Monday 21 January 2013

හදවිල අකලට පීදුණු පිළිලය
















දහසක් තරුනෙත් මොහොතක් රවටා
සුළඟක් රහසක් කියනු නියා
ඇවිළු ගින්නක් හිරු සඳු අළුකර
සත් සමුදුර තෙක් පැතිර ගියා


දෙසිතක් අවුරා මතුවූ කුකුසක්
සෙනෙහස 
දෙදරා ඉවුරු අරා
දෑඟිළි අතරින් ගිලිහුන බැඳුමන්
හදවත් දුරකට අරන් ගියා


සැකයෙන් විරසක දැවෙනා හදවත්
පිරියම් කරනට සඳුන් උලා
තුරුහිස් අතරින් මේඝලතාවන්
කඳුලක සීතල අරන් ගියා  


හදවත අකලට  පීදුණු පිළිලය
සැතකින් ගලවා ඉවත හෙලා
කවුළු පියන් හැර නා මල් සුවඳට
ලතවෙන හදවත්  හිඳියි බලා

27 comments:

  1. ලස්සනයි කවි ටික නම්..ඒත් විරහවෙ කොයින්ද ලස්සනක් නේද?..ම්....ඒත් වැඩිපුරම කවි,සිංදු ලියවෙන්නේ විරහව ගැන..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ පොටෝ කැල්ල දැක්කම හිතෙන්නේ ඔයත් විරහවෙන් කියලම තමා.

      Delete
  2. මොකද අයියේ බූට් කවි ලියන්නේ. අර පිල්ලි බූට් එක තිබ්බද?

    ReplyDelete
  3. ලස්සන නිර්මාණයක්!!

    ReplyDelete
  4. ado patta ban....me tikema math mood gahala..
    mewa dakiddi awulma yanawa...
    thadinma wadinawa machan...

    ReplyDelete
  5. බොලාට ඉතිං විරහව කියන එක දැනෙන්න ඕන ඔය වගේ සුපිරි අදහස් දාලා කවි ලියන්න.. ඕං මං නං ඔය විරහ රසේට හොදටම ලැයික්..

    ReplyDelete
  6. මට දැනුනේ "සඳකඩ පහනක කැටයම් ඔපලා"කියන සින්දුව. පද ටිකක් ලඟින් යනවා.

    ReplyDelete
  7. යෙප් අර අන්තිම පද පේලි ටික නම් සඳකඩපහණට ගොඩාක්ම සමානයි.. මොකද එකපාරමට මීයා විරහවට බැහැලා ආ...

    ReplyDelete
  8. හපෝයි.. කාල නේද සපත්තුවක්..

    ReplyDelete
  9. විරහව ලස්සනට පද වැලක් කරලා ...ලස්සනයි

    ReplyDelete
  10. රැඩිකල් උනා කියලා කෑ ගැහුවේ මේ ඊයෙ පෙරේදා නේද?
    මොකද උනේ...

    ReplyDelete
  11. විරහව!!! මම ආසම ^_^

    ලස්සන කවි ටික අයියෙ. පළවෙනි කවියට වැඩියෙන්ම ආසයි!!!

    ReplyDelete
  12. වෙනද වගේම ගොඩක් රසවින්දා. ජය වේවා මී අයියෙ.

    ReplyDelete
  13. “ඇවිළු ගින්නක් හිරු සඳු අළුකර
    සත් සමුදුර තෙක් පැතිර ගියා“

    අනේ මන්ද අප්ප ඔයානම් මාරයි........

    වි රහවට ගහන්න තරම් මේ ලෝකෙ වෙන කිසිම රහක් නෑ.......
    ඒතරම් රහයි.......කන්න කන්න ආසයි.......

    ReplyDelete
  14. මේක කියවද්දි මට මතක් උනේ සුනිල් එදිරිසිංහගේ සිංදුවක්..
    මේක රයිම් වෙන්නෙත් ඒ වගේ...

    ReplyDelete
  15. සිංදුවක් වගේ... එත් මට පැහැදිලිඋනේ එහෙන් මෙහෙන් පෙළි දෙකක් තුනක් විතරනේ මී අයියේ ;(

    ReplyDelete
  16. මී මලේ නියමයි...සැකය තමා හෙනේට හිටින්නේ කාගෙත්

    ReplyDelete
  17. ඔක්කොටම වඩා විරහව හොදට රසවිදින්න පුළුවන්. ඒ නිසා වෙන්නැති වැඩිපුර විරහව ගැනම කවි සිංදු ලිය වුනේ......

    අනික සැකය ආවොත් නම් ඉතිං අයේ කතා දෙකක් නෑ.... ඔක්කොම අවුල් තමා....

    ReplyDelete
  18. නියමයි.. සඳ කඩ පහනක සින්දුවට සමානයි වගේ නේද.

    ReplyDelete
  19. අපි පතමු, හඳවිල අකලට පමණක් නොවේ කොහේත්ම පිළිලයක් බෝ නොවන්න කියා.

    ReplyDelete
  20. මේකටනම් තාලයක් දාලා ගන්න පුළුවන් එකක් මී අයියේ.. සදකඩ පහනක සිංදුවේ තාලෙට සමාන කරලා ලිවුවද කියලත් හිතුනා හැබැයි..

    ReplyDelete
  21. මොනව වුනත් මේවා කවි නෙවේ ගිත පද රචනා වලට සමිපයි. ගායනාකරන්න පුළුවන් පහසුවෙන්ම.

    ReplyDelete
  22. බූට් එකක රහ බැලුවද බොලං....

    ReplyDelete
  23. සපත්තුවක් කාලා නේද?? O.o

    ReplyDelete
  24. Lassanai,matat mula idanma danune sadhakada pahanaka geethaye thaalayatama samana bawai...

    ReplyDelete