ජොලියට ලියපු වස්කවි
අද මේ ලියන්න යන්නේ මීගොඩයා කාලෙකට කලින් අම්බලම කවි ගෲප් එකේදී... ඉතාලියේ ඉන්න හිපෝවෙක් වගේ තඩි සයිස් යාළුවෙකුට ලියපු වස් කවියක් ... බලන්න හොඳද කියලා
බරණ සූසැට පැළඳ නිරතුරු ගුරුළු අසුනෙහි වෙසෙන සසොඹන
බලා මාහට කරන අණ වින හිපෝ තඩියා අළු කරණු මැන
බලා මාහට කරන අණ වින හිපෝ තඩියා අළු කරණු මැන
කළඹලා නිල් අහස් ඝර්භය යවා සුළඟක් ඉතාලිය වෙත
ඇලවෙනා මහ කුළුණ සොලවා ඇදහෙලනු මැන උගේ හිසමත
ඇලවෙනා මහ කුළුණ සොලවා ඇදහෙලනු මැන උගේ හිසමත
* * * *
ජොලියට ඕක ලිව්වට බැරිවෙලාවත් ඕකා ලිස්සල හරි වැටුනනම් මගෙ පිටින් යන හින්දා.. අනිත් පැත්තට සෙත් කවියකුත් ලියල දැම්ම.. මේ තියෙන්නේ ඒක
බරණ සූ සැට පැළඳ නිරතුරු ගුරුළු අසුනේ වෙසෙන සසොබන
බලා මගේ මිතුරුතෙම දෙස ඔහුගේ දුක් ගිණි නිවාලනු මැන
සක්වලින් එන සිහිල් සුළඟින්නිවා සියොළඟ නැගෙන දහදිය
ඉසුරු ලංකර දුක් නිමාකර ලබා දෙණු මැන ඔහුට සොම්නස
ඉසුරු ලංකර දුක් නිමාකර ලබා දෙණු මැන ඔහුට සොම්නස
ප.ලි.
ඔබත් ගෙට්ටුවෙන් පසු දිගින් දිගටම මඩ ප්රහාරවලට ලක්වන්නෙක්ද???
එසේනම් වහාම මීගොඩයා අමතා ඔබේ සතුරාට වස්කවියක් ලියවා ගන්න
ඔබත් ගෙට්ටුවෙන් පසු දිගින් දිගටම මඩ ප්රහාරවලට ලක්වන්නෙක්ද???
එසේනම් වහාම මීගොඩයා අමතා ඔබේ සතුරාට වස්කවියක් ලියවා ගන්න
මට ලියා දියං හෙනං උෂාන්ට වස් කවියක්
ReplyDeleteලක්දිව වෙත දිවැස් හෙලන කන්ද කදිර දේවනේ
Deleteඇතිවී ඇත දැන් මාහට උෂානයගේ සේවනේ
විකට මුහුණ පළඳාලා නිමකල විට රංගනේ
ගලවන්නට නොහැකි ලෙසට තදකලමැන සාමිනේ
පරිස්සමට හොඳේ මෙව්ව සෙල්ලම් නෑ
නියමයි.... ඔන්න...!!! මං ඌට මේක කියන්නම්!!!
Deleteඌට කියල වැඩක් නෑ ඊලඟ පසලොස්වකට කලින් .. හත් දොහක් කියල දාපන්
Deleteපව් අහින්සක දිහාන් අයියා ;)
ReplyDeleteකවුද ඒ මං දන්නේ නෑ
Deleteහිපෝ තාම ඉන්නවද බං?? මඩ??? ඒ මොනවාද ඒ??? ;)
ReplyDeleteඌ යහතින් ඉන්නව බං
Deleteඅෆ්ෆටසිලි.... මෙයැයි දැන් වස් කවි ලියනවද? ඒ මටත් කෙනෙක් සිටි ලියා දෙන්නකෝ වස් කවියක් අයේ මට ඇනයක් කඩයක් වෙන්න එපා කියලා :පී
ReplyDeleteනම් ගම් සහිතව විමසන්න
Deleteඅර සූකිරි කෑල්ලක් වගේ ඉන්න නැන්දම්මට නොවෙයි නේද??
Deleteඒ අර මඩ කාතව මුකක්ද?
ReplyDeleteවස් කවි ලියපු කෙනාටම කරකැවිලා එනවලු..බොලා පරිස්සමින් හිටු !
ReplyDeleteඅදනේ දන්නෙ වස් කවිත් කියනව කියල.. අම්බෝ එන්ඩත් බයයි මේ පැත්තෙ :P
ReplyDeleteවස් කවි ලියපු කෙනාටම කරකැවිලා එනවලු..බොලා පරිස්සමින් හිටු !
ReplyDeleteකවියේ කිසි දොසක් නැහැ. ඒ වාගේම හොඳ කාලීන පිවිසුමක්.
ReplyDeleteAne mee aiye mata seth kaviyak liyala dennako rassave padi thavath vadi venna kiyala.
ReplyDeleteහික්ස්ස්.. යකෝ, මූ බලන්නනෙපැයි :P :P
Deleteආඩෝ..මඩ ගහන උන්ට ලියල දීල අහුවෙන්ට එපා ඕං..!
ReplyDeleteමරු..
ReplyDeleteහරියට ඝන පිහිටවල වස්කවියක් කිව්වොත් ඒක ඇත්ත වෙනව කියල කතා නම් අහල තියෙනව ඉස්සර. ඒකෙන් කමක් නෑ, මටත් ඔය වස් කවියක් කියන්න බැයිද බං.
ReplyDeleteela machan...godak lassanai..
ReplyDeleteහොද ලිපියක් යාළුවා අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/
ReplyDeleteආ....එල !!!ජොලියට ලියපු වස් කවි හින්දා හොදා... :D හැබැයි හෙන භයානකයි දැන් නම්, මී අයියා කවියෙන්ම ගේම දුන්නොත් එහෙම, කට වරද්දගන්න නාකයි ^_^
ReplyDeleteහප්පට සිරි... මීයා දැන් වස් කවිත් ලියන්න පටන්ගෙනනේ.... වස් කවි නම් ඕන නෑ .වෙලාවක මටත් ඔය හොඳවයින් සෙත් කවියක් ලියලා දියංකෝ බං...
ReplyDeleteදැන ගත්තු එක හොඳයි. ඕන උනොත් ආයේ ඉතින් කෙලින්ම මී වස්කවි/සෙත්කවි ඇදුරා ලඟට තමයි එන්නේ. :)
ReplyDeleteඅප්පද බොල..වස් කවිත් ලියනවයෑ..දැන ගත්ත එක හොඳා...
ReplyDeleteCSK LANKA
සෙත් කවි ලියන්න බැරිද ?
ReplyDeleteammiyoo..
ReplyDeleteWas kawi..
Kiyak hari hoyaa ganna maru wadee..
Oya kattiya danma order dila tyenne... :D
උඹ දකිනා හැම හීනෙම තැනකදී මම පෙනීයන්
ReplyDeleteඋඹ පතලා මම විඳි දුක උඹට සදා දැනීයන්
උඹේ සිනා උඹේ කඳුළු මා වෙනුවෙන් නැගීයන්
මගේ මතකෙන් නුබේ දෙනෙත් තෙමා කඳුළු වැටීයන්
මේක නම් මම සිරාවටම මල පැනපු වෙලාවක ලිව්ව එකක්.වස කවි ලියන්න ඕන පරිස්සමින්.ඒක වැරදුනොත් කියපු එකාට නෙවෙයි ලියපු එකාටයි වස්වදින්නේ...
සුපිරි බන්.... පට්ට පට පට
Deleteඅපෝ මී අයියෙ අපා ගත වෙන වැඩනේ. සෙත් කවියක් ලියා දෙන්නකො මටත්.
ReplyDeleteඒප්රිල් 21 සෙට් වෙමු ඈ...
ReplyDeleteජොලියට වස්කවි කියනව කියල ඇහුවමයි
ReplyDeleteඅපොයි ඔයා වස් කවිත් කියනවද ? එන්නත් බයයි මේ පැත්තට .
ReplyDeleteදිනෙල්කයාගේ පැරිස් ටයි තරියගේ අනුෂ්කටට්යි රත්ගමයාගේ සෙලීනටයි කියන්න වස් කවියක් ලියල දෙන්න බැරිදෝ....??
ReplyDeleteඅන්න අර බ්ලොග් ලිවිල්ල නවත්තපු කෙහෙල්කොටුවෙ ගොබිලාගෙ මොලේ ලෙඩ හොඳ වෙන්න සෙත් කයියක් පද බැඳහන් මී කොල්ලෝ
ReplyDeleteමටත් එකක් කියකෝ!!!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අප්පටසිරි... මෙන්න මෙයා වස් කවි ලියනෝ....... බයෙත් බෑ.....
ReplyDeleteමෙතැනට ඇවිත් කියවලා කමෙන්ට් නොදා යන අයටත් වස් කවි කියනවද අප්පේ... හික්ස්... මොන කවිය උනත් හැබෑවටම ලස්සනයි මලේ...
ReplyDeleteමීයා ෂේප් එකේ තියා ගන්න වෙයි වගේ...නැත්නම් අපිටත් වස්කවි ලියවෙන්න පුලුවන්...
ReplyDeleteවලියෙන් නම් වලියෙන් ජොලියෙන් නම් ජොලියෙන්..
ReplyDeleteඅඩ්ඩේ පට්ටයි බං. ලොමුඩැහැ ගැන්වෙන වස් කවි. සිත් නිවා සනහන සෙත් කවි. අදම විමසන්න මී ගොඩයා!!!! (මොනව උනත් පරිස්සමට කියපන්. වෑත්තෑවෙ හාමුදුරුවන්ට රට අතෑරල යන්න උනාලු "ඝන" වැරදිලා)
ReplyDelete