අසම්මතයට ආරාධනාවක්
සෙවනැළි අවදිව සිතුවිළි පාරන
සීතල නිහඬ රැයේ
පෑල දොරින් එන දස්කොන් වන්නට
පැතුමක් නොමැත ලයේ
සීතල නිහඬ රැයේ
පෑල දොරින් එන දස්කොන් වන්නට
පැතුමක් නොමැත ලයේ
යොවුන් වසන්තයෙ හිරිමල් හිත ලඟ
සුපිපුණු කුසුම ලයේ
අන්සතුවී නුඹ පිටගම් ගියදා
ඉනූ කඳුළු නෙත තාම තියේ
හද බැමි පොඩිකර දෙගුරුන් සනසා
ඉරණම් ගමනකි නුබත් ගියේ
දෛවය නුඹ හට කරනා සරදම්
තනි මගෙ හිතටත් දැනෙයි ප්‍රියේ
හිත ළඟ නවතුන කුළුඳුල් ප්‍රේමය
උණුසුම තාමත් තියෙයි ලයේ
පත්ඉරු මත තැනු නුඹගේ ලෝකය
අතහැර සැනසෙමු එකට ප්‍රියේ
සුපිපුණු කුසුම ලයේ
අන්සතුවී නුඹ පිටගම් ගියදා
ඉනූ කඳුළු නෙත තාම තියේ
හද බැමි පොඩිකර දෙගුරුන් සනසා
ඉරණම් ගමනකි නුබත් ගියේ
දෛවය නුඹ හට කරනා සරදම්
තනි මගෙ හිතටත් දැනෙයි ප්‍රියේ
හිත ළඟ නවතුන කුළුඳුල් ප්‍රේමය
උණුසුම තාමත් තියෙයි ලයේ
පත්ඉරු මත තැනු නුඹගේ ලෝකය
අතහැර සැනසෙමු එකට ප්‍රියේ
"කවි සිතුවිල්ලක් පමණයි "
ඉතිං ඕකට "කවි සිතුවිල්ලක් පමණයි" කියල දාන්න ඕනය. මොකො අපි හිතනවය මේක මේ මීගොඩයට වෙච්චි දෙයක්ය කියල. මලිතුයි, සංසලයි මතක් වුනා. දෙන්න දාල විෂුවල් එකක් කරමුද?
ReplyDeleteසංසලා නෙවෙයි චංචලා....
Deleteනෑ සිතුවිල්ලක් පමණයි කියල දැම්මේ නිකමට : දිව
ආං ... ඔව් නේ. සංසලා හිටියෙ බොඳ මීදුම් එකේ. :)
Deleteසැනසෙමු සැනසෙමු :ඩී
ReplyDeleteඊය... මෙයා නාක්වෙලා
Deleteමෙහෙම ආරධනා කලාම නම් අසම්මත වුනත් හොඳයි කියලා හිතෙනවා.. හිහි.. :)
ReplyDeleteඅසම්මතේට උනත් ක්‍රමයක් විදියක් පිළිවෙලක් තියෙන්න එපැයි :ඩී
Deleteසිතුවිල්ලක් පමණයි නම් ඉතින් මුනා කෙන්නද ?
ReplyDeleteඒ උනාට මුනා හලි කියන්න තිබ්බා
Deleteහොඳ වෙලාවට සිතුවිල්ලක් විතරක්ම උනේ..
ReplyDeleteනැත්තං නැත්තං
Deleteහඳ පානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ.
ReplyDeleteඅඩෝ පට්ටම පට්ටයි මීයෝ . මචං හිතා ගන්න බෑ වෙන කොම්මෙන්ට් එකක්.හරි.... :D
නුඹේ හිමි සඳ නුඹගේ සිත් අහසින්
බැසලා සැගවුණු නිහඩ පැයේ.
තව එකසැරයක් තුරුල් වෙලා මට
හිස තියනවදෝ මගේ ලයේ.
තැන්කිව් තැන්කිව් මානවකයෝ.........
Deleteපංකාදු නිර්මාණයක්නේ..අගෙයි අගෙයි
ReplyDeleteස්තුතියි අය්යා
Deleteඅපි නම් මෙහෙට අළුතින්... සිතුවිල්ලකි පමණක් උනත් ඇත්තටම ලස්සනයි කවිය නම්
ReplyDeleteබොහොම ස්තුතියි......
Deleteසාදරයෙන් පිළිගන්නව පරසතු උයනට... මෙන්න පරසතු මලක් කොණ්ඩේ ගහගන්න
ටැන්කූ හොදේ...ඔන්න ගහගත්තා කන ගාවින්ම
Deleteආව් ලස්සන... නිළියක් වගේ .............
Deleteපසුව දැනුම් දීමයි.. දෙනවක හාමිනේද නිළියක් බව කරුණාවෙන් සලකන්න
හිතට ආපු කමෙන්ට් එක දාන්නෑ....
ReplyDeleteඅව්ලක් නෑ මූණු පොතට එවන්නකෝ
Deletesithuvillak pamani kiyala dapu eka gananam saki lassanata liayala thiyenawa
ReplyDeleteසැක හිතන්න එපා අනී....
Deleteකෝ අත දෙන්න.. චටාස් .. සත්තයි
අසම්මත පෙම... හ්ම්ම්ම්.... ඒකත් එක හැඟීමක් නේ...
ReplyDeleteසම්මත අසම්මත කියල රාමු හදාගෙන ඉන්නේ අපිමනේ... මටනම් ඕව එච්චර වැඩක් නෑ.. සතුට තියෙන්නේ කොතනද අපි ජීවිතේ සතුට හොයාගෙන එතනට යන්න ඔනෙ කියලයි මම හිතන්නේ
Deleteලස්සනයි මී සහෝ..
ReplyDeleteස්තුතියි හිරුවෝ
Deleteඅන්සතුවී නුඹ පිටගම් ගියදා
ReplyDeleteඉනූ කඳුළු නෙත තාම තියේ- :( :( :(
මටත් :( :(
Deleteඅන්තිමට කවි සිතුවිල්ලක් පමණය කියලා දාන්න එපා අනේ....අපි ලියන කවි සේරම අපේ අත්දැකීම් නෙමේ කියල හැමෝම දන්නව. ඒත් ඉතින් කොහෙ හරි කොනක අත්දැකීමක් හරි, හිතට දැනුණ පුංචි හැඟීමක් හරි ගෑවිලත් තියෙනව
ReplyDeleteලස්සන කවියක්.
සිදූ කියන එකෙත් ඇත්තක් තියෙනවා......
Deleteඒත් මෙහෙම නොදැම්මොත් නුන් ටික මගෙ ඔළුව කන්න හදනවා... මූණු පොතේ මැසෙජ් එවනවා.. එක විකාරයයි... ..
( පරණ මැසේජ් එවපු අය තරහ වෙයිද දන්නෙත් නෑ )
ස්තුතියි සිදූ කමෙන්ටුවට.. ඊලඟ එකේ ඉඳන් එකත් නොදා ඉන්නවා
අහස පොළව වට පිටාව හරිම හිස්තැනක්
ReplyDeleteසැඟවුණු අරුතක් සහිතයි කියල නිකමට වගේ හිතෙනවා. පද බැන්දුම නම් ලස්සනයි අයියා.
ReplyDeleteඑහෙම දෙයක් හන්ගලනම් නෑ මලේ.. පේන්න තියෙන සිද්දියම තමා... මලයට මොකක් හරි වෙන තේරුමක් තියෙනවනම් කියන්නකො.. සමහර වෙලාවට ලියපු කෙනාට නොපෙනෙන පැත්තක් කියවන කෙනාට දැනෙනවා
Deleteප. ලි යක් ලියලා ඔය සැනසෙන්න කාටද අඬගහන්නෙ කියලා ලිව්ව නම් තමා හොඳ... කොහොම උනත් දෙයක් ලියන්න නම් අපේ හැඟිම් එක දශමයක් හරි ඒ දෙයට සම්බන්ධ වෙන්න ඕනෙ කියනවනෙ... මේකටත් එහෙම ඇති.. පද ටික නම් සුන්දරයි
ReplyDeleteපොඩ්ඩක්වත් ඒකඟ නෑ..... ඒ කියන්නේ තදින් විරුද්ධයි..
Deleteහත් දෙවියනේ .. මම ස්ත්‍රී සිතකට සමවැදිල කවි ලියල තියෙනවනේ.. එතකොට මට ඒ අත්දැකීමුත් තියනවද..
එතකොට
* ජැක් මායා බෝංචි වැල දිගේ උඩට නැග්ගමයි
* රපුන්සල්ට යාරා ගානක් දිග රත්තරං පාට කොණ්ඩයක් තිබුනමයි
* කායිල්ගෙ ඇහේ නපුරු පිසාචයගේ කණ්නාඩි කෑල්ල වැටුනු හින්දා හිමකුමාරි එයාවා උත්තරත් ධ්රවයට අරං ගියාමයි
* වසීලිස්ස බාබායි ගා යකින්න ගාව වැඩ කලාමයි
පුංචි තර්කයක් විතරයි අමනාප වෙන්න එපා ලිහිණි....
කොන්ට්රඩික්ෂන්
ReplyDelete//පෑල දොරින් එන දස්කොන් වන්නට
පැතුමක් නොමැත ලයේ//
සහ
//පත්ඉරු මත තැනු නුඹගේ ලෝකය
අතහැර සැනසෙමු එකට ප්‍රියේ//
//පෑල දොරින් එන දස්කොන් වන්නට
Deleteපැතුමක් නොමැත ලයේ//
අනියම් සම්බන්ධයකට මම එකඟ නෑ
//පත්ඉරු මත තැනු නුඹගේ ලෝකය
අතහැර සැනසෙමු එකට ප්‍රියේ//
ඔයාගේ කසාදේ අතැරල දාල ( දික් කසාද වෙලා ) මං ගාවට එන්න
මෙහෙමයි මම අදහස් කලේ තේරෙනව හොරද..
ආ...දැන් නේ තේරුනේ...ඔව් අර දික්කසාද කතාව තේරුනා හොරයි පොඩ්ඩක්.
Deleteකවි පන්තියනම් සුපිරි මචො... අරතවත් ජය........
ReplyDeleteහපොයි හිතෙන දේවල් :P
ReplyDeleteඉදල හිටල ඔලුව එහෙ මෙහෙ වදිනව බං
Deleteමේවා කියවන්න මට ලැජ්ජයි ඕයි!!! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උඹ බබා
Deleteඅම්මෝ ලොකු ඈයෝන්ගේ එකක්..
ReplyDeleteමක්කා කියන්නද..? නොදැක්ක වගේ යමි
හොඳ පුතා
Deleteඅද හිරු ටීවී එකෙත් ගියා මේ ගැන ප්‍රෝග්‍රම් එකක්. අද උදේ ඉදන් ම ඇහුවේ මේ වගේ කතාමයි... :O :O O.o
ReplyDeleteශුවර් ද අයියා සිතුවිල්ලක් විතරමයි කියලා??? ;-)
සත්තයි.. කවි සිතුවිල්ලක්
Deleteකවියන පංකාදුයි.හැබැයි සිතුවිළ්ලක් විතරක් වෙන්න බෑ
ReplyDeleteඔව්නේ සිතුවිල්ලක් විතරක් නෙවෙයි දැන් බ්ලොග් පෝස්ට් එකකුත් වෙලානේ
Deleteලස්සන අදහසක් අයියේ..
ReplyDeleteස්තුතියි මලයෝ
Deleteඇත්තටම ලස්සනයි අයියේ.
ReplyDeleteස්තුතියි මදාරා
Deleteෂා..ලස්නයි .....
ReplyDeleteතෑන්ක්ස් දිනිති..
Deleteසුපිරි පබැඳුමක්...නියමයි.
ReplyDeleteතැන්කිව් ඈ
Deleteම්ම්.. නියමයි
ReplyDeleteතැන්කිව් මචං
Deleteලස්සනයි මචං...!!!
ReplyDeleteතැන්කිව් මචං
Delete"අන්සතු මලකට පෙම් කල වරදට ලොව මට එරෙහිවෙලා"මතක් උනා...
ReplyDeleteහ්ම්ම් එකම තේරුම තමයි නේ
Deleteඔබට කවි සිතුවිල්ලක්ම පමණක් වුනාට මේ යථාර්තයට මුහුණ දුන්නු කී දෙනෙක් නම් වෙන්වී ගිය ආදරවන්තයො ඇතිද... පද ගැලපුම අපූරුයි...
ReplyDeleteඅනිවා මචං ..
Deleteමගේ කවිසිතුවිල්ල එහෙම අහපු දැකපු සිද්දි නිසා පහල වූ එකක්ම තමා
කවි ටික නම් සිරා
ReplyDeleteගියේ අපිව එපා කියලා නම් ටික කාලයක් ගිහින් හරි හිත හදාගන්න එක තමා හොද.ගිය කෙනා ගිහින් සතුටින් ඉදියි,අපි පරණ දේවල් ගැන හිත හිත දුක්විදියි
හ්ම්ම් එකත් හොඳ විසඳුමක් තමා
Deleteඇඃ.. පලි ය දාපු එක හොඳයි හිතෙනවා වෙලාවකට...
ReplyDeleteප. ලි ය පලිහක් ලෙස භාවිතා කරමි
Delete"හද බැමි පොඩිකර දෙගුරුන් සනසා
ReplyDeleteඉරණම් ගමනකි නුබත් ගියේ"
මරු..මේ ටික තමයි හොඳටම වැදුනේ...
ස්තුතියි...
Deleteමමත් ඒ ටිකට වැඩිපුර කැමතියි
ආදරය විදවීම....................
ReplyDeleteලස්සන සිතුවිල්ලක් :)
ඒත් දුක හිතෙනවා :( :( :( :( :(
ස්තුතියි අමා
Delete"පත්ඉරු මත තැනු නුඹගේ ලෝකය
ReplyDeleteඅතහැර සැනසෙමු එකට ප්‍රියේ.."
හම්ම්ම්ම්.ආදරෙයි නම් වෙන මොනා කරන්නද නේද?
ඔන්න පරසතු උයනට මාත් පයතිබ්බ..
සාදරෙන් පිලිගන්නවා
Deleteඔයාටත් පහල වෙන්නේ මාර සිතුවිලි තමා. හරි ලස්සනයි. හිතට දැනෙන්න ලියල තියෙනවා. ජය වේවා යාලු....
ReplyDeleteස්තුතියි මධු
Deleteඇඬෙනවා....
ReplyDeleteඅඩන්න එපා ගින්දර නිවෙයි
Delete