Wednesday 20 June 2012

ගුණුමකුයිදෝ අද සමාජය

ඉර හඳද තරු කැට ගනන් කොට
මලට ඇල දොල සිසිල එක්කොට
විහඟ සරයට තාල එක්කොට
කවි ලියා ඇත පෙම මුදුන් කොට
 

උහුලන්න බැරි බර දරාගෙන
දිව ඇවිත් හිඳ නුඹ
උකුළු මත
සැනසෙනා නෙක දනන් අතරෙද
ඉන්න ඇති කවි ලියන පිරිවර

උස් පහත් කම් කිසිත් නොතකා
ජාති ආගම් බේද දුරලා
නුඹ
කෙරූ ඒ නිහඬ සේවය
ඇගයුවා වෙද එකම කවියෙක්

දවස තිස්සේ කිහිප වරකට
වාඩිවී හිඳ නුඹ
උකුළ මත
තටම තටමා පහරනා විට
රැව්වේ නෑ නුඹ කිසිම මොහතක

අමතකද නුඹ කරන සේවය
හිරිකිතද නුඹ ගැන ලියන්නට
කරුණු නෑ මට පහද දෙන්නට
ගුණුමකුයිදෝ අද  සමාජය



බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

61 comments:

  1. අනේ මම ටියුබ් ලයිට් වුනා වගේ...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වෙනස් කලා ආයෙ කියවඩෝ

      Delete
  2. අගය කළ යුතු දේවල් සැමවිටම අගය කිරීමට ලක්වන්නේ නැත

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් .. මමවත් පටන් ගන්න හිතුවා :D

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හප්පුච්චියේ .... අර දෙන්න මේකෙ පදිංචිවෙලද හිටියෙ?

      Delete
    2. හෙළයේ ජන ගී කැටගරියට අළුතින් එකතුවෙන “ටොයිලට් කවි“

      Delete
    3. ටො‍යිලට් කවි.. ඒකත් මරු.... අඩේ එතකොට මීගොඩයද ඒකෙ නිර්මාතෘ....

      Delete
  4. එළ ඈ....
    ගුණුමකුයිදෝ අද සමාජය.......හ්ම්...

    ReplyDelete
    Replies
    1. තැන්කිව් තරුවො

      Delete
  5. Replies
    1. පොඩ්ඩක් වෙනස් කලා ආයෙ කියවඩෝ

      Delete
    2. හී....ඩැන්නෙ ටේලුනේ....

      Delete
    3. ඒකනෙ ටිකක් ගැඹුරෙන් හිතන්න පුරුදු වෙන්න :P

      Delete
  6. නියමයි...මචං...අලුත් මානයකට කවිය යායුතුමයි..!
    කවුරුත් කතානොකරන තැනක් නේද..?

    ReplyDelete
    Replies
    1. පුංචි උත්සාහයක්... ස්තුතුයි වී හය්යක් උනාට

      Delete
  7. 'කවි ලියා ඇත පෙම මුදුන් කොට' මේක ලස්සනයි..........

    ReplyDelete
    Replies
    1. ඒක් විතරද... මං ලස්සන නැද්ද :O

      Thanks

      Delete
  8. චිකේ... මාත්තුරුකාව ලියලා තියෙන කැත! ඵල ඵල... නිකමටවත් හිතුණෙ නැති දෙයක් මේ! පස්ටයි ඈ...

    ReplyDelete
    Replies
    1. ඒ.... මාතෘකාව කැතද

      Delete
  9. පින්තුරෙකුත් දාලා,.. ඇයි බඩේ අමාරුවක්ද මේ ටිකේ?

    "දවස තිස්සේ කිහිප වරකට
    වාඩිවී හිඳ නුබ උකුළ මත
    තටම තටමා පහරනා විට"

    ReplyDelete
  10. හික්ස්...මේ ලමයින්ටත් හිතෙන දේවල්...

    ReplyDelete
    Replies
    1. අළුත් ඉසව් හොයාගෙන යන්න හිතුනා.. කිරිල්ලිත් පියාබද්දි අලුත් දේවල් දැක්කොත් අපිට කියන්න

      Delete
  11. හික්ස්...මරු කවිය අලේ..

    ReplyDelete
  12. හික් හික්...කතාව ඇත්ත. අනිත් අය නොලියන එකේ ඉතින් මි ගොඩය වත් ලියන්නකෝ ඔය ගැන.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මන් හොඳයි නේද් සයුරි ටීචර්

      Delete
  13. නිහඩ සේවයක් අගය කෙරෙන්නේ නෑනේ කොහොමත්.. ලස්සනයි අදහස...

    ReplyDelete
  14. අඩේ අෆ්ෆේ මට තේරෙන් නේ නෑ නේ..බං

    ReplyDelete
  15. ම්..............පොඩ්ඩක් හිටහන් ඒ පාර නිකන් මොකක් හරි හැගීමක් තියනවා..

    "දවස තිස්සේ කිහිප වරකට
    වාඩිවී හිඳ නුබ උකුළ මත
    තටම තටමා පහරනා විට"

    එල ඈ..

    ReplyDelete
    Replies
    1. ඔය තේරිලා තියෙන්නේ එල එල

      Delete
  16. අවංකවම මුල අමතක නැති කොල්ලෙක් තමා.... ට්‍රිප් එකක් කාරිය යද්දි මෙයාලගෙ අගේ කියලා වැඩක් නෑ අයියෝ ඒ ටික.....

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි.. මීගොඩයට මුල අමතක නෑ කියල ඔප්පු කරන්න හුඟක් දෑ තිබේ

      Delete
  17. මගතොටෙදි හැදි ඒ බර

    හින්දාබිඳු නැගුන වෙලේ

    අගේ ඔබගේ දැනී හිතැ තුල

    දෙව් බුදුන් සිහි උනා මතකැයි...........@#$$%

    ReplyDelete
    Replies
    1. මාරයි... ඔය ඉන්නෙ අගෙ දැනිච්ච කට්ටිය
      @#$$%

      Delete
  18. කමෙන්ට් එකක් තියන්න වචන නෑ... මාතෘකාව සුපර්...

    අමතකද නුඹ කරන සේවය
    හිරිකිතද නුඹ ගැන ලියන්නට
    කරුණු නෑ මට පහද දෙන්නට
    ගුණුමකුයිදෝ අද සමාජය

    දකින්න ලේසියෙන් හම්බවෙන්නෙ නැති කවිටිකක් බැලුවේ..දුක අගයන්න වචන නැති එක..හරිම ලස්සනයි සහෝ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිහින සිත්තම්

      Delete
  19. අයියට නම් අද වෙනස්ම විදිහේ කවි සිතුවිල්ලක් පහල වෙලා....

    ReplyDelete
    Replies
    1. ටිකක් වෙනස් විදියට හිතන්න උත්සහ කලා
      ස්තුතියි ඔයාට

      Delete
  20. මට නම් නැතුවම බැරි දෙයක් :D
    මේ ගොඩක් තැන්වල නුබ කියන එක නුඹ කියලා වෙනස් කරපන් නැත්තම් වෙන අදහසක් එන්නේ..

    ReplyDelete
    Replies
    1. හැදුව මචං තැන්කිව් ඈ

      Delete
  21. මල හතයි ගස් දෙකයි ඈ!

    ReplyDelete
    Replies
    1. වැරදියි ... මල පහයි

      Delete
  22. හැමෝම කක්කා කතා ලියන කක්කා සතියේ අපේ මලයා කක්කා දාන තැන ගැන දුක හිතලා කවියක් ලියලා. අහෝ සැපයි කියා කියා දාලා යන අයට නොපෙනෙන දේ ...

    ReplyDelete
    Replies
    1. හෙ හෙ හෙ... මට නිකමට වගේ හිතුනා.... දුවගෙන ඇවිත් ඉඳගත්ත වෙලාවක

      Delete
  23. යකඩෝ මෙන්න ඒ ගමන වැඩිකිලි කවි . . . හෙ හෙ හේ . . . .

    එල එල . . ලෙසටම ලියලා තියෙනවා . . .

    උදේ පාන්දර ඕකට වැඳලා පස්සේ වැඩේ කරගෙන දවස පටන් ගනින් . . නැතිනම් ගුණමකු වෙනවනේ . . හික්z

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ.. ගාථාවකුත් හදල දෙන්නද

      Delete
  24. අද තමයි අවශ්‍යතාවයේ කවිය ලියැවිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අත්‍යාවශ්‍යතාවයේද මන්දා දයානන්ද අය්යේ...

      ස්තුතියි ඈ

      Delete
  25. අපෝ.........ගදේ.........බෑ......... :-)

    කනට ගැහුවා වගේ ඈ...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපෙ බන් උබෙ මහලොකු මාලිගාවේ එයාර් ෆ්‍රෙෂ්නර් එකක්වත් නැද්ද

      Delete
  26. හිහි....කෙළෙහිගුණ කවියක් නේද මල්ලී.....

    ReplyDelete
    Replies
    1. ආ අක්කේ කෙලෙහි ගුණ දන්නෙනම් වැසිකිලිය නෙවෙයි... පඩික්කම

      හි හි.. තැන්කිව් ඈ

      Delete
  27. මේ කවි කියවීමෙන් මට හරි දුකක් ඇති වුනා.

    ගුනමකුයි අද සමාජය.

    ReplyDelete
    Replies
    1. අසරණය කියන්නේ කොහොමත් සංවේදී කොල්ලෙක්නේ

      Delete