Thursday 7 February 2013

ගඟක කථාවක්


කන්ද උඩ සිට යනෙන හැමතැන
කරතියන් ආ එකම හීනය
රඳවලා ගඟ, මෝයකට ළඟ
බිළිඋනා හිස නවා මුහුදට


දිය පොදක් ගත් එකම කුඹුරක් 

සිසිල අරගත් සුළං රැල්ලක්
ඇහුවේ නෑ මොහොතකට ලංවී
මේ තරම් දුර එන්න කරුණක්

 ****


ගඟක ඉරනම වෙනත් මානයකින්  

අතට අතදී මෝයකට ලඟ
මිත්‍රශීලී ලෙසින් උන්නට
අද ඉදන් සිදුවේවි ගඟුලට
පිළිපදින්නට මුහුදෙ අණසක



 

18 comments:

  1. මොකෝ එකපාරටම මී ගොඩයට ගංඟා මතක් වෙලා ??

    ReplyDelete
  2. යතාර්තයනේ ඉතින්

    ReplyDelete
  3. හැම නිර්මාණයකින්ම වගේ උඹ අපිට හිතන්න යමක් ඉතුරු කරනවා..නියමයි බන් පට්ට රහයි !

    ReplyDelete
  4. සුන්දර දර්ශනයක් මැවී නොපෙනී ගියා

    ReplyDelete
  5. මී යා වෙන්ස් වෙලා...

    ReplyDelete
  6. වෙනස් අදහසක්..

    ReplyDelete
  7. දිනක මුහුදට ඉරණම වන
    බව දැන දැනම
    ඉටුනොවන හීන දුටු
    මෝඩ ගඟ..!!!

    ReplyDelete
  8. හැම ගඟක්ම මුහුද ලඟට ගියාම අසරණයි.....

    ReplyDelete
  9. ස්කොලේ කාලේ ගංගාවේ ගීතය කියලා කයි පන්තියක් තිබ්බ මතකයි. මතකයි. සම්මාන සනකෙලියෙන් ජය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මී....!!

    ReplyDelete
  10. එකම... දෙපැත්තකින්....

    ReplyDelete
  11. //අද ඉදන් සිදුවේවි ගඟුලට
    පිළිපදින්නට මුහුදෙ අණසක//

    ම්ම්ම්ම්ම්ම්ම්ම්.... ඔව් ඉතින්, නිදහසේ තමන් ස්වාධීනව උන්නු ගඟට , මුහුදෙ හැටියට හැඩගැහෙන්න වුනාම....................අනේ මංදා.. වෙනස් ,ලස්සන සිතුවිල්ලක් මී අයියේ!! (Y)

    ReplyDelete
  12. මී මලයගේ තවත් අපූර්ව නිර්මාණයක් නියමයි මලේ..

    ReplyDelete
  13. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. අහෝ දුටුවෙමි ගඟක මරණය.....
    මාරයි....

    එකසැරේටම රුවන් බන්ධුජීව අයියගෙ කවියක් ඔළුවට ආවා.....
    ඔයා කියවල ඇති කියල හිතනව..... නැතිවෙන්න බෑ..

    ReplyDelete
  15. අතට අතදී මෝය කට වෙත
    ගඟක් ගැලුවත් මුහුදු යහනට
    සැඟවුණා සේ පෙණුනමුත් එය
    තාම ගලනවා පුරුදු ලෙසටම...

    ReplyDelete
  16. ගොඩ කාලෙකින් කවි බලන්න ආවෙ. ගොඩක් රසවින්දා වෙනද වගේම ජය වේවා යාලු.

    ReplyDelete
  17. ගඟයි මුහුදයි ගැන කතාවක් ...

    ReplyDelete