිසා එපා..
    සුභ උපන්දිනයක් වේවා. සුතුම් පැතුම් ඉටු වේවා.

    ජය වේවා..

    ReplyDelete
  4. ඔන්න දෙන්නටම සුබ උපන් දිනයක් වේවා කිව්වා..!! මමද කොහෙද පාටියට කලින්ම ආවේ..:)

    ReplyDelete
  5. දාන්ඩ මී පහක්...
    මාත් දෙසැම්බර්....
    හැපි බර්ත් ඩේ ඈ.....

    ReplyDelete
  6. appeeeeeeeeeee dakka gaman kela unanawa... :P :P...ehenan onna happy upan day ekak hodeeee ... :D

    ReplyDelete
  7. කොටියම කාපිය තෝව.. සික්...කුනා කිව්වේ නිකන්ද මම??? විශ් කරාටත් පාඩුයි..

    ReplyDelete
  8. ඒ කාලේ ඉදලම මී කැමති කේක් ජාතිය,නියමයි,පොඩ්ඩක් කහට රහක් එනවා,එක්ස්පයර් වෙලා ද දන්නේ නැහැ,කොහොමටත් සුබ උපන් දිනයක්ම වේවා.....

    ReplyDelete
  9. සුබ උපන්දිනයක්
    මුන් මට කේක් කැල්ලක් වත් ඉතිරි කරලා නැහැ

    ReplyDelete
  10. ආ ... සුභ උපන්දිනයක් කිව්වා සුදු මල්ලියෙ....
    එහෙනං අද සෑ තමයි සෑ....:)

    ReplyDelete
  11. අලේ මෙයත් දෙසැම්බරේ කෙනෙක්...
    සුබම සුබ උපන් දිනයක් වේවා ! හැම සතුටක්ම හැමදාම ජීවිතේ රැඳේවා !

    ( සිත නිවන තැන ලියන ශශීගේ 4 දා... මෙයාගේ සහ තොටියාගෙ අද...සම මගේ...හි හි...ඒකත් ඉස්සරහට....)

    ReplyDelete
    Replies
    1. බලනකොට දෙසැමබර් බබාලා ගොඩාක් ඉන්නවානේ. ලිහිණිගේ උපන්දිනේ කවදාද කියලා දැම්මොත් අපිත් සුභපතන්න එන්නම් :)

      Delete
  12. කේක් නම් අයියේ උඹම කාකාපන්. ඊයා............................ ඔන්න මමත් සුභම සුභ උපන් දිනයක් පතනවා. සිරාවට මේ කී වෙනී උපන් දිනේද? 30 වෙනී එකද 40 වෙනී එකද?

    ReplyDelete
  13. දෙපාරක් මක්කෙටෙයි විස් කොරන්නේ කියල හිතුවත් ඔන්න මෙතනත් සුභ පතකනා හරිය... දේශකයා

    ReplyDelete
  14. ආයිත් සුභපැතුම් හෙනං

    ReplyDelete
  15. මේ ටිකේ කියවන්න ලියන්න වෙලා නැතත් උපන් දිනේට ආවා ඔන්න මේ පැත්තට :)
    සුභම සුභ උපන් දිනයක් මී සහෝ :)
    අර කේක් එක නම් එර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.....................:/

    :) ජයම වේවා!

    ReplyDelete
  16. apo dala tiyena cake eka.

    Anyway subha upandinayak e....

    ReplyDelete
  17. මීයට සුබ පැතුමි ඔන්න මගෙනුත්... හි හි...

    ReplyDelete
  18. "අනේ ඉතින් අපි දෙන්නට........ " කියලා එකිනෙකාට සුභ පතාගෙන ඉතුරුවෙලා තියෙන කේක් කෑල්ල කෑල්ල ගානේ කමු නේද මීයෝ... මගේ උපන්දිනේ ගැනත් බ්ලොගේ දැම්මාට ස්තූතියි. ඒ වගේම සුභපතපු සියළුදෙනාටමත් ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. සුබ උපන්දිනයක් තොටියා.

      මම මේ දැන් උඹේ බ්ලොග පැත්තටත් ගියා, කෝ අළුත් පෝස්ට් එකක් නෑනේ, බුකියෙත් මම නැති නිසා ඔන්න මෙතනම සුබ පැතුවා.

      Delete
  19. ඉකේ... අද බී ඩේ නිසා හෙලා දකින්නේ නෑ .. ඉන්නවකෝ අල්ලගන්න...
    ආයිත් හැපී බී ඩේ ඈ..

    ReplyDelete
  20. කෑවයින් කෑවේ නෑ මේවගේ කකුස්සි කේක් එකක්. හාහ් හාහ් හා..........සුභ උපන්දිනයක් මී ගොඩයෝ.... චිරාත් කාලයක් යෙහෙන් සැපෙන් වැජඹේවා ..!

    ReplyDelete
  21. ආවෝ...ආවෝ...කේක් කන්ඩ ආවෝ..... රසයි ඇ..... :)

    සුභම සුභ උපන්දිනයක් වේවා.......!!

    ReplyDelete
  22. ඊඊඊඊඊඊඊඊඊයා....................කේක්.
    ඔයාටම ගැලපෙනවා.
    කොහොම උනත් සුබම සුබ උපන්දිනයක් වේවා!
    (අමුතුවෙන් දකින්න දෙයක් නෑ මම නම් ඔයාගෙ ෆොටෝස් දැකලා තියෙනවා මම හිතන්නේ :D)

    ReplyDelete
  23. කාලෙකින් ගූ බෙට්ටක රහ බැළුවෙ නෑ.....! උඹම ඉන්න ඕනෙ ඉතින් අපිටත් ගූ බෙදන්න...!

    ReplyDelete
  24. කේක් එපා බං,උඹට සුබ පැතුම්..

    ReplyDelete
  25. අර කේක් එකේ කහ පාටට තියෙන්නේ අයිසිං ද?

    ReplyDelete
  26. සුභම සුභ උපන්දිනයක් පතනවා මීයට !

    ReplyDelete
  27. සුභම සුභ උපන්දිනයක් පතනවා මීයට !

    ReplyDelete
  28. වල් මීයෝ තොට සුභ උපන්දිනයක් වේවා..!
    අරව නැත්තං වැඩක් නෑ අප්පා..!

    ReplyDelete
  29. 30 වෙනි උපන්දිනේට සුබ පැතුම්..හිහි

    හරි හරි අපි එන්නම් මූණු පොතට

    ReplyDelete
  30. සුභ උපන්දිනක් වේවා
    දැන් 40යයිද?

    ReplyDelete
  31. මගෙ පංගුවත් ඔයාම කන්න. සුභ උපන්දිනයක් මල්ලි

    ReplyDelete
  32. අප්පෙ මි යංට හරියනම කෙක් එකක් ඇ සුබ උපන්දිනයක් හොදෙ

    ReplyDelete
  33. බුකියෙත් සුභ පැතුවා !! ඔන්න මෙහෙටත් අවා. සුභ උපන් දිනයක් අයියා !!.

    ReplyDelete
  34. බුකියේ දාන ඒවාට මේක අදාළ වෙන්නේ නැති නිසා ඔන්න ලාවට වගේ සුභපතනවා.....කේක් නම් මොනවද?..ඒත් කට්ටිය ඔක්කොම කාල වගේ....

    ReplyDelete
  35. මේ වගේ ප්‍රීතිමත් දවසකවත්...මෙව්ව නැතුව......අනේ මන්දා...

    ReplyDelete
  36. සුභම සුභ උපන්දිනයක් වෙවා !!!

    ReplyDelete
  37. සුබ ම සුබ උපන්දිනයක් මීයා. මමත් ඔය පැනිරස කෑමවලට කැමති නෑ, ඒ නිසා කේක් නම් එපා ඔන්න.

    බුකියෙ දැම්මම අපි බලන්නෙ කොහොමද බං, අපි ඒ පැත්තෙ එන්නෙ නෑ, ඔන්නඔහේ මේකෙත් එල්ලපං උඹේ පින්බර අවිහිංසක කඩවසම් මූනූ පොඩ්ඩ. (...... මූ හරකෙක්ගෙ මූනක්වත් දායිද මංද)



    ReplyDelete
  38. හොඳ වෙලාවට මම එනකොට කට්ටිය කහපාට එවුවා ටික කාලා සුදුපාට ඒවා ටිකත් කාලා.
    ඒ නිසා මට කන්න මුකුත් නෑ..

    නෑ නෑ ආයේ තව කේක් හදන්න කරදර වෙන්න ඕන නෑ... :)

    සුබ උපන්දිනයක් වේවා මචං !!!

    ReplyDelete
  39. ඕක කියන්නද කතා කලේ.... කොහොමත් මට සුභ පතන්නත් බැරිවුනා.. සුභම සුභ උපන් දිනයක් සුදා... තෙරුවන් සරණයි....

    ReplyDelete
  40. ෂා මාර අද්දැකීම අප්පා...හැන්දෙන් කේක් කන එකත් නරකම නෑ නේද?

    ReplyDelete
  41. අඃ කියන්න බැරි වුනානේ...සුභම සුභ උපන් දින ටිකක් වේවා.............!

    ReplyDelete
  42. බුකියේ වෙලාවට සුභ පැතුවා. මේකෙ පරක්කු උනා අවුලක් නෑ කියලා හිතනවා..

    ReplyDelete
  43. සුබම සුබ උපන්දිනයක් වේවා !
    මම නම් මෙච්චරකල් කාපු ගූ ගොඩවල් ඇති. ඒ නිසා මේක උබම කාහං !

    ReplyDelete
  44. ඔහේ ඊයේ හොඳින් උපන්දිනේ සමරලා, ඒ කාපු ඒවායේ අතුරුපල අනෙක් අයට දෙනවා නේද?

    සුභ උපන් දිනයක් වේවා, තිහක් හතලිහක් කියලා හිතන්නවත් බෑ! හොඳ වෙලාවට ව්‍යංගයෙන් වගේ ලියලා තියෙන්නේ

    ReplyDelete
  45. සුභ උපන් දිනයක් වේවා !

    මීයව දැක්කා මමත් මූණුපොතේ... වැඩිය උස නෑ නේද...

    ReplyDelete
  46. මම පරක්කුච මන්දා...සුබ උපන් දිනයක් අය්යණ්ඩියා..හැබැයි කේක් නම් එපා.. :/ ඊයෑක්කා..

    ReplyDelete
  47. මම නම් කලින්ම සුබ පැතුවා.. අර මෙතන නැති සැරදේවග් පනුවන්ට හොදයි.මට පොඩි බනු අමාරුවක් තියෙනවා නැද්දටිකක් වත්. කේක නම් බැ ෂුගර්..

    ReplyDelete
  48. ඈක්කා..කා....ක්කා.........
    මොනව වුණත් රහට තියෙන්න ඇතිනේ.......හැපි හැපි ජිංගල් එකක් ඔන්න මීගොඩය අයියට..

    ReplyDelete
  49. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  50. පරක්කු වුණත් මූණු පොතේ නම් වෙලාවට සුබ පැතුවා ඔන්න...

    ReplyDelete
  51. බුකියෙදිත් කිව්වා ඔන්න එහෙනම් මෙතනත් සුබ පැතුවා ඈ...

    ReplyDelete
  52. හැපි බර්ත්ඩේ ඔන්න පරක්කු වුනත්..

    ReplyDelete

  53. තොටියාටත් මීයාටත් සුබම සුබ උපන්දිනයකට ආසිරි !

    ප්‍රමාද වුනාට සමාවෙයල්ලා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  54. මෙන්න මගෙත් ප්‍රමාද උපන්දින සුබපැතුම් ...

    ReplyDelete
  55. සැක් විතරක් කේක් එක නම් කුජීතයි ආ... හොද වෙලාවට මං ආවෙ පමා වෙලා...
    සුභම සුභ උපන් දිනයක් සුදු අයියේ..ඔන්න මහ ලොකු නගා සුභ පතන්න ආපු වෙලාව නේද? අනේ සමාවෙන්න හොදද?

    ReplyDelete