Monday 26 March 2012

පතිනියකගේ හෝරාව

නෙත් පුරා සිත් පුරා දැකපු එක හීනයක්.........
සැබෑවිය  මා.... ඔබේ වී එක්වරක්.....
උනුහුමට තුරුලු වී ගෙවූ ඒ එක් රැයත්.....
සත්තකයි සොඳුර මට තාම එය සිහිනයක්.......

තිලිණ ලැබුවෙමි ඔබෙන් හදු වැහි කෝඩයක්......
ගෙනාවා මගෙ මුවට මුතු සිනා මල් මිටක්......
ඇරබුනා වසන්තය දැන් කොහිද තනිකමක්.....
ජීවිතය මට ඉතින් දැන් මිහිරි ගීතයක්.....

පෑයුවා සිත් අහසෙ විලස නුබ පුන් සඳක්....
තනි රකිමි නුඹට මම වෙලා සඳ සාවියක්.....
තුෂාරෙන් තෙමා මා සනසන්න තව වරක්....
ඔබ ගෙනෙන සඳ සිසිල වටී මට මහ මෙරක්..

4 comments:

  1. ඕව ලබන්න පින් මදි.. තව ටික කාලයක් යයි පිං ලැබෙන්න...

    ReplyDelete
  2. අපුරු පද පේලි ටිකක්නේ මේකනම් ගිතයකටත් හොදයි වගේ...

    ReplyDelete
  3. ලස්සනයි මී ගොඩයා...වෙන කියන්න දෙයක් නෑ

    ReplyDelete
  4. මත් වි නුරාවෙන් - නැගි ආ සිනාකැන්''
    පාවෙන සුදු වලාවෙන් - කරයි ඔහුට ආරාධනාවන්
    ලය මත දඟපාන - නැගි පිරුනු සුදු හන්සයන්
    නෙක නෙක - හැමදේම පාවි රැගුමන්..
    තුන්සිතම මුලාවෙන් - මත් වෙලා ඔහු වියරුවෙන්
    විඳ පෑ තම වැරෙන්- බඳාගත් ඇ කෑදරෙන්
    කුමරි බඹසර බිදිමින් - ඇයට ලන් විය සතුටින්


    නියමයි හරිම අපුරුයි !!!!

    ReplyDelete