Wednesday 31 July 2013

ලීනවූ අරුතින් වදාලයි, "අනතිමානී බවක හරසර"












සිඳු සිඹින මග බලන දියත්තක අතරමග
බෑවුමක් මුණගැසෙන බිහිසුණුම ඉසව්වක
හිසනවා  යුහුසුළුව  ගිරිසිකර තරණයක
අගෙයි දුන්හිඳ ලඳුනි රූ සිරිය නුඹ මවන

ළපළු තුරු වදුළු වෙත ජීවයේ පැන් පොවන
දෙපා සිව්පා අපා පක්ෂි කැළ සනසවන
ශුෂ්ක වූ මිහිතලය නිවා සනහා රකින
මවකි නුඹ ලෝකයට සදා ජීවය සදන

ජීවිතේ ගමන් මග රළු පරළු ගල් පතර
පහත් වූ හිසින්, නමුත් එඩියෙන් වැතිර
විමුක්තිය ලබගෙන සුමුදු පෙණ පිඩු අතර

ලීනවූ අරුතින් වදාලයි, "අනතිමානී බවක හරසර"


*ලීන අරුතින් = සැඟවුණු අරුතින්

9 comments:

  1. ලීනවූ අරුතින් වදාලයි, "අනතිමානී බවක හරසර"
    අගෙයි කවිකම් අරුත් හරබර....

    ReplyDelete
  2. රළු පරළු ගල් පතර
    මේ කවි කොටසේ තේරුම ඇවිල්ලා රළු පරලු වුවත් ගල් පත සයිස් වෙන බවයි.

    ReplyDelete
  3. //සුෂ්ක//
    කමක් නැද්ද දන්නේ නෑ බොලේ කිව්වට . සුෂ්ක නෙවෙයි නේද ? ශුෂ්ක වෙන්න ඕන . මේකේ වෙන තේරුමක් තියෙනවනම් අයියා සොරි වෙන්න ඕන .

    සෝක් කවි ටික . :)

    ෆොටෝ එකත් වෙනමම කවියක් වගේ .

    ReplyDelete
    Replies
    1. අවුලක් ඇත්තෙම නෑ... බොහොම ස්තුතියි සහෝ.. ඔන්න වැරැද්ද හැදුවා

      Delete
  4. mokak ganada ane oya kiyanne

    ReplyDelete
  5. hari hari waterfall ekak ganada mata theruna

    ReplyDelete
  6. ගිය සතියෙ දුන්හිඳ බලන්න ගියෙ..මගෙ සිතිවිලි ම කවියට නඟල කියල හිතුණ..නියමයි :)

    ReplyDelete
  7. දකිති දුන්හිද බොහෝ දෙන..
    නමුත් හරවා කවියකට අලුත් බර..
    ලියු මීගොඩ නුඹට හරසර

    ReplyDelete