Sunday 1 April 2012

මිලින පරසතු

අවරගිර හිරු මියෙන වරුවක
සයුරුතෙර හුදකලා අරනක
මලක් මෙන් ඈ සුරත ගනිමින
සැනසුනා උන් පෙම් සයුර මැද

අයාලේ යන දෙබර පිරිවර
කඩාවැදිලා නොසිතු මොහොතක
රිදිවලා මල් පෙතිවරින් වර
අහිමිමි කෙරුවා මලේ බඹසර

තුඩග විෂ රැඳි දෙබර තුඩුවැද
ආතුරයි ඈ රුදුරු විලසම
සිතින් සියවර සාප කර කර
මිලිනවිය මල පිපෙන්නත් පෙර

මිටින් ගිලිහෙන පස් අහුරු මත
ප්‍රේමයක් වැලලී මියෙනු දැක
සිතුවෙවත් නැති සැඳෑවරුවක
අහස හැඬුවා ගිගුම් දීගෙන

කුලුඳුලේ සිය ළයට තෙරපුන
ප්‍රේමයක නටබුන් සිතින් ගෙන
සොහොන්කොත් හා තනිව මුමුනන
පෙම්වතෙක් ඇත තවම තනිවුන


නිමිත්ත  ( සත්‍ය සිදුවීමක් අසුරෙන් )

මීට වසර කිහිපයකට පෙර ලංකාවෙන් අහන්න ලැබිච්ච අවසානාවන්ත අප්‍රසන්න සිද්දියක් හිතේ හැන්ගිලා තිබිලා කවියක් විදියට එළියට ආවා......

දිනවකවානු නම් ගම් හරියාකාරව මතක නැති උනත් මතක තියන විදියට දල අදහසක් හරි දුන්නොත් හොන්දයි කියල හිතුන නිසා සිද්දිය මතක පමණින් විස්තර කරන්න අදහස් කලා

හිරිමල් යොව්න් වියේ පසුවන පෙම්වතුන් යුවලක් සැන්දෑවරුවේ මුහුදු වෙරලේ හුදකලාව පෙම්සුව විඳින අතරේ එතනට පැමිනෙන පිරිසක් (මතක විදියට සිව් දෙනෙක් ) ඔව්න් බිය වද්දා තරුණයා බැඳ දමා තරුණියව බලහත්කාරයෙන් දූෂණය කරනවා... 

ඒ අවසනාවන්ත සිද්දියෙන් පස්සෙ අර තරුණියට මාරාන්තික ඒඩ්ස් රෝගය වැළඳිලා බොහොම වෙදනාකරී ලෙස මරණයට පත් වෙන්වා.. තරුණයා මානසික රෝගියෙක් බවට පත්වෙනවා...






ඔයාට දැනිච්ච දේත් කියලම යන්න

15 comments:

  1. ගොඩක් දුක් බර කතාවක්. ඒත් ගොඩක් ලස්සනට පද ගලපලා තියෙනවා. හරිම ලස්සනයි.

    ReplyDelete
  2. අපූරුයි මල්ලී . ..

    හදවතේ කොනටම දුක දැනෙන්න ලියලා තියෙනවා ..

    උපරිමයි . .

    ReplyDelete
  3. දුක හිතෙන සිද්දියක්.මටත් යන්තම් මතකයි මේ වගේ සිද්දියක්.ඒත් මොන කාලේද කියල මතක නැහැ.

    ReplyDelete
  4. දෙබර තුඩුවෙන් මිලින වූ මල
    හඩා වැටෙනා විටදී තනිවම...
    සුනක වෙස් ගත් නීති හස්තය
    කුමක් කෙරුවෙද සිදුවු විපතට....

    ලස්සනයි සහෝ,පද ටික නම් නියමෙටම ගලපලා තියෙනවා.දිගටම ලියපන්...ජය වේවා!!!!!!

    ReplyDelete
  5. දුකා අය්යේ , අජන්ත අය්යේ, අසරනයා, ඇනෝ..... හුගක් ස්තුතියි !!!

    ReplyDelete
  6. කුලුඳුලේ සිය ළයට තෙරපුන
    ප්‍රේමයක නටබුන් සිතින් ගෙන
    සොහොන්කොත් හා තනිව මුමුනන
    පෙම්වතෙක් ඇත තවම තනිවුන

    ReplyDelete
  7. පරණ ලියනගේ තිලක් දයාසිරි2 April 2012 at 09:55

    කුලුඳුලේ සිය ළයට තෙරපුන
    ප්‍රේමයක නටබුන් සිතින් ගෙන
    සොහොන්කොත් හා තනිව මුමුනන
    පෙම්වතෙක් ඇත තවම තනිවුන

    ReplyDelete
  8. අදුරු අහසට නැත තරු එළියක්
    පාළු සුසාන බි‍මේ ලියමි කවක්
    කුරිරුද අප ‍පෙම් කළ ‍මේ ‍‍‍ලොවක්
    හමු‍වෙමු මතු භවයක වී අදුර නසන පහනක්

    ලස්සන නිර්මාණයක්..... ජයම පතමි!!!

    ReplyDelete
  9. නියමයි...වෙනදා වගේම ලස්සනට පද ටික අමුණලා හිතට දැනෙන්න ලියලා........

    ReplyDelete
  10. නයනා සුභාෂිණි

    කුලුඳුලේ සිය ළයට තෙරපුන
    ප්‍රේමයක නටබුන් සිතින් ගෙන
    සොහොන්කොත් හා තනිව මුමුනන
    පෙම්වතෙක් ඇත තවම තනිවුන

    හරිම ලස්සනයි... හදවතට තදින්ම දැනුනා...

    ReplyDelete
  11. harima lassanai godak nirmana siliwa liyala thiyanwa, kawiyak liyanna thiya wachan 2k 3k watha lassanat galpanna bari mata oyage me blog 1km hinaya wage haria lassanai, subapathanawa oyata !

    ReplyDelete
  12. අත් වැලක් වී මගේ පසුපස

    රැදෙන්නට ඔහු සිටියමුත්

    නොහැක මට දැන් ඔහුගේ වන්නට

    මාව මට හිමි නැතිය දැන් ,,,,,,,,,,,

    රැගත් පසුවත් කුමරි බඹසර

    රැකන් ආ මෙතුවක් කලක්

    එයත් මදි වී ඇයිද දුන්නේ

    බිඳෙන් බිඳ විඳවන ලෙඩක් ,,,,,,,,,,,

    මොනවා කියන්නද යාලු හිත හඬා වැටුණු නිර්මාණයක් මේක ,,,,

    ReplyDelete
  13. මි ගොඩයෝ මගේ උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
  14. පද ටික ලස්සනයි...ඒත් දුක හිතෙනවා.. :(

    ReplyDelete
  15. ලස්සනයි. දුක දැනුන.

    ReplyDelete