ඇම
බිලී කොකුවල අමුණලා දෙන පණුවෙකුගේ මලකුණක් දැක්කම
කලින් දැනගත් සියළු පාඩම් මතක නැතිවෙයි මසුන් රැලටම
රැවුල් දික්වුනු රතු ගුරාමින් කලත් විස්තර දැල්, උගුල්, ඇම
රොත්ත ගානෙම ඇමට අසුවෙයි කරුණු කී රතු එවුන් එක්කම
පාසි ගල්මල් ගුහා අස්සේ විමසනා ලෙස දුරට පෙනුනට
කන්න කිසිවක් තිබෙනවාදැයි පමණි බැලුවේ කුසේ ගින්නට
රවුම් කැරකී බල්ටි ගසමින් නොයෙක සංදර්ශනේ පෑවට
රැල්ල යන පැත්තටම යනු මිස පීනුවේ නෑ එකෙක් උඩහට
ප්රතිඥා පණු රැලක් ඇමිණූ බිලීකොකු සිය දහක් එකවර
වීසිකල බව මස් මරන්නන් මහ දියඹ වෙත අද පාන්දර
වෙරළ සරනා ඉදිඹුවෙක් විත් කලත් උන්හට කරුණු විස්තර
ඇමට අසුනොවනා එකෙක්වත් සොයාගත හැකිවේද සුමිතුර
රැල්ල යන පැත්තටම යනු මිස පීනුවේ නෑ එකෙක් උඩහට
ReplyDeleteනියම කවි ටික
ඇමට අහුවෙන එවුන්ටත් වඩා බිලී බාන්නො වැඩියි බං දැන්. හැමතැනම. එකෙක් තව එකෙක්ගෙ ඇම කාලා ඉන්න ගමන් වෙනත් එකෙක් බාගන්න ඇමදානව. මේක අර ආහාර දාම/ ජාල එකෙත් හොඳ එක.
ReplyDelete//ඇමට අසුනොවනා එකෙක්වත් සොයාගත හැකිවේද සුමිතුර//සමහරු දන්නෙත් නෑ නේ තාම ඇම ගිලලා මේ ඉන්නේ කියල :D
ReplyDeleteබොහොම කාලෙකින් මි ගොඩ මලයගේ නිර්මාණයක් දැක්කේ.
ReplyDeleteමේ කවේ හරය නම් ඉතින් කියලා වැඩක් නෑ මලයා... ඔබ නියම සමාජය හරියටම දැකලා තියනවා. පට්ටම කවියටම ගැලපෙන පිංතුරයත්
ඕක දැන් ආහාර දාමයක් වෙලා ඉවරය් බං..!
ReplyDeleteඅඩේ බොගේ නම අදනේ බොල දැනග්තේ ඈ....
ReplyDeleteමී ගොඩයත් ඇමක් ගිලල නොවැ ඉන්නෙ..
ReplyDeleteඅපොයි.. මට ඇම ගැන දුකයි ..
ReplyDeleteරැල්ල යන පැත්තටම යනු මිස පීනුවේ නෑ එකෙක් උඩහට......
ReplyDeleteඒ උඹ කාට හරි බ්ලොග් එක විකිනුවද නැත්තම් පැවරුවාද ?
ReplyDeleteඅපි මේ මාලුවන් විලසින..
ReplyDeleteදාන ඇම ගිලගනිමු හම විට...
යකඩෝ මං මෙච්චර කල් ඇවිත් නෑනේ මේකට මගෙ බුකි ප්රොපයිලේ ඉදලත් :O කරුමේ .. කරුමේ...
ReplyDelete