හතර හිනා මැද
තුන්පත් රෑනක සිහිනය සැමදා
සිහින වැලක් වී සිත රැන්දූ
සිහිනෙන් ගෑ මුදු රන් කිරි සුවඳක
සීතල මුවගට සිරි කැන්දූ
විල්තෙර විකසිත සියපත් මල මත
හෙමින් හෙමින් චුම්බන රැන්දූ
සියපත දියඹට නෑකම් නැති බව
සුළඟත් දියඹට නිති හැන්ඟූ
හෙමින් හෙමින් චුම්බන රැන්දූ
සියපත දියඹට නෑකම් නැති බව
සුළඟත් දියඹට නිති හැන්ඟූ
දියවර හඬවා පැවසූ රහසක්
හදවත කොනකට ගිනි දැල්වූ
හතර හිනා මැද කඳුලැලි වෑහෙන
විළිබර නෙත් ලෝකෙන් හැන්ඟූ
හදවත කොනකට ගිනි දැල්වූ
හතර හිනා මැද කඳුලැලි වෑහෙන
විළිබර නෙත් ලෝකෙන් හැන්ඟූ
"ඇත් පුතුන් වඩිනකන් හිත හීන දකිනවා"කවිය පෝස්ට් කරද්දි මම පොරොන්දු උනානේ මේකේ පිරිමි වර්ෂන් එකත් ලියනවා කියලා.. ඒ පොරොන්දුව තමයි අද මේ ඉෂ්ඨකළේ. ඒ කවිය කියවන්න මෙතනට යන්න
හතර හිනා ගැන දැනගන්න මෙතනට යන්න
හතර හිනා ගැන දැනගන්න මෙතනට යන්න
හරිම ලස්සනයි මි ගොඩ අයියේ.....
ReplyDeleteවිල් තෙර විකසිත සියපත් මල මත
ReplyDeleteහෙමින් හෙමින් චුම්බන රැන්දු
කොයිතරම් නම් සොදුරුද මේ වචන. කියන්න දෙයක් නෑ මට නම්.
ඇත් පුතුන් එකකනම් මට වැඩිය තේරුනේ නැ කියලා මම එදාම කීවනේ,,මේක නම් තේරුනා,, ලස්සනයි...
ReplyDeleteඅගෙයි අගෙයි ඔබ කරන කරන කවි
ReplyDeleteඅප සිත් සනසා හද බැන්දූ.....
ලක්ෂණ කවි කිහිපයකි..
ReplyDeleteදරුවෙක් මෙලොවට එනතුරු තාත්තෙක් එහෙනම් මෙහෙම තමයි හිතන්නේ...ලස්සනයි පද ටික..
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඅප්පච්චිගෙ හිත.....
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
සමහර අය තාත්තලට ගොඩක් ආදරෙයි
ReplyDeleteලස්සන කවි පෙලක් අයියෙ....
ReplyDeleteකවි වලට මට හරිහමං කමෙන්ට් එකක් දා ගන්න බෑනේ අප්පා.........
ReplyDeleteතරියා. මටත් වෙලා තියෙන්නෙ ඔය සන්තෑසියමයි. මොන මගුලට මූ කවි විතරක් ලියනවද මන්දා? තරියා අපි ඔක්කොම කවි වලට කොපි පේස්ට් කරන්න පුලුවන් කමෙන්ට් එකක් හදාගමුද කවියෙන්? යෝජනා ගෙනෙං බලන්න.
Deleteහරි අසාධාරණයි ඩූඩ් අයියේ.... බොලා පිටු ගනන් අකුරු වචන නාස්ති කරගෙන ලියන එව්වා.. අපි මේ පද 12ක් ඇතුලේ ලියන්නේ ..... වින් සිප් කරලත් බෑ මෙච්චර බයිට් ඉතුරු කරන්න..
Deleteඅනික උබලගේ කාලෙ කොච්චරනම් ඉතුරුද.. ඒ හින්දා සමාවෙලා හරි කියවන්න
අනේ බං සත්තලනේ නොකියවා ඉන්නෙ නෑ බොල, කියවනවා. කයියෙන් කොමෙන්ට් දාන්න බැරි හීනමානෙ බං තියෙන්නෙ.
Deleteඋඹ බලාපං රවියා දාලා තියෙන කවියට මං දාලා තියෙන කමෙන්ට් එකයි, ඒකට ඒකා දීලා තියෙන උත්තරෙයි මම කියනවට මෙන්න ලින්ක් එක.
http://ranrandil.blogspot.com/2013/02/159-just-before-midnight.html
කතාවට බී පෙ සී
Deleteඅවුලක් නෑ අයියේ කවියට කවියෙන් කමෙන්ට් දාන්න ඔනේ කියල නීතියක් නෑනේ....
හිතෙන දේ වංකවම කිව්වහම ඇති....
මොකුත් නිකිය ගියත් අමනාප නෑ.. ඇවිත් කියවන එකම මදෑ
මටත් අනන්තවත් සමහර පෝස්ට් කියෙව්වහම කොටන්න කොමෙන්ට් එකක් නැතුව හිරවෙනවා... පොස්ට් එක පට්ට සිරා උනහමත් ඒක වෙනවා.. හේතුව මගෙ ගොන් කොමෙන්ටුව හින්දා.. මේ පොස්ටුවෙ රසය නැසෙයි කියලා...
මගේ නම් වැඩි මනාපේ කලින් කවි පෙලට මී අයියේ..
ReplyDeleteඅයියා කයිය උම්මාය...
ReplyDeleteමේ කවියට ඕං මං අදහස් ප්රකාශ කරන්නෑ හොදේ අයියගේ කවි හැකියාව වර්ණනා කරන්න වචන මදි ඒ තරම් සුපිරි මේකෙන් මතුවන හැඟීම අල්ලගන්න නම් හතර හිනා කියන්නේ මොනාද කියලා තේරුම් ගන්න ඕන
ReplyDeleteමට හතර හිනා මොනාද කියලා නොදන්නා කමට මේකේ අදහස පැටළුණා
මේකේ තේරුම තාම කවුරුත් හරියට කියලා නෑනේ
හී හී මී ගොඩයෝ... මේක ඇත්තක් කරන්න, ප්රායෝගික කරන්න කාලේ නේද දැන්?
ReplyDeleteඅම්ම හිතනවා වගේම අප්පච්චි හිතුවත් කවදාවත් අප්පච්චි අම්මා වගේ ඒ සෙනෙහස ඒ විදියටම පෙන්නන්නේ නෑ. හරි අපුරු ගලපිල්ලක්.
ReplyDeleteඅඩේ පස්ට ඈ...
ReplyDeleteලස්සනයි මචං..
ReplyDeleteහරිම ලස්සනයි යාලු...... අපූරු නිර්මාණයක්....
ReplyDelete(මං අහල තියනවා තුන්පත් රෑන කියන්නොඇතින්නයි පැටියයි වැඩිහිටි ඇතින්නකුයි කියලා.... හරිද මංදා... දන්න කෙනෙක් කියනවද......?)
ඔව් එක තමාළු හරි.. මේ ළන්නගදි අපි ඕක ගැන කථා උනා... ඒත් දැන් සමජෙට ඇතයි ඇතින්නයි පැටියයි කියන සංකල්පය තුන්පත් රෑන විදියට කාවැදිලා ඉවරයි
Deleteහරිම ලස්සන කවියක්.... මගේ තාත්තා ගැන ආදරේ හිතුන... පුතෙක් උනත් දුවෙක් උනත් තාත්තල ආසාවෙන් ඉන්නව නේද?
ReplyDeleteහරිම ලස්සන කවියක්.... මගේ තාත්තා ගැන ආදරේ හිතුන... පුතෙක් උනත් දුවෙක් උනත් තාත්තල ආසාවෙන් ඉන්නව නේද?
ReplyDeleteදන්නා ශිල්පයන් එකට කැටි කොට
ReplyDeleteඅපූරු වදන් වැල් එකට මුදුකොට
ලියූ මුත් රස මැවෙන කවිපද
සිත් සතන් සුවපත් කොට
හතර හිනාවක් මැද ඔබ්බා
රස නැසූ හැටි සිහිවෙන කොට..
ගහන්නට සිතෙයි අත රිදෙන්නට
වෙන කාගේවත් නොව මීගේ කනට..!
සියපත දියඹට නෑකම් නැති බව
ReplyDeleteසුළඟත් දියඹට නිති හැන්ඟූ
ලස්සනයි මී ගොඩය(ආමන්ත්රණයක් සිතාගත නොහැක)