Saturday 22 September 2012

බිරිඳකගේ පැතුමක්.......

 
තරු කැට දිළිසෙන රාත්‍රියක මම
බලාන උන්නා රැයක් පුරා
දෑස පියාගෙන ඔබව පතන්නට
තරු කැටයක් බිම වැටෙන තුරා

ඈතින් දිලිහෙන කණාමැදිරි එළි
ඉඳහිට මට ඔච්චමක් කලා
මගෙ දුක හඳුනන පුරහඳ විතරක්
තනියට උන්නා මදෙස බලා

සිළි සිළි නද දෙන බෝපත් යට හිඳ
දැහැනට සම වැද දෙනෙත් පියා
පැන්කල හතකින් බෝ මුළ තෙමුවා
හැරගිය ඔබ යලි එන්න කියා

69 comments:

  1. පැන්කල හතකින් බෝ මුළ තෙමුවා
    හැරගිය ඔබ යලි එන්න කියා


    මේ ටික මාරම මාර සංවේදියි බන්.හිතට දැනුනා.ලස්සන සින්දුවක් ....

    ReplyDelete
  2. නියමයි


    යි

    මේ මොකද ගැටවර හිතකින් බිරිදක් ගැන කියවන්නේ? ඇන්ටියෙක්වත් ටෝක් කලාද ඈ.. ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. ම්ම් ලස්සනයි යාලු. බිටිඳක් ඔහොම පතනවා නම් සැමියෙක් කොයි විදියට පතනවා ඇත්ද.....?
    ඔන්න මම එක හොඳේ. ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ඔන්න මම මේකනම් ඔහෙ නිකමට හිතිලා ලිව්වෙ .. කිසිම අගක් මුලක් ඇතුව නෙවෙයි .. ඉතින් වැඩි විස්තරයක් කියන්න දන්නේ නෑ

      Delete
  4. හලේ මල්ලල්ලෑ බං ඕවා.

    බිරිඳක් ! කවද කාපු ටකරන්ද?

    ReplyDelete
    Replies
    1. මමත් දන්නෙ නෑ බං.. ඔන්න ඔහෙ ලිව්වට්

      ආ උබ මූණ එළියට දාල නේ... මරු ඈ

      Delete
    2. ඔව් නේද..DDT මූනදාල..!

      Delete
  5. 'දෑස පියාගෙන ඔබව පතන්නට
    තරු කැටයක් බිම වැටෙන තුරා'

    මේ ටිකටයි මම ආසම..:)
    ලස්සනයි මී යාලු :)

    ReplyDelete
  6. පැන්කල හතකින් බෝ මුළ තෙමුවා
    හැරගිය ඔබ යලි එන්න කියා.......................!
    ...........................
    "මේ ටික මරු..." හ්ම්...වෙනස් අදහසක්...!ලස්සනයි..

    ReplyDelete
  7. ම්ම්ම්... තනිවූ බිරිඳකගේ නිහඬ පැතුමක්.. :)

    ReplyDelete
  8. බිරිය ගෙන් ගැටවර සිතට

    ඔබෙ දුක සැප දෙක සමව බෙදා
    වසරක් උන්නා මා හද කඳුළැලි පිරී ගියා
    මේ කල්පය තුළ ඔබ මා හද නොකියුව නියා
    නික්මී ආවෙමි කාටත් රහසින්
    මා හට හිමි පුදසුනම සොයා....

    ReplyDelete
    Replies
    1. කථාව වෙනස්ම පැත්තකට යොමුකරලා..

      ස්තුතියි අය්යා

      Delete
  9. //පැන්කල හතකින් බෝ මුළ තෙමුවා
    හැරගිය ඔබ යලි එන්න කියා//

    බූට් එකක්ද..? බං..!

    ReplyDelete
  10. හැර යන අය හට යන්නට හැකිනම්
    පිවිතුරු ආදර හැඟුම් තලා..
    හිත දරදඬු කර වෙනතක් බලපං
    කුමටද නැතුවුන මතක තියා...

    ReplyDelete
    Replies
    1. ගිය එකා ගියාවේ තමා.... එක පාරක් ගිය කෙනා අපහු ආවත් ආයේ යන්න තියෙන ඉඩ කඩ වැඩියි කියල තමයි මාත් හිතන්නේ

      Delete
  11. හැරගිය අය ගැන හිතලා වැඩක් නැහැ

    ReplyDelete
  12. ලස්සනයි ගොඩක්. කොහොමද හැමදාම මේ තරම් ලස්සන අදහස් එන්නෙ? මට නම් කවියක් ලියල මාස ගානක් ඉන්න ඕනා තව එකක් ලියවෙන්න

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තුතියි සිදූ...

      එහෙමට කියලා හිතන්නේ නෑ.. හැබැයි මුළ පද දෙක ලිය උනොත් හරියට ඒක දිගට ලියාගෙන යන්න පුළුවන් ගතියක් මට තියනවා...සමහර කාලවලට මටත් තියනවා ඔය මොකුත් ලියාගන්න බැරි ගතිය.. (Writing block )

      ඊයේ නින්ද යන්නේ නැතුව ඇඳේ පෙරලි පෙරලි ඉන්නකොට මොකක් හරි සිද්දියකදි මතක් උනා කඩා වැටේන තරුවක් දිහා බලාගෙන ප්‍රර්ථනාවක් කලාහම ඉෂ්ථ වෙනව කියන කියමන ( මිත්‍යාවක් වෙන්න ඇති ) ඒකේ රොමැන්ටික් ගතියක් තිබ්බ හින්දා මම මුල පද දෙක නෝට් කරලා උදේ රොමැන්ටික් කවියක් ලියන්න ගියේ .. ඒත් ලිඋනේ විරහ කවියක්

      Delete
  13. හරිම ලස්සනට පද ටික ගැට ගහලා තියෙනවා...

    ReplyDelete
  14. ලව් සීන් ලව් සීන් එව්රිවෙයාර්....

    ReplyDelete
    Replies
    1. එහම තමයි.....ආදර බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ

      Delete
  15. හ්ම්... කියන්නේ සුපිරියි කියලා..නියමයි.

    ReplyDelete
  16. බිරිඳකගේ පැතුමක්, ගැටවර හිතකින්?
    ඒ කියන්නෙ මෙහෙම හිතෙනවා කියලා හිතපු ගැටවරයා උඹද?
    මුල හරියෙදි මම අතරමං වුනා ඔබව පතනට කියනකොට මේ තවම ආදරයේ ආරම්භය කියලා.
    හැරගිය ඔබ යලි එන්න කියා කියන කොටනෙ හරියට තේරුනේ.
    මම නම් එයාට කියන්නෙ
    "යන එවුන්ට යන්න දෙන්න" කියලයි.
    මරු කවිය මීයා.

    දැන් මෙන්න වෙළඳ දැන්වීමක්: :)
    මෙන්න මගේ අලුත්ම බ්ලොගර් සිංහල බ්ලොග් එක. මේක ඇත්තටම මේ වර්ඩ්ප්‍රෙස් ‘මට හිතෙන හැටි’ සයිට් එකේ බැක් අප් එකක්. නම මගේ ඩෙනිම My Blue Jeans
    බර වැඩි නැතිනම් ඔයාලගෙ බ්ලොග් රෝල් වල එල්ලගෙන දෙන්නකො මගේ ඩෙනිමටත් පොඩි බැක් අප් එකක්.
    හැමදාම මට තියෙන චෝදනාවක්නෙ, ‘උඹේ වදන් තදයට (WordPress-Thanks Ravi)එන්නත් අමාරුයි, කමෙන්ට් දාන්නත් අමාරුයි,’ කියලා. ඔන්න තියෙනවා බඩු!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. යැස් මම තමයි ගැටවරයා
      උබ කිව්ව එක හරි ඒ තැන් දෙකේ පොඩි නොගැලපීමක් තියෙනවා...

      ස්තුතියි මචං

      ඔන්න අලුත් එක පැත්තෙ ආවා

      Delete
  17. එළකිරි මචන්, කවිය බොක්කටම වැදුනා..... උබ නම් සැබෑම වැඩ්ඩෙක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං... කොමෙන්ට් එකත් බොක්කටම වැදුනා

      Delete
  18. Replies
    1. තැන්කිව්... මොකද ලොකු අය්යා සද්ද නැත්තෙ මේ ටිකෙ...

      Delete
  19. හයියෝ... :(

    බෝධිය නෑව්වට එයිද ඉතින්?

    ReplyDelete
    Replies
    1. අනේ මන් දන්නෑ අෆ්ෆා... මම ඔන්න ඔහේ ලියල දැම්ම.. අගක් මුලක් ඇතුව ලියන එව්ව නෙවෙයිනේ මේ

      Delete
  20. ගීතමය ආකෘතියකට ලියපු ගතියක් දැනෙන්නේ!එකෙන් කවියට ප්‍රාණයක් එනවා!
    ලස්සන පද පෙළක්!

    ReplyDelete
  21. හැරගිය කෙනා එන්න කියලා ප්‍රාර්ථනාවක් කරලා.. ඒත් එයා ඒවිද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මලේ..... හිතට ආව පද ටිකක් ඔහේ ලියාගෙන ගියා

      Delete
  22. ගුරුකමක්වත් කරගත්තොත් මොකෝ හැරගිය අය ගෙන්නන තැනකින්?

    ReplyDelete
    Replies
    1. ලහිරු දන්න කියන ගුරෙක් ඉන්නවද?... සඳරුගෙන් ඇහුවනම් කියයි හැබැයි...අර නිධන් හාරපු ගුරා ගැනවත්

      Delete
  23. ම්ම්ම් ලස්සනයි..... සිංදුවකටත් හොදයි වගේ

    ReplyDelete
    Replies
    1. තැන්කිව් කව්‍ය... ඔයාට බරිද තාලෙට කියන්න මේක

      Delete
  24. හෑ... මෙව්වා වෙලා මේම වෙලා ගියා ඈ.. ලෙසටම :D

    ReplyDelete
  25. සිරාවටම ඕනේ කෙනෙක්ගේ හිතට දැනෙන කවියක් මචන්, ගලාගෙන යන ලස්සනක් තියනවා.

    ReplyDelete
  26. ඕන් මං දෙසැරයක් කියෙව්වා.මාතෘකාව තේරුනේ පස්සේනේ...
    පැන්කල හතකින් බෝ මුළ තෙමුවා
    හැරගිය ඔබ යලි එන්න කියා.. මේ ටික නම් ෂෝයි...

    ReplyDelete
  27. පැන්කල හතකින් බෝ මුළ තෙමුවා
    හැරගිය ඔබ යලි එන්න කියා

    මේ කොටස හරිම සංවේදියි කියලා හිතුනා.... වෙනද වගේම අපූරු ගෙතුමක්.... ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා.. හැමෝටම වගේ ඒ ටික තමා දැනිලා තියෙන්නේ

      Delete
  28. ආදරේ පතාගෙන ඔබ සොයා ආවාම
    ජීවිතේ මං පෙතේ ඔබව මා දුටුවාම
    කැන්දාගෙන ගෙනාවේ විඳින්නට ජීවිතය
    ඒත් උඹ..
    ජීවිතේ කිසි දිනක
    නොවුණු ලෙස වෙනස් වී
    මා කෙරේ නීති කිපී පරුස බස් කියන්නී
    ජීවිතේ මේ ලෙසද මා නිතර සිතන්නේ
    ඒ නිසයි නුඹ අතැර දා මෙලෙස පිටවුනේ

    ReplyDelete
    Replies
    1. තවත් මානයකට යොමුකරලා... ස්තුතියි අය්යා

      Delete
  29. මෙකට නම් මට කියන්න වචන නැ බං.. පට්ටම පට්ට

    ReplyDelete
    Replies
    1. එල එල.. ඇවිත් කියවන එකම ලොකු දෙයක් බං

      Delete
  30. අදමයි මේ පැත්තට ආවේ ලස්සනම ලස්සනයි ඔබට ජය !!

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිළිගන්නවා

      Delete
  31. හුදෙකලාව සහ පැතුම.....................

    හරිම ලස්සනයි යාලුවා..................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිත්තරී....

      Delete
  32. ඉන්නව නම් මෙහෙම අය මුළු ලොවක් පුරා
    ලස්සන වේවි මිනිසුන් තුටු සිතක් අරා
    පැතුවත් මෙහෙම පැතුමක් පින් සිතක් දරා
    ඇත්තට මෙහෙම වෙයිදෝ සැක සිතක් මරා

    ReplyDelete

  33. සිළි සිළි නද දෙන බෝපත් යට හිඳ
    දැහැනට සම වැද දෙනෙත් පියා
    පැන්කල හතකින් බෝ මුළ තෙමුවා
    හැරගිය ඔබ යලි එන්න කියා

    මේ ටික නම් එල :)

    ReplyDelete
  34. නියමයි මචෝ..පිටු ගණනාවක් පේලි දොළහක් අස්සේ හංගලා..සුපිරි!!

    ReplyDelete
  35. ඇත්තටම මෙහෙම හිතයිද ...

    ReplyDelete