Sunday 25 November 2012

සම්මතයට වඩා සොඳුරු වූ අසම්මතය

අදත් ඔන්න ඉතින් අප්සට් කවියක් ලියවුනා.. අප්සට් උනත් ඔන්න ඔහේ පබ්ලිෂ් කරලා දාන්න හිතුනා... මට කලින් මෙව්ව ගැන බ්ලොග් දැවැන්තයොත් ලියල තිබ්බනෙව මේතියෙන්නේ රාජ් ලියපු එකක්...මේන්න ලඟදි බ්ලොක් අතරට ආපු පොඩිපුතා ලියපු එකක්.. එව්වත් නිකමට වගේ කියවන්නකෝ

එසඳ ඒ මානවක තෙම
දෙවර්ගයක මල් දෙකක්
ලවන් වෙත ලංකර
සෙව්වේය ජීවිතය
මල් අතර වරින් වර

ඉන් එක මලක්
සම්මතයේ හිනිපෙත්තේ වූ අතර
අනෙක් මල
අසම්මතයේ අනන්තයේ විය

සම්මතයේ මලෙහි සෑම විටකම
සතුට අවසන දුකක්ද
සැහැල්ලුව අවසන බරක්ද
විඳීම අවසන විඳවීමක්ද
ආශ්වාදය අවසන කළකිරීමක්ද විය


අසම්මතයේ මල සැම විටම
ජීවිතයට සතුට  සැහැල්ලුව එකතු කොට
සඳ තරු අතරින් ආශ්වාදයේ අනන්තයට
රැගෙන ගිය සඳ
ඔහුට වචනයේ පරිසමාප්තියෙන්ම
සැනසුමක් විය


සීතළ පිණිබිඳක් බඳු වූ
සම්මතයේ මල
සිත ගිණි තැබූ අයුරුත්
කෙළවර ගිණිගැනුනු
අසම්මතයේ මල
හිතේ ගිණි නිවූ අයු
රුත් සිහිකර

සිනහ විය හෙතම
අඩවන් නෙතු පියන් මෘදුව එකතුකොට
තවත් සුදුපැහැති දුම් වලල්ලක්
අහසට විසිකොට




ප.ලි.ල



අර උඩ ලින්ක් දෙකක් දුන්නේ බනිනවනම් ඒගොල්ලන්ටත් එක්කම බනින්න ඈ මට විතරක් එපා :P

83 comments:

  1. මේකා කොරල තියෙන වැඩ මගේ වසමේ මේවගේ අසමජ්ජාති වැඩ වෙනවද බොලව්? පෂ්ට කවි පෙළ. අත්දැකීමක් නැතිව මෙහෙම ලියලනම් ගැහුවොත් කොහොමට හිටීවිද

    ReplyDelete
    Replies
    1. මෙව්ව අසමජ්ජාති වැඩද ??? :O

      Delete
    2. කොරලේ මහත්තයෝ මේ තමා ත්‍රෙලෝක විජයම්... හෙ ...හේ...

      Delete
  2. හිකිස්... මම ටියුබ් ලයිට් වගේ නෑ මම හිතන්නෙ. මොනාවුනත් මට පැහැදිලි වගේ. අවංකවම මම කැමති මේ කවියට :ඩී

    ReplyDelete
    Replies
    1. ඔයා බට ලයිට් උනා කිව්වහම මම කොර උනා.. කොහොමද එහෙම උනේ කියලා.. තැන්කිව් ඈ

      Delete
    2. මදාරත් උගුරක් ගත්තනම් හැමදාම ඉල්ලයි වගේ..

      Delete
  3. මට හිතෙන විදිහට මේක වැරදියි
    //සම්මතයේ මලෙහි සෑම විටකම
    සතුට අවසන දුකක්ද
    සැහැල්ලුව අවසන බරක්ද
    විඳීම අවසන විඳවීමක්ද
    ආශ්වාදය අවසන කළකිරීමක්ද විය//

    ඔකේ අනිත් පැත්තයි මට දැනෙන්නේ...අසම්මතයේ විඳීම අවසාන විඳවීම හැමෝටම උරුමයි. මම හිතන විදිහට.අව්ලක් නැහැ.විවිධ අදහස්නේ.. කවිය ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් එහෙමද

      මම පොයින්ට් කලේ .. අර කොල්ලා අන්තිම දුම් උගුර යවන වෙලාවේ ඒ හිතට දැනෙන දේවල්...

      Delete
    2. කැරලිකාරි කොහෙද මලයා ඒව දන්නේ...

      Delete
  4. මේ මල් ගැන අපි මොනවා කියන්නද...
    සමහර ඈයෝ ඕවා ගහලා අකීටා බඹලොවේ ඉහලා මලයත් යනවලු...ඕවා දන්නෙ මලක් ගහපු උන්නෙ...හි හී

    ReplyDelete
    Replies
    1. හික් හික් හී.. මල් ගහන්නම ඔනේ නෑ...

      Delete
    2. ළිහිණියට නම් මල ගැන යමක් තේරෙන හැඩයි.

      Delete
  5. පට්ට මී පට්ට... හොඳ වැඩර් කෙනෙකුට කවියක් කතාවක් ලියන්න අත්දැකීමක්ම ඕනේ නෑ...අසම්මත ඒවත් කාලයක් යනකොට සම්මත වෙයිද මෙහෙම යනකොට. මොක සම්මත උනත් නරක් වෙන්නේ පපු කැවුත්ත තමයිනේ,

    ReplyDelete
    Replies
    1. මෙව්වනම් අසම්මත්යේම පිහිටන එක හොඳයි බං... පස්ට කතාව සම්මත උනොත් නර්ක් වෙන්නේ පපු කැවුත්ත

      Delete
  6. අසම්මතේ රසය අමා රසක් මැයි සහතිකය !

    ReplyDelete
  7. සම්මතයෙන් ඔබ්බට

    ReplyDelete
  8. අසම්මතේ මල... නියමයි... :)

    ReplyDelete
  9. අනේ මම නම් දන්නේ නැහැ ඕව...හික්ස්

    ReplyDelete
  10. යකෝ මේකට මම ඇරෙන්න අල්ලගන්න වෙන එකෙක් හිටියෙම නැද්ද?මේවා කුමන්ත්‍රණ...ඉහි ඉහි

    ReplyDelete
    Replies
    1. හුටා ඒ මේ වෙන මානවකයෙක්.. බලාගෙන ගිහාම උබටත් අදාලයි නොවැ

      Delete
  11. මල් කැඩීම සහ මල් ගැසීම අතර පවතින්නේ කෙස්ගසක දුරක් සහ ඒ හා සමාන ඊට ප්‍රතිවිරුද්ධ වෙනසකි.

    ReplyDelete
    Replies
    1. Sitraa kathawa .. me comment eka mata kiyawune nene .. koheda hangila thibbe

      Delete
  12. //සම්මතයේ මලෙහි සෑම විටකම
    සතුට අවසන දුකක්ද
    සැහැල්ලුව අවසන බරක්ද
    විඳීම අවසන විඳවීමක්ද
    ආශ්වාදය අවසන කළකිරීමක්ද විය//

    ඒ මොකද බං ඒ.......???

    ReplyDelete
    Replies
    1. කසාද බැඳපු උබටත් ඕක තේරෙන්නෙ නැද්ද

      Delete
  13. හැහ්... අප්සැට් කවියක් ම තමයි. පාවී පාවී යනවා මා ආකාසයේ !

    ReplyDelete
    Replies
    1. මෙයත් දන්නවා වෙනස

      Delete
  14. පුන් සඳ පායල ඇති රෑක
    ගඟ ලඟ ඇති පොඩි අතු ගේක
    නැති කර ගන්නට දුක සෝක
    හැමදාමත් කරනවා මේක

    මල් ඔතනෝ
    මුන් මල් ඔතනෝ
    වට පිට බල බල
    මල් ඔතනෝ

    මල් ඔතනෝ
    මුන් මල් ඔතනෝ
    ඇට නැටි ඇහිඳලා
    මල් ඔතනෝ

    සියරට අප දේ
    සිරි සැප ගෙන දේ
    ගහන අයයි ඒවා දන්නේ

    මත්පැන් වගේ නෑ
    වැඩි වියදම් නෑ
    පොඩි ගානයි මේකට යන්නේ

    ඉස්සර වගේ නෑ
    දැන් දුංකොළ නෑ
    සුදු කොළයක ඔතලයි බොන්නේ

    බිව්වට වෙරි නෑ
    කළබලයක් නෑ
    කට්ටිය පාඩුවෙමයි ඉන්නේ

    මල් ඔතනෝ
    මුන් මල් ඔතනෝ
    වට පිට බල බල
    මල් ඔතනෝ

    තණමල්විල හා
    ඇඹිලිපිටියෙ සිට ලොරි බස් යට
    සැඟ විල එන්නේ

    ඉන්පසු කොළඹින්
    හොරෙන් හොරෙන්මයි
    මේවා රට වට විසිරෙන්නේ

    බාධක මැඩගෙන
    අවොත් දුරසිට
    අහු උනොතින් කෙලවිල යන්නේ

    කොපමන සුර සැප
    තිබුනත් මොකටද
    නීතිය නෑ ආතල් දන්නේ

    මල් ඔතනෝ
    මුන් මල් ඔතනෝ
    වට පිට බල බල
    මල් ඔතනෝ

    දීපාල් සිල්වා (පද පෙළ උපුටා ගත්තේ මගේ මරණය බ්ලොගියෙනි)

    ReplyDelete
    Replies
    1. මෙන්න මූ අමුවෙන්ම ඇදල ඇරලා

      Delete
    2. දන්නෝ දනිති විදිනා විට මෙහි පහස
      යන්නට හැකිය කොලවර සොයමින් අහස.....

      Delete
    3. පට්ට මචන්

      Delete
  15. පාවිච්චියක් නැති නිසා උඹලා වගේ උන්ගෙන් අහලාම දැනගන්න ඕන ඕවයේ ආතල්.

    ReplyDelete
    Replies
    1. හාකෝ.... අපිත් පාවිච්චියක් නෑ තමා

      Delete
  16. මාත් ආසයි අසම්මතයෙ රසයට....

    ReplyDelete
    Replies
    1. නොකීවට කවුරුත් ආසයි බං

      Delete
  17. ම්ම්ම්.... මේ කියල තියන මල් ගැන නම් මම දන්නේ නැද්ද කොහෙද.... ඒ වුනාට කවි ටිකනම් මරු..... :)

    ReplyDelete
  18. ඇත්තටම සම්මතයට වඩා අසම්මතය සුන්දරද?

    ReplyDelete
  19. මේ මල සොයා ගත් කෙනා මල් පොකුරක්ම වේවා!!

    ReplyDelete
  20. අසම්මතය සුන්දරයි මට දැනෙන විදියට.

    අප්සෙට් කීවට මට නම් කවි ටික මල හතයි මී යාලු. ජය වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මදූ

      Delete
  21. ගොඩක් කලෙකට පස්සේ මේ පැත්තට එන්න ලැබුනේ මි ගොඩ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩ වැදුනට

      Delete
  22. තේරුනා ටිකක් නොතේරුනත් වගේ... දෙසැරයක්ම කියෙව්වත් එක්ක.. :(

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා කාන්ථා පක්ෂයට පොඩ්දක් අප්සට් වෙයි කියලා

      Delete
  23. හුහ් අපිට කෙලින්න! හිතුව මදි!

    ReplyDelete
    Replies
    1. කෙලවන්න හිතුව නෙවේ අය්යා... පොඩ්දක් අය්යට වහං උනා

      Delete
  24. අසම්මත කවියක්. සම්මතයට වඩා අසම්මතේ ගොඩක් සුන්දරයි. ඒ විඳින දෙන්නට මිසක් අහක ඉන්න අයට නෙමේ.

    ReplyDelete
  25. ම්හ්ම්.... සම්මතේට නොතේරේ... අපි මේ පැත්තට අළුත් ඈ...

    ReplyDelete
    Replies
    1. මූණු පොතෙන් එන්න පැහදිලි කරන්නම්...
      සාදරෙන් පිළිගන්නවා

      Delete
  26. අම්මතසිලි.. මීයාට ගිය කල බොලේ...
    ජය වේවා!!!
    සිනා බො වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපිටත් කියල කලක් යන්න එපැයි පනුවෝ.... ඇයි අපි කියල කළුද

      Delete
  27. හෑ...........????

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  28. මට නම් ටිකක් ටිකක් තේරෙනවා හොරයි වගේ... ආයෙමත් කියවල බලමු...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.. කන්තා පර්ශවයට හොරයි තමා මෙව්ව තේරෙන්න

      Delete
  29. චැක් මමත් ඔය අසම්මතය ගැන කවියක් ලියාගෙන කොට්ටය යටනේ තියාන ඉන්නේ... හැක්...

    ReplyDelete
    Replies
    1. සම්මත වෙනකන් වෙන්න ඇති.. හොඳා හොඳා

      Delete
  30. සම්මතයේ මල පුදසුනට යනවිට අසම්මතයේ මල දෙව්ලොවට රැගෙන යාවිද අහෝ දෙවියනි?

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙනවා කියල තමා කියන්නේනම් .. අයි ඩෝන්ට් නෝ වයි එහෙම වෙන්නේ ඇයි

      Delete
  31. දෙතොලේ ස්පර්ශයේ
    දෙතොලේ ස්පර්ශයෙන්
    ලබමින් පහස
    ඉහලට අදින
    දුමක ආශ්වාදය
    නසා මන විල දැවෙන
    ගිනි දැල්
    අහෝ පුදුමයි
    විශ්මජනකයි

    සම්මත මලක්,
    නොදෙනා එවන් පහස
    සම්මත මලක
    නොලබනා එවන් පහස
    සම්මත මලක
    එවන් පහසක් ලබන්නට
    නොම දත් කරුණ
    සම්මත මලක්
    පහස යනු නොමදත්....

    කාට කියන්නද........කොහෙන්ද උත්තර.......හැමෝම පවු...විඳවන....(යූ නෝ වට් අයි මීන්...;):)

    කියන්න හිතුන....
    කෙල්ලව මලක් කරගන්න කලාව හදාරන්න,කොල්ලට මලක් වෙන්න කලාව හදාරන්න
    (හුටා කස්ටිය ක්ලෝත් ශෝල්ඩර් එකට අරන් එයිඩ ඩන්නෑ.....)

    ReplyDelete
    Replies
    1. ලස්සන කවිය අග්නි

      මලා ඒකත් කලාවක් .. ඔයා ටියුෂන් එහෙම දෙන්නේ නැද්ද

      Delete
  32. ඔය දෙක මාරු වෙන්න ඕනේ හරිනම්

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ සම්මත අසම්මත වෙලා අසම්මත සම්මත වෙන්න ඕනේ කියන එකද

      Delete
  33. නිර්මාණය නම් එළස්.....(මලත් ඉතින් නරක නෑ)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුමිත් අය්යා ( කොයිකත් අවබෝධයෙන් ගානට මිම්මට තමා හොඳ )

      Delete
  34. විස්ස තියා මා ළඟ ඔබ අරන් යන්න මල්... කාලෙකට කලින් එහෙමත් කිව්වලු..!
    කවිටික සිරා. මී ගොඩයා ඉතින් කොහොමත් කවියට දස්සයි නෙව.

    ReplyDelete
    Replies
    1. මෙයත් අමුවෙන්ම ඇදල ඇරලා

      ස්තූතියි චනා

      Delete
  35. මම නම් ආස කරන්නේ සම්මතේට වඩා අසම්මතේ.
    ඒ හන්දමද මන්දා මම යාළු වෙලා ඉන්නෙත් මට වඩා වැඩිමල් අක්කෙක් එක්ක. හික් හික් :)

    ReplyDelete
    Replies
    1. ඒක එච්චර ලොකු අසම්මතයක් නෙවෙයි

      Delete
  36. හික්ස්... මරු....

    ReplyDelete
    Replies
    1. තැන්කිවේ ඈ ..

      මාළුවා අදමද කොහෙද ආවේ .. වෙල්කම් කිව්වා පරසතු උයනට

      Delete
  37. දන්නෝ දනිති විදිනා විට මෙහි පහස
    යන්නට හැකිය කොලවර සොයමින් අහස.....

    ReplyDelete
  38. සම්මතයද අසම්මතයද සම්මතය හා අසම්මතයය බව කීවෝ අප නොවන්නෙමු
    ඔවුහුම වන්නෝය
    ඉදින්.....
    සම්මතය සම්මතයේ වුවද අසම්මතය අසම්මතයේ වුවද ඔය දෙකම තිබුණද දෙකෙන් එකක්වත් නැති වුවද පල කිමද?

    හරි ලස්සනයි කවිය.... මම ඒ ඇගුළෙ ගිලුණා වගේ (අසම්මතය) සම්මතයට වඩා මම එයටයි කැමති

    ReplyDelete
  39. තබයක් අත නැතුව ෙව්ෙලන සියතුන්ට
    ෙදව්යන් දුන්න ඔසුවකි ෙමය සැනෙසන්ඩ...

    ReplyDelete