Sunday 10 June 2012

මෝඩ රජෙක්


මෝඩයෙක් උබ මෝඩයෙක්
කසුප් උඹ මහ මෝඩයෙක්

කලහු වැල් බැඳි බැඳී වන වැදුනු කළු ගලක්
හැඩ වැඩට දැක්කෙ නුඹ, නුඹේ ඔය ඇසින්නම්
බැරි උනේ ඇයි උබට හිතන්නට තවටිකක්
මුළු රටම කියන බව උබ පියා මැරු බවක්

එච්චරක් නෙවෙයි අපි දන්නවා තවතවත්
ඒ කාලෙ නුඹ කරපු මහ හුගක් හපන් කං
සීගිරිය අච්චරට හැඩ කරපු මිනිහවත්
තව එකක් නොහදන්න කලා උඹ අන්ධයෙක්
 

හංගන්නබැරි උනා කරපු එක හොර වැඩක්
ඒ නිසයි කිව්වෙ මම උබට මහා මෝඩයෙක්
උබ වගේ නං නෙවෙයි අද කාලේ රජ වරුන්
දන්නවා කරන හැටි පව් කාර වැඩ හොරෙන්


පහත් වී ඉබින හැටි කපන්නට නොහැකි අත්
රැගෙන යන අපූරුව දිය යටින් ගින්දරක්
ඉගන ගන්නට ඉතිං වලෙං නැගිටල වරෙං
ඒ වැඩට ඉස්තරං අපේ අද රජ වරුං

පසුව ලියන ලදී...

කාශ්‍යප රජු විසින් සීගිරිය නිර්මාණය කල මිනිසාට තවත් මෙවැනි නිර්මාණ පිහිකිරීමට නොහැකිවන ලෙස ඔහුගේ දෑස් අන්ධ කොට ජීවිතාන්තය දක්වා රැක බලාගත් බවට ඉතිහාසයේ නැතත් ජනප්‍රවාද පවතී



බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

65 comments:

  1. මචන් මී.... සීගිරිය ගැන තවත් මාරම කතාවක් තියනවා....

    සීගිරියේ මුල්ම අයිතිකාරයා රාවණා රජුගේ සොහොයුරු වෛශ්‍රවණලු...කාශ්‍යප කලේ මොඩිෆයි කරපු එකලු...

    මමත් තාම ඕක හොයනවා.... මේ ලගදි දිනිති අක්කත් ඕක ගැන අහලා තිබ්බා..

    ReplyDelete
    Replies
    1. මෝඩ රජවරු කොතැනද මේ රජත් එතැනමය...හී හී...

      Delete
    2. ඔහොමද ශ්‍රේෂ්ඨ රජවරුන්ට කතා කරන්නේ.. :-)))

      මෙන්න මේක බලන්න....
      http://helagaweshana.blogspot.com/2012/02/blog-post_13.html

      මට රාවණා ගැන ෆුල් ගවේෂණයක් දෙන්න හිතෙනවා බං.. ඒ කරුණු කියෝනකොට මාරම කික් එනවා ඇගට... සිරාවටම.

      Delete
    3. මාත් ඔය ගෙන කියවලා තියනවා, අනික කාශ්‍යප රජතුමා නෙමෙයි ධතුසේන රජතුමාව මැරුවේ..

      Delete
    4. ඔය ආටිකල් දෙකම මම කියෙව්වා.... දෙක වෙන වෙනම ගත්තොත්.. ඒවයෙ කියන ඒව ඇත්ත වෙන්න තියන ඉඩකඩ වැඩියි...

      හැබැයි තර්ක දෙකම එකට එකතු කලාම පරස්පරයි නේද?

      Delete
    5. කොඩ්රින්ටන් ඉතිහාසය මත පදනම්ව නුතන ඉතිහාසය ගැන හිතන උන් ඉන්නකොට ඕවගෙන් කාට පලක්ද කියල හිනාවෙන උන් වැඩියි. එත් සිනහවන් මැදින් ගිහින් නොකියවූ සෙල්ලිපි කියවන්න කෙනෙක් හිටියොත්, කියවන්න සෙල්ලිපි ඉතුරුව තිබ්බොත්, අපිට අපේම කියන ඉතිහාසයක් හොයන එක මහා දෙයක් නෙවයි. (කතාවක් තියනවා, ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයා විසිනි.)

      Delete
    6. භාතිකාභය රජතුමාද තිසාවැවෙන් ජලය අරන් ජල යන්ත්‍රයකින් රුවන්වැලි සෑය දෝවනය කලේ? මේක මහාවංසේ කියවෙනවා මට මතක විදියට. ඒත් රජතුමාගේ නම හරිදැයි මටනම් මතක නෑ. ඒත් ආගිය කතා ලියන හසිත මල්ලිගෙන් ඇහුවනම් හරියට දැනගන්න පුළුවන්. ඒ කාලේ ජල යන්ත්‍රයක් (මෝටරයක්) තිබ්බා කියන්නේ තාක්ෂණය කොයිතරම් දියුණුද?

      Delete
    7. @ ක්සැන්ඩර් | Xander

      රජ්ජුරුවෝ භාතිකාභය රජතුමා තමයි අයියේ. කාලය ක්‍රි.පූ 20-9 අතර කාලයේ.

      හරියටම විස්තරේ කිව්වොත් මෙහෙමයි.

      රජතුමා රුවන්මැලි සෑයේ සුවඳ ආලේපයක් ගල්වලා ඒ මත්තේ නටුවෙන් තියෙන විදිහට සමන් මල් ගවසලා සම්පූර්ණ චෛත්‍යම සමන් මල්වලින් ආවරණය කරනවා. ඒ වගේමයි ඇත් පවුර, ප්‍රදක්ෂිණා පථ සියල්ලම මල්වලින් පුරවලා ඒ මල් පරවෙන එක වළක්වන අභය වැවෙන් [බසවක්කුලම වැවෙන්] ජලය චක්‍ර යන්ත්‍රානුසාරයෙන් චෛත්‍යයේ මුදුන දක්වා විසුරුවමින් ජල පූජාවක් කරවලා තියෙනවා

      Delete
    8. මේ කථාවනම් පලමු වතාවට ඇහුවේ....ස්තුතියි හරිතටයි..කථාවට මුලපුරපු ක්සැන්ඩර් අය්යා ඇතුලු සැමටම

      Delete
  2. තුන් වරක් ගියා මම
    සීගිරිය බලන්නට
    ජල සැලස්ම දැක
    මවිත වුනා මගේ සිත

    රටේ නම පුදුමයට
    එක්කලේ ඔහු නිසා
    අනේ මම හොයන්නෑ
    ඔහු කරපු වැරදි වැඩ

    අද කලෙ රජවරු
    වැරදි සගවනු මිසක්
    දන්නෙ නැහැ මේවගේ
    එක වැඩක් කරන්නට...

    ReplyDelete
    Replies
    1. //රටේ නම පුදුමයට
      එක්කලේ ඔහු නිසා
      අනේ මම හොයන්නෑ
      ඔහු කරපු වැරදි වැඩ//

      මුදවලා කිරි ගොඩක් පිරෙන්නට බාල්දිය
      පුංචි එක ගොම බිදක් කරවයිද නාස්තිය
      ඒ නිසා දහක් හොද කෙරුවාද ආත්මෙට
      එක පවක් සෑහේය ගෙනයන්න අපායට

      Delete
    2. ඔන්න බට්ටිට සැමා යස උත්තරයක් දීලා... බට්ටියේ මම කීවෙ කාශ්‍යප රජ තුමාට ඇවිත් අදකාලේ අයගෙන් හොර වැඩ හංගන හැටි ඉගෙන ගන්න කියාල තමා

      Delete
  3. හරිම අපූරු කවි පෙළක්....
    කවියෙන් කියැවෙන අදහස සහතික ඇත්ත තමා...
    කමෙන්ට්ස් එකක ලියන්න බැරි තරම් දේ මේ කවි කියවලා හිතට ආවා..
    නැවතත් කියන්නම් සහෝ...කවි ටික නම් හරීම ලස්සනයි, අරුත්බරයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දම්මි...

      Delete
  4. පට්ට කවි සෙට් එක ඈ....

    ReplyDelete
  5. උබ වගේ නං නෙවෙයි අද කාලේ රජ වරුන්
    දන්නවා කරන හැටි පව් කාර වැඩ හොරෙන්

    මේක දැක රජතුමා ගෙලෙන් ගෙන සාටකය
    උබේ ගෙල වැල දමයි ඉවර කොට නාටකය

    ReplyDelete
    Replies
    1. බැකප් එකක් දාගෙන තියාගනින් මීයෝ...
      කෝකටත් හොදයි.... :-)

      Delete
    2. සැමාගෙ කතාවත් මරු.. :D

      Delete
    3. ඔච්චර සැරවැඩි නැද්ද...සෑමෝ....!!

      Delete
    4. මල මෙව්ව එකයි.. පාං පෙත්තයි කිව්වල... ඇත්තටම එහෙම වෙයිදෝ.. හය්යෝ..ආයේ මෙව්ව ලියන්නැතෝ

      Delete
  6. අන්න ඒකයි කියන්නේ රජ උනාට වැඩක් නෑ, එකෙන් ඵල නෙලන්න බැරි නම්. කාන්තාරේ ඉඳන් ලිව්වට කමක් නෑ, ලංකාවට එන්න එපා. බොට වෙන්නෙත් ඔය ටිකමයි

    ReplyDelete
    Replies
    1. අය්යෝ සල්ලි .. ඒකියන්නේ මම ඉල්ලං කාලද

      Delete
  7. මමත් අහල තියනවා කාශ්‍යප ඔය කියන කුප්ප වැඩේ කළා කියල. ඇස් අන්ධ කරලා රැක බලාගත්තට වැඩක් තියනවායෑ .

    හරියට මම පොඩි කාලේ මදුරුවෝ අල්ලාගෙන මරන්නේ නැතුව තුඩ විතරක් කඩලා යවනවා වගේ කුප්ප වැඩක්.

    ReplyDelete
    Replies
    1. උබ මහ මාර කුප්පයෙක්නේ බන්... මමත් ඔය වැඩෙ කොලා

      Delete
    2. උඹ අහල නැද්ද ඔය සිද්දියම තමා ටජ් මහල හදපු නිර්මාණකාරයාටත් ඒ රජ්ජුරුවෝ කලේ. මිනිහා ඒ වගේ තවත් නිර්මාණයක් කරන එක වලක්වන්න හැම රජාම කරපු වැඩක් තමා හදපු එකාගේ ඇස් අන්ධ කරපු එක

      Delete
  8. සීගිරිය පත්වුනේ එදා පුදුමයට
    කවිදැක මා පත්වුනේ විශ්මයට...

    කවි ටිකනම් හරිම ලස්සනයි අයියේ..ලස්සනම ලස්සනයි....

    ReplyDelete
  9. අපුරු කවියක් මී ගොඩයෝ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිම්ශා........

      Delete
  10. හ්ම්.............
    "උබ වගේ නං නෙවෙයි අද කාලේ රජ වරුන්
    දන්නවා කරන හැටි පව් කාර වැඩ හොරෙන්

    පහත් වී ඉබින හැටි කපන්නට නොහැකි අත්
    රැගෙන යන අපූරුව දිය යටින් ගින්දරක්..."

    හරි තමා......

    ReplyDelete
  11. //උබ වගේ නං නෙවෙයි අද කාලේ රජ වරුන්
    දන්නවා කරන හැටි පව් කාර වැඩ හොරෙන්//
    සිරාවටම ඇත්ත..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් අපි කවද්ද බං බොරු කිව්වේ,, මේ වචනේ පොඩ්ඩක් මතක තියාගනින් ඈ.. පස්සෙදි ඕනවෙයි

      Delete
  12. හයියූ.. ශූයි අෆ්ෆා :D
    මං හිතුවේ වලා රජා ගැන වෙන්ටෑ කියලා.

    ReplyDelete
    Replies
    1. ඌට අමුතුවෙන් මඩ ගහන්න් දෙයක් නෑනේ බං,,, ඌ මඩ වලට බලෙන් පනිනවනේ,, මට හිතෙන්නේම මූ රජෙක් නෙවෙයි විපක්ෂ නායකයෙක් කියලා

      Delete
  13. දැනගෙන හිටියෙ නැති දෙයක් දැනගත්තා යාළුවා.. බොහොම ස්තුතියි..:) ලස්සනට ගලපලා පදටික. :)

    ReplyDelete
  14. ඉතිහාසය ටිකක්..අතිශයෝක්තියකින් ලියවිච්ච තැනක් වෙන්න බැරිද ඔතන...?

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්.. මම බර තිබ්බෙනම් වර්තමානයට,,

      Delete
  15. රජවරුන් කිසියම් නිර්මාණයක් කළාට පස්සේ ඒ නිර්මාණය හා සම නිර්මාණ කරන එක වළක්වන එක සාමාන්‍ය දෙයක්.

    ටජ් මහල් හැදුව ශිල්පීන්ගේ අත් කප්පපු ෂාජහන්, අවුකන හදපු ශිල්පියාව මරා දැම්මා කියන ධාතුසේන, දළදා මාළිගාවේ පත්තිරිප්පුව හදපු දේවේන්ද්‍ර මූලාචාරියාගේ මහපට ඇඟිල්ල කපලා දාපු ශ්‍රී වික්‍රම රාජසිංහ අතරේ කිසි වෙනසක් නැහැ.....

    රජවරුන්ගේ හැටි එහෙම තමා. තමන් අසහාය වෙන්නයි කැමති

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත... 1වන සිය වසේ ඉදන් 21වන සියවසය වෙනකනුත්.. වෙනසක් වෙලා නෑ..කොයි රජත් එකයි.. දැන් එවුන් ටිකක් වැඩියෙන් කපටියි

      Delete
  16. නියමයි නියමයි....ඇස් අන්ධ කරපු එකනම් කැත වැඩේ....

    ReplyDelete
    Replies
    1. කැත නෙවෙයි .. හෙනගහන පව් වැඩක් සයුරි

      Delete
  17. මාත් මේ ගැන අහලා තියෙනවා.. ටජ්මහලේ කතාවත් ඉතින් මේකට සමාන දෙයක්නේ..

    අර මුල්ම කමෙන්ට් එකෙන් අපේ ...... රජා කියපු කාරනාවනම් මම දන්නේ දැන්.. ඒ ගැන ටිකක් හොයන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ලංකා ඉතිහාසය ජනප්‍රවාද වලින් පිරිල හින්දා එක තීරනයකට එන්න අමාරුවෙලා තියෙනවා.. හැබැයි රාවනා රජතුමාගේ පාලන කාලය බොහොම දියුණු තාක්ශනික ඥානයක් පැවතුණු යුගයක්... අනිත් දේ තමා මම අහල තියනවා දඬුමොණර යානයේ සැකිල්ලේ සටහනක් සීගිරියෙන් හොයාගත්ත කියලත්..

      කොහොම උනත් එවන් තාක්ශණය නොදියුනු යුගයක.. අපේ රජවරුන් තැනු දෙවල් බලනකොට.. ජෙට් චන්ද්‍රිකා වැනි යානා.. බර්ජ් කලීෆා වැනි ගොඩ නැගිලි.. බොහොම පුංචි දේවල් කියල හිතෙනවා..

      ඒවගේ දියුණු ශිල්පීය ඥානයන් ඒ රජවරු එක්කම වැලලී ගියේ අපේ තියන අවාසනාවට..

      සමහර විට ඒ රජවරුන් තවත් එවැනි නිර්මානයක් බිහි නොවන්න නිර්මාණ කරුවා මරා දැමීම හෝ ආබාධිතයෙක් කිරීම වනි ආත්මාර්ථකාමී ක්‍රියාකාරකම් මීට බලපාන්න ඇති

      Delete
  18. ඇඩෝව් මම නැති අතරේ පොස්ට් දාන්න එහෙම පුලුවන්ද ?

    අඩෝ
    ගඩාෆි
    උබට
    උනෙත්
    මට
    වෙච්ච
    ටිකම
    තමයි

    මීට
    සිගිරි කාශ්‍යප

    ReplyDelete
    Replies
    1. උබ කොහෙද ගිහින් හිටියේ...


      ඒ හරුපේ නම් තේරුම් පොච්ච කොදු උනා වගේ...

      ගඩාෆියි.. කාෂ්‍යපයි කොහොමද සමාන වෙන්නේ..

      Delete
    2. ඇයි බොල ගඩාෆිත් මැරුණට පස්සේ කල හොද ඔක්කොම මිනිස්සුන්ට අමතක උනා .... බැලුවේ නැද්ද පොර ගාව හිටිය ඉටිකිරිස්‌ කෑලි ටික .... කාශ්‍යප ගේ කෑලි තමයි ඔය බිතුසිතුවම් කියලා තියෙන්නේ....

      Delete
  19. දැන් කාලේ රජවරු ඉතිහාසේ ලියන හැටි දැක්කාම....... ඉස්සරත් එහෙමම ලිවුවා නම් ඉතින් ඇත්ත කෝකද කියලා හොයනවා බොරු..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඒකාලේ රජවරුත් ඉතිහාසේ ලියද්දි තමන් ඇතිකරපු ලේ පැල්ලම් ඉතිහාස පොතෙන් හෝදල දැම්මනම්.. අපිට ආඩම්බරෙන් අපේ ඉතිහාසය ගැන කථා කරන්න තිබ්බ.. මීට වඩා...

      Delete
  20. ඇස් අන්ද කරපු එක පව් කාර කමක් වුනාට ඒ නිර්මාණයට ඒ තරම් වටිනාකම් ලැබුනේ ඒ වගේ නිර්මාණයක් යලි බිහි නොවූ හින්දයි ...
    සීගිරියේ ගල උඩ ඉදන් ගල මැදින් පහලට උමන් මාර්ගයක් තිබුණු බවත් එක පසු කාලීනව බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් වසා දෙමුනු බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා ..
    ඒ වගේම සීගිරියේ අවසානය ගැනත් විවිද මතිමතාන්තර ගොඩක් තියනවා මන් නම් හිතන්නේ නැ, කසුප් රජු තාත්ත මැරුණු බව සදහන් වුනාට ඔහු මෝඩයෙක් නෙමේ එක්තරා පව්කාරයෙක් එත් ඔහු තුල අග්‍ර ගනයේ කලාත්මක සිතක් තිබුණු බව පිළිගත යුතුමයි ..
    සමහර වෙලාවට අපේ ඉතිහාසය වසන් කරන්නට හදන බලවේග විසින් අතීතය වෙනස් කීරිමකට ප්‍රබල උත්සාහයක යෙදන බවත් ඔවුන් යම් දුරකට සාර්ථක වී ඇති බවත් කිව යුතුමයි ...........ඉතිහාසය සොයා යාමේදී අපි කල්පනාකාරී විය යුත්තේ එබෙවීන් .......

    ............ විශිෂ්ට කවක්

    ReplyDelete
    Replies
    1. මේකට උත්තරයක් පෝස්තුවකින් දෙන්නම්.. ස්තුතියි සචියා

      Delete
  21. රජවරු එහෙම තමයි. ටජ් මහල හදලා ඉවර වුණාමත් ඔය ටිකම කළා. වෙන එකක් නෙවේ කුහකකම රජවරුන්ගේ එදා ඉඳන්ම තිබුණා.

    ReplyDelete
    Replies
    1. අනිවා. හැබැයි අදකාලේ අය කුහක කම හංගගෙන හිනාවෙන්න දන්නවා.. හරියට ගිනිකන්දක් පාමුල මල් පිපෙනවා වගේ

      Delete
  22. කාශ්‍යප රජ්ජුරුවන්ගේ ඉතිහාසය ගැන නියම කතාවක් කොටස් වශයෙන් යනවා ඉරිදා මවුබිම පත්තරේ. ඒකෙ තියෙන විදියටත් අපි මෙච්චර කල් කියවලා තියෙන ඉතිහාසය වැරදියි කියලා මටත් හිතෙනවා. රාවණ රජතුමාගේ සම්බන්ධයත් එක්ක ඔය සීගිරිය ආශ්‍රිතව කාල තරණය කරන්න පුළුවන් විදියේ දොරටුවක් තියෙනවා කියලත් මම අහල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. රේපා.. මමනම් දැන් ඉතිහාසය වෙනස් කරලා අපේ රජවරුන්ට අපහාස කරනවට එච්චර කැමති නෑ...

      Delete
  23. මට මෑටකාලයේ කටාවකුට් නිකන් පේනව පේනව වගේඩ මන්ඩ......o.O

    ReplyDelete
    Replies
    1. ෂ්ෂ්......... ඒහෙම එකක් තියෙනවා තමා...

      Delete
  24. ඔන්න මමත් ආවා මේ පැත්තට.

    ReplyDelete
    Replies
    1. ඉරණම් කාරිව සාදරෙන් පිළිගන්නවා...

      Delete
  25. අස් ඇඳ කරපු කතාව මම අදයි දන්නේ. කවියනම් අදට නියමට ගැලපෙනවා.

    ReplyDelete
  26. මෙවැනි නිර්මාණ පිහිකිරීමට නොහැකිවන ලෙස ඔහුගේ දෑස් අන්ධ කොට ජීවිතාන්තය දක්වා රැක බලාගත් බවට ඉතිහාසයේ නැතත් ජනප්‍රවාද පවතී// එදා රජාලගෙත් කුහකකම තිබුනත් පොඩ්ඩක් හරි කෘතගුණය කියන දෙයක් ගෑවිලා තිබිල තියනව...

    ReplyDelete
    Replies
    1. ගෑවිලා තිබ්බට ඇති වැඩේ මොකද්ද බං... ඇස් අන්ධ කලාට වඩා හොඳයි මරලම දැම්මනම්

      Delete