Monday 9 July 2012

බඹසර පූජා 3

 අද කථාවෙනම් ටිකක් විතර වැඩිහිටියන්ට පමණයි සිද්දි ටිකක් තියනවා.. අකමැති කට්ටිය ඉන්නවනම දැම්මම සමාවෙලා නොකියව ඉන්න ඈ 


සේනකගෙන් ලත් දුරකථන ඇමතුමට පිළිතුරු දුන් නිර්මලා සිද්දිය විස්තර කොට ඉක්මනින් නිවසට එනලෙස දැන්වීය.. බස් රථය මගහැරුණු නිසා අද පැමිනීමට නොහැකි වූ බවත්.. ඉක්මනින් නිවසට පැමිනෙන බවත් පැවසූ සේනක දුරකථනය විසන්දි කලේය..

ගුණපාල බාස් උන්නැහේගේ නිවසට ඇතුලු වූ පොලිස් නිලධාරීන් ගුණපාල අත් අඩන්ගුවට ගන්නාවිට ඔහු අසීමිතව බීමත්ව සිටි අතර පොලිස් ප්‍රෂ්න වලට උත්තර දීමට හැකි තත්වයක නොසිටියේය.. ගුණපාල එලෙසම ජීප් රියට නන්වාගත් පොලිස් නිලදාරීන් නික්ම ගිය අතර තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ගුණපාලගේ නිවස සෝදිසිකිරීමට නියෝග ලැබිනු නමු ඔව්න්ට කිසිදු වැදගත් සාක්ෂියක් සොයාගත නොහැකිවිය

පසුදින නිවසට පැමිණි සේනක පොඩ්ඩීගෙ හදිසි වියෝවෙන් මහත් සේ කම්පාවී සිටිබවක් පෙනෙන්නට විය.. ඔහු නිතරම නිර්මලා අසලට වී නිර්මලාගේ හිත හැදීමට උත්සාහ කලේය.

මේ අතර පොලිස් භාරයේ සිටි ගුණපාල බාස් උන්නැහේගෙන් ප්‍රෂ්න කිරීම් ඇරබුනි. පොලිස් නිලදාරියා කාමරයට ඇතුල්වත්ම ගුණපාල ඔහුට අත් එකතු කර වඳිමින් දොඩවන්නත පටන් ගත්තේය
අනේ බුදු මහත්තයෝ මම ඉස්කෝලෙ නෝනව මැරුවෙ නෑ මහත්තයෝ.. මගෙ දරුවො දෙන්න පල්ලා.. ඒ නෝන මගෙ ලොකු කෙලීගෙ වයසෙ.. මම ඒ නෝනව මැරුවෙ නෑ මහත්තයෝ

හරි හරි අපි කිව්වද තමුසෙ මැරුව කියලා.. කලබල නොවී මං අහන එව්වට උත්තර දෙනවා..ඇත්ත කිව්වොත් තමුසෙට යන්න පුලුවන්
තමුසෙ අද සඳලි නෝනලගෙ ටැප් එක හදන්න ගියාද?
ඔව් මහත්තයෝ
කීයටද ගියේ?
දවල් 2.30ට විතර මහත්තයෝ
කව්ද ගෙදර හිටියේ?
සඳලි නෝන විතරයි හිටියේ
නෝනා මොනවද කර කර හිටියේ?
මම යද්දි නෝනා නාල ඉවර වෙලා වැලේ රෙදිවගයක් වන වන උන්නේ
ඊට පස්සෙ මොකද උනේ?
නෝනා මට ටැප් එක පෙන්නුවා. මම ඒක හදල දීල ආවා.. බොහොම පොඩි ලීක් එකක් විතරයි තිබ්බෙ..
නෝන තමුසෙට සල්ලි දුන්නද?
ඔව් මහත්තයෝ.. රුපියල් තුන්සීයක් දුන්න
වෙන මොකුත් උනේ නැද්ද?
නෑ මහත්තයෝ
තමුන් කීයතද ගෙදරින් පිටත් උනේ?
හවස තුන පහුවෙලා වැඩිවෙලාවක් නැතුව ඇති මහත්තයෝ
එතකොට කෝ නෝනගෙ කරේ තිබ්බ රත්තරං මාලේ?
අනේ මං දන්නේ නෑ මහත්තයෝ
ඒ කියන්නේ තමුසෙ මාලෙ හොරකම් කලේ නෑ?
දෙය්යම්පා නෑ මහත්තයෝ
කොස්තාපල් දානව මේ මිනිහව කූඩුවට.. අපිට පරීක්ෂන වාර්ථාව එනකන් ඉන්න වෙයි වගේ..

**********

දින දෙකකට පසු පොඩ්ඩිගේ දේහය ඥාතීන්ට බාර දෙන ලදී.. දේහය නිවසට ගෙන එද්දී පොඩ්ඩිගේ මව පියා නිර්මලා මහ හඩින් විලාප දුන්හ.. ඒ අතර සේනකගේ නෙත් අගින්ද කඳුළු කඩාහැලෙනු දකින්නට ලැබින.. පොඩ්ඩිගේ පැහැපත් මුහුණ වෙනදාට වඩා සුදුමැලි බවක් සේනකට දැනුනි.. ඒ සමග ඔහුට පසුගිය නිවාඩු දිනය සිහිපත් වෙන්නට විය.

ඒ සෙනසුරාදා දිනයක් විය. නිර්මලා රාජකාරි සඳහා පිටත් වී සිටි අතර සේනක අවදිවන විට ටිකක් දහවල් විය
සේනක මුහුණ සෝදා විත් සාලයේ ඉඳගත් විට පොඩ්ඩී දුන් දමන තේ කෝප්පයක් ඔහුට පිළිගැන්වීය.. තේකෝප්පය දී යන පොඩ්ඩි දෙස බැලූ සේනකට වෙනද නොඩුටු සුන්දරත්වයක් පෙනෙන්නට විය.. පොඩ්දී ඇවිදින විට ගැස්සෙන නිතඹ නිර්මලාට වඩා බෙහෙවින් පුළුල්ය ඉඟ සිහින්ය. එකවරම සේනකට පොඩ්ඩීගෙ මුහුන බැලෙමට සිත් විය

පොඩ්ඩී.. මේකට සීනි මදිනේ හලෝ... සේනක නෝක්කඩු සරින් පැවසුවේය
ආ හැඳි තුනක්ම දාලත් මෙයාට මදිද..  කෝ දෙන්න තව හැන්දක් දාල ගෙනත් දෙන්න යැයි කියමින් පොඩ්ඩී නැවත සේනක වෙත පැමිනියාය.

පොඩ්දිගේ මුහුණ දුටු සේනකට ඇය උදෑසන පිපුණු මලක් මෙන් ලස්සනයි සිතුණි.. කාන්තිමත් දෙනෙත.. ලිප්ස්ටික් නොගෑ දෙතොල..සැබවින්ම සුන්දර විය..
අනතුරුව සේනකගේ දෑස් නැවතුනේ පොඩ්ඩීගේ ළමැදෙහිය.. පොඩ්ඩී ඇවිදෙන තාලයට ළැම ගැස්සෙන්නට විය.. තව දුරටත් පොඩ්දී දෙස බැලීමට නොහැකි වූ සේනක බිම බලාගෙනම තේකෝප්පය ඈවෙත පෑවේය

 පොඩ්ඩී තේ කෝප්පය රැගෙන කුස්සියට ගිය විට පුටුවෙන් නැගිට සරම සකසා හත් සේනක කාමරයට ගියේය.. තේ කෝප්පය්ත් රැගත් පොඩ්ඩීද සේනක සොයා කාමරයට ගියාය
කාමරයේ මේසය අසල වාඩි වී සිටි සේනක අසලින් තේ කෝප්පය තැබූ පොඩ්ඩී යන්නට හැදුවත් සේනකගෙන් ඊට ඉඩක් නොවීය.. ඔහු වහා පැන පොඩ්ඩීගේ අතින් අල්ලා ගත්තේය..පොඩ්ඩී ගල් ගැසී බලා හිටියා මිස කිසිත් කොකීවාය.. සේනකගේ දෙතොල් පොඩ්ඩිගේ නලල දෙකන් දෙකොපුල් හරහා දෙතොලෙහි නතර විය.. පොඩ්ඩීගෙන් කිසිදු සහයක් පල නොවූ අතර ඇය හැගීම් විරහිත පිළිමයක් සේ ඔහේ සිටියාය..
අවසන ඇයව සිය නිදන ඇඳමත ඇද දැමූ සේනක උමතු ඌවෙකු සේ ඇයව සිපගන්නට විය..

පැයකට පමණ පසු ඇදෙන් නැගිට සිටි සේනක පොඩ්ඩී දෙස බලා මට සමාවෙයන් පොඩ්ඩියේ කීවේය..

සිය අතෙහි රැඳි නිර්මලාගේ දුරකතනය නාද වූ නිසා සේනකගේ සිතුවිලි දැහැන බිඳීණි.
හේලෝ..
හෙලෝ,, මිසිස් ගුණසේකරට කථා කරන්න පුළුවන්ද
කව්ද කථාකරන්නේ
මම කුරුණෑගල පොලිසියෙ ඉන්ස්පෙක්ටර් සමරසිංහ
ආ ඉන්ස්පෙක්ටර් වයිෆ් ගේ ඇතුලේ .. හදිස්සියක්ද
ඔව් පොඩි හදිස්සියක් .. අපිට ගෙදරට ආවොත් මිසිස් ගුණසේකරව මුණ ගැහෙන්න පුළුවන් වෙයිද
පුලුවන් ඉන්ස්පෙක්ටර් ..
හරි අපි එන්නම්

සුළු වෙලාවකින් ඉන්ස්පෙක්ටර් සමර සිංහත්.. කුරුණාගල උගස් බඩු ගන්නා ආයතනයක හිමිකරුවෙකුත් නිර්මලාගේ නිවසට පැමිණියහ..
නිර්මලා හමු වූ සමරසිංහ මහතා සුදු රෙදි කැබැල්ලක ඔතන ලද රත්තරන් මාලයක් පෙන්වීය

මිසිස් ගුණසේකර මේ මාලේ අදුරනවද
මේ අපේ පොඩ්ඩෛගේ මාලේ මහත්තයෝ..මමමයි හදවල දුන්නේ
හ්ම්ම් සඳලි අන්ත්‍රා වෙච්ච දවසෙ මේ මාලේ ගුණපාල බාසුන්නැහෙ මේ හනීෆා මුදලාලිගෙ පෝනින්ග් සෙන්ටර් එකේ උගස් තියල තියෙනවා. පස්සෙ මේ සිද්දි ආරංචි වෙලා එයාට ප්‍රෂ්නයක් වෙයි කියලා හනීෆා මහත්තය මේ මාලේ පොලීසියට ඉදිරිපත් කලා

මතු සම්බන්ධයි

ප.ලි.ල

කථාව ලියන්න පටන් ගත්තට පස්සේ තමයි තේරුණේ මේක ලියන්න නීතිය ගැන තරමක අවබෝධයක් ඕනේ කියලා.. අපේ අස්වැන්න ලියන දයාරත්න අය්යටයි ක්සැන්ඩරයගේ කොලම ක්සැන්ඩර් අය්යටයි පිං සිද්ද වෙන්න ඒ කරුණු හම්බ උනා.. දෙන්නටම හුගාක් ස්තුතියි

දෙවනි කාරනේ හිතුවට වඩා කථාව ටිකක් දිග උනා.. ඉතුරු ටිකත් ඉක්මනින්ම ලියල ඉවර කරන්නම්... දන්නව දැන්නම් කට්ටියටම එපා වෙලා ඇත්තෙ කියලා .. සොරි හොදේ

බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

64 comments:

  1. කෝ බං මේකේ වැඩිහිටියන්ට සුදුසු ඒවා?

    ReplyDelete
    Replies
    1. හෑ එව්ව නැද්ද හූ ඈ

      Delete
  2. වැඩිහිටියන්ට ෂෝයි කෑල්ල මීගොඩයා සෙන්සර් කරලනෙ තියෙන්නෙ. ;0 අනික හෙට දාපං හොඳ එකාවගෙ. නැත්නම් කතාවෙ ආතල් එක යනවා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... ආයේ එව්ව එයිද මන්දා

      Delete
  3. එපා නම් වෙලා නෑ.. ඒත් ඉතුරු කොටස ඉක්මනට ඕනේ.. මේක මරුවට ගලාගෙන යනවා..
    නියමයි..ජය වේවා. :D

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම දානවා... තැන්කිව්

      Delete
  4. නියමයි සහෝ! :)

    ReplyDelete
  5. අඩෝ පැයක්ම ගියාද ඒකට? වෙලාවනං වැඩීද මන්දා... :-)

    එල එල.... දැන් සිද්ධිය එන්න එන්නම අපේ ගෙවල් පැත්තට ලගා වෙනවා..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි උබට පැයක් බැරිද?..වෙදමාමගෙන් බෙහෙතක් අරගනින්

      Delete
  6. නියමයි අයියේ.... හොඳටම ලියලා තියෙනවා.කතාව දිගයි කියලා දැනුනේ නෑ තව චුට්ටක් කියවන්න තිබ්බනම් මරු කියලා හිතුනා ඒ තරමට කතාවට බැහැලා කියවතෑකි..

    //අවසන ඇයව සිය නිදන ඇඳමත ඇද දැමූ සේනක උමතු ඌවෙකු සේ ඇයව සිපගන්නට විය..//

    මේක ඇවිල්ලා බලහත්කාරකමක්නේ.එතකොට පොඩ්ඩි දඟලන්න ඕනේ.ගුටිකන ගමන් තමයි සිද්ධිය වෙන්ඩෝන නේද.එතකොට ටිකක් ශෘංගාරාත්මකව තිබ්බනං පට්ටයි...

    "දෑතින්ම මුහුණ වසාගෙන කඳුලු සලමින් සිටි පොඩ්ඩි දුටුව විට සේනක නැවත පියවි සිහියට එළැඹිනි.තම අතින් වූ වරදක තරම ඔහුට වැටහුනේ එවිටයි.සෙමින් ඈ වෙත ලංවූ සේනක මට සමාවෙයන් පොඩ්ඩියේ යනුවෙන් පැවසූයේ බිඳුණු ස්වරයකිනි...."

    මම ආසයි ඔන්න ඔහොම සිද්ධිය විස්තර කරන්න... නිකං කිව්වේ හොඳේ වැරැද්දක් පෙන්නන්න නෙමේයි.මම හිතුව හරිද මන්දා හැබැයි බාස් අතට වැරැද්ද පැටවෙයි වගේ.... ඒත් අන්තිමට සේනක එයාගේ බිරිඳට පාපොච්චාරණය කරයිද??

    අති සාර්ථකව ලියවෙනවා... ජයවේවා මචෝ

    ReplyDelete
    Replies
    1. මුලින්ම කමෙන්ටුවට ස්තුතියි.. මොරාල් අප් කරන කොමෙන්ටුවක්

      මල්ලි හිතපු විදිය හරියටම හරි. මටත් ඔය විදියටම ලියන්න හිතුනා.. ඒත් හේතුවක් හින්දා ලියන්න බෑ.. හේතුව ඊලඟ කොටසට කියෙව්වහම තේර්යි...හැබැයි තේරුම් ගන්න පුංචි පුංචි ඉඟිනම් කථාව මුල ඉදම්ම කිහිප තැනකම දැම්ම .. කාටවත් තාමට කික් උනේ නෑ

      වැරැද්දක් පෙන්නුවට මට පොඩ්ඩක්වත් තරහා යන්නේ නෑ... අනික ගැමි මලය මේ ලියන කලාවට මට වඩා දස්සයි කියල අමුතුවෙන් කියන්න ඕනැන්නෙ නෑ..එහෙව් කෙනෙක්ගේ අදහස් උදහස් හුඟක් වටිනවා

      හුගාක් ස්තුතීයි මලේ

      Delete
  7. නියම කතාවක්නෙ.

    ඇත්තටම මොකක්ද මේකෙ වැඩිහිටියන්ට සුදුසු කෑල්ල.

    ReplyDelete
    Replies
    1. වැඩිහිටියන්ට සුදුසු කෑල්ල ලබන සතියට පැන්නද මන්දා

      Delete
  8. අහ්හ් මම කොටස් තුනම කියෙව්වා/

    ReplyDelete
    Replies
    1. එහෙනං මතක ඇතුව ඇවිත් ඉතුරු ටිකත් කියවන්න ඈ

      Delete
  9. බලමු ඉස්සරහට මොකෝ වෙන්නේ කියලා ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..බලමු නේ.. මොකටද මැදින් ඇඩ් දාන්නේ

      Delete
  10. එල මචෝ කිසිම එපා වීමක් නැ

    ReplyDelete
    Replies
    1. තැන්කිව් සචියා ...එහෙනං ඔන මගෙ හිතටත් ෆිට්

      Delete
  11. එළ ඈ...නියමයි...මාත් මාර ආසයි මේවගේ කතා කියවන්න..ඉක්මනට දාන්න ඉතුරු ටිකත්..

    ReplyDelete
    Replies
    1. එල තරුවෝ ඉක්මනින්ම දානවා

      Delete
  12. එල මචං ඉතුරු ටිකත් ඉක්මනින් දාපන්

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම දානවා

      Delete
  13. ඉක්මනින් ඊළඟ කොටසක් දාන්න.ගැමියාගෙ අදහස නම් මටත් හිතුනා. කතාවෙ වැ‍රැද්දක් විදියට නෙමේ, තවත් ලස්සන වෙන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිදූ.. මම හිත්න්නේ සිදූ මේ මට කමෙන්ට් එකක් දැම්මමයි

      වැරැද්දක් කිව්වට අමනාප වෙන්නෙ නෑ .. ඒතකොටනේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්

      Delete
  14. පට්ට මචාන්.....හැබැයි කෙල්ලේගේ ප්‍රතිචාරේ ගැමියා කිව්වා වගේ "දෑතින්ම මුහුණ වසාගෙන කඳුලු සලමින් සිටි පොඩ්ඩි දුටුව විට සේනක නැවත පියවි සිහියට එළැඹිනි.තම අතින් වූ වරදක තරම ඔහුට වැටහුනේ එවිටයි.සෙමින් ඈ වෙත ලංවූ සේනක මට සමාවෙයන් පොඩ්ඩියේ යනුවෙන් පැවසූයේ බිඳුණු ස්වරයකිනි...." තිබ්බනම් ඉස්තරම්.උබ කතාවේ කොටු දාන ටික ලස්සනට ලියල මදි කියලයි හිතෙන්නේ.අනිත් ඒවා එක්ක බලන කොට ඒ ටික මදි.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මානවක.. ඊලඟ එකේ සිරාවටම වැරද්දිටික හදාගන්නවා

      Delete
  15. සේනක ද මැරුවේ පොඩ්ඩිව....එහෙම හිතෙනවානේ .... අයියු කතාව ගොඩක් රස හන්දා මදි මදි වගේ කොටස තව දික් උනා නම් කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. අපි බලමු කව්ද මැරුවෙ කියලා.... තව දවස් දෙක තුනකින් දැනගන්න ලැබෙයි

      Delete
  16. කියවිමේ රුචිය ඔප්නන්වන කතාවක් නියමයි

    ReplyDelete
  17. නියමෙට ලියලා..ඒත් ඉතුරු කොටසත් ඉක්මනින්ම ඕනෙ..

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම දෙනවා,... ටයිප් කරන්න පුදුම කම්මැලි කමක්නෙව තියෙන්නේ

      Delete
  18. දෙබස් ඛණ්ඩනයේදි අතපසුවීම් වෙලා තියෙනවා. ලේඛකයා විදියට නෙවෙයි පාඨකයෙක් විදියට නැවත කියෙව්වොත් ඒවා අහුවෙයි.
    කොහොමත් මේ වගේ කතාවක් ලියනකොට දෙවතාවක්වත් පෲෆ් රීඩ් කරලයි පබ්ලිෂ් කරන්න ඕන.

    හොද කතාවක්, පළවෙනි එක නිසා අඩු පාඩු තිබුණට කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. //ලේඛකයා විදියට නෙවෙයි පාඨකයෙක් විදියට නැවත කියෙව්වොත් ඒවා අහුවෙයි. //

      සහතික ඇත්ත අයියේ... මේ උපදේසේ මාර වටිනවා

      Delete
    2. තැන්කිව් සුමිත් අය්යටයි ගැමි මලයටයි දෙන්නටම.. අය්යෝ මම දැන් කීප පාරක් කියෙව්වා.. හින්දා එක තැනක් නම් හම්බ උනා.. තව තියන එව්වා කියන්න මම පබ්ලිෂ් නොකර ඉන්නම්

      Delete
    3. @ සුමිත් අය්යා

      මෙච්චර ලස්සනට ලියන්න පුලුවන් සුමිත් අය්ය අර ප්‍රහාරය නිකම්ම තියාගෙන ඉන එකට තදබල විරෝධය

      Delete
  19. වැඩිහිටි කේස් එකක් පෙනුනේ නෑනෙ බං

    ReplyDelete
    Replies
    1. හය්යූ.. මම හිතුවෙ අර කට කන එක එහෙම වැඩුහිටි කේස් කියලා...

      Delete
  20. කිසිම එපා විමාක්‌ නැහැ. වැඩිහිටියන්ට කියල තිබුන කෑල්ල නිසා උත්තේජනය වැඩි. හේ හේ..

    ගැමියා කියපු දේත් සුමිත් අයියා කියපු දේ ගැනත් ටිකක් හිතුවොත් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසාර්......... ඒවා තදින් හිතට ගත්තා

      Delete
  21. එල මීගොඩයෝ එල. කොටස් තුනම එකසැරේ බැලුව. නම් ගම් වෙනස් කරල තිබුනනම් පරිවර්තනයක් කියල හිතෙන තරමින් තියනව. කොහොම උනත් කතාව හිතේ තියන හැටියටම ලියපං. අමුතුවෙන් දිග කරන්නවත් කොට කරන්නවත් හිතන්න එපා.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් රාජ් අය්යා...... නැ හිතේ තියන කථාව වෙනස්කරන්න අදහසක් නෑ ඒ විදියටම තමා ලියන්නේ

      Delete
  22. ලස්සනට යනවා කතාව...බලමුකෝ ඊ ලඟට වෙන දේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් රැඳී සිටින්නකෝ

      Delete
  23. අයිටීඑන් එකේ ගියපු වැඩිහිටියන්ට පමනයි දර්ශනයක් වගේ !!
    කෙල්ලයි කොල්ලයි ලන් වෙනවා විතරයි පෙන්නන්නේ. ඊට පස්සේ දෙන්නා ඇඳෙන් බහින සීන් එක !!!
    අපෝ අපෝ !!

    ReplyDelete
    Replies
    1. සිකේ මේ ළමයි නරක් වෙලා තියන තරම්

      Delete
  24. නියමයි ..මචං..! කිසිම එපාවීමක් නැහැ..ඔය යන විදිය හොඳයි..අඩුවැඩි කරන්න එපා..එක දිගටම කියවතෑකි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ස්තුතියි......

      Delete
  25. අර සුට්ටට 18 + කිව්වොත් ඉතින් ....

    ආ ... උඹ වැරදිල පොලිස් කාරයටත් ‘මහත්තයෙක්‘ පේස්ට් කරල, ඒක මකපං.

    ෴ ඒ කියන්නේ තමුසෙ මාලෙ හොරකම් කලේ නෑ මහත්තයෝ ෴

    ReplyDelete
    Replies
    1. ඒක් හැදුවා මචං තැන්කිව් ඈ

      Delete
  26. පැයක කතාවක් බොහොම කෙටියෙන්නේ විස්තර කරලා තියෙන්නේ.. හරි අසාදාරණයී අප්පා.. :)

    ඉතුටු ටිකත් ලියමු..

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම ප්‍රෂ්නේ ඕකනේ.. අනේ සමා වෙන්න මට ලියන්න ලැජ්ජ හිතිලද මන්දා


      ඉක්මනටම ලියනවා

      Delete
  27. මන් මේ ආවේම වැඩිහිටියන්ට කෑල්ල බලන්න. ශී ශී බාල වැඩක්..

    ReplyDelete
    Replies
    1. මෝරපු කොලේ තෙල් වැඩියි කියන කථාව ඇත්තද මන්දා

      Delete
  28. ඵල ඵල අති සාර්ථක තුන්වන සතිය නේද? සිරාවට ම ලියලා තියෙනවා, මරු ඈ..

    ReplyDelete
  29. අර පොලෝසියෙන් කියන්නේ...
    ".....මිනී මැරුමක් උනාම එයට සමීපතමයෙකුගේ සම්බන්ධයක් තිබිය හැකිය....."
    ඒ කියන කතාව ඇත්ත වගේ මල්ලී......

    ReplyDelete
    Replies
    1. ඒ වගේ නේ... මම බැලුව දම්මි අක්ක කෝ කියලා

      Delete
  30. නියමයි මචන්. හොද ගලා යාමක් තියෙනවා කතාවේ. කම්මැලිකමක් නැතිව දිගටම කියවගෙන යන්න පුළුවන්. ඊලග කොටසත් ඉක්මනටම දාන්න. සුබ පැතුම් !!!

    ReplyDelete
  31. උඹේ කෙටි කතාව මෙගා ටෙලි නාටකයක් වගේ... තව කොටස් කීයක්‌ දායිද දන් නෑ... සේරම ලියල ඉවර උනාම කියපන්... නව කතාවක් කියල හිතල කියවන්නම්.... කොහොම උනත් ලස්සනයි කතාව.... සුබ පොඩ්ඩකුත් පැතුව ඕන් එහෙනම්...

    ReplyDelete