Tuesday 18 September 2012

අසම්මතයට ආරාධනාවක්


සෙවනැළි අවදිව සිතුවිළි පාරන
සීතල නිහඬ රැයේ
පෑල දොරින් එන දස්කොන් වන්නට
පැතුමක් නොමැත ලයේ
 
යොවුන් වසන්තයෙ හිරිමල් හිත ලඟ
සුපිපුණු කුසුම ලයේ
අන්සතුවී නුඹ පිටගම් ගියදා
ඉනූ කඳුළු නෙත තාම තියේ

හද බැමි පොඩිකර දෙගුරුන් සනසා
ඉරණම් ගමනකි නුබත් ගියේ
දෛවය නුඹ හට කරනා සරදම්
තනි මගෙ හිතටත් දැනෙයි ප්‍රියේ

හිත ළඟ නවතුන කුළුඳුල් ප්‍රේමය
උණුසුම තාමත් තියෙයි ලයේ
පත්ඉරු මත තැනු නුඹගේ ලෝකය
අතහැර සැනසෙමු එකට ප්‍රියේ


"කවි සිතුවිල්ලක් පමණයි "

80 comments:

  1. ඉතිං ඕකට "කවි සිතුවිල්ලක් පමණයි" කියල දාන්න ඕනය. මොකො අපි හිතනවය මේක මේ මීගොඩයට වෙච්චි දෙයක්ය කියල. මලිතුයි, සංසලයි මතක් වුනා. දෙන්න දාල විෂුවල් එකක් කරමුද?

    ReplyDelete
    Replies
    1. සංසලා නෙවෙයි චංචලා....

      නෑ සිතුවිල්ලක් පමණයි කියල දැම්මේ නිකමට : දිව

      Delete
    2. ආං ... ඔව් නේ. සංසලා හිටියෙ බොඳ මීදුම් එකේ. :)

      Delete
  2. සැනසෙමු සැනසෙමු :ඩී

    ReplyDelete
    Replies
    1. ඊය... මෙයා නාක්වෙලා

      Delete
  3. මෙහෙම ආරධනා කලාම නම් අසම්මත වුනත් හොඳයි කියලා හිතෙනවා.. හිහි.. :)

    ReplyDelete
    Replies
    1. අසම්මතේට උනත් ක්‍රමයක් විදියක් පිළිවෙලක් තියෙන්න එපැයි :ඩී

      Delete
  4. සිතුවිල්ලක් පමණයි නම් ඉතින් මුනා කෙන්නද ?

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මුනා හලි කියන්න තිබ්බා

      Delete
  5. හොඳ වෙලාවට සිතුවිල්ලක් විතරක්ම උනේ..

    ReplyDelete
  6. හඳ පානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ.

    අඩෝ පට්ටම පට්ටයි මීයෝ . මචං හිතා ගන්න බෑ වෙන කොම්මෙන්ට් එකක්.හරි.... :D

    නුඹේ හිමි සඳ නුඹගේ සිත් අහසින්
    බැසලා සැගවුණු නිහඩ පැයේ.
    තව එකසැරයක් තුරුල් වෙලා මට
    හිස තියනවදෝ මගේ ලයේ.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් තැන්කිව් මානවකයෝ.........

      Delete
  7. පංකාදු නිර්මාණයක්නේ..අගෙයි අගෙයි

    ReplyDelete
  8. අපි නම් මෙහෙට අළුතින්... සිතුවිල්ලකි පමණක් උනත් ඇත්තටම ලස්සනයි කවිය නම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි......

      සාදරයෙන් පිළිගන්නව පරසතු උයනට... මෙන්න පරසතු මලක් කොණ්ඩේ ගහගන්න

      Delete
    2. ටැන්කූ හොදේ...ඔන්න ගහගත්තා කන ගාවින්ම

      Delete
    3. ආව් ලස්සන... නිළියක් වගේ .............

      පසුව දැනුම් දීමයි.. දෙනවක හාමිනේද නිළියක් බව කරුණාවෙන් සලකන්න

      Delete
  9. හිතට ආපු කමෙන්ට් එක දාන්නෑ....

    ReplyDelete
    Replies
    1. අව්ලක් නෑ මූණු පොතට එවන්නකෝ

      Delete
  10. sithuvillak pamani kiyala dapu eka gananam saki lassanata liayala thiyenawa

    ReplyDelete
    Replies
    1. සැක හිතන්න එපා අනී....

      කෝ අත දෙන්න.. චටාස් .. සත්තයි

      Delete
  11. අසම්මත පෙම... හ්ම්ම්ම්.... ඒකත් එක හැඟීමක් නේ...

    ReplyDelete
    Replies
    1. සම්මත අසම්මත කියල රාමු හදාගෙන ඉන්නේ අපිමනේ... මටනම් ඕව එච්චර වැඩක් නෑ.. සතුට තියෙන්නේ කොතනද අපි ජීවිතේ සතුට හොයාගෙන එතනට යන්න ඔනෙ කියලයි මම හිතන්නේ

      Delete
  12. ලස්සනයි මී සහෝ..

    ReplyDelete
  13. අන්සතුවී නුඹ පිටගම් ගියදා
    ඉනූ කඳුළු නෙත තාම තියේ- :( :( :(

    ReplyDelete
  14. අන්තිමට කවි සිතුවිල්ලක් පමණය කියලා දාන්න එපා අනේ....අපි ලියන කවි සේරම අපේ අත්දැකීම් නෙමේ කියල හැමෝම දන්නව. ඒත් ඉතින් කොහෙ හරි කොනක අත්දැකීමක් හරි, හිතට දැනුණ පුංචි හැඟීමක් හරි ගෑවිලත් තියෙනව
    ලස්සන කවියක්.

    ReplyDelete
    Replies
    1. සිදූ කියන එකෙත් ඇත්තක් තියෙනවා......

      ඒත් මෙහෙම නොදැම්මොත් නුන් ටික මගෙ ඔළුව කන්න හදනවා... මූණු පොතේ මැසෙජ් එවනවා.. එක විකාරයයි... ..

      ( පරණ මැසේජ් එවපු අය තරහ වෙයිද දන්නෙත් නෑ )

      ස්තුතියි සිදූ කමෙන්ටුවට.. ඊලඟ එකේ ඉඳන් එකත් නොදා ඉන්නවා

      Delete
  15. අහස පොළව වට පිටාව හරිම හිස්තැනක්

    ReplyDelete
  16. සැඟවුණු අරුතක් සහිතයි කියල නිකමට වගේ හිතෙනවා. පද බැන්දුම නම් ලස්සනයි අයියා.

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් හන්ගලනම් නෑ මලේ.. පේන්න තියෙන සිද්දියම තමා... මලයට මොකක් හරි වෙන තේරුමක් තියෙනවනම් කියන්නකො.. සමහර වෙලාවට ලියපු කෙනාට නොපෙනෙන පැත්තක් කියවන කෙනාට දැනෙනවා

      Delete
  17. ප. ලි යක් ලියලා ඔය සැනසෙන්න කාටද අඬගහන්නෙ කියලා ලිව්ව නම් තමා හොඳ... කොහොම උනත් දෙයක් ලියන්න නම් අපේ හැඟිම් එක දශමයක් හරි ඒ දෙයට සම්බන්ධ වෙන්න ඕනෙ කියනවනෙ... මේකටත් එහෙම ඇති.. පද ටික නම් සුන්දරයි

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක්වත් ඒකඟ නෑ..... ඒ කියන්නේ තදින් විරුද්ධයි..

      හත් දෙවියනේ .. මම ස්ත්‍රී සිතකට සමවැදිල කවි ලියල තියෙනවනේ.. එතකොට මට ඒ අත්දැකීමුත් තියනවද..

      එතකොට

      * ජැක් මායා බෝංචි වැල දිගේ උඩට නැග්ගමයි
      * රපුන්සල්ට යාරා ගානක් දිග රත්තරං පාට කොණ්ඩයක් තිබුනමයි
      * කායිල්ගෙ ඇහේ නපුරු පිසාචයගේ කණ්නාඩි කෑල්ල වැටුනු හින්දා හිමකුමාරි එයාවා උත්තරත් ධ්‍රවයට අරං ගියාමයි
      * වසීලිස්ස බාබායි ගා යකින්න ගාව වැඩ කලාමයි

      පුංචි තර්කයක් විතරයි අමනාප වෙන්න එපා ලිහිණි....

      Delete
  18. කොන්ට්‍රඩික්ෂන්

    //පෑල දොරින් එන දස්කොන් වන්නට
    පැතුමක් නොමැත ලයේ//

    සහ

    //පත්ඉරු මත තැනු නුඹගේ ලෝකය
    අතහැර සැනසෙමු එකට ප්‍රියේ//

    ReplyDelete
    Replies
    1. //පෑල දොරින් එන දස්කොන් වන්නට
      පැතුමක් නොමැත ලයේ//

      අනියම් සම්බන්ධයකට මම එකඟ නෑ

      //පත්ඉරු මත තැනු නුඹගේ ලෝකය
      අතහැර සැනසෙමු එකට ප්‍රියේ//

      ඔයාගේ කසාදේ අතැරල දාල ( දික් කසාද වෙලා ) මං ගාවට එන්න

      මෙහෙමයි මම අදහස් කලේ තේරෙනව හොරද..

      Delete
    2. ආ...දැන් නේ තේරුනේ...ඔව් අර දික්කසාද කතාව තේරුනා හොරයි පොඩ්ඩක්.

      Delete
  19. කවි පන්තියනම් සුපිරි මචො... අරතවත් ජය........

    ReplyDelete
  20. හපොයි හිතෙන දේවල් :P

    ReplyDelete
    Replies
    1. ඉදල හිටල ඔලුව එහෙ මෙහෙ වදිනව බං

      Delete
  21. මේවා කියවන්න මට ලැජ්ජයි ඕයි!!! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  22. අම්මෝ ලොකු ඈයෝන්ගේ එකක්..
    මක්කා කියන්නද..? නොදැක්ක වගේ යමි

    ReplyDelete
  23. අද හිරු ටීවී එකෙත් ගියා මේ ගැන ප්‍රෝග්‍රම් එකක්. අද උදේ ඉදන් ම ඇහුවේ මේ වගේ කතාමයි... :O :O O.o

    ශුවර් ද අයියා සිතුවිල්ලක් විතරමයි කියලා??? ;-)

    ReplyDelete
    Replies
    1. සත්තයි.. කවි සිතුවිල්ලක්

      Delete
  24. කවියන පංකාදුයි.හැබැයි සිතුවිළ්ලක් විතරක් වෙන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඔව්නේ සිතුවිල්ලක් විතරක් නෙවෙයි දැන් බ්ලොග් පෝස්ට් එකකුත් වෙලානේ

      Delete
  25. ලස්සන අදහසක් අයියේ..

    ReplyDelete
  26. ඇත්තටම ලස්සනයි අයියේ.

    ReplyDelete
  27. ෂා..ලස්නයි .....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් දිනිති..

      Delete
  28. සුපිරි පබැඳුමක්...නියමයි.

    ReplyDelete
  29. "අන්සතු මලකට පෙම් කල වරදට ලොව මට එරෙහිවෙලා"මතක් උනා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එකම තේරුම තමයි නේ

      Delete
  30. ඔබට කවි සිතුවිල්ලක්ම පමණක් වුනාට මේ යථාර්තයට මුහුණ දුන්නු කී දෙනෙක් නම් වෙන්වී ගිය ආදරවන්තයො ඇතිද... පද ගැලපුම අපූරුයි...

    ReplyDelete
    Replies
    1. අනිවා මචං ..

      මගේ කවිසිතුවිල්ල එහෙම අහපු දැකපු සිද්දි නිසා පහල වූ එකක්ම තමා

      Delete
  31. කවි ටික නම් සිරා
    ගියේ අපිව එපා කියලා නම් ටික කාලයක් ගිහින් හරි හිත හදාගන්න එක තමා හොද.ගිය කෙනා ගිහින් සතුටින් ඉදියි,අපි පරණ දේවල් ගැන හිත හිත දුක්විදියි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එකත් හොඳ විසඳුමක් තමා

      Delete
  32. ඇඃ.. පලි ය දාපු එක හොඳයි හිතෙනවා වෙලාවකට...

    ReplyDelete
    Replies
    1. ප. ලි ය පලිහක් ලෙස භාවිතා කරමි

      Delete
  33. "හද බැමි පොඩිකර දෙගුරුන් සනසා
    ඉරණම් ගමනකි නුබත් ගියේ"

    මරු..මේ ටික තමයි හොඳටම වැදුනේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...

      මමත් ඒ ටිකට වැඩිපුර කැමතියි

      Delete
  34. ආදරය විදවීම....................
    ලස්සන සිතුවිල්ලක් :)
    ඒත් දුක හිතෙනවා :( :( :( :( :(

    ReplyDelete
  35. "පත්ඉරු මත තැනු නුඹගේ ලෝකය
    අතහැර සැනසෙමු එකට ප්‍රියේ.."
    හම්ම්ම්ම්.ආදරෙයි නම් වෙන මොනා කරන්නද නේද?

    ඔන්න පරසතු උයනට මාත් පයතිබ්බ..

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා

      Delete
  36. ඔයාටත් පහල වෙන්නේ මාර සිතුවිලි තමා. හරි ලස්සනයි. හිතට දැනෙන්න ලියල තියෙනවා. ජය වේවා යාලු....

    ReplyDelete
  37. Replies
    1. අඩන්න එපා ගින්දර නිවෙයි

      Delete