Monday 28 January 2013

ජොලියට ලියපු වස්කවි

අද මේ ලියන්න යන්නේ මීගොඩයා කාලෙකට කලින් අම්බලම කවි ගෲප් එකේදී... ඉතාලියේ ඉන්න හිපෝවෙක් වගේ තඩි සයිස් යාළුවෙකුට  ලියපු වස් කවියක් ... බලන්න හොඳද කියලා


බරණ සූසැට පැළඳ නිරතුරු ගුරුළු අසුනෙහි වෙසෙන සසොඹන
බලා මාහට කරන අණ වින හිපෝ තඩියා අළු කරණු මැන
කළඹලා නිල් අහස් ඝර්භය  යවා සුළඟක් ඉතාලිය වෙත
ඇලවෙනා මහ කුළුණ සොලවා ඇදහෙලනු මැන උගේ හිසමත
                                 
                                     *  *  *  *

ජොලියට ඕක ලිව්වට බැරිවෙලාවත් ඕකා ලිස්සල හරි වැටුනනම් මගෙ පිටින් යන හින්දා.. අනිත් පැත්තට සෙත් කවියකුත් ලියල දැම්ම.. මේ තියෙන්නේ ඒක

බරණ සූ සැට පැළඳ නිරතුරු ගුරුළු අසුනේ වෙසෙන සසොබන
බලා මගේ මිතුරුතෙම දෙස ඔහුගේ දුක් ගිණි නිවාලනු මැන
සක්වලින් එන සිහිල් සුළඟින්නිවා සියොළඟ නැගෙන දහදිය 
ඉසුරු ලංකර දුක් නිමාකර ලබා දෙණු මැන ඔහුට සොම්නස

ප.ලි.

ඔබත් ගෙට්ටුවෙන් පසු දිගින් දිගටම මඩ ප්‍රහාරවලට ලක්වන්නෙක්ද???
එසේනම් වහාම මීගොඩයා අමතා ඔබේ සතුරාට වස්කවියක් ලියවා ගන්න

43 comments:

  1. මට ලියා දියං හෙනං උෂාන්ට වස් කවියක්

    ReplyDelete
    Replies
    1. ලක්දිව වෙත දිවැස් හෙලන කන්ද කදිර දේවනේ
      ඇතිවී ඇත දැන් මාහට උෂානයගේ සේවනේ
      විකට මුහුණ පළඳාලා නිමකල විට රංගනේ
      ගලවන්නට නොහැකි ලෙසට තදකලමැන සාමිනේ

      පරිස්සමට හොඳේ මෙව්ව සෙල්ලම් නෑ

      Delete
    2. නියමයි.... ඔන්න...!!! මං ඌට මේක කියන්නම්!!!

      Delete
    3. ඌට කියල වැඩක් නෑ ඊලඟ පසලොස්වකට කලින් .. හත් දොහක් කියල දාපන්

      Delete
  2. පව් අහින්සක දිහාන් අයියා ;)

    ReplyDelete
    Replies
    1. කවුද ඒ මං දන්නේ නෑ

      Delete
  3. හිපෝ තාම ඉන්නවද බං?? මඩ??? ඒ මොනවාද ඒ??? ;)

    ReplyDelete
    Replies
    1. ඌ යහතින් ඉන්නව බං

      Delete
  4. අෆ්ෆටසිලි.... මෙයැයි දැන් වස් කවි ලියනවද? ඒ මටත් කෙනෙක් සිටි ලියා දෙන්නකෝ වස් කවියක් අයේ මට ඇනයක් කඩයක් වෙන්න එපා කියලා :පී

    ReplyDelete
    Replies
    1. නම් ගම් සහිතව විමසන්න

      Delete
    2. අර සූකිරි කෑල්ලක් වගේ ඉන්න නැන්දම්මට නොවෙයි නේද??

      Delete
  5. ඒ අර මඩ කාතව මුකක්ද?

    ReplyDelete
  6. වස් කවි ලියපු කෙනාටම කරකැවිලා එනවලු..බොලා පරිස්සමින් හිටු !

    ReplyDelete
  7. අදනේ දන්නෙ වස් කවිත් කියනව කියල.. අම්බෝ එන්ඩත් බයයි මේ පැත්තෙ :P

    ReplyDelete
  8. වස් කවි ලියපු කෙනාටම කරකැවිලා එනවලු..බොලා පරිස්සමින් හිටු !

    ReplyDelete
  9. කවියේ කිසි දොසක් නැහැ. ඒ වාගේම හොඳ කාලීන පිවිසුමක්.

    ReplyDelete
  10. Ane mee aiye mata seth kaviyak liyala dennako rassave padi thavath vadi venna kiyala.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. යකෝ, මූ බලන්නනෙපැයි :P :P

      Delete
  11. ආඩෝ..මඩ ගහන උන්ට ලියල දීල අහුවෙන්ට එපා ඕං..!

    ReplyDelete
  12. හරියට ඝන පිහිටවල වස්කවියක් කිව්වොත් ඒක ඇත්ත වෙනව කියල කතා නම් අහල තියෙනව ඉස්සර. ඒකෙන් කමක් නෑ, මටත් ඔය වස් කවියක් කියන්න බැයිද බං.

    ReplyDelete
  13. හොද ලිපියක් යාළුවා අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  14. ආ....එල !!!ජොලියට ලියපු වස් කවි හින්දා හොදා... :D හැබැයි හෙන භයානකයි දැන් නම්, මී අයියා කවියෙන්ම ගේම දුන්නොත් එහෙම, කට වරද්දගන්න නාකයි ^_^

    ReplyDelete
  15. හප්පට සිරි... මීයා දැන් වස් කවිත් ලියන්න පටන්ගෙනනේ.... වස් කවි නම් ඕන නෑ .වෙලාවක මටත් ඔය හොඳවයින් සෙත් කවියක් ලියලා දියංකෝ බං...

    ReplyDelete
  16. දැන ගත්තු එක හොඳයි. ඕන උනොත් ආයේ ඉතින් කෙලින්ම මී වස්කවි/සෙත්කවි ඇදුරා ලඟට තමයි එන්නේ. :)

    ReplyDelete
  17. අප්පද බොල..වස් කවිත් ලියනවයෑ..දැන ගත්ත එක හොඳා...
    CSK LANKA

    ReplyDelete
  18. සෙත් කවි ලියන්න බැරිද ?

    ReplyDelete
  19. ammiyoo..
    Was kawi..

    Kiyak hari hoyaa ganna maru wadee..
    Oya kattiya danma order dila tyenne... :D

    ReplyDelete
  20. උඹ දකිනා හැම හීනෙම තැනකදී මම පෙනීයන්
    උඹ පතලා මම විඳි දුක උඹට සදා දැනීයන්
    උඹේ සිනා උඹේ කඳුළු මා වෙනුවෙන් නැගීයන්
    මගේ මතකෙන් නුබේ දෙනෙත් තෙමා කඳුළු වැටීයන්


    මේක නම් මම සිරාවටම මල පැනපු වෙලාවක ලිව්ව එකක්.වස කවි ලියන්න ඕන පරිස්සමින්.ඒක වැරදුනොත් කියපු එකාට නෙවෙයි ලියපු එකාටයි වස්වදින්නේ...

    ReplyDelete
    Replies
    1. සුපිරි බන්.... පට්ට පට පට

      Delete
  21. අපෝ මී අයියෙ අපා ගත වෙන වැඩනේ. සෙත් කවියක් ලියා දෙන්නකො මටත්.

    ReplyDelete
  22. ඒප්‍රිල් 21 සෙට් වෙමු ඈ...

    ReplyDelete
  23. ජොලියට වස්කවි කියනව කියල ඇහුවමයි

    ReplyDelete
  24. අපොයි ඔයා වස් කවිත් කියනවද ? එන්නත් බයයි මේ පැත්තට .

    ReplyDelete
  25. දිනෙල්කයාගේ පැරිස් ටයි තරියගේ අනුෂ්කටට්යි රත්ගමයාගේ සෙලීනටයි කියන්න වස් කවියක් ලියල දෙන්න බැරිදෝ....??

    ReplyDelete
  26. අන්න අර බ්ලොග් ලිවිල්ල නවත්තපු කෙහෙල්කො‍ටුවෙ ගොබිලාගෙ මොලේ ලෙඩ හොඳ වෙන්න සෙත් කයියක් පද බැඳහන් මී කොල්ලෝ

    ReplyDelete
  27. මටත් එකක් කියකෝ!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  28. අප්පටසිරි... මෙන්න මෙයා වස් කවි ලියනෝ....... බයෙත් බෑ.....

    ReplyDelete
  29. මෙතැනට ඇවිත් කියවලා කමෙන්ට් නොදා යන අයටත් වස් කවි කියනවද අප්පේ... හික්ස්... මොන කවිය උනත් හැබෑවටම ලස්සනයි මලේ...

    ReplyDelete
  30. මීයා ෂේප් එකේ තියා ගන්න වෙයි වගේ...නැත්නම් අපිටත් වස්කවි ලියවෙන්න පුලුවන්...

    ReplyDelete
  31. වලියෙන් නම් වලියෙන් ජොලියෙන් නම් ජොලියෙන්..

    ReplyDelete
  32. අඩ්ඩේ පට්ටයි බං. ලොමුඩැහැ ගැන්වෙන වස් කවි. සිත් නිවා සනහන සෙත් කවි. අදම විමසන්න මී ගොඩයා!!!! (මොනව උනත් පරිස්සමට කියපන්. වෑත්තෑවෙ හාමුදුරුවන්ට රට අතෑරල යන්න උනාලු "ඝන" වැරදිලා)

    ReplyDelete