Monday 22 October 2012

සිතුවම

දේදුන්නෙ පාට හත
සීරුවට අතින් ගෙන
හෙමි හෙමින්
සිතුවමට පාට දෙන

දෙනෙත් අඩවන් කොට
දෙතොල උල්කොට පිටකරන
සිගරට් දුම් වළලු ගෙන
වළාකුළු අඳින

තරුවලට හොරෙන්
නෙලාගත් මල් කිහිපයක්
සිත්තමේ පහතින්ම තබා
මස්කට් සමග ප්ලේන්ටි තොලගාන

අයිස්කැට පිරවූ
රතු පාට විස්කි වීදුරුවට
සෝඩා එකතුකර
පැන නගින පෙණ වලින්
මල්පෙති මත පිණිකැට තබන

සැහැල්ලුවෙන් ඇඳි සරල සිතුවම
ලෝකයට බලිකුරුට්ටක් සේ පෙනෙන
එහෙත් මම අසීමිතව විඳින
මගේ සරල සිතුවම

රජයේ මත්පැන් හා දුම්කොළ නීති රෙගුලාසි වලට ගරු කරමින් 21+ ලේබලය ඇලවූ බව කරුණාවෙන් සලකන්න

ඊයේ දාපු පෝස්ට් එකේ මොකද්දෝ අවුලක් උනා.. හරියට පෝස්ට් උනේ නෑ... ඒක බලන්න බැරිවුනු අය මෙතනින් ගිහින් බලල එන්න

70 comments:

  1. තණමල්විල පැත්තේගිය කාලයක් මතක නැ මලේ....දැං අපි ඔවට නැනේ...
    නිර්මාණය ලස්සනයි

    ReplyDelete
  2. ෂැහ් .... මොකද්ද බං මී ගොඩයො මේ, 21+ කිව්වම මම මේ දුවගෙන ආව තකහනියක්ම. හෙළා දකිනව !, හරිය.

    අනික උඹ මෙතන ලේබල් ගහල හරියන්නෑ, අර කවි ටික උඩින් දාපන් කොටු කොටු.

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් කොටු දාන්න ඔනේ නෑ,... උබගෙ සිංහල ෆොන්ට් අයින් කරල බලපන් කොටු කොටු පෙනෙයි

      Delete
  3. Replies
    1. කියවලම මෙයාට වැදිලද මන්දා.. දෙක දෙක කොමෙන්ට් දාන්නේ

      Delete
  4. හ්ම්ම්...හ්ම්ප්ස්.......

    ReplyDelete
    Replies
    1. මොකෝ බන්.. අරක්කු ශ්හොට් එකක් පිට උගුරේ ගියාවත්ද

      Delete
  5. ///මගේ සරල සිතුවම////

    සරලයි නේ.... ඔන්න ගිහින් බලාගනිල්ලා චණ්ඩි ටික....

    ජීවන බැලුමකට ගින්දර දෙන්න එපා

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි කාන්තා ප්‍රහාරයක් එල්ලවෙලා.. හි හි

      අනේ හිරුවෝ.. ඉඳල හිටල ඔය අරක්කු සූට්තක් බීවට අපි ඔය නාක වැඩ කොරන්නෙ නෑ..

      අපි හොඳා....යි

      Delete
  6. ඇයි බං මෙහෙම කරන්නේ අපිට :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කොහොම කරන්නේද බං ... ඈ හරි හරි උබත් වරෙන් චියර්ස්

      Delete
  7. 21+ උනත් නියමයි. සරල අදහසක්. :)

    ReplyDelete
  8. මගෙ ඔලුවට මෙන්නමේවගෙ අදහස් ආව මීගොඩයා.
    අහසින් පොලවට
    ‍රැඩිකල් කව්මුතු
    දෙලොවක් අතර
    නිරුවත් යථාර්තය.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. පට්ට අයිඩියාස් නේ ඩුඩ් අය්යට එන්නේ

      Delete
  9. මාව කැරකෙනවා වගේ ඒ උනාට තව ෂොට් එකක් දා ගමු... චියර්ස්..

    ReplyDelete
    Replies
    1. සිරා මම දැන් බ්ලොග් කීපෙක දැක්කා, උඹ බොන කමෙන්ට් මයි දාලා තියෙන්නෙ. :D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    2. ඒ ඉතිං බොනවට වඩා ආතල් එකට... ඒ කිව්වෙ මම ඉතාමත් කලාතුරකින් බොන එකෙක්...

      Delete
    3. අනිවා අනිවා .. සිරෝ.. බොන එක ඉඳල හිටල තමා කරන්න ඔනේ

      Delete
  10. මම නම් මෙහි ආවේ නැත :)

    ReplyDelete
    Replies
    1. පොඩි උන්ට එන්න එපා කියල කිව්වනේ මුලදීම

      Delete
  11. එළ! හැබැයි වැඩිය ඕන නැ.

    ReplyDelete
  12. හි හි... අපිවත් වෙරි වෙයිද දන්නෙ නෑ මේ කවි කියවලා.

    ReplyDelete
    Replies
    1. අනේ අනේ .. දුවන්නයි කිව්වේ මෙතනින් ...

      Delete
  13. Replies
    1. චයිනීස් පාරකුත් දෙන්නද

      Delete
  14. සුට්ටක් ගත්තට
    අපි නොවෙමු බේබද්දෝ..
    යාන්තං සුට්ටක්
    මත්වෙලා අපි
    බඹරු සේ
    හීනියට
    පියාඹමු
    ගීතයක් ගයාගන
    නැටුමකුත් නටාගෙන
    ගතේ සහ සිතේ
    වේදනා යටපත් කොට...

    ReplyDelete
    Replies
    1. අන්න හරි.. එහෙමයි වෙන්න ඔනේ

      Delete
  15. උරමින් යනකොට
    දැනෙන සුව
    දැනෙයි තව්තිසා ළඟ
    ඉන්න ලෙස

    ReplyDelete
    Replies
    1. උබල ඔහොම කියද්දි ඔය වැඩේ කොරන්නමයි හිතෙන්නේ.. ඔන්න ඔහෙ අල්ලල දානවා

      Delete
  16. මම මේ කල්පනා කරේ මත්පැන් වලට අවසර දෙන්න කලින් අනිත් එව්වට 18 දී අවසර ලැබෙන්නේ මොකද කියලා? මොකද හැබෑට ??

    ReplyDelete
    Replies
    1. හොඳ දේවල් වලට ටිකක් කල් යනවා.. ඒකයි

      Delete
  17. Replies
    1. මටත් තේරුමක් නෑ බං

      Delete
  18. මන් කියෙවුවෙ නැහැ. මමනේ මේ බ්ලොග් සමාජේ ඉන්න බාලම එකා.

    ReplyDelete
    Replies
    1. හොඳ ලමයා.. බබා ලන්තෙට යවන්න ඔනේ

      Delete
  19. hiks... niyameta topic eka dhala

    ReplyDelete
    Replies
    1. සූටි කපටි වැඩක්ද මන්දා

      Delete
  20. මම 21ට අඩු නිසා යාන්තන් ඇඟිලි අස්සෙන් බැළුවේ !!

    ReplyDelete
    Replies
    1. හැදෙන ළමයි,, අන්න එහෙමයි ඉන්න ඔනේ

      Delete
  21. මට මේ ඊයේ පෙරේද 23 ට ලැබුවා නිසා මට බලන්න පුළුවන් මමත් දැන් වැඩිහිටියෙක්. හිකිස්ස්ස්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.. උබ කරල තියන වැද එක්ක බැලුවහම 23 ක් නෙවෙයි 63ක් විතර ඇති කියල හිතෙනවා

      Delete
  22. පාවෙනවා වාගේ දැනෙනවා අල්ලාගනින් මාව දැන් බැඳලා.

    බලි කුරුටු චිත්‍ර තමයි මචෝ සම්භාව්‍ය ගණයට අයිති වෙන්නේ, හෙහ් හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඇයිබන් හැම්දාම කරෙ දාන ලනුව අද නැද්ද

      Delete
  23. 21+ වැඩි නිසා පරක්කු උනත් දැක්ක ගමන් දුවන් ආවා..

    ReplyDelete
    Replies
    1. හේ හේ.. මෙන්න නියම රස වින්දනයක් තියෙන කොල්ලො

      Delete
  24. Me veri hidunata passe mee godayatath eka baliyak vage penevida danne naa ;)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... මම ඔව්වට එච්චර ලොල් නෑ බං

      Delete
  25. 'සැහැල්ලුවෙන් ඇඳි සරල සිතුවම
    ලෝකයට බලිකුරුට්ටක් සේ පෙනෙන
    එහෙත් මම අසීමිතව විඳින
    මගේ සරල සිතුවම'

    මේ ටිකටයි මම කැමතිම,, :) මාර ගති :)

    ReplyDelete
  26. සිගරට් නම් සෞඛ්‍යට හොඳ නැහැ.බියරුත් එහෙමයි,අරක්කු නම් අවුලක් නැහැ

    ReplyDelete
  27. සංකීර්ණ සිතුවිලි
    ලස්සනට දියකර
    මත්වතුරෙ පාකර
    බලන් හිඳිනා
    නිමේෂය රමණීය

    ReplyDelete
    Replies
    1. රමණීය නිමේෂය,,..... මරු ඈ

      Delete
  28. තෙලක් දාලා - දුමක් දාලා කිච වෙලා කරන වැඩනෙ....!

    කවිය නම් නිර්මාණශීලියි.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් සුමිත් අය්යා

      Delete
  29. Replies
    1. තැන්කිව් තැන්කිව් චමියා

      Delete
  30. හිතා ගන්නත් බැහැ....ජයවේවා කිවුව ඇහ්...

    ReplyDelete
    Replies
    1. නිර්මාණයක් පමණයි දිනිතියෝ ... තැන්කිව් ඈ

      Delete
  31. දුම් බිම ලිංගික අප්‍රානිකත්වය ඇති කරයි කියලා දැනුත් ටි වී එකේ ගියා. අපි නම් දන්නේ නෑ ඔව්වා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම් ඔව්ව හොඳ වැඩ නෙවෙයි

      Delete
  32. මං මේ කට්ටිය ගියාට පස්සේ හොරෙන් වගේ ආවේ ඈ. :)
    කවිය එලස්!!!

    ReplyDelete
  33. ලස්සන නිර්මාණයක්...හැබැයි මතට තිත තිබ්බනම් තමා හොද......

    "සැහැල්ලුවෙන් ඇඳි සරල සිතුවම
    ලෝකයට බලිකුරුට්ටක් සේ පෙනෙන
    එහෙත් මම අසීමිතව විඳින
    මගේ සරල සිතුවම"

    මං ආසම මේ ටිකට... :)

    ReplyDelete
  34. අපරාදේ මොනිටරේ වහන්න ගෙනාපු රෙද්ද.... :( බැලුවෙත් හොරාට ..එල එල

    ReplyDelete