Wednesday 1 May 2013

සොබා, රතු එළි

පොවා ඩීසල් මදින් මත් කළ
තුමුල බල නාලාගිරී
තලා පොඩිකළ කඩොල් යායක්
යකඩ දෙපයට පෑගුණී

මුනින් වැතිරී බදා මිහිලය
දුක කියන උත්තුංග දේහිත
මහා වෘක්ෂෙක දෙපා පාමුල
තියුණු දත් ඇති විදුලි කියතක්
සපා කෑ දත් ලකුණකී

වල් නැසූ වස විස එකතු වී
මහත් වෙහෙසින් හුස්ම අරගෙන
හෙමි හෙමින් පහලට ගලා ගොස්
සමුදුරට ගතු කියා හඬනා
කිළිටි සළු ඇඳි ගඟුලකී
 

උහුල ගන්නට බැරිම තැන දුක
සොබා දහමේ දූත පිරිවර
කොටුව පාමුල විසල් පවුරක
හස්තද්වාරිත අක්ෂරයකින්
දල්ව තිබුනා රතු එළි
  

"පුංචි තරවටුවක් විලාසෙට
දඟකැවී ගිය මහා හුළඟක්
සයුර කළඹා උදම් රැලක්
බයකරන්නට ළඟට එව්වට
කවරදාවත් හැදෙන්නෑ තොපී

කඩු කිණිසි පිස්තෝල අරගෙන
බිම් අඟලකට සටන් වැදුණට
දිය බිඳක් වෙනුවෙනුත් හෙට සිට
මරාගනියව් පිල් බෙදී"

10 comments:

  1. රෙද්ද අදවත් ආවේ තේරුම් ගන්නවා කොමහරි කියලා හිතාගෙන :(

    ReplyDelete
    Replies
    1. තේරුනා... දැන්... අද පරිසර දිනයද ඈ.. මාර ලස්සනයි.. අර ඔකේ සිංහල තේරුම කිවුවේ එකත් යටින් දැම්මනං තේරෙනවා නැත්තන් මම වගේ අසරණයෝ තවත් අසරණ වෙනවා.. :D

      Delete
  2. ඔබ මැනවින් අනාගතය විනිවිද දැක තිබෙනවා සොයුර.. ඒ වගේම මේ අදහස සමාජගත කළ ශෙලිය හරිම අපුර්වයි.. ඔබේ කවි කමට මං හැමදාමත් මනාප මේ නිසයි.. ජයම වේවා..

    ReplyDelete
  3. For a greener planet...

    ReplyDelete
  4. කවිය නියමෙටම ගලපලා අයියේ..

    ReplyDelete
  5. "සයුර කළඹා උදම් රැලක්
    බයකරන්නට ළඟට එව්වට
    කවරදාවත් හැදෙන්නෑ තොපී"
    මේ ටිකනම් ඇත්තම ඇත්ත හිතට වැදුන ඒ කොටස නියමයි

    ReplyDelete
  6. බිම්බරක් සෙනග ගැවසුනු චන්ද්‍ර සූර්යයා ඉපදුනු ස්වර්ණභූමියේ මනරම්.....

    ReplyDelete
  7. //දිය බිඳක් වෙනුවෙනුත් හෙට සිට
    මරාගනියව් පිල් බෙදී"//
    නුවණැසත් අද අන්ධ වී ගොස්
    දෙනෙත් තදකොට වසාගෙන විත්
    කඩු කිනිසි පොලු අමෝරාගෙන
    සටන් වදිනෙව් පිල් බෙදී

    සංහිදට ඇති එකම සරණත්
    බුදුන් දෙවියන් පැටලවී ගොස්
    කඩු කිණිසි ගෙන මරා ගන්නට
    කරුණ වී ඇත සිරිලකේ

    වැටත් නියරත් ගොයම් කෑ සඳ
    ඵලය කිම පවසා අමාරුව
    මරණ තුනකුත් තිබුණු මිනිසෙක්
    තොසින් පැණි කෑ අයුරු සිහිවී..

    ReplyDelete
  8. එළ.. සැබෑම ඇත්ත.

    මේව වෙනස් වෙන්න නම් හැමෝම වෙනමම චින්තන පෙරළියකට ගේන්න වෙයි.බලශක්තියේ ඉදන් සියළු තාක්ශණය යෙනස් පාරක යන්න වෙයි.

    ReplyDelete