Wednesday 23 October 2013

සදාචාරයෙන් ඔබ්බට


හේමන්තයද අවසන එළඹෙන සිසිලනයක
සීතලෙන් ගල්ගැසී මියයන්න අවැසිය හිතවත
ඒකපර්ශවීය ප්‍රේමය ළය තුරුළටම ගෙන
මෙතුවක් අප්‍රකාශිත

සිසිළනය කෙලවර 

වසන්තයේ සුපුෂ්පිතයට නියමිත
චෙරිමලකට ආත්මය අරෝපනය කොට
බලාහිඳිමුද? පරාගනය වනතෙක්
ඔය ඹබරතුඩු පහසට ලොල්ව
අකැපනිසා මුකුළිතයට ආසන්න ඇට්ටේරියා මලකට
තුරුණු උණුසුම් බඹර චුම්බන

උයනක නොවී වනගුල්මයක 

සීතල දියදහරකට ලං ලංව
විකසිත වීනම්,

 හැකිවෙයි පරඬැල් ඇට්ටේරියාවටද
උණුසුමක් විඳගන්න ඹබර චුම්බනයක

හිතවත වෙනුවට සුපෙම්වතයැයි ආමන්ත්‍රණය කොට
පියවරක් තබා සදාචාරයෙන් ඔබ්බට

******** 




12 comments:

  1. කොයි කවි තේරුනත් බොලගේ කවි නං මට දෙමල වගේ පරිවර්තනයක් ප්ලීස් :/

    ReplyDelete
  2. මටත් එහෙමයි මචන්.... මෙලෝ හසරක් තේරෙන්නෙ නෑනෙ....

    ReplyDelete
  3. අටුවා ටීකාවක් ලිව්වා නං හරි :)

    ReplyDelete
  4. මීගොඩයාගේ කවි ඉතින් අපිට තේරෙන්නේ නැති වුණාට ආයෙමත් ලොවෙත් නැත.

    ඒකපාර්ශවීය අප්‍රකාශිත ආදරය.. සදාචාරයෙන් ඔබ්බට...? බඹරු ඇට්ටේරියා මල්වල වහන්නේ නැද්ද? මාරයි බං මාරයි උඹේ කවි....... දහ පාරක් කියෙව්වොත් තේරුම් දහයක්

    ReplyDelete
    Replies
    1. ඒක නිකම්ම ඇට්ටේරියාවක් නෙවෙයි මලයෝ.. මුකුළිතයට ආසන්න එකක් නෙව

      Delete
  5. හරිම කොම්ප්ලිකෙටඩ් මෙව්වා එකක් අප්පා.....................

    ReplyDelete
  6. සිසිලනය කියන්නේ බං Coolant නේද??

    ReplyDelete
  7. සමහර මල් තියෙනවා ස්ව පරාගනය වෙන. ඒකිව්වෙ මලේම තියෙන කෑලි දෙක පිට් වෙනවා..තව මලක් ඕන නැහැ එතකොට..

    ReplyDelete
  8. මල් ගැන සෑහෙන හොද දැනීමකින් ලියපු කවියක් කියලයි ඉතින් කියන්න තියෙන්නේ..

    ReplyDelete
  9. අඩේ මේකනම් පස්ටයි ඈ...

    ReplyDelete