Thursday 31 January 2013

අතිර වූ... නැවතුම් දනව්ව

















දහසක් පියමන් සලකුණු වී ඇති
අහසක් උසකට සිතුවිළි පොදි බැඳි
කාත් කවුරුවත් නිම්හිම් දන්නැති
අතිර වූ නැවතුම් දනව්වක්


සත්‍ය ප්‍රේමී බෘන්ගයන්ටත්
කෲර රාගී සළෙලුවන්ටත්
නුරාවෙන් මත්වී රගන්නට
තනා ඇති එක වේදිකාවක්

ගන්ධ වර්ණිත පුෂ්පයන්ටත්
කිඩාරම් බාඳුරාවන්ටත්
සුපිෂ්පිත වී සිනාසෙන්නට
සුරං නිමකල රම්‍ය උයනක්

සත්‍යයේ ද්වාරයට පිටු පෑ
අවිද්‍යාවේ තිමිර සළු ඇඳි
බිහිදොරක් නැති හැරවුමක් නැති
සසර කතරක අතරමං අපි

44 comments:

  1. නිමක් නැති ව ම ඇවිද යනවා
    අරමුණක් ජන්මයක් නොදැන ම
    කඳුළු දුක් පිරි සන්තාප මාවත් තුළ
    කටුව පුපුරා එළිය දකිනට
    ශක්තියක් නැති වෙලාවක් නැති
    උගුලකට අසු වී එක ම තැන
    හරි රසයි හරි රස යි කියමින්
    ගොනා පසුපස ගැල පරිද්දෙන්

    ReplyDelete
    Replies
    1. උස්ව නැගි කඳු
      දෑත් විහිදා
      බිස්ස අතගාල

      ස්තුතියි කඳු....

      Delete
  2. හරි ලස්සන කවි පෙලකි...

    ReplyDelete
  3. අම්මප අතරමං වෙනවා අර තුන් වෙනි පේලියේ කවියේ තියෙන රම්‍ය උයන වගේ උනා නං හෙම...

    ReplyDelete
  4. //බිහිදොරක් නැති හැරවුමක් නැති
    සසර කතරක අතරමං අපි// ඔව් එහෙම එකකුත් තියෙනවා තමා. ඒත් සමාජයේ එක් පැතිකඩක්ද මන්දා..?

    ReplyDelete
    Replies
    1. මටනම් සමස්ථ සමාජයම මේවගේ බං

      Delete
  5. මේ කවිය මට ටිකක් බර වැඩි වගේ,ඒ තරම්ම තේරුනේ නෑලු.. :(

    ReplyDelete
    Replies
    1. බත් කාල ලොකු වෙන්නලු

      Delete
    2. සම්මියෝ දැන් හරිනේ.. ඔන්න මූණු පොතේ මැසේජ් කලා

      Delete
  6. අපාගත හැගුමෙඅන් තැවෙන්නත්
    දෙව් ලොවක සිරි සැප විදින්නත්
    උතුම් මිනිසත් බව ලැබුවමුත්
    සසර දුර මදි හැදින ගන්නත්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචං... ඒ උනාට තව කොට වෙනවනම් තමා මං කැමති

      Delete
  7. කවියත් එක්කම අතරමං වෙනවා වගේලු

    ලස්සනයි ලු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියිලු

      Delete
  8. මම හොයනවා ඇයි මං ඉපදුනේ කියලා...
    මං ආස නැ ආය ඉපදෙන්න
    ඒත් අකමැත්තෙන් වුණත් ඉපදෙන්න වෙනවා(ලු)
    මං කැමතියි මේ වේදිකාවෙ රංගගත වෙන නාටකෙන් ඈත් වෙලා සායම් පිහදාලා කළු සුදු චරිත සේරගෙන්ම ඈත් වෙලා ශුන්‍යක් වෙන්න :(

    ReplyDelete
    Replies
    1. කවුරුත්ම අකමැති වෙන එකක් නෑ සිත්තරී..... ඒත් කරන විදිය කවුරුත් දන්නේ නෑ
      ආගම් වලින් කොච්චර ක්‍රම ඉගැන්නුවත් ඒවා පිළිපදින්න තරම් අපේ හිත් දමනය වෙලත් නෑ

      Delete
  9. සිරාවටම උඹේ කවි හෙන ගති බං.. කියවල තේරුම් ගන්න කොච්චර අමාරු වුනත්, දහ පාරක් හරි කියවල තේරුම් ගන්න හිතෙනවා. (මට තේරුනේ අපි ඔක්කොම එකම බෝට්ටුවේ කියලා, ඉවරයක් නැති , කෙළවරක් නැති සසරේ තවමත් හබල් ගාන ජීවිතේ රඟපාන නළුවෝ කියලා)

    ReplyDelete
    Replies
    1. මං කිව්ව දේ අකුරක්වත් අඩු නැතුව උබට තේරිලා

      Delete
  10. මුහුණු පොතේ සරලව දකින තරුණයාගෙ අනිත් පැත්ත හරිම ගැඹුරුයි

    ReplyDelete
  11. මුහුණු පොතේ සරලව දකින තරුණයාගෙ අනිත් පැත්ත............

    හරිම ගැඹුරුයි!!!!!!!!!!!!!

    ReplyDelete
  12. Lesatama theruna bn..
    Sasara duka amathaka karala joliye inna hadanakota uba ayith ewwa mathak karanawa...

    Adenawa yako... Ihi.. Ihi...

    Niyamai liyamana..

    ReplyDelete
  13. Lesatama theruna bn..
    Sasara duka amathaka karala joliye inna hadanakota uba ayith ewwa mathak karanawa...

    Adenawa yako... Ihi.. Ihi...

    Niyamai liyamana..

    ReplyDelete
  14. අපූර්ව පද හරඹයක් ගැඹුරු අරුතක් නියම විරිතක්
    මී මලේගේ හැකියාව මල් හතයි..

    ReplyDelete
  15. හරබර වචන ගොඩකින් ලියැවුනාට, දෙපාරක් තුන්පාරක් විතර කියවලා තේරුම් ගත්තාම දැනුනෙ.., ලස්සනයි අයියෙ කවි ටික.ගති!!!

    ReplyDelete
  16. කවි ටික ලස්සනයි බං.. ඇත්තටම මමත් දෙපාරක් විතර කියෙව්වට පස්සේ තමා මීටර් උනේ. එලස්..!

    ReplyDelete
  17. තේරුනේ නැහැ එක්කෝ නොතේරුනා වගේ ඉන්නවා.තේරෙන අය තාම ඇවිත් නැහැ වගේ.ආවත් මොනවා හරි දොඩවලා යයි සමහරවිට නොතේරුනා වගේ.ඉතින් මට මොකෝ මාත් යනවා යන්න.

    ReplyDelete
  18. ශුන්‍ය වෙන්න තියෙනවනම් හැමදේකින්ම........

    ReplyDelete
  19. මී යගේ කවි වලට මට කයියෙංම රිටන් දෙන්න විදිහක් නැති හැටි විතරක්..
    සිරා කවි ටික ඈ...

    ReplyDelete
  20. ජීවිතය රඟමඩලකි..
    අපි එහි නළුනිළියන් වෙමු..
    අදාල චරිතය රඟ පෑ පසු
    නික්ම යන්නට සිදුවනු ඇති..

    ලස්සන කවි පෙලක්..

    ReplyDelete
  21. ලස්සනයි කවිය....

    "බිහිදොරක්.." හරිද....පෑලදොර නෙවෙයිද.....?

    ReplyDelete
    Replies
    1. අයියා "බිහිදොර" පිටවීමේ දොර කියන එකට දැම්මේ ... පෑලදොර කියන්නේ පිටුපස දොරටනේද ,,,,

      Delete
  22. කවිකාර මීගොඩයා

    ReplyDelete
  23. දැන් දැන් මීයා ලියන කවි ප්‍ර‍බුද්ධ ආරක් අරගෙන තියෙනවා...සුභ පැතුම් මීයො...දිගටම ලියහං...අතරිං පතර අපි වගේ උන්ට කථාවක් දෙකකුත් ලියහං...

    ReplyDelete
  24. හ්ම්ම්.... මං තුන් පාරක් විතර කියෙව්වා. ඒ තරම් මගේ හිතට දැනුනා... ලස්සනයි...

    ReplyDelete
  25. කවියේ අදහස එක්ක ඇත්තටම අතරමං වෙනවා.. ලස්සනයි...

    ReplyDelete
  26. හරිම ලස්සනයි. හොද දක්ෂතාවයක්.

    මේ අතිර වූ ලෝකයේ කිසිවක් තිර නැත. තිර වූ යමක් වෙද ඒ උතුම් නිවනයි.

    ලස්සනට ගලපලා තියනවා.

    ජය!!!

    සැනසීම ම ලැබේවා!!

    ReplyDelete
  27. නික්මයන්නට සසර කතරින්
    පුරමු අපි නිති පාරමී දම්

    ReplyDelete
  28. හ්ම්ම්ම්....ජීවිතේ යථාවබෝධය හරිම ලස්සනට කාව්‍යකට හරවලා තියෙනවා....නියමයි අයියේ...

    ReplyDelete
  29. හ්ම්ම් අතරමං වෙලා තමයි....

    ReplyDelete
  30. හප්පට සිරි මීයෝ මේ අයියමද?

    ReplyDelete
  31. ෂා...... අපුරුයි...

    ReplyDelete
  32. ඇත්තටම සංකීර්ණත්වයෙන් කියපු සරලම සරල සිද්ධියක්..
    නියමයි..

    ReplyDelete