සම්මතයට වඩා සොඳුරු වූ අසම්මතය
අදත් ඔන්න ඉතින් අප්සට් කවියක් ලියවුනා.. අප්සට් උනත් ඔන්න ඔහේ පබ්ලිෂ් කරලා දාන්න හිතුනා... මට කලින් මෙව්ව ගැන බ්ලොග් දැවැන්තයොත් ලියල තිබ්බනෙව මේතියෙන්නේ රාජ් ලියපු එකක්...මේන්න ලඟදි බ්ලොක් අතරට ආපු පොඩිපුතා ලියපු එකක්.. එව්වත් නිකමට වගේ කියවන්නකෝ
එසඳ ඒ මානවක තෙම
දෙවර්ගයක මල් දෙකක්
ලවන් වෙත ලංකර
සෙව්වේය ජීවිතය
මල් අතර වරින් වර
ඉන් එක මලක්
සම්මතයේ හිනිපෙත්තේ වූ අතර
අනෙක් මල
අසම්මතයේ අනන්තයේ විය
සම්මතයේ මලෙහි සෑම විටකම
සතුට අවසන දුකක්ද
සැහැල්ලුව අවසන බරක්ද
විඳීම අවසන විඳවීමක්ද
ආශ්වාදය අවසන කළකිරීමක්ද විය
අසම්මතයේ මල සැම විටම
ජීවිතයට සතුට සැහැල්ලුව එකතු කොට
සඳ තරු අතරින් ආශ්වාදයේ අනන්තයට
රැගෙන ගිය සඳ
ඔහුට වචනයේ පරිසමාප්තියෙන්ම
සැනසුමක් විය
සීතළ පිණිබිඳක් බඳු වූ
සම්මතයේ මල
සිත ගිණි තැබූ අයුරුත්
කෙළවර ගිණිගැනුනු
අසම්මතයේ මල
හිතේ ගිණි නිවූ අයුරුත් සිහිකර
සිනහ විය හෙතම
අඩවන් නෙතු පියන් මෘදුව එකතුකොට
තවත් සුදුපැහැති දුම් වලල්ලක්
අහසට විසිකොට
ප.ලි.ල
අර උඩ ලින්ක් දෙකක් දුන්නේ බනිනවනම් ඒගොල්ලන්ටත් එක්කම බනින්න ඈ මට විතරක් එපා :P
මේකා කොරල තියෙන වැඩ මගේ වසමේ මේවගේ අසමජ්ජාති වැඩ වෙනවද බොලව්? පෂ්ට කවි පෙළ. අත්දැකීමක් නැතිව මෙහෙම ලියලනම් ගැහුවොත් කොහොමට හිටීවිද
ReplyDeleteමෙව්ව අසමජ්ජාති වැඩද ??? :O
Deleteකොරලේ මහත්තයෝ මේ තමා ත්‍රෙලෝක විජයම්... හෙ ...හේ...
Deleteහිකිස්... මම ටියුබ් ලයිට් වගේ නෑ මම හිතන්නෙ. මොනාවුනත් මට පැහැදිලි වගේ. අවංකවම මම කැමති මේ කවියට :ඩී
ReplyDeleteඔයා බට ලයිට් උනා කිව්වහම මම කොර උනා.. කොහොමද එහෙම උනේ කියලා.. තැන්කිව් ඈ
Deleteමදාරත් උගුරක් ගත්තනම් හැමදාම ඉල්ලයි වගේ..
Deleteමට හිතෙන විදිහට මේක වැරදියි
ReplyDelete//සම්මතයේ මලෙහි සෑම විටකම
සතුට අවසන දුකක්ද
සැහැල්ලුව අවසන බරක්ද
විඳීම අවසන විඳවීමක්ද
ආශ්වාදය අවසන කළකිරීමක්ද විය//
ඔකේ අනිත් පැත්තයි මට දැනෙන්නේ...අසම්මතයේ විඳීම අවසාන විඳවීම හැමෝටම උරුමයි. මම හිතන විදිහට.අව්ලක් නැහැ.විවිධ අදහස්නේ.. කවිය ලස්සනයි
හ්ම්ම්ම් එහෙමද
Deleteමම පොයින්ට් කලේ .. අර කොල්ලා අන්තිම දුම් උගුර යවන වෙලාවේ ඒ හිතට දැනෙන දේවල්...
කැරලිකාරි කොහෙද මලයා ඒව දන්නේ...
Deleteමේ මල් ගැන අපි මොනවා කියන්නද...
ReplyDeleteසමහර ඈයෝ ඕවා ගහලා අකීටා බඹලොවේ ඉහලා මලයත් යනවලු...ඕවා දන්නෙ මලක් ගහපු උන්නෙ...හි හී
හික් හික් හී.. මල් ගහන්නම ඔනේ නෑ...
Deleteළිහිණියට නම් මල ගැන යමක් තේරෙන හැඩයි.
Deleteපට්ට මී පට්ට... හොඳ වැඩර් කෙනෙකුට කවියක් කතාවක් ලියන්න අත්දැකීමක්ම ඕනේ නෑ...අසම්මත ඒවත් කාලයක් යනකොට සම්මත වෙයිද මෙහෙම යනකොට. මොක සම්මත උනත් නරක් වෙන්නේ පපු කැවුත්ත තමයිනේ,
ReplyDeleteමෙව්වනම් අසම්මත්යේම පිහිටන එක හොඳයි බං... පස්ට කතාව සම්මත උනොත් නර්ක් වෙන්නේ පපු කැවුත්ත
Deleteඅසම්මතේ රසය අමා රසක් මැයි සහතිකය !
ReplyDeleteඅහ්හ්හ්
Deleteඅනිවා සැමා දන්නවා වෙනස
Deleteසම්මතයෙන් ඔබ්බට
ReplyDeleteහ්ම්ම්
Deleteඅසම්මතේ මල... නියමයි... :)
ReplyDeleteනියමදත් අහනවා
Deleteඅනේ මම නම් දන්නේ නැහැ ඕව...හික්ස්
ReplyDeleteමමත් දන්නේ නෑ
Deleteයකෝ මේකට මම ඇරෙන්න අල්ලගන්න වෙන එකෙක් හිටියෙම නැද්ද?මේවා කුමන්ත්‍රණ...ඉහි ඉහි
ReplyDeleteහුටා ඒ මේ වෙන මානවකයෙක්.. බලාගෙන ගිහාම උබටත් අදාලයි නොවැ
Deleteමල් කැඩීම සහ මල් ගැසීම අතර පවතින්නේ කෙස්ගසක දුරක් සහ ඒ හා සමාන ඊට ප්‍රතිවිරුද්ධ වෙනසකි.
ReplyDeleteSitraa kathawa .. me comment eka mata kiyawune nene .. koheda hangila thibbe
Delete//සම්මතයේ මලෙහි සෑම විටකම
ReplyDeleteසතුට අවසන දුකක්ද
සැහැල්ලුව අවසන බරක්ද
විඳීම අවසන විඳවීමක්ද
ආශ්වාදය අවසන කළකිරීමක්ද විය//
ඒ මොකද බං ඒ.......???
කසාද බැඳපු උබටත් ඕක තේරෙන්නෙ නැද්ද
Deleteහැහ්... අප්සැට් කවියක් ම තමයි. පාවී පාවී යනවා මා ආකාසයේ !
ReplyDeleteමෙයත් දන්නවා වෙනස
Deleteපුන් සඳ පායල ඇති රෑක
ReplyDeleteගඟ ලඟ ඇති පොඩි අතු ගේක
නැති කර ගන්නට දුක සෝක
හැමදාමත් කරනවා මේක
මල් ඔතනෝ
මුන් මල් ඔතනෝ
වට පිට බල බල
මල් ඔතනෝ
මල් ඔතනෝ
මුන් මල් ඔතනෝ
ඇට නැටි ඇහිඳලා
මල් ඔතනෝ
සියරට අප දේ
සිරි සැප ගෙන දේ
ගහන අයයි ඒවා දන්නේ
මත්පැන් වගේ නෑ
වැඩි වියදම් නෑ
පොඩි ගානයි මේකට යන්නේ
ඉස්සර වගේ නෑ
දැන් දුංකොළ නෑ
සුදු කොළයක ඔතලයි බොන්නේ
බිව්වට වෙරි නෑ
කළබලයක් නෑ
කට්ටිය පාඩුවෙමයි ඉන්නේ
මල් ඔතනෝ
මුන් මල් ඔතනෝ
වට පිට බල බල
මල් ඔතනෝ
තණමල්විල හා
ඇඹිලිපිටියෙ සිට ලොරි බස් යට
සැඟ විල එන්නේ
ඉන්පසු කොළඹින්
හොරෙන් හොරෙන්මයි
මේවා රට වට විසිරෙන්නේ
බාධක මැඩගෙන
අවොත් දුරසිට
අහු උනොතින් කෙලවිල යන්නේ
කොපමන සුර සැප
තිබුනත් මොකටද
නීතිය නෑ ආතල් දන්නේ
මල් ඔතනෝ
මුන් මල් ඔතනෝ
වට පිට බල බල
මල් ඔතනෝ
දීපාල් සිල්වා (පද පෙළ උපුටා ගත්තේ මගේ මරණය බ්ලොගියෙනි)
මෙන්න මූ අමුවෙන්ම ඇදල ඇරලා
Deleteදන්නෝ දනිති විදිනා විට මෙහි පහස
Deleteයන්නට හැකිය කොලවර සොයමින් අහස.....
පට්ට මචන්
Deleteපාවිච්චියක් නැති නිසා උඹලා වගේ උන්ගෙන් අහලාම දැනගන්න ඕන ඕවයේ ආතල්.
ReplyDeleteහාකෝ.... අපිත් පාවිච්චියක් නෑ තමා
Deleteමාත් ආසයි අසම්මතයෙ රසයට....
ReplyDeleteනොකීවට කවුරුත් ආසයි බං
Deleteම්ම්ම්.... මේ කියල තියන මල් ගැන නම් මම දන්නේ නැද්ද කොහෙද.... ඒ වුනාට කවි ටිකනම් මරු..... :)
ReplyDeleteතැන්කිව් සමනලී
Deleteඅප්පට සිරි
ReplyDeleteඇත්තටම සම්මතයට වඩා අසම්මතය සුන්දරද?
ReplyDeleteමටනම් ඔව්
Deleteමේ මල සොයා ගත් කෙනා මල් පොකුරක්ම වේවා!!
ReplyDeleteඅමා සුවළු නේ...
Deleteඅසම්මතය සුන්දරයි මට දැනෙන විදියට.
ReplyDeleteඅප්සෙට් කීවට මට නම් කවි ටික මල හතයි මී යාලු. ජය වේවා!!!!!
බොහොම ස්තුතියි මදූ
Deleteගොඩක් කලෙකට පස්සේ මේ පැත්තට එන්න ලැබුනේ මි ගොඩ
ReplyDeleteස්තුතියි ගොඩ වැදුනට
Deleteතේරුනා ටිකක් නොතේරුනත් වගේ... දෙසැරයක්ම කියෙව්වත් එක්ක.. :(
ReplyDeleteමටත් හිතුනා කාන්ථා පක්ෂයට පොඩ්දක් අප්සට් වෙයි කියලා
Deleteහුහ් අපිට කෙලින්න! හිතුව මදි!
ReplyDeleteකෙලවන්න හිතුව නෙවේ අය්යා... පොඩ්දක් අය්යට වහං උනා
Deleteඅසම්මත කවියක්. සම්මතයට වඩා අසම්මතේ ගොඩක් සුන්දරයි. ඒ විඳින දෙන්නට මිසක් අහක ඉන්න අයට නෙමේ.
ReplyDeleteඅනිවා
Deleteඈ................ :O
ReplyDeleteම්හ්ම්.... සම්මතේට නොතේරේ... අපි මේ පැත්තට අළුත් ඈ...
ReplyDeleteමූණු පොතෙන් එන්න පැහදිලි කරන්නම්...
Deleteසාදරෙන් පිළිගන්නවා
අම්මතසිලි.. මීයාට ගිය කල බොලේ...
ReplyDeleteජය වේවා!!!
සිනා බො වේවා!!!
අපිටත් කියල කලක් යන්න එපැයි පනුවෝ.... ඇයි අපි කියල කළුද
Deleteහෑ...........????
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මට නම් ටිකක් ටිකක් තේරෙනවා හොරයි වගේ... ආයෙමත් කියවල බලමු...
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්.. කන්තා පර්ශවයට හොරයි තමා මෙව්ව තේරෙන්න
Deleteචැක් මමත් ඔය අසම්මතය ගැන කවියක් ලියාගෙන කොට්ටය යටනේ තියාන ඉන්නේ... හැක්...
ReplyDeleteසම්මත වෙනකන් වෙන්න ඇති.. හොඳා හොඳා
Deleteසම්මතයේ මල පුදසුනට යනවිට අසම්මතයේ මල දෙව්ලොවට රැගෙන යාවිද අහෝ දෙවියනි?
ReplyDeleteඑහෙමත් වෙනවා කියල තමා කියන්නේනම් .. අයි ඩෝන්ට් නෝ වයි එහෙම වෙන්නේ ඇයි
Deleteදෙතොලේ ස්පර්ශයේ
ReplyDeleteදෙතොලේ ස්පර්ශයෙන්
ලබමින් පහස
ඉහලට අදින
දුමක ආශ්වාදය
නසා මන විල දැවෙන
ගිනි දැල්
අහෝ පුදුමයි
විශ්මජනකයි
සම්මත මලක්,
නොදෙනා එවන් පහස
සම්මත මලක
නොලබනා එවන් පහස
සම්මත මලක
එවන් පහසක් ලබන්නට
නොම දත් කරුණ
සම්මත මලක්
පහස යනු නොමදත්....
කාට කියන්නද........කොහෙන්ද උත්තර.......හැමෝම පවු...විඳවන....(යූ නෝ වට් අයි මීන්...;):)
කියන්න හිතුන....
කෙල්ලව මලක් කරගන්න කලාව හදාරන්න,කොල්ලට මලක් වෙන්න කලාව හදාරන්න
(හුටා කස්ටිය ක්ලෝත් ශෝල්ඩර් එකට අරන් එයිඩ ඩන්නෑ.....)
ලස්සන කවිය අග්නි
Deleteමලා ඒකත් කලාවක් .. ඔයා ටියුෂන් එහෙම දෙන්නේ නැද්ද
ඔය දෙක මාරු වෙන්න ඕනේ හරිනම්
ReplyDeleteඒ කිව්වේ සම්මත අසම්මත වෙලා අසම්මත සම්මත වෙන්න ඕනේ කියන එකද
Deleteනිර්මාණය නම් එළස්.....(මලත් ඉතින් නරක නෑ)
ReplyDeleteස්තුතියි සුමිත් අය්යා ( කොයිකත් අවබෝධයෙන් ගානට මිම්මට තමා හොඳ )
Deleteවිස්ස තියා මා ළඟ ඔබ අරන් යන්න මල්... කාලෙකට කලින් එහෙමත් කිව්වලු..!
ReplyDeleteකවිටික සිරා. මී ගොඩයා ඉතින් කොහොමත් කවියට දස්සයි නෙව.
මෙයත් අමුවෙන්ම ඇදල ඇරලා
Deleteස්තූතියි චනා
මම නම් ආස කරන්නේ සම්මතේට වඩා අසම්මතේ.
ReplyDeleteඒ හන්දමද මන්දා මම යාළු වෙලා ඉන්නෙත් මට වඩා වැඩිමල් අක්කෙක් එක්ක. හික් හික් :)
ඒක එච්චර ලොකු අසම්මතයක් නෙවෙයි
Deleteහික්ස්... මරු....
ReplyDeleteතැන්කිවේ ඈ ..
Deleteමාළුවා අදමද කොහෙද ආවේ .. වෙල්කම් කිව්වා පරසතු උයනට
දන්නෝ දනිති විදිනා විට මෙහි පහස
ReplyDeleteයන්නට හැකිය කොලවර සොයමින් අහස.....
සම්මතයද අසම්මතයද සම්මතය හා අසම්මතයය බව කීවෝ අප නොවන්නෙමු
ReplyDeleteඔවුහුම වන්නෝය
ඉදින්.....
සම්මතය සම්මතයේ වුවද අසම්මතය අසම්මතයේ වුවද ඔය දෙකම තිබුණද දෙකෙන් එකක්වත් නැති වුවද පල කිමද?
හරි ලස්සනයි කවිය.... මම ඒ ඇගුළෙ ගිලුණා වගේ (අසම්මතය) සම්මතයට වඩා මම එයටයි කැමති
තබයක් අත නැතුව ෙව්ෙලන සියතුන්ට
ReplyDeleteෙදව්යන් දුන්න ඔසුවකි ෙමය සැනෙසන්ඩ...