බිරිඳකගේ පැතුමක්.......
තරු කැට දිළිසෙන රාත්‍රියක මම
බලාන උන්නා රැයක් පුරා
දෑස පියාගෙන ඔබව පතන්නට
තරු කැටයක් බිම වැටෙන තුරා
ඈතින් දිලිහෙන කණාමැදිරි එළි
ඉඳහිට මට ඔච්චමක් කලා
මගෙ දුක හඳුනන පුරහඳ විතරක්
තනියට උන්නා මදෙස බලා
සිළි සිළි නද දෙන බෝපත් යට හිඳ
දැහැනට සම වැද දෙනෙත් පියා
පැන්කල හතකින් බෝ මුළ තෙමුවා
හැරගිය ඔබ යලි එන්න කියා
පැන්කල හතකින් බෝ මුළ තෙමුවා
ReplyDeleteහැරගිය ඔබ යලි එන්න කියා
මේ ටික මාරම මාර සංවේදියි බන්.හිතට දැනුනා.ලස්සන සින්දුවක් ....
ස්තුතියි මචං
Deleteනියමයි
ReplyDeleteය
ම
යි
මේ මොකද ගැටවර හිතකින් බිරිදක් ගැන කියවන්නේ? ඇන්ටියෙක්වත් ටෝක් කලාද ඈ.. ;)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නොදකින් වනචරයා
Delete++++++++++
Deleteම්ම් ලස්සනයි යාලු. බිටිඳක් ඔහොම පතනවා නම් සැමියෙක් කොයි විදියට පතනවා ඇත්ද.....?
ReplyDeleteඔන්න මම එක හොඳේ. ජය වේවා....
ඔන්න මම මේකනම් ඔහෙ නිකමට හිතිලා ලිව්වෙ .. කිසිම අගක් මුලක් ඇතුව නෙවෙයි .. ඉතින් වැඩි විස්තරයක් කියන්න දන්නේ නෑ
Deleteහලේ මල්ලල්ලෑ බං ඕවා.
ReplyDeleteබිරිඳක් ! කවද කාපු ටකරන්ද?
මමත් දන්නෙ නෑ බං.. ඔන්න ඔහෙ ලිව්වට්
Deleteආ උබ මූණ එළියට දාල නේ... මරු ඈ
ඔව් නේද..DDT මූනදාල..!
Delete'දෑස පියාගෙන ඔබව පතන්නට
ReplyDeleteතරු කැටයක් බිම වැටෙන තුරා'
මේ ටිකටයි මම ආසම..:)
ලස්සනයි මී යාලු :)
ස්තුතියි හිරූ
Deleteපැන්කල හතකින් බෝ මුළ තෙමුවා
ReplyDeleteහැරගිය ඔබ යලි එන්න කියා.......................!
...........................
"මේ ටික මරු..." හ්ම්...වෙනස් අදහසක්...!ලස්සනයි..
ස්තුතියි රෙහානි
Deleteම්ම්ම්... තනිවූ බිරිඳකගේ නිහඬ පැතුමක්.. :)
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්
Deleteබිරිය ගෙන් ගැටවර සිතට
ReplyDeleteඔබෙ දුක සැප දෙක සමව බෙදා
වසරක් උන්නා මා හද කඳුළැලි පිරී ගියා
මේ කල්පය තුළ ඔබ මා හද නොකියුව නියා
නික්මී ආවෙමි කාටත් රහසින්
මා හට හිමි පුදසුනම සොයා....
කථාව වෙනස්ම පැත්තකට යොමුකරලා..
Deleteස්තුතියි අය්යා
//පැන්කල හතකින් බෝ මුළ තෙමුවා
ReplyDeleteහැරගිය ඔබ යලි එන්න කියා//
බූට් එකක්ද..? බං..!
ඒ වගේ එකක් තමා
Deleteහැර යන අය හට යන්නට හැකිනම්
ReplyDeleteපිවිතුරු ආදර හැඟුම් තලා..
හිත දරදඬු කර වෙනතක් බලපං
කුමටද නැතුවුන මතක තියා...
ගිය එකා ගියාවේ තමා.... එක පාරක් ගිය කෙනා අපහු ආවත් ආයේ යන්න තියෙන ඉඩ කඩ වැඩියි කියල තමයි මාත් හිතන්නේ
Deleteහැරගිය අය ගැන හිතලා වැඩක් නැහැ
ReplyDeleteයෑස් යෑස්
Deleteලස්සනයි ගොඩක්. කොහොමද හැමදාම මේ තරම් ලස්සන අදහස් එන්නෙ? මට නම් කවියක් ලියල මාස ගානක් ඉන්න ඕනා තව එකක් ලියවෙන්න
ReplyDeleteහුඟාක් ස්තුතියි සිදූ...
Deleteඑහෙමට කියලා හිතන්නේ නෑ.. හැබැයි මුළ පද දෙක ලිය උනොත් හරියට ඒක දිගට ලියාගෙන යන්න පුළුවන් ගතියක් මට තියනවා...සමහර කාලවලට මටත් තියනවා ඔය මොකුත් ලියාගන්න බැරි ගතිය.. (Writing block )
ඊයේ නින්ද යන්නේ නැතුව ඇඳේ පෙරලි පෙරලි ඉන්නකොට මොකක් හරි සිද්දියකදි මතක් උනා කඩා වැටේන තරුවක් දිහා බලාගෙන ප්‍රර්ථනාවක් කලාහම ඉෂ්ථ වෙනව කියන කියමන ( මිත්‍යාවක් වෙන්න ඇති ) ඒකේ රොමැන්ටික් ගතියක් තිබ්බ හින්දා මම මුල පද දෙක නෝට් කරලා උදේ රොමැන්ටික් කවියක් ලියන්න ගියේ .. ඒත් ලිඋනේ විරහ කවියක්
හරිම ලස්සනට පද ටික ගැට ගහලා තියෙනවා...
ReplyDeleteස්තුතියි ලිහිණි
Deleteලව් සීන් ලව් සීන් එව්රිවෙයාර්....
ReplyDeleteඑහම තමයි.....ආදර බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ
Deleteහ්ම්... කියන්නේ සුපිරියි කියලා..නියමයි.
ReplyDeleteස්තුතියි මචං
Deleteබිරිඳකගේ පැතුමක්, ගැටවර හිතකින්?
ReplyDeleteඒ කියන්නෙ මෙහෙම හිතෙනවා කියලා හිතපු ගැටවරයා උඹද?
මුල හරියෙදි මම අතරමං වුනා ඔබව පතනට කියනකොට මේ තවම ආදරයේ ආරම්භය කියලා.
හැරගිය ඔබ යලි එන්න කියා කියන කොටනෙ හරියට තේරුනේ.
මම නම් එයාට කියන්නෙ
"යන එවුන්ට යන්න දෙන්න" කියලයි.
මරු කවිය මීයා.
දැන් මෙන්න වෙළඳ දැන්වීමක්: :)
මෙන්න මගේ අලුත්ම බ්ලොගර් සිංහල බ්ලොග් එක. මේක ඇත්තටම මේ වර්ඩ්ප්‍රෙස් ‘මට හිතෙන හැටි’ සයිට් එකේ බැක් අප් එකක්. නම මගේ ඩෙනිම My Blue Jeans
බර වැඩි නැතිනම් ඔයාලගෙ බ්ලොග් රෝල් වල එල්ලගෙන දෙන්නකො මගේ ඩෙනිමටත් පොඩි බැක් අප් එකක්.
හැමදාම මට තියෙන චෝදනාවක්නෙ, ‘උඹේ වදන් තදයට (WordPress-Thanks Ravi)එන්නත් අමාරුයි, කමෙන්ට් දාන්නත් අමාරුයි,’ කියලා. ඔන්න තියෙනවා බඩු!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
යැස් මම තමයි ගැටවරයා
Deleteඋබ කිව්ව එක හරි ඒ තැන් දෙකේ පොඩි නොගැලපීමක් තියෙනවා...
ස්තුතියි මචං
ඔන්න අලුත් එක පැත්තෙ ආවා
එළකිරි මචන්, කවිය බොක්කටම වැදුනා..... උබ නම් සැබෑම වැඩ්ඩෙක්.
ReplyDeleteස්තුතියි මචං... කොමෙන්ට් එකත් බොක්කටම වැදුනා
Deletesuperb malla....
ReplyDeleteතැන්කිව්... මොකද ලොකු අය්යා සද්ද නැත්තෙ මේ ටිකෙ...
Deleteහයියෝ... :(
ReplyDeleteබෝධිය නෑව්වට එයිද ඉතින්?
අනේ මන් දන්නෑ අෆ්ෆා... මම ඔන්න ඔහේ ලියල දැම්ම.. අගක් මුලක් ඇතුව ලියන එව්ව නෙවෙයිනේ මේ
Deleteගීතමය ආකෘතියකට ලියපු ගතියක් දැනෙන්නේ!එකෙන් කවියට ප්‍රාණයක් එනවා!
ReplyDeleteලස්සන පද පෙළක්!
ස්තුතියි නුවන්
Deleteහැරගිය කෙනා එන්න කියලා ප්‍රාර්ථනාවක් කරලා.. ඒත් එයා ඒවිද?
ReplyDeleteඅනේ මන්දා මලේ..... හිතට ආව පද ටිකක් ඔහේ ලියාගෙන ගියා
Deleteගුරුකමක්වත් කරගත්තොත් මොකෝ හැරගිය අය ගෙන්නන තැනකින්?
ReplyDeleteලහිරු දන්න කියන ගුරෙක් ඉන්නවද?... සඳරුගෙන් ඇහුවනම් කියයි හැබැයි...අර නිධන් හාරපු ගුරා ගැනවත්
Deleteම්ම්ම් ලස්සනයි..... සිංදුවකටත් හොදයි වගේ
ReplyDeleteතැන්කිව් කව්ය... ඔයාට බරිද තාලෙට කියන්න මේක
Deleteහෑ... මෙව්වා වෙලා මේම වෙලා ගියා ඈ.. ලෙසටම :D
ReplyDeleteඑල ඈ
Deleteසිරාවටම ඕනේ කෙනෙක්ගේ හිතට දැනෙන කවියක් මචන්, ගලාගෙන යන ලස්සනක් තියනවා.
ReplyDeleteස්තුතියි සිතුම්
Deleteඕන් මං දෙසැරයක් කියෙව්වා.මාතෘකාව තේරුනේ පස්සේනේ...
ReplyDeleteපැන්කල හතකින් බෝ මුළ තෙමුවා
හැරගිය ඔබ යලි එන්න කියා.. මේ ටික නම් ෂෝයි...
ස්තුතියි ෂම්මි
Deleteපැන්කල හතකින් බෝ මුළ තෙමුවා
ReplyDeleteහැරගිය ඔබ යලි එන්න කියා
මේ කොටස හරිම සංවේදියි කියලා හිතුනා.... වෙනද වගේම අපූරු ගෙතුමක්.... ජය !
ස්තුතියි සිරා.. හැමෝටම වගේ ඒ ටික තමා දැනිලා තියෙන්නේ
Deleteආදරේ පතාගෙන ඔබ සොයා ආවාම
ReplyDeleteජීවිතේ මං පෙතේ ඔබව මා දුටුවාම
කැන්දාගෙන ගෙනාවේ විඳින්නට ජීවිතය
ඒත් උඹ..
ජීවිතේ කිසි දිනක
නොවුණු ලෙස වෙනස් වී
මා කෙරේ නීති කිපී පරුස බස් කියන්නී
ජීවිතේ මේ ලෙසද මා නිතර සිතන්නේ
ඒ නිසයි නුඹ අතැර දා මෙලෙස පිටවුනේ
තවත් මානයකට යොමුකරලා... ස්තුතියි අය්යා
Deleteමෙකට නම් මට කියන්න වචන නැ බං.. පට්ටම පට්ට
ReplyDeleteඑල එල.. ඇවිත් කියවන එකම ලොකු දෙයක් බං
Deleteඅදමයි මේ පැත්තට ආවේ ලස්සනම ලස්සනයි ඔබට ජය !!
ReplyDeleteසාදරෙන් පිළිගන්නවා
Deleteහුදෙකලාව සහ පැතුම.....................
ReplyDeleteහරිම ලස්සනයි යාලුවා..................
ස්තුතියි සිත්තරී....
Deleteඉන්නව නම් මෙහෙම අය මුළු ලොවක් පුරා
ReplyDeleteලස්සන වේවි මිනිසුන් තුටු සිතක් අරා
පැතුවත් මෙහෙම පැතුමක් පින් සිතක් දරා
ඇත්තට මෙහෙම වෙයිදෝ සැක සිතක් මරා
ReplyDeleteසිළි සිළි නද දෙන බෝපත් යට හිඳ
දැහැනට සම වැද දෙනෙත් පියා
පැන්කල හතකින් බෝ මුළ තෙමුවා
හැරගිය ඔබ යලි එන්න කියා
මේ ටික නම් එල :)
නියමයි මචෝ..පිටු ගණනාවක් පේලි දොළහක් අස්සේ හංගලා..සුපිරි!!
ReplyDeleteඇත්තටම මෙහෙම හිතයිද ...
ReplyDeleteලස්සනයි...
ReplyDelete