Tuesday 22 October 2013

සමනල සංහදිය



වත්තේ කොනට වෙන්න ඉන්දපු රෝස ගහේ හා හා පුරා කියල මලක් පිපිලා. ලස්සනයිනම් තමයි ඒත් ඉතින් පින්තූර පත්තරවල තියෙන එව්වතරම් ලස්සන නෑ. ඇරත් මේ කොළඹ ගිණිකූටකේ සාරෙට රෝසමල් පිපෙන්නේ කොහොමෙයි හරියට පෝරක්, වතුරක් වැටෙන්නැතුව.

මං වත්තේ මැදට වෙන්න තියන කනාටු පොල්ගහට හේත්තුවෙලා බලාන් උන්නේ මලවටේ කැරකෙන සමනලය දිහා. ඌ නිකන් රෝසම
වටේ කැරකෙන්නේ මල ඌටම අයිතියි වගේ. මල් කොහොමටත් අයිති සමනල්ලුන්ටලු
"කෙහෙම්මල" මම කිව්ව නෙවෙයි කියවුනා
"කෙල්ලේ මොනවද උඹ ඔය ගහ යටට වෙලා තනියම කියවන්නේ. වේලිච්ච පොලයක් වත් ඉහට වැටුනොත් ඉතින් මෙහේ බත් කනව බොරු ආන්  අහකට පලයන්.."  
මං කියපු එක අතුගගා හිටිය අම්මටත් ඇහිලා

"කියවනව නෙවෙයි අම්මා මම මේ ජීවිතේ හොයනවා..."

"ආ මේ මේ ඔය මල් ගස් අස්සේයි පොල් ගස් යටයි ඇති ජීවිතයක් නෑ.. ගෙට ගිහින් පොතක් බලාගනින් තා කී දොහද විභාගෙට තියෙන්නේ ඉන්පස්සෙ පුලුවන් උබට ඔය හොයන ජීවිතේ  ඕන තැනකින් හොයාගන්න"
"අමුතුවෙන් හොයන්න දෙයක් නෑ අම්මේ මට ජීවිතේ හම්බ උනා... ඒක දැන් නැතිවෙලත් ඉවරයි.. ඔව් නැත්තටම නැතිවෙලා විනාස වෙලා ඉවරයි" 
මං එහෙම හිතුව විතරයි අම්ම විඳින දහ දුක් අස්සේ ඒ දේවල් කියලා ඒ අහින්සක හිතේ ගිණි අවුලන්න ඕනේ උනේ නෑ..
ඒත් මං අම්මගේ කටේ හැටි හොඳටම දන්න හින්දා පොල් ගහයටින් අයින්වෙලා වටේන් ගිහින් ළිං බැම්මට හේත්තුවෙලා ආයෙත් රෝසමලට වහන්න එන සමනලයා දිහා බල්න් හිටියා..
සමනල්ලු කියන්නේ මහ අසික්කිත පිසාචයෝ ජාතියක්.
බොරුවෙන් වංචාවෙන් පිරිලා ඉතිරිලා , බැලූ බැල්මටනම් අහිසකයි වහේ තමයි ඒ උනාත එහෙම කපටි සතෙක් මේ ලෝකේ තවත් නෑ
පිටතින් පේන් ලස්සන් පාට . ඇල්ලුවහම දැනෙන මුදු මොළොක් ගති මොකුත්ම නෑ ඇතුලතින්.
උන්ට ඕනේ උන්ගේ බඩපුරගන්න විතරමයි, මලක් ගැන කිසිම හැඟීමක් නෑ. බොරු ආලවට්ටම් දාල මලවටේ කැරකුනාට, 
පැණි උරන්න කලින් මලට හාදු කිහිපයක් දුන්නට,
පැණි උරල ඉවර උනාට පස්සේ උන්ට මලෙන් වැඩක් නෑ.. උන් යනව යන්න ආයේ නේන්නම..
මේ මලිතියෝ මං උබට එකපාරක් කිව්ව ගෙට ගිහින් පොතක් බලාගනින් කියලා. ඔය තැන් තැන්වලට වෙලා මොනවද බොල කල්පනා කරන්නේ.. අයේ මං නොකිව්ව කියන්න එපා පොතේ පතේ වැඩ ඉවරනම් දවල්ට උයන්න ලූණු පහේ ටික කපල ගනින්.. මටම පුලුවනෑ මේ සුමේ තනියම කොරන්න
අම්මගේ කං කරච්චලේ ආයෙමත් පටන් ගත්ත දැන් ගෙට නොගියොත් අයේ ආවේස උනා වගේ කියවන එක සිකුරුයි. ළිඳ ගාවින් අයිවෙන්න කලින් මම අයේත් පාරක් රෝසමල දිහාත් සමනලය දිහාත් බැළුවා.. සමනලය මලට වහන්නයි ලෑස්තිය.
නපුරු සමනලයට පැනි බොන්න බැරිවෙන්න මල කඩල පොඩිකරල දාන්න හිතුන මට,
ඒත් සමනලය මලට වහද්දිම එකපාරටම දික්වෙච්ච දිවක් සමනලයව අල්ලගත්ත. අඩියක් දෙකක් ගහ ලඟට ලංවෙද්දි මං දැක්ක ගුරු පාටට හුරු කටුස්සෙක් රෝස ගහ යට ඉදන් දුවනවා.
"අනේ අද වගේම එදත් කටුස්සෙක් වත් හිටියනම්''.. මට නිකම්ම කියවුනා.
 

12 comments:

  1. හප්පේ ඇති යන්තම් කාලෙකින් ලියල තියෙන්නේ. මම හිතුවා ගංවතුරට ගහන ගිහිල්ලවත්ද කියල. හැමදාම නත්තල් නැහැ වගේ හැමදාම කටුස්සෝ ඉන්නේ නැහැ හරියටම වෙලාවට බේරගන්න කියන්නේ ඕකටයි.................

    ReplyDelete
  2. ඇයි සමනලයම විශේෂ කලේ මී මැස්සොත් ඕන තරම් රංචු පිටින් මල් වල වහන...

    නොකියා කියන්න හදන කතා බොහොමයි මේ කතාවේ... හරිම සරලව ගලාගෙන ගියත් බහුතරයක් කෙල්ලන්ගෙ හිතේ තියෙන පොදු කතාවක්ද කියලත් හිතෙනවා... සෑහෙන කාලෙකින් කියවන්න ආපු වෙලාවෙම ඉස්සර වගේම සුපිරි කතාවක්... නියමයි ඈ

    //නපුරු සමනලයට පැනි බොන්න බැරිවෙන්න මල කඩල පොඩිකරල දාන්න හිතුන මට,//

    ඒත් ඇයි මල පොඩි කරන්නේ?? සියදිවි නසාගැනීමක්වත් ඉස්මතු කරන්න හැදුවාදෝ කියලා හිතුනා

    ReplyDelete
    Replies
    1. මලක් කියල දෙයක් තිබ්බේ නැද්ද මන්ද බං මලේ.. ඔය ඔක්කොම එකම සිද්දියක්...

      //නපුරු සමනලයට පැනි බොන්න බැරිවෙන්න මල කඩල පොඩිකරල දාන්න හිතුන මට,// -

      උබ හිතුව වගේ දෙයක් තමා

      Delete
  3. ඒ අදහසත් මරැ. එහෙනම් එකත් එහෙමයි.

    ReplyDelete
  4. මං බැලුවා චිත්තරපටියේ නම මාරු වෙලාද කියලා... මේ වෙන සීන් කෝන් එකක්නේ :)

    ReplyDelete
  5. සමනලයෝ ගැන කියවලයි දැකලාමයි එපා වේලා. එත් කතාව නියමයි.

    ReplyDelete
  6. මට හිතෙන්නෙ මේක රෝසමල ගැනම නෙමේලියල තියෙන්නෙ... මේක ලියල තියෙන්නෙ මට හිතෙන විදියට ජීවිතේ ගැන....

    මම හරිද මී ගොඩයෝ...

    ReplyDelete
  7. බොට සංහදිය බලල වෙන සංහදියක් මතක් වෙලා වගෙයි...

    ReplyDelete
  8. ඔය අම්මා එහෙම කිව්වත් වගේ ඇත්තෙන්ම පොල් ගස් යට ඉඳලා ජීවිතේ නැතිවෙන්න පුලුවන්, නමුත් ඇපල් ගහක් යට හිටපු එකා මැරිලත් විද්‍යා ගණිත පොත් වල අදටත් ජීවත් වෙනවා බැණුම් අහ අහ හරි.

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා... කෙලීට යන්න ඇපල් ගස් නැතුව ඇති වත්තේ

      Delete
  9. ඇපල් ගහක් නම් තියනවා මේ දවස් වල ගෙඩි නෑ.
    මමත් මේ බැලුවේ මී ගොඩයගෙ මොලේ අවුල් වෙලාදෝ කියල. පස්සෙ තමයි තේරුනේ කතාව.

    ReplyDelete