Saturday 26 May 2012

කලු කුමාරයා කුජීත කිරීම හා මෝහිනීගේ රෙද්ද ගැලවීම ( 18 ++ නොවේ )

මේදවස්වල බ්ලොග් පුරාවට හොල්මන් කථා ... හොඳට නැගලයනවා.. බහින්නෙම නැද්ද මන්දා.. තැටිය රත්වෙච්ච වෙලාවේ මමත් රොටියක් පුච්චගන්නව ඈ... 

මුලින්ම ඉතින් මට තියෙන දේ තමා... තාම හරි හාමන් හොල්මනක් නොදැකපු එක... මොන කරුමෙයක්ද මන්දා අනන්තවත් වෙල්දෙනිවල රබර්වතුවල, කනතු අස්සෙ රෑ ජාමෙත් කරක්ගහපු මට තාම ඔය කියන එකෙක් අහු උනේම නෑ.. සමහරක් විට මාව දැක්කහම හොල්මං හොල්මං වෙලා යනවද දන්නේත් නෑ..

කොහොමිං කොහොම හරි මම දකිනවනං දකින්න කියල ප්‍රර්ථනා කොරන්නේ අර මෝහිනී ගෑනීව හරි ( වනචර කමකට නෙවෙයි බොල ) කළු කුමාරයව හරි ( ආ දැන් කියපල්ල අර වැඩෙත් පටන් ගත්ත කියල ) එහෙම උලව්වකට නෙවෙයි යකුනේ.. මට තියෙනවා උන් දෙන්නගෙන් පොඩි පුරස්න කෑලි දෙකක් විසඳ ගන්න... ඇරත් උන් දෙන්න හෙන ප්‍රසිද්දත් එක්කනේ.. ආයේ මොක
ද ඔය ලපයි සිපයි එක්ක ඔට්ටු වෙන්නෙ
ලේඩීස් ෆස්ට් උනාට මම මේකෙ මුල් තැන දෙනව කළුවට මෝහිනී ඇදල දානව දෙකට.. උන් යක්කුනෙ උන්ට ඔය ලේඩිස් ෆස්ට් කථා අදාල නෑ.. කොහොමත් මම හිතන්නේ මෝහිනී ගෑනී (ලමයෙකුත් ඉන්නවනේ කෙල්ල කියන්න බෑ ) අපෙ සමහරක් යක්ෂනියො තරම් නපුරු නෑ
                   
ඉතින් කථාවට එන්න ඉස්සෙල්ලා කළු ගැන පැහැදිලි කිරීමක් කරන්න වෙනවා.. මොකද මෝහිනී ගැන දන්න අය හිටියට කළුවගෙ පට්ටන්තරේ දන්න අය අඩුයි ... කළු යකා, ඔඩ්ඩි මස්සිනා කියල අපි කියන්නේ ඔය හාදයටම තමා... ඔය තරුණ ගැන්නු ළමයින්ට බැල්ම දාලා ඒ ඇත්තියන්ට මහා නරක නපුරු දේවල් කරනවා කියනවනේ.. මං දන්නේ නෑ ඕං අඩවි රජා තමා කියල තිබ්බේ... http://harshana-bc.blogspot.com/2012/05/blog-post_22.htmlමෙන්න මෙතනට ගිහාම බලාගත හැකි... ඉතින් එහෙම බැලුවහම මූ හෙන වැඩ කාරයා... ඇයි හත්දෙය්යනේ මෙච්චර සුදුවට පෙනුමට ඉන්න අපි කෑල්ලක් දාගන්න විඳින කට්ට දන්නේ අපිනේ.. මූ කළුවට කලුවෙ ඉඳගෙන කෑලි ගොඩ දානවලු... ඒ ඔක්කොම දන්න කථවා ඈ

නොදන්න කොටස තමා කළු කුමාරය කියන්නේ වෙසමුණිය යටතේ ඉන්න තවත් එක යකෙක්.. ඔය වෙසමුණිය කියන්නේ යක්ෂ ලෝකෙ නායකය කියනවනේ. ඉතින් ඔය වෙසමුණි යක් රජ තුමා කළු කුමාරයට දීපු වරම තමයි.. තරුණ ගැනු ළමයි ලෙඩ කරල ඒකෙන් ලැබෙන දොල පිදේනියක් කාල ජීවිතේ ගැට ගහ ගන්න එක.. දැන් බලගෙන ගිහාම මූ මේව කරන්නේ බඩ ගෝස්තරේ රැක ගන්න... මරු රස්සාව නේද බොලං ලා

හැබැයි ඉතින් කළු කුමාරය කියන්නෙත් කසාදයක් එහෙම බැඳගෙන සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන යකෙක්.. මේ කළු කුමාරයගේ හාමිනේගෙ නම රිද්දි බිසව්ලු ඈ.. රිද්දි බිසව්ට දූවරු  හත් දෙනෙක් ඉන්නවලු.. වැඩේ කියන්නේ ඒ හත් දෙනාම කළුවගෙ නෙවෙයි.. මහා බ්‍රහ්මයගෙ.. ( මාරයි නේ )

ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි.. ඔය රිද්දි බිසව් කලින් විවාහ වෙලා තියෙන්න මහා බ්‍රහ්මයත් එක්ක .. එ විවාහයේදි තමයි අර ගෑණු දරුවො ඉපදිලා තියෙන්නේ.. ඊට පස්සෙ කාලෙකදි ( යක් ලෝක වල දෙව් ලෝක වල කාලය හරි දිගයි ඈ ) මහා බ්‍රහ්මයා රිද්දි බිසව්ව අයින් කරල තියනව .. ඒ කියන්නේ දික් කසාද කරල තියනවා ... එහෙම තනිවෙලා ඇවිදගෙන යන රිද්දි බිසව්ගෙ රූපස්‍රීයට වසී වෙලා තමයි කළු කුමාරය රිද්දි බිසව්ත කරගහල තියෙන්නේ..


දැන් වැටහුනානේ කථාව.. 
මට කළුවගෙන් අහන්න තියෙන ප්‍රෂ්න එකයි වැඩිය නෑ .. 
උබ ඔච්චර වැඩ කාරයනම් මොන උලව්වකටද යකෝ... අර ළමයි හත් දෙනෙක් ඉන්න... අනුන්ගේ   ගෑනියෙක් කර ගැහුවෙ .............

ඔන්න කළු කුමාරය කුජීත කලා.. 


  
දැන් මෝහිනී



මෝහිනී ගැන කස්ටියම දන්නවනේ... විස්තර නෑ.. කවුරු කවුරුත් වගේ මාත් දන්නේ මොහිනී ළමයෙකුත් වඩාගෙන රෙද්දත් කඩාගෙන ඇවිත් අනේ මේ ළමය වඩා ගන්න මට රෙද්ද ඇඳගන්න කියනව කියන ටික තමා.. ආ මෝහිනී බටනලා වාදනයට ප්‍රියයි ළු... ඒවයින් අපිට වැඩක් නෑ... කොහෙවත් ඉන්න යක්ෂ්නියන්ට නටන්න බටනලා ගහන්න මට පිස්සුවක් ඇතෑ
                                     
                                

දැන් මට මෝහිනී මුලිච්චි උනොත් අපෙ දෙබස මෙහෙම වෙයි..

මෝහිනී : අය්යේ මේ ළමය ගන්නවද රෙද්ද පොඩ්ඩක් කැඩුන ඒක ඇඳගන්න ඕනේ...

මී ගොඩයා : ආ මේ මෝහිනී නන්ගිනේ.. නගා රෙද්ද පස්සෙ ඇඳ ගනින්  

                    මට උබගෙන් අහන්න  දෙයක්  තියනවා..
මෝහිනී : අර මොකෑ බං මීගොඩයා අය්යා ( යකෝ මේකි මගෙ නමත්
               
දැනගෙන )
මී ගොඩයා : මට ඇත්ත කියපං උබේ ඔය ළමය යක් පැටියෙක්ද .. මිනිස්
                   
පැටියෙක්ද ?
මෝහිනී : යක් පැටියෙක් අය්යා

මී ගොඩයා : අනේ පලයන් යන්න මට බොරු නොකියා ඕකා මිනිස් 
                  
පැටියෙක්..
( ඔන්න දැන් මෝහීඑට මල පැනලා එක අතකින් ළමය වඩාගෙන අනිත් අතින් අර කැඩිච්ච රෙද්දත් උස්සගෙන මත් එක්ක ගේම ඉල්ලන්න එන්නේ )

මෝහිනී : උබ කොහොමද මිනිහෝ එහෙම කියන්නේ.......  %%$&$     ( ඉතුරු ටික ලියන්න බෑ.. යකෙක්  උනත් ගෑනියෙක්නෙ .. දන්නවනේ කටවල්වල හැටි ) 


මී ගොඩයා : හා හා කලබල වෙන්න කාරි නෑ.. උබ ඉතින් යන තරමක්
                  
රෙද්ද කඩාගෙන යන්නේ අපේ උන් ( මිනිස්සු ) ගාවටනේ .ඒකයි මං හිතුවෙ ඕක අපේ එකෙක් කියලා ...
                 
කොහොමද මීගොදයගෙ ප්‍රෂ්න ටික.. මේක අහපු ගමන් මෝහිනීට ආයේ ගලවන්න රෙද්දක් ඉතුරු වෙන්නේ නෑ ...

හෝව් හෝව් පොඩි දෙයක් අමතක උනා .... චුට්ටං පණිවුදයක් තියනවා.... මම බ්ලොග් එකේ නම වෙනස් කලා... ඇයි දෙය්යනේ කවි ලන්ද කියල නම දාගෙන මෙහෙම කතන්දර ලියන එක හරිද මං අහන්නේ.. ඒක හින්දා.. ඔන්න මීගොඩය ඔයාල ගාවට එන්නේ පරසතු උයන කියන නමින්.. ඔන්න අමතක කරනව එහෙම නෙවෙයි පරසතු උයන  කියන්නෙ කවි ලන්දේ අළුත් නම හොඳේ



බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

70 comments:

  1. ලබන සතියේ මෝහිණීගේ සියළු වස්තර මමද ගලවා දමමි :-)
    යක්ස කතා 2වන කොටස එය වේ....

    පරසතු උයන... ඒකත් නරකම නෑ...ලස්සන පොටෝ එකක් එහෙම උඩට දාලා නග්ගලා ගමු.

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකත් කියෙව්වා පට්ට ඈ

      Delete
  2. ඔය ලියල තියෙන්නේ එලට........ මම ඒත් බැලුව මොකක්ද මේ අලුත් එකක් පටන්ගනද කියල.. එල එල.. රජා කිව්වා වගේ හැඩ කරලා ගමු..

    ReplyDelete
    Replies
    1. අනිවා මොනව හරි වැඩ කෑල්ලක් දාන්න ඕනේ... ඒ උනත් මට ඔව්වා තේරෙන්නේ නෑ බං

      Delete
  3. මම ඒත් බැලුවා.. පරසතු උයන කියල මීගොඩයා අළුත් බ්ලොග් එකක් පටන් අරගෙන කියලා...

    ReplyDelete
    Replies
    1. නෑ අෆ්ෆා කවි ලන්ද කියල නම දාගෙන මෙහෙම කතන්දර ලියන එක හරි නෑනේ.. ඕන එකකට ඔට්ටු වෙන්න අලුත් නමක් දැම්මා

      Delete
    2. අළුත් ටෙම්ප්ලේට් එකත් ලස්සනයි...

      Delete
    3. තැන්කිව් තාරා

      Delete
  4. යකෝ මේක වටින කියන බ්ලොග් එකක් වගේ නේ.:) එල එල. පස්ට ප්‍රශ්න දෙක හැබැයි....:D

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ඈ.. මේ පැත්තට ආවට

      Delete
  5. අම්මපා මි ගොඩයෝ මම බැලුවා මේ මොකක්ද කියලා ,,,,,,,,,,,,
    නමනම් හොඳයි ( හැබැයි ලිහිණි වගේ ලස්සන නැහැ ) හිකිස්‌
    නියම කතාව මි ගොඩයෝ ,,,,,, හැබැයි බලාගෙන එහෙ මෙහෙ යන්නේ ඔකුං දෙන්නා සෙට් වෙලා සුදු වැන් එකකින් උඹව උස්සයි ,,,,,,,,,,,

    ReplyDelete
    Replies
    1. අඩේ කළු කුමාරයා වෑන් එකකුත් අරන්ද ?? මූට ගිය කලක් ... හොනා පිටේ හිය කළුව වෑන් එකක් අරං... 4 වීල්ද දන්නේ නෑ නේද

      Delete
  6. හිකිස් දැන් ඉතින් කාල වරෙන්කෝ...එල ඈ....

    ReplyDelete
  7. ආහ් ... මීගොඩය අලුත් වෙලා ....... මොකද දන්නෙ නෑ මෝහිනී හැමදාම රෙද්ද ගලවන් එන්නේ ..?

    ReplyDelete
    Replies
    1. ඇහැට කනට පේන කොල්ලො දැක්කහම නිකන් මොනවද මොනවද වෙනවලු...

      Delete
  8. යකෝ කළුවා එහෙම කරේ බන් වටේ ඉන්න කෙල්ලන්ට එක එක ඒවා කරලා ගෙදර ඇවිත් නිදහසේ ඉන්නනෙ බන්.තනිකඩ ගෑනියෙක්ව බැන්දා නම් ගෙදර ඇවිල්ලත් නිදහසක් නැහැ.ඒකනේ.

    මෝහිනී ගාව නම් ඉන්නවා ඇත්තේ මිනිස් පැටියෙක් බන් අපි නොදන්නවය අපේ උන්ගේ හැටි,මීගොඩයත් හොද උදාහරණයක්

    ReplyDelete
    Replies
    1. යක්ෂ ලෝකේ ගැන මේ තරම් දන්නේ, එතකො ට මේ කවුද ඈ?????????????? :-O :-O

      ~~~***දඟ මල්ල***~~~

      Delete
    2. ඒක තමා මාත් කල්පනා කලේ කළුකුමාරය ටියුශන් එන්නේ මඩිස්සටද බං... ඇත්ත කියපං අර ළමයත් උබේ නේද? මං කාටවත් කියන්නේ නෑ.. ඔය බ්ලොග් ලියන උන් හතර පස් දෙනෙකුට ඇර..

      Delete
    3. ස්ස්ස්ස් කට කට මේවා එළිපිට කියන්න එපා යකොව්ස්

      Delete
    4. හරි හරි කලින් කියන්න එපැයි.. එහෙනං ඔය මොහිනී කෙලී ටියුෂන් ආපු වෙලාවක අපෙ අහ එන්ට කිව්වනම්... මේ එයා ඇවිත් යනකං උබ ළමය බලාගනිං ඈ... උබේ ළමයනේ ඈ

      Delete
  9. කලුකුමාරයා දැන් යහතින් ඉන්නවද මීගොඩයෝ?

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ බං තාම හම්බ උනේ නෑ... හම්බ උනාම කොහොමත් ආයේ යහතින් ඉන්න තියන්නේ නෑ...

      Delete
  10. අම්මියෝ.. බයෙත් බෑ... ඇයි මේ දැන් හැමෝම මේ අපිව බය කරන්න යන්නෙ?

    ReplyDelete
    Replies
    1. අප්පියෝ මේකේ බය වෙන්න දෙයක් නෑනේ...

      Delete
  11. පව් යකෝ මෝහිනී නංගියා විලි ලැජ්ජාවේ සන්තෝසේ බැ .............

    ReplyDelete
    Replies
    1. වරදක් කලත් සිතකින් නෙවෙයි මචං

      Delete
  12. ඔය හුගක් කෙල්ලෝ එක්ක යාලුවෙලා හිටපු අනංගයොන්ට කලුකුමරයට වෙච්ච දේ අනන්ත වෙනවා මම දැකලා තියෙනවා ,අහල නැද්ද අර කතාවකුත් තියෙන්න් කොට්ටොරුවට වෙච්ච සීන් එකක.
    මොහිනීව හම්බ උනොත් මටත් තියෙනවා විසදගන්න ප්‍රශ්නයක් හැබැයි ඒක මෙතන කියන්න බැහැ..

    ReplyDelete
    Replies
    1. එහෙනං පොස්ට් එකකින්ම ඇහුවනං

      Delete
  13. කලු කුමාරයා මාට්‍ටු වෙලා වගේ අර කොට්ටොරුවාට උන සීන් එක වගේ එකක් වෙලා .
    මෝහිනීගෙන් අහන්න තියෙන ප්‍රශ්නේ මෙතන අහන්න බැහැ......

    ReplyDelete
  14. මොහිනී ආවොත් මෙයා ‘ආ දෙන්ට නංගා කලබල වෙන්ට කාරි නෑ ඔය රෙද්ද හිමින් ඇද ගන්න මම ළමයව වඩා ගෙන ඉන්නම්. තාත්තා කවුරු වුනත් ළමයා නංගිගෙනේ‘ කියලා හොදට ඉදී.... :D

    ReplyDelete
    Replies
    1. එහෙම නැත්තම්, "ඔය ළමයා වෙන කෙනෙකු ට දෙන්න නංගි. මෙහෙ වර මං රෙද්ද අන්ඳවන්නම් කියයි ද දන්නෑ....." :P :P :P :D :D

      ~~~***දඟ මල්ල***~~~

      Delete
    2. අලේ මේ නංගිලා අපි ගැන හිතාගේන ඉන්න හැට්...අපි බොහොම වැදහත් විදියට කොන්වන්ට් වල හැදිච්ච කොල්ලො හරිය

      Delete
  15. ලමයි ඉන්න ගෑනියෙක් බැන්ද නිසා වෙන්න ඇති කළු කුමාරයා බැදපු නැති කෙල්ලන්ට බැල්ම දාන්නේ.. මේවා රිද්දි දන්නවද දන්නේ නෑ.. :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා දිනේෂයා.. මට තියෙන ප්‍රෂ්නේ.. මෙකට මෙච්චර කෙල්ලො සෙත් වෙන්නේ ඇයි කියලා..මොකද කියන්නේ ඇඟ පුරා දැලි ගාගෙන කොහු මිටකුත් අතින් අරන් කළු හරකෙක්ගෙ පිටේ විසිට් එකක් දාමුද?

      ඔයා ඉස්සෙල්ල යන්න.. මම පස්සෙ එන්නම් ඈ...

      දෙවනි ප්‍රෂ්නෙතනම උත්තරේ රිද්දිගේ පෙර වැරදි හින්දා කට වහගෙන ඇති.. මොනව කරන්නද කුම්බලා මාලු කෑවනම් දුක් විඳින්නම එපැයි

      Delete
  16. හපොයි.....කුජීත ම කරල දාලා නේ.... කළු කුමාර අයියයි, මෝහිනි අක්කයි පව් කියලත් හිතෙනවා....... :D :D

    ~~~***dhannga malla***~~~

    ReplyDelete
  17. මම බැලුවා මොකෝ මේ කියලා.නමත් වෙනස් කරලා.මාත් ඔය රොටිය දවස් දෙක තුනකට කලින් පුච්ච ගත්තා.අර මෝහිනීගෙන් අහන ටික නම් නියමයි ඈ...

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ඈ....

      කවිලන්ද කියලා නම දාගෙන කතන්දර ලියන එක හරි මදි හින්දා වෙනස් කලේ.. අව්ලක් හිතන්න එපා ඈ

      Delete
  18. මුන් දෙන්න මේක කියෙව්වොත් සියදිවි නසාගන්නව.

    ReplyDelete
    Replies
    1. මල හත් ඉලව්වයි.... ඕන් ලින්ක් එක එහෙම යවනව නෙවෙයි.... හදිස්සියකට කාව හරි භයකරන්න ඉන්නෙත් මුන් දෙන්නා

      Delete
  19. මීගොඩයා තමය් මීගොඩයා :ඩ්
    පරසතු උයන එකත නරකම නෑ
    ජය!!

    ReplyDelete
  20. හික් හික්....මංනම් මොකුට් කියන්නාලු....;)

    ReplyDelete
    Replies
    1. අලේ ගින්දර නන්ගි බය වෙලා.... :P

      Delete
  21. මෝහිනී අක්කත් එක්ක මීගොඩයා යන දෙබස් ටික මරු බං. පට්ට....

    ReplyDelete
  22. "වෙසමුණිය කියන්නේ යක්ෂ ලෝකෙ නායකය කියනවනේ, අපේ සිංහලේ මහා වීරය රාවණා රජ තුමාගේ තාත්තලු..."

    වෙසමුණි හෙවත් වෛශ්‍රවණ කියන්නේ සතර වරම් දෙවියෙක් වගේම යක්ෂයින්ගේ අධිපති දේවතාව. ඒ නම හැදුණාය කියන්නේ විරූපී කන් [ශ්‍රවණ] කියන තේරුම එන විදිහට.

    හැබැයි රාවණා රජතුමා තාත්තා නම් විශ්‍රවස් කියන සෘෂිවරයා කියලයි මම නම් අහලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද.. ආයේත් හොයන්න වෙනවා... මම මේ යක් කථා කියවන එක නවත්තලා හිටියේ.. වෛශ්‍රවණ දෙවියො යක්කුට අධිපති කියල අහල තිබ්බා... හරියටම විෂ්වාස නෑ .. පුලුවන්නම් තොරතුරු මූලාශ්‍රයක ලින්කුවක් දෙන්නද.. ආයෙත් කියවන්න ආස හිතුනා..

      මේකනම් ඉතින් කට කහනවට ලීව්ව එකක්

      Delete
    2. http://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F_%E0%B6%BB%E0%B6%A2

      Delete
    3. ස්තුතියි හසිත...

      Delete
  23. සමහර අකුරු වල පාට නිසා කියවන්න අමාරුයි.

    ඕන දෙයක් අහපන් හැබැයි ඒ දෙන්නට කරදර කරන්නව එහෙම නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. අනේ මචන් පෝස්ට් එක දැම්මට පස්සෙ තීම් කලර් එක මාරු කලා... ඒකයි අකුරු කේස් උනේ සොරි ඈ.....


      හරි හරි ඇගට අතවත් තියන්නේ නෑ වචන වලින් විතරයි ගේම... මේ ඇහුවට තරහ වෙන්න එපා මොකක් හරි නෑදෑකමක් තියනවද

      Delete
  24. ය‍කෝ මාත් බැලුව බ්ලොග් එක අලුත් එකක්ද කියලා..

    කතාව ඇත්ත. කවි කියල දාගෙන කතා ලියන්න බැහැ නොවැ..


    ජය !

    ReplyDelete
  25. මෙන්න උත්තර :-
    (MG:මොන උලව්වකටද යකෝ... අර ළමයි හත් දෙනෙක් ඉන්න... අනුන්ගේ ගෑනියෙක් කර ගැහුවෙ?).............
    කළුවා: යකෝ මී ගොඩයෝ.. උඹ කොහොමෙයි දන්නේ පළපුරුද්ද ඇති එකෙයි නැති එකයි වෙනස තාම කෙල්ලක් වත් යාලු කරගන්න බැරි එකේ ?
    (MG:.ඒකයි මං හිතුවෙ ඕක අපේ එකෙක් කියලා ...)
    මෝහිනී : තොපේ එකෙක්ගේ තමයි යකෝ.. එත් කොයිකගේද කියල තමයි මන් මේ හොයන්නේ ..මට මතක තියෙන්නේ උගේ අහවල් එක විතරයි.. තෝද දන්නේ නැහැ.. උස්සපිය ...
    (මී ගොඩයා සරමද අතහැර දුවයි)

    ReplyDelete
    Replies
    1. අපෝ මෙයා මාව කුජීත කරලනේ

      කළුකුමාරයා හරියි කියමුකෝ... සරා අය්යලා ඉතින් ඔව්වට කප් ගහපු උදවිය වෙන්ටැ මයෙ හිතේ...

      මොහීනී අරම කිව්වොත් ආයෙත් මගෙන් අහගන්නවා මෙන්න මෙහෙම
      ....

      අපේ අත්තල මුත්තල කාලෙටත් කලින් ඉදන් උස්සන් ඇවිදින ලමයා කොහොමද බොල මගේ උනේ .. තෝ නන්නත්තාරේ ගිහින් ළමයි හදාගෙන එනවද මට කියලා තාත්ත කියව ගන්න %&$%...

      Delete
  26. අදයි මේ පැත්තෙ ආවෙ.. කළු කුමාරයයි මෝහිණීයි බ්ලොග් කියවන්නෙ නෑ කියලා උඹට ශුවර්ද?

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ගොඩ වැදුනට..

      හරී එහෙම ආරංචියක් තියේනම් කියපං හරිය.. මේක ඩිලීට් කොරල දාන්න

      ( මමත් හීනලන්තය පැත්තේ ගියා ෆලෝකරන්න බෑනේ )

      Delete
  27. ඇයි අප්ප මෙයාල මේ මෝහිණී ගැනම කතා වෙන්නෙ..? රෑට රෑට හමු වෙන්න ලේසි නිසාද?? :D:D:D

    ReplyDelete
    Replies
    1. ආව්... පරසතු උයනට කිරිල්ලියෙක් ඇවිත්...

      ඊයා මෙයා කියන කථා... අපි වැදගත් කොල්ලො හරිය

      Delete
  28. මී ගොඩය එහෙනම් කලූ කුමාරයවයි මෝහිනීවයි කුජීත කලා... ඔයගමන්ම රීරී යකාටත් මොනාහරි හොද පාඩමක් උගන්නමුකෝ

    ReplyDelete
    Replies
    1. ආ ර්‍ර ර්‍ර යකා නේද... ඌ මහ පිස්සු යකෙක් බන් එකම දේපාරක් කරනවනේ

      Delete
  29. කට්ටඩියන්ගෙන් බේරුනත් දෑන් මේ යක්කුන්ට/යක්ෂණියන්ට බ්ලොග් කරුවන්ගෙන් නම් බේරෙන්න බෑරි වෙන පාටයි..

    ReplyDelete
  30. කාගෙන් හරි මට්ටුවෙන්නත් එපැයි

    ReplyDelete
  31. ඒකතමයි මමත් බැලුවේ මොකක්ද මේ පරසතු උයන කියලා.. ඵල ඵල! මෝහිනී හම්බ උනොත් කියන්න්ම් උඹහැ මතක් කොළා කියාලා!

    ReplyDelete
  32. :D

    මේ පැත්තෙත් ඇවිත් යන්න එන්න.
    http://rozz12.blogspot.com/2012/06/blog-post_26.html?showComment=1340872385628#c6377031927584031297

    ReplyDelete
  33. අඩෝව්, මේ කලු උන්ට අනං මනං කියන්නැ අරිද!

    ඔන්න මං පරසතු උයන මගෙ බ්ලොග් දෙකේම ( මට හිතෙන හැටි සහ HeyDude
    . ) එල්ලුවා, ඈ.

    henryblogwalker the Dude
    .

    ReplyDelete
  34. shajithdarshana10 July 2012 at 14:34

    ela aaaa.....

    ReplyDelete
  35. මචන් පොඩි සංශෝදන කැල්ලක් කරන්ඩ තියෙනවා තරහ නැත්තම්. මචන් වෙසමුනිය කියන්නේ රාවණාගේ තාත්ත නෙමෙයි. රාවණාගේ තාත්ත තමයි පුලස්ති. පුලස්තිගේ කලින් marrage එකේ පුතා තමයි වෙසමුණි කියන්නේ. ශ්‍රී රාවන්නා පුවතේ තියෙන්නේ එහෙමයි.

    ReplyDelete
  36. me gaanu marilat nikan inne nahane. oya mukut newei, walkamane............

    ReplyDelete